දේදුණු පරීක්ෂණය

mulder123

Member
Aug 23, 2013
89
25
0
දේදුණු පරීක්ෂණය

පිලඩෙල්පියා පර්යේෂණය

පිලඩෙල්පියා පර්යේෂණය (හෙවත් "දේදුනු පර්යේෂණය") යනු ටෙලිපෝටේෂන් හෙවත්, (සරළව කියතොත්) භෞතික වශයෙන් ගමන් නොකර එක් තැනකින් වෙනත් තැනකට ක්ෂණිකව සිරැරැ හෝ භාණ්ඩ පරිවහණය කිරීමේ ක්‍රමවේදයයි. දේදුනු පර්යේෂණය සිදු කලේ (නමෙන් පෙනෙන ලෙසම) පිලඩෙල්පියා වරායේ වන අතර, එහි මුල්ම අරමුණ වූයේ විශාල ඇමරිකානු යුධ නැවක් "අතුරැදහන්" කිරීමයි. මෙයින් සිදුවීමට නියමිත වූ මෙහෙය වූයේ ඇමෙරිකානු සතුරන්ට යුධ නැව් නොපෙනී යාමට සැලැස්වීමෙන් යුධමය වාසි ලබා ගැනීමයි. පර්යේෂණයට, අයින්ටයින් ගේ Unified Field Theory නැමති මූලධර්මය යොදා ගන්නා ලදී. එමෙන්ම මෙය සිදු කෙරැනේ අතිශය රහසිගත තත්ව මත්තේය.

පර්යේෂණයේ මූලික සිද්ධාන්තය වූයේ, නැව වටා ප්‍රභල විද්‍යුත් චුම්බක ජනක සවි කිරීමෙන්, නැව වටා ආලෝකය "නවා" (මෙය සියළු දෙනාටම වැටහෙන සිද්ධාන්තයක් නොවන බව අප දනිමු -- මෙය කළු කුහර සම්බන්ධයෙන් සිදුවේ), නැව එතැන නොතිබුනාක් මෙන් පෙන්වීමයි.

පළමුවැනි පර්යේෂණය සිදුවූයේ 1943 පූලි මාසයේදීය. ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ, විද්‍යුත් චුම්භක ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමග නැව කොල පැහැති දුමාරයකින් මෙන් වැසි ගොස්, එම දුමාරය අතුරැදන්ව ගිය පසු නැවද අතුරැදන්ව ගොස් තිබූ බවයි. නැව තවමත් එතැන තිබූ බවට සාධකය වූයේ, ජලය මත එහි බරින් සටහන් වූ "එබී ගිය" ස්වභාවයයි. මෙහෙයින් මෙය සම්පූර්ණ ටෙලිපෝටේෂන් තාක්ෂණය පර්යේෂණයට බදුන් කිරීමක් නොවන බව පැහැදිලියි.

එහෙත් දෙවැනි පර්යේෂණය මීට වඩා වෙනස් එකක් වුනා..

මතු සම්බන්ධයි.




====================
අවධානය පිණිසයි:
පිටසක්වල ජීවීන්, පුනර්භවය ආදී නොයෙක් කරැණු හා සම්බන්ධ අප පල කරන ලිපි වල ඇති කරැණු සම්බන්ධයෙන් ඔබට පරිභව සහ කුණුහරැප ආදිය ඇති නම්, ඒවා එම මත මුළින්ම දැක්වූ අයට ඉදිරිපත් කරන ලෙස, මෙහි සිටින අති වැදගත්වූද කාරැණිකවූද බුද්ධි බලයන් තේජස් සම්පන්නවූද මහතුන්ගෙන් ඉල්ලා සිටිමු. ‍මක්නිසාද යත්, මෙහි අප පළ කරන බොහෝ අදහස් අපගේ ඒවා නොවන හෙයින්ද, බොහෝමයක් උපුටා ගන්නා ලද ඒවා වන හෙයින්ද, එහෙත් සමහරක් දීර්ඝ පර්යේෂණ වලට ලක් කිරීමෙන් අනතුරැව එම ප්‍රථම ලේඛකයන් පල කළ ඒවා බැවින්ද, මෙහි දී අපට බැන වැදීමෙන් පළක් නොවන බව ඉතා සදාචාර සම්පන්න වචන වලින් හෙබි මෙහි සිටින මහතුන්ගෙන් ඉල්ලා සිටිමු.

එමෙන්ම, වෙනත් සිදුකළ යුතු වැදගත් ක්‍රියාවක් නැති හෙයින් පරිගණකය ඉදිරියේ බෑවී සිටින්නාවූද, කටට එන සෑම තුප්පහි වචනයක්ම (බොහෝ විට මෙම වචන ලංකාවේ බොහෝ ප්‍රචලිත වචන වන "පච" සහ <දෙවැනි වදන අසභ්‍ය හෙයින් අප මෙහි සදහන් නොකරමු> සමන්විතය), අදාල මාතෘකාව පිළිබද කිසිදු ආකාරයේ ගවේශණයකින් තොරව එසැනින් මුදාහරින්නාවූද මහා ඥාණයෙන් පිරිපුන් බුද්ධිමතුන්ගෙන්ද එම ඉල්ලීමම සිදු කර සිටිමු. ස්තූතියි
====================
 
Last edited:

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචං මේවගේ දේවල් වලට ප්‍රතිචාර අඩුයි.දාපන් 18+
    comments පෝලිමයි.. ඕකයි තත්වය...
    උඹ ගැන අඩම්බරයි සහෝ....
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචෝ තව දාපන් ඉතුරු ටිකත්..
    හොඳ එකා වගේ වි.එම් එකකුත් දාපන් ඉතුරු එව්වා දැම්මාම
    +6
     

    mulder123

    Member
    Aug 23, 2013
    89
    25
    0
    සුබපැතූ සැමට ස්තූතියි. දාන්න බලාපොරොත්තු වෙනව සහොදරවරැනි හෙට හැකි වූ විගස.
     
    • Like
    Reactions: mldarshana

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ela ela oya wage tech thiyena films ewilla thiyenwa .
    Stealth kiyala film ekak thiyenwa active stealth kiyala technology ekak . plane ekak nopeni thiyana eka thama wede