දේවා‍ලේ_ගැට

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කතරගම දේවා‍ලේ ගැට ලිහෙද්දී මතු වූ සල්ලි උල්පතේ කතාව

    කතරගම දෙවො‍ලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත්වීමෙන් පසුගියදා නිරාකරණයට පත්විය. ගැටලුව මතු වී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස පහක් වෙන් කළ පසු ඉතිරිවන මාස හතේ තේවා කටයුතු පිළිබඳවය. එම මාස හතෙන් පහක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස දෙකද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ.
    බැතිමතුන්ගේ පුද පඬුරුද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදී අබරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලැබෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිති වන්නේ කපු මහත්වරුන්ටය. සැබැවින්ම කතරගම දෙවොල සල්ලි උල්පතකි. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුම ඇතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදීය.
    මහජනතාවගේ අති විශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට ‍පොරොන්දු වී ඇත්තේ ඉන් දිය දෝතක් පමණක් බව අපට සිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟවූ බැවිනි. ඒ අනුව බැලුවහොත් කතරගම දේවාලයේ ආදායමේ තරම අපට හිතා ගන්නටත් බැරි තරම්ය.
    දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබාදීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවී ඇත්තේය. මෙසේ වැඩි මාස ගණනක් එක් අයකුට ලබාදීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයේ පටන් බස්නායක නිලමේ තනතුර උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණේය. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබාදෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි.
    දුටුගැමුණු රජු ඉදිකළ බව කියන කතරගම දෙවො‍ලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙකු බව කියැවේ.
    පරපුරෙන් පරපුරට පැවැත ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමගම මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස එකොළහේ ප්‍රාදේශීය ‍ලේකම් වරුන්, හා කතරගම කිරි වෙහෙර අභිනවාරාමය, වැඩසිටි කන්ද විහාරය, සෙල්ලකතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, කොටබෝව දේවාලයේ නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගනු ලැබේ. දේවාලයේ පෙරහර සංවිධානය කිරීම, දේවාලයේ අලි ඇතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම්වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඬුරු පෙට්ටිවල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදීම යනාදී රාජකාරීන් බස්නායක නිලමේවරයාට පැවැරේ. කෙසේ වුවද මෙහිදී එකතුවන අති විශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලක පටන් ගැටුම් ඇතිව තිබේ.
    මේ පිළිබඳව අවධානය යොමු කළ බුද්ධශාසන අමාත්‍යවරයා මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුරට තෝරා ගන්නන් පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කර සුදුසුකම් බැලීමට මොණරාගල දිසාපතිවරයා ප්‍රමුඛ විශේෂ කමිටුවක් පත් කිරීමටත් ආධාර මුදල් ඇතුළු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු අයුරින් කළමනාකරණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රමුඛ
    අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටත් පියවර ගත් බවද සඳහන් වේ. කෙසේ නමුත් කතරගම දේවාලයේ ආදායම් පිළිබඳව විමසීමට බස්නායක නිලමේවරයා, ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් පාර්ශ්ව වෙත අප ඇමතුම් යොමු කළද ඒ කිසිවෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.

    මිහිරාන් කරුණාරත්න

    http://www.lakbima.lk/index.php/2/6568-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E2%80%8D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::yes: lankawe salli kana guhawala

    pin katath dewala sallith palli sallthith aran duppatunta gewal hadala dena arabanna ona vinividawa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes::yes: lankawe salli kana guhawala

    pin katath dewala sallith palli sallthith aran duppatunta gewal hadala dena arabanna ona vinividawa

    :yes:
    ඕවා නියාමනය කරන්න යන එවුන්ට වෙන්නේ ඊ ළඟ චන්දෙන් රෙදි නැතුව ගෙදර යන්න. මොකා විපක්ෂේ හිටියත් බලන්නෙ ජාතිය ආගම ඉස්සරහට දාල ගහල තමන්ට ලකුණු දා ගන්න. ඊට වැඩිය ආරක්ෂිතයි ප්‍රොජෙක්ට් එකකින් ගසා කාලා ප්ලාස්ටික් පුටු ටිකකුයි තහඩු ටිකකුයි බෙදල දානවා. චන්දදායකය ඒක අගේ කරනවා පින් පෙට්ටියට අත තියල ගෙවල් හදල දෙනවට වැඩිය.
    බලන් යනකොට සුද්දා විතරයි ටිකක් හරි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක බෙදන්න උත්සාහ කරලා තියෙන්නෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කතරගම දේවා‍ලේ ගැට ලිහෙද්දී මතු වූ සල්ලි උල්පතේ කතාව

