දෙහිවල සත්ත්ව උද්‍යානයේ සුදු නාගයාගේ අතු
පෙට්ටියේ යතුරු පිට කෙනකුට ලබාගන්න ක්‍රමයක් නෑ ඇතුළෙන් සහායක් නැතිව නයා හොරකම් කරන්න බෑ උද්‍යාන අධ්යක්ෂ කියයි
දෙහිවල සත්ත්ව උද්‍යානයේ සුදු නාගයාගේ අතුරුදන් වීමට උද්‍යානයේම කෙනකුගේ සහායක් ඇති බවට සැකයක් තිබෙන බව සත්ත්ව උද්‍යාන අධ්යක්ෂවරයා පැවැසීය.
ප්‍රදර්ශනය නොකෙරෙන සතුන් හා සර්පයන්ට ආහාර ලෙස ලබා දෙනු ලබන මීයන්, ගෙම්බන් හා කුකුළු පැටව් රඳවා තැබීමට වෙනම ලී පෙට්ටිවලට දමා ඇති කාමරයට පිටස්තර කෙනකුට ඇතුළු විය නොහැකි බවද උද්‍යාන අධ්යක්ෂ අනුර ද සිල්වා මහතා පැවැසීය.
මේ වන විට සත්ත්ව උද්‍යානයේ සර්පයන් රැක බලා ගන්නා සේවකයන් 5 දෙනකුගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර ඉබි යතුරු දමා ඇති මෙම පෙට්ටියෙන් යතුරු සොරාගෙන නාගයා රැගෙන යෑමට පිට කෙනකුට නොහැකි බවද ඔහු ප්‍රකාශ කෙළේය.
කෙසේ වෙතත් මීට සතියකට පෙර විදේශිකයකු ලක්ෂ 20කට සුදු නාගයකු සොයන බව උද්‍යානයේ සේවකයකු ප්‍රකාශ කර ඇති අතර ඉන්පසුව මේ නාගයා අතුරුදන් වී ඇති බවද ඔහු කීය.
ඒ අනුව උෟ කිසිවකු විසින් සොරා ගන්නට ඇතැයි පොලිසියට මතුවී ඇති සැකය මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කීපදෙනකු ඊයේ උදේ දෙහිවල සත්තු වත්තට ගොස් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
එම නාගයා අතුරුදන් වූ දිනයේ උෟ සිටි ස්ථානයේ ඉබි යතුරු ගලවා තිබූ අන්දම ගැනද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Last edited: