දෙහි, දොඩම්, නාරං සියල්ල එකම ගසේ අතුවල

youtube

Member
Feb 22, 2012
478
115
0
දෙහි, දොඩම්, නාරං සියල්ල එකම ගසේ අතුවල

saru1.jpg

- දේශීය දොඩම් වගාවෙන් 70% ක් ගෙවතුවල හුදකලාවේ

- කෝටි 130 ක දොඩම්, නාරං එතෙරින් ගෙනත්

-ගෙවත්තේ තිබෙන පැරණි පැඟිරි ගසට නව ජවයක් දෙන කෙටි ක‍්‍රමයක්

- පහසුවෙන් බද්ධ කරගන්න, කොන්දේසි නෑ

ඉතිහාසය පිරික්සීමේදී දැනගත හැකිවන්නේ වැවිලි බෝගයක් ලෙස මෙරට දොඩම් වවන්නට මුලින්ම උත්සාහ ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් බවයි. ඒ 1850 සමයේදීය. බද්ධ කළ පැණි දොඩම් හා ජමනාරන් පැළ ස්වල්පයක් මෙරටට ගෙනවිත් ඒවාහි උපයෝගීතාවය පිළිබඳව ඔවුන් සොයා බලා ඇත.

වර්තමානයේදී ලංකාවේ වාර්ෂිකව ලැබෙන පැණි දොඩම් අස්වැන්න හෙක්ටයාරයකට මෙටි‍්‍රක් ටොන් දෙකකටත් වඩා අඩු අගයකි. මෙය මෙටි‍්‍රක් ටොන් 40 ක් පමණ වන ලෝකයේ සාමාන්‍ය දොඩම් අස්වැන්න අනුව ගත්කල ඉතා සුළු ප‍්‍රමාණයක් වේ. මීට අමතරව දේශීය දොඩම්වල ගුණාත්මය ද මේ වනවිට සෑහෙන පසුබැස තිබේ. අලූතින් පැල සිටුවා ඒවාහි පලදාව ලබමින් දේශීය දොඩම් වගාව ඉහළට ඔසවා තැබීමට සාදන සැලසුම්වල ප‍්‍රතිපල ලැබීම ඉතා සෙමින් සිදුවෙන අතර හදිසි ප‍්‍රවර්ධනයක් සඳහා සුදුසුම ක‍්‍රමය වනුයේ පලදායිතාවයෙන් අඩු, දැනට පවතින පැරණි දොඩම් ගස් පුනරුත්ථාපනය කිරීමයි. ඒ සඳහා දොඩම් ගසක්ම තෝරා ගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. ගෙවත්තේ ඇති අනවධානයට ලක්වූ පැඟිරි කුලයේ ඕනෑම ශාකයක් මේ සඳහා යොදාගත හැකිවේ. දේශීය දොඩම් වගාවෙන් 70% කටත් වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ හුදකලාව වැවෙන ගෙවතු ශාක බැවින් ද, මේවා බොහොමයක් ඇට පැළකිරීමෙන් හටගත් ශාක බැවින්ද, ක‍්‍රමවත් වැඩ සටහනක් හරහා මෙම ශාක පුනරුත්ථාපනය කෙරෙන්නේ නම්, එය ලාංකික පැඟිරිබෝග වංශ කතාවේ නව පරිච්ෙඡ්දයක් වනු නොඅනුමානය. ඒ හරහා පිටරටට ගලා යන මේ ධනස්කන්ධයට යම් තරමින් හෝ වැට බඳින්නට ද හැකිවේ.

saru3.jpg

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට නිර්දේශ කරනු ලබන පලතුරු ශාක පුනරුත්ථාපන ක‍්‍රමවේදයන්ට අනුව මවු ගසක අත්තක් කපා, අපට සුදුසු වර්ගයකින් කුඩා අතු කැබැල්ලක් (අංකුරයක් සහිත අඟලක් හෝ දෙකක් දිග ‘අනුජය’ක්* බද්ධ කිරීම පිළිබඳව මනා දැනීමක් මේ වනවිටත් වගාකරුවන් සතුව තිබේ. මෙය කළයුත්තේ වියළි පරිසර තත්ත්වයන් යටතේය. එසේම බද්ධ කිරීමෙන් අනතුරුව එයට සෙවන සැපයීම කළ යුතුවාට අමතරව ඇත්ත සම්පූර්ණයෙන්ම යම් කාල සීමාවකට පොලිතීන් ආවරණයකින් වසා තැබිය යුතුවේ. කෙසේ වුවත් සාර්ථකවීමේ ප‍්‍රතිශතය ද අඩු අගයකි. නව ක‍්‍රමවේදය බිහිවන්නේ මේ අඩුපාඩු අකාමකා දමමිනි. හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පලතුරු අභිජනන ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඞී. ලෙස්ලි මහතා විසින් දේශීය පලතුරු ශාක සඳහා සුසර කරන ලද, මෙම පරිශීලක සබැඳි ක‍්‍රමවේදය,

පසුගියදා ගන්නෝරුවේ පැවති තාක්ෂණ තොරතුරු නිදහස් කිරීමේ කමිටු රැුස්වීමට ඉදිරිපත් කරන ලද අතර එහිදී එයට පූර්ණ නිර්දේශය හිමිවිය.

”පලදාව එතරම් ගුණාත්මක හා ආකර්ෂණීය නොවන පැඟිරි ගසක් ගෙවත්තේ තිබෙනවා නම් එය මූලික කරගෙන වැඬේ පටන් ගන්න පුළුවන්. කැමති නම් ගහේ අතු කීපයකට දෙහි, දොඩම්, නාරං වගේ ජාති කීපයක් බද්ධ කරලා වැඬේ අවසන් කරන්නත් පුළුවන්. බද්ධ කිරීම ඉතා සරලයි. සෙවන සැපයීම වගේ පසු ක‍්‍රියාකාරකම් ඇත්තෙත් නෑ. ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ වුණත් කරන්න හැකියි. බද්ධ කරන්න හොඳ අතු නැත්නම් ගහ හොඳටම කප්පාදු කරලා අලූතෙන් ලියලන අතු කීපයක් බද්ධ කිරීමට තෝරාගැනීමේ අවස්ථාවත් තිබෙනවා”

ලෙස්ලි මහතා විස්තරය අරඹන්නේ එසේය. අලූතින් ලියලා පැමිණි හෝ පරණ අත්තක් හෝ බද්ධ කිරීම සඳහා තෝරාගත් පසු, බද්ධ කිරීමට තීරණය කරනු ලබන ස්ථානයෙන්, එහි තිරස් කැපුමක් සිදුකර ඉහළ කොටස ඉවත් කරගත යුතුය. අනතුරුව සෙන්ටිමීටර දෙක තුනක සිරස් පැල්මක් සිදුකර කූඤ්ඤයක් සේ සාදාගත් අනුජය ගිල්ලවීමට මාර්ගයක් සාදාගත යුතුවේ. සුප්ත අංකුර එකක් හෝ දෙකක් ඇති අඟලක් හෝ දෙකක් දිග කූඤ්ඤ හැඩයට කපාගත් ‘අනුජය’ කැබැල්ල පැල්ම තුළට ගිල්වා බද්ධ සන්ධිය හොඳින් සිරවෙන සේ පොලිතීන් පටි කැබැල්ලකින් වෙලීම ඊළඟ පියවරයි. කූඤ්ඤ හැඩයට කපාගත් කොටස පමණක් පැල්ම තුලට ගිල්ලවීම ගැන සැලකිලිමත් විය යුතුවේ.

”අවසානයේදී අවශ්‍ය වෙනවා පැරා ෆිල්ම් කියන ටේප් වර්ගය. මේක දැනට වෙළඳපොළේ තියෙන්නේ රෝල් වශයෙන්. අපිට අවශ්‍ය වෙන්නේ අඟල් දෙකක විතර කැබැල්ලක් පමණයි. මෙය සෙලෝටේප් වගේ. හැබැයි ටේප් එක තියෙන්නේ කඩදාසි ආවරණයක. අපි මේ කඩදාසි ආවරණය ඉවත් කරලා බද්ධ සන්ධියට පහල සිට ඉහලට මුළු අනුජයම වැහෙන්න පැරා ෆිල්ම් කැබැල්ල ඔතන්න ඕනෑ. ෆිල්ම් එක ඇදෙන නිසා ඉහලටම ඔතන්න මේ කැබැල්ල හොඳටම ඇති”.

ලෙස්ලි මහතා පවසන ආකාරයට දැන් කටයුතු සම්පූර්ණය. කිසිදු අමතර සාත්තුවක් මවු ශාකය බලාපොරොත්තු නොවේ. බද්ධ කළ අනුජය මවු ශාකය මගින් භාරගත් පසු, එනම් බද්ධ සන්ධියේ ඇති තුවාලය සුව වූ පසු, අනුජයේ අංකුරය පැරාෆිල්ම් ආවරණය බිඳගෙන පිටතට පැමිණේවි. එතන අංකුර දෙකක් තිබුණා නම් ඒ දෙකම ලියලනු ඇත. වඩා සශ‍්‍රීක රිකිල්ල ඉතිරි කරගැනීමට ඔබට හැකිවේවි. පැරාෆිල්ම් වෙළුම ඉවත්කිරීම අවශ්‍ය නැත. බද්ධ සන්ධිය සුවපත් වූ විටෙක එය වටා වෙලන ලද පොලිතීන් පටිය පමණක් කපා ඉවත් කිරීම ප‍්‍රමාණවත්ය.

ගෙවත්තේ හුදකලාව තිබුණු පැඟිරි කුලයේ ශාකය, ගුණාත්මයෙන් ඉහළ පලදාවක් ලබාදෙන ශාකයක් පමණක් නොව, හතර අතට විහිදුනු අතු හතරකින් මාදිලි හතරකට අයත් පැඟිරි පලතුරු ලබාදෙන ශාකයක් බවට පත්වී තිබේ. පැරා ෆිල්ම් ලබාගත හැකි ආකාරය හා තවත් වැඩි තොරතුරු ලබාදීම සඳහා කෘෂි විද්‍යාඥ ලෙස්ලි මහතා සූදානමිනි. 0715657016 දුරකථන අංකය ඔස්සේ ඔහුව සම්බන්ධ කරගත හැකිවේවි.

සනත් එම්. බණ්ඩාර
[email protected]
 
Last edited:

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගහක අට්ටික්කා...
    දෙහි දොඩම් තිබ්බා...
    තැඹිලි පොල් වික්කා...
    වැලක වැටකොලු තිබෙනු දැක්කා...

    (කාන්තාවකගෙ පයොධර කුඩා කල පටන් වයසට යෑම ගැන අන්දරේ ගෙ කවියක් )