නෙළුම් කුළුනේ අවන්හල් සාදයේදී මත්ද්‍රව්‍ය ගත් තරුණිය හා තරුණයා මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කොළඹ නෙළුම් කුලුනේ අවන්හලක පැවැති සාදයක් අතරතුර කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියදී හදිසියේම රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ තරුණයකු සහ තරුණියක මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරදාන පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.



    මෙලෙස මියගොස් ඇත්තේ රූපලාවන්‍යාගාරයක කළමනාකාරිනියක ලෙස සේවය කළ මුල්ලේරියාව උඩුමුල්ල පදිංචිව සිටි හෙට්ටිආරච්චි රසාංගිකා රුක්ෂානි නමැති 27 හැවිරිදි තරුණියක සහ දෙහිවල පදිංචිව සිටි සමිඳු ටිරංග ප්‍රනාන්දු නමැති 22 හැවිරිදි තරුණයකු බව පරීක්‍ෂණ සිදුකරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (11දා) පැවැසීය.

    මෙම මත්ද්‍රව්‍ය පානය කර රෝගාතුරව ඇදවැටී ඇති දෙදෙනා එම ස්ථානයේ සිටි පිරිස් විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මියගොස් ඇත.

    මියගිය දෙදෙනාගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන ලද අතර මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකර එම වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළේය.



    මේ අතර සිය දියණියගේ මරණය සැක සහිත බව, මියගිය තරුණියගේ මව වන දෝන රසිකා නිලන්ති මහත්මිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. එම සාදයේදී මියගිය රසාංගිකා ඇතුළු හත්දෙනකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කළ බවට ඇයගේ පෙම්වතා බව කියන තරුණයකු ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් සමන්ත (49602) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.