දෙළුම්, දොඩම් හා ඖෂධ පරිත්‍යාග කිරීමේ මහඟු පින්කම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    391719430_728018596009046_6870947452122334084_n.jpg


    "ප්‍රාණ යාත්‍රා" - ශාක්‍ය පුත්‍ර කළ්‍යාණ මිත්‍ර සංසදය

    සෙනෙහසේ දෑත් දිගු කර
    අපේක්ෂාවේ හදවත් නිවාලමු!

    ශාක්‍ය පුත්‍ර කළ්‍යාණ මිත්‍ර සංසදයේ අප විසින් මහරගම අපේක්ෂා රෝහලෙහි නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටින අපේ ම ආදරණීයන්ට අවැසි,
    ▪️
    ලංකා දෙළුම්
    ▪️
    පැණි දොඩම්
    ▪️
    ඖෂධ (මූල්‍යමය දායකත්වයන්)

    පරිත්‍යාග කිරීමේ මහඟු පින්කමක් 2023 ඔක්තෝබර් මස 31 වන දින එම රෝහල් පරිශ්‍රය තුළ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

    ඊට සමගාමී ව මහා සංඝරත්නය වැඩම වීමෙන් සිදු කරන්නා වූ ආශිර්වාදාත්මක සත්‍යක්‍රියාවක් සඳහා ද කටයුතු සූදානම් කර ඇත.

    මෙම උතුම් සත්ක්‍රියාව සඵල කරගනු පිණිස
    සොයාගැනීමට තරමක් දුෂ්කර,
    ලංකා දෙළුම් සහ පැණි දොඩම්
    සම්පාදනය සඳහා කාරුණික සිතැති සුපින්වත් ඔබගේ සහය අත්‍යවශ්‍ය වේ.

    මේ සඳහා ඔබට ද්‍රව්‍යමය හෝ මූල්‍යමය වශයෙන් දායකත්වය දැක්විය හැක.

    🔰
    ද්‍රව්‍යමය පරිත්‍යාග - ඔක්තෝබර් 28 ට පෙර
    🔰
    මූල්‍යමය පරිත්‍යාග - ඔක්තෝබර් 25 ට පෙර

    යොමු කිරීමට කාරුණික වන්න.

    ඖෂධ සඳහා ද පින් කැමති ඔබට මූල්‍යමය වශයෙන් දායක විය හැකි ය.

    "යෝ භික්ඛවේ, මං උපට්ඨහෙය්‍ය
    සෝ ගිලානං උපට්ඨහෙය්‍ය"
    "යමෙක් මට උපස්ථාන කරයි නම්,
    හෙතම ගිලනුන්ට උපස්ථාන කරයි"
    -බුදුරජාණන් වහන්සේ-

    සියලු විමසීම්
    +94 76 342 9128 (සුදේශ්)
    +94 77 957 1474 (අරුණි)

    පින්වත් ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් පහත ගිණුම් අංකය වෙත බැරකළ හැකි ය.

    ACC NO : 328200350015705
    BANK : PEOPLES BANK
    BRANCH : KOTTAWA
    NAME : R.M.G.S.M. PUSHPAKUMARA

    [ ඔබගේ මූල්‍යමය දායකත්වයන් ඉහත බැංකු ගිණුම වෙත බැරකර, ඒ බව තහවුරු කිරීම සඳහා රිසිට් පතෙහි ඡායාරූපයක් හෝ මාර්ගගත ක්‍රමයට ( Online transfer ) බැර කරන්නේ නම් තිරයේ ඡායාරූපයක් ( Screenshot ) ඉහත දුරකථන අංක වෙත වට්ස් ඇප් ( whatsapp) හරහා යොමුකරන්න.]
    උතුම් තෙරුවන් සරණයි!!!

    සංවිධානය : ශාක්‍යපුත්‍ර කල්‍යාණ මිත්‍ර සංසදය

    SOURCE:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,293
    17,313
    113
    අැත්තටම ඔය දෙළුම්, දොඩම් ඔය කියනතරම් ගුණද?වෙන රටවල් වල ඕවා සාමාන්‍ය ගාණක් වෙන්නේ..ලංකාවේ තමා අස්ප ගණන්.ඉන්දියාවේ දෙළුම් ජූස් කඩ තියෙනව පාර දෙපැත්තෙ..මෙන්න මේ වගේ මිරිකලා දෙනවා.

     
    • Like
    Reactions: NRTG and B.Chat

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    පිලිකා රෝහලට වගේ දීල ප්‍රැක්ටිකල් කර්ම එකතු කරනවනම් හොදයි, අපේ අම්මන්ඩිලා හොදටම කරල පිලිම ඉස්සරහින් තියලා එනවා
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පිලිකා රෝහලට වගේ දීල ප්‍රැක්ටිකල් කර්ම එකතු කරනවනම් හොදයි, අපේ අම්මන්ඩිලා හොදටම කරල පිලිම ඉස්සරහින් තියලා එනවා
    හැබැයි ඔහොම ටෝක් දෙන එවුන් බල්ලෙකුටවත් කෑම ටිකක් දෙන්නෑ.
     
    • Sad
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,445
    1
    62,157
    113
    Mother Earth
    හැබැයි ඔහොම ටෝක් දෙන එවුන් බල්ලෙකුටවත් කෑම ටිකක් දෙන්නෑ.
    එහෙම කියන්න බෑ බන්. සමහරවිට ඒකෙ අනික් පැත්තත් වෙන්න පුළුවන්. පිළිම ඉසරහ කෑම තියලා සතේකටවත් බඩගින්නට කෑම නොදෙන අය ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: S_M_S and NRTG