දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

rajasaba

Active member
  • Jun 3, 2009
    514
    191
    43
    හැමෝම දන්න විදිහට සිරීපාදෙ යන්න පාරවල් 6ක් තියෙනවානේ.
    හැබැයි ගොඩක් අය දන්නේ පාරවල් තුනක් විතරයි.
    ඒත් තවත් ප්‍රධාන නොවන තවත් පාරවල් තුනක් තියෙනවා.
    මේ පාර අපි ගියේ .තවත් අප්‍රධාන පාරකින්. ඒ තමයි දෙහෙන කන්ද හපුගස්තැන් මාර්ගය.
    සමහරු මේකට මුක්වත්ත පාර කියලත් කියනවා.



    මේ පාර හපුගස්තැන්න තේවත්තෙන් ආරම්භ වෙලා ඉවරවෙන්නේ රත්නපුර මාර්ගයේ ඇහැල කණුවට පොඩ්ඩක් පහලින්.
    ඒ වෙනකම්ම තනිකර කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ.
    ලාවට වගේ අඩි පාරක් තියෙන්නේ. පාර දන්න කෙනෙක් නැතුව යන එකනම් ටිකක් විතර අවදානම්.
    අනික යනවනම් 6,7 දෙනෙක් වත් ඉන්න ඔන. මොකද කැලේ මැද්දේ දිවියො එහෙම ඉන්නවා කියනවා. අපිනම් දැක්කේ නෑ.
    හැබැයි දිවියන්නේ මලපහ නම් තියෙනවා.
    යනකොට අනිවාරයෙන්ම නවතින්න ටෙන්ට් එකකුයි, කූඩැල්ලන්ට ලීච් සොක්සුයි අරන් යන්න අමතක කරන්න එපා.
    ලීච් සොක්ස් නැතිව ගියොත් උන්ව අරන් දානවා ඇරෙන්න වැඩක් කරන්න වෙන්නේ නෑ.

    ගමන පටන් ගන්න වෙන්නේ හපුගස්තැන්න වත්තෙන්. අපිනම් කැබ් එකේ උඩටම ගියා. නැත්නම් 3කි.මි විතර පයින් යන්න වෙනවා.

    මේ තියෙන්නේ තේ වත්ත.

    attachment.php


    පුලුවන් තරම් උදේම ගමන පටන් ගන්න එක ඇගට ගුණයි.
    qZkmI7J.jpg


    තේවත්ත මැද්දෙ බුදු පිලිමයක් තියෙනවා. එතනින් තමයි සිරිපා රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ. බුදුන් වැදලා අපිත් අපේ ගමන පටන් ගත්තා.
    CC0sOjO.jpg

    w856yDY.jpg


    මේ තියෙන්නේ සිරිපා රක්ෂිතයේ මායිම. මේක පහුකරලා ටික දුරක් යනකොට රත් ගග අහුවෙනවා.
    h5Ms7Xg.jpg


    මේ තියෙන්නේ රත්ගග

    24zisZn.jpg


    lnDbIZJ.jpg


    මේක පහුකරන කොට පොඩි මඩුවක් හම්බ වෙනවා. සමහරු සෝමරත්න අම්බලම කියලා කියනවා. ඇත්තටම මේක තේ දලු දාන්න හදපු මඩුවක්.

    ඊට පස්සේ ඉතින් කැලේ. පොඩ්ඩක් වත් රස්නේ නෑ..
    MGUUxnF.jpg


    පැය බාගයක් විතර යනකොට වේවැල්වත්ත දොල හම්ඛෙනවා.
    dVtz9H9.jpg


    ඊට පස්සේ ටිකක් විතර කන්ද

    QLYzFW0.jpg

    Df1LMOb.jpg


    කන්ද මැද හරියට වෙන්න වෙල්ලක්කාර ගල්ගේ තියෙනවා. ගල්ගේ කිව්වට නිකන් ගලක්.
    මේ හරියෙ තමයි දිවියන් ඉන්නේ. ඒනිසා කට්ටිය එකට යන එක තමා හොද

    UTcU4V4.jpg


    ටික දුරක් යනකොට තවත් ලෙනක් හම්බ වෙනවා. ඒකනම් ටිකක් විතර ලොකුයි.

    kEtaRTX.jpg


    මෙතනින් එහාට ටිකක් විතර ලොකු කන්දක්. රත්කන්ද කියලා කියන්නේ.