    කතරගම දෙවො‍ලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත්වීමෙන් පසුගියදා නිරාකරණයට පත්විය. ගැටලුව මතු වී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස පහක් වෙන් කළ පසු ඉතිරිවන මාස හතේ තේවා කටයුතු පිළිබඳවය. එම මාස හතෙන් පහක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස දෙකද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ඊට අමතරව එක් මාසයක් දේවාලයේ තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ.
    බැතිමතුන්ගේ පුද පඬුරුද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදී අබරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලැබෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිති වන්නේ කපු මහත්වරුන්ටය. සැබැවින්ම කතරගම දෙවොල සල්ලි උල්පතකි. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුම ඇතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදීය.
    මහජනතාවගේ අති විශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට ‍පොරොන්දු වී ඇත්තේ ඉන් දිය දෝතක් පමණක් බව අපට සිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟවූ බැවිනි. ඒ අනුව බැලුවහොත් කතරගම දේවාලයේ ආදායමේ තරම අපට හිතා ගන්නටත් බැරි තරම්ය.
    දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබාදීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවී ඇත්තේය. මෙසේ වැඩි මාස ගණනක් එක් අයකුට ලබාදීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයේ පටන් බස්නායක නිලමේ තනතුර උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණේය. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබාදෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි.
    දුටුගැමුණු රජු ඉදිකළ බව කියන කතරගම දෙවො‍ලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙකු බව කියැවේ.
    පරපුරෙන් පරපුරට පැවැත ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමගම මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස එකොළහේ ප්‍රාදේශීය ‍ලේකම් වරුන්, හා කතරගම කිරි වෙහෙර අභිනවාරාමය, වැඩසිටි කන්ද විහාරය, සෙල්ලකතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, කොටබෝව දේවාලයේ නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගනු ලැබේ. දේවාලයේ පෙරහර සංවිධානය කිරීම, දේවාලයේ අලි ඇතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම්වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඬුරු පෙට්ටිවල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදීම යනාදී රාජකාරීන් බස්නායක නිලමේවරයාට පැවැරේ. කෙසේ වුවද මෙහිදී එකතුවන අති විශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලක පටන් ගැටුම් ඇතිව තිබේ.
    මේ පිළිබඳව අවධානය යොමු කළ බුද්ධශාසන අමාත්‍යවරයා මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුරට තෝරා ගන්නන් පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කර සුදුසුකම් බැලීමට මොණරාගල දිසාපතිවරයා ප්‍රමුඛ විශේෂ කමිටුවක් පත් කිරීමටත් ආධාර මුදල් ඇතුළු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු අයුරින් කළමනාකරණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රමුඛ
    අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටත් පියවර ගත් බවද සඳහන් වේ. කෙසේ නමුත් කතරගම දේවාලයේ ආදායම් පිළිබඳව විමසීමට බස්නායක නිලමේවරයා, ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් පාර්ශ්ව වෙත අප ඇමතුම් යොමු කළද ඒ කිසිවෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.

    මිහිරාන් කරුණාරත්න

    http://www.lakbima.lk/index.php/2/6568-%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E2%80%8D%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7-%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B7%80%E0%B7%96-%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92-%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80

    මේ දේවාල ඇයි බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවෙන් පාලනය වෙන්නේ.මේවා හින්දු ආගමික කටයුතු එකටනේ යන්න ඕනි.

    හරිනම් මේවගේ ආදායම් තමයි රජයට ගන්න ඕනි.නැතුව පන්සල් වල තියෙන පිං කැට නෙමෙයි.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මේ දේවාල ඇයි බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුවෙන් පාලනය වෙන්නේ.මේවා හින්දු ආගමික කටයුතු එකටනේ යන්න ඕනි.

    හරිනම් මේවගේ ආදායම් තමයි රජයට ගන්න ඕනි.නැතුව පන්සල් වල තියෙන පිං කැට නෙමෙයි.
    බෞද්ධ ඒවායින් ගන්න එපා. හින්දු ඒවායෙන් ගත්තට කමක් නෑ. එහෙමද?:rolleyes:

    බෞද්ධ පංසල්වල ආදායම අරන් බෞද්ධ කටයුතු අරමුදලේ තැන්පත් කරන එක සහ අවශ්‍ය ව්‍යපෘතිවලදි ප්‍රදේශීය ලේකම් කාර්යල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රතිපාදන ලබාදීලා කරව්නවා. හුඟාක් පරණයි මේ යාන්ත්‍රණය මම අහලා තිබෙන විදිහ අනූව