    LZBhi45.jpg

    Rtq2I29.jpg

    nCJFRHo.jpg

    කන්ද නැග්ගට පස්සේ තමයි බෑන සමනල නිම්නය හම්ඛෙන්නේ. මේ හරියෙ වලස්සු ඉන්නවා කියනවා. කොහොමත් පරිස්සම් වෙන එක හොදයි.
    4XmquGc.jpg

    4XmquGc.jpg

    hLCf8uF.jpg

    DvywBiGg.jpg


    ටික දුරක් යනකොට බාතිය දොල හම්ඛෙනවා.

    yPQk0c5.jpg


    මේ හරියනම් එච්චර අමාරු නෑ.

    තව ටික දුරක් යනකොට මාන කැලේ හම්ඛෙනවා. අපි යනකොටනම් එච්චර කැලේ වැවිලා නෑ. අපරාදෙ අපි කැලේ කපන්න ගමේ දෙන්නෙක්ව අරගෙන ගියා.

    SXSikiY.jpg


    මාන කැලේ පහුකරලා පහලට බහිනකොට පලවෙනි පාරට අපි සමනල කන්ද දැක්කා. ඒ වෙනකොට වෙලාව 3ට විතර ඇති.
    SvftgSr.jpg

    VR5Y0eG.jpg

    A2ShuSY.jpg


    3.30 වෙනකොට අපි බත්තුලු ඔය ගාවට ආවා. සමහරු මැණික් ගග කියනවා. තවත් අය මහවැලි ගග කියනවා.ඇත්තටම ඒක බත්තුලු ඔය.අපි එදා එතන ඉන්න තීරණය කලා. මොකද අපි කෑම්පින් කරන්න බලාගෙන ගියේ. රෑට කැලේ මැද්දෙන් යන එක ටිකක් භයානක නිසා.

    M5wy9UB.jpg

    5fzziwC.jpg


    මෙතන නම් මාරම ලස්සනයි. පොඩි දිය ඇල්ලකුත් තියෙනවා.
    vgHc72f.jpg

    3IBnf25.jpg


    මාත් ඉතින් වැඩ්ඩා වගේ බැස්සා පහලට.
    QJUM0qe.jpg

    UyULQNG.jpg


    වතුර නිල් කැටේට.
    n8aubyO.jpg

    GlTTyXf.jpg

    කකුලුවෝ
    UPVgXp0.jpg


    ටෙන්ට් ටික
    YP60Rqc.jpg

    fsM2qpQ.jpg


    පාන්දර 6.30 වෙනකොට ආයෙමත් ගමන පටන් ගත්තා
    PnV9QXW.jpg

    hfJ5xwt.jpg

    YDPdGGb.jpg


    මහගිරි දඹය කොටස
    soLT2cr.jpg

    f6Bg6jF.jpg



    අවසානය. රත්නපුර මාර්ගයට පැමිණීම
    BZvoMNN.jpg

     
    • Like
    Reactions: DangerMan119

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    මේ වගේ අප්‍රකට ස්ථාන සැගවිලා තියෙන එකම හොදයි බං. නැත්තං අපේ සොන්නලු ගිහිං ඔව්වත් විනාශ කරලා දානවා
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මේ වගේ අප්‍රකට ස්ථාන සැගවිලා තියෙන එකම හොදයි බං. නැත්තං අපේ සොන්නලු ගිහිං ඔව්වත් විනාශ කරලා දානවා

    ඒකේ දෙපැත්තක් තියෙනවා බං.... කවුරුවත්ම නොගියොත් ඔය පාරවල් වැහිලා යන්නත් පුලුවන්...