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Kapuwek wenna ona Requirements monada ban? Maath Profession eka change karanna ona

    මටත් කපුවෙක් වෙන්න ඕන බං. අපි දෙන්නා යන්ද බං කපු කෝස් එකක් කරන්න.
    :lol::lol::lol::lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,420
    113
    තුප්පහි කපුවන්ට කෝටි ගනන් සල්ලි පුදන මොඩයෝ ඉන්න රටක් කොහෙ දියුණු වෙන්නද? දෙයියන්ට හෙන ගහන්න එපැයි!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බෞද්ධ ඒවායින් ගන්න එපා. හින්දු ඒවායෙන් ගත්තට කමක් නෑ. එහෙමද?:rolleyes:

    බෞද්ධ පංසල්වල ආදායම අරන් බෞද්ධ කටයුතු අරමුදලේ තැන්පත් කරන එක සහ අවශ්‍ය ව්‍යපෘතිවලදි ප්‍රදේශීය ලේකම් කාර්යල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ප්‍රතිපාදන ලබාදීලා කරව්නවා. හුඟාක් පරණයි මේ යාන්ත්‍රණය මම අහලා තිබෙන විදිහ අනූව

    පන්සල් වලට ලැබෙන සල්ලි වලින් තමයි පන්සලේ වැඩකටයුතු කරන්නේ.විහාර ගෙවල් හදන්න,අළුත්වැඩියා කරන්න,කරන්ට් බිල්,වතුර බිල්,ටෙලිෆෝන් බිල් එහෙම ගෙවන්නේ.එහෙම ගෙවලා ඉතුරුවුන මුදල් තිබුනොත් ඒවා පන්සලේ නමින් ගිනුමක තැන්පත් කරනවා.

    මේ දේවාල වලට ලැබෙන සල්ලි වලින් මොනාද කරන්නේ?නිලමෙයි කපුවොයි ගෙදර ගෙනියනවා.උන් ගෙදර ගෙනියන එක රජයට ගත්තනම් මොකද වෙන්නේ.හාමුදුරුවෝ සල්ලි ගෙදර ගෙනියන්නේ නෑනේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:
    ඕවා නියාමනය කරන්න යන එවුන්ට වෙන්නේ ඊ ළඟ චන්දෙන් රෙදි නැතුව ගෙදර යන්න. මොකා විපක්ෂේ හිටියත් බලන්නෙ ජාතිය ආගම ඉස්සරහට දාල ගහල තමන්ට ලකුණු දා ගන්න. ඊට වැඩිය ආරක්ෂිතයි ප්‍රොජෙක්ට් එකකින් ගසා කාලා ප්ලාස්ටික් පුටු ටිකකුයි තහඩු ටිකකුයි බෙදල දානවා. චන්දදායකය ඒක අගේ කරනවා පින් පෙට්ටියට අත තියල ගෙවල් හදල දෙනවට වැඩිය.
    බලන් යනකොට සුද්දා විතරයි ටිකක් හරි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒක බෙදන්න උත්සාහ කරලා තියෙන්නෙ.
    :yes::yes:
    තුප්පහි කපුවන්ට කෝටි ගනන් සල්ලි පුදන මොඩයෝ ඉන්න රටක් කොහෙ දියුණු වෙන්නද? දෙයියන්ට හෙන ගහන්න එපැයි!

    :yes::yes:
     
    • Like
    Reactions: lodbrok

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පන්සල් වලට ලැබෙන සල්ලි වලින් තමයි පන්සලේ වැඩකටයුතු කරන්නේ.විහාර ගෙවල් හදන්න,අළුත්වැඩියා කරන්න,කරන්ට් බිල්,වතුර බිල්,ටෙලිෆෝන් බිල් එහෙම ගෙවන්නේ.එහෙම ගෙවලා ඉතුරුවුන මුදල් තිබුනොත් ඒවා පන්සලේ නමින් ගිනුමක තැන්පත් කරනවා.

    මේ දේවාල වලට ලැබෙන සල්ලි වලින් මොනාද කරන්නේ?නිලමෙයි කපුවොයි ගෙදර ගෙනියනවා.උන් ගෙදර ගෙනියන එක රජයට ගත්තනම් මොකද වෙන්නේ.හාමුදුරුවෝ සල්ලි ගෙදර ගෙනියන්නේ නෑනේ.
    ඔය බෞද්ධ නිසානේ එහෙම කියන්නේ.
    හින්දු ආගමේ කෙනෙක් කියන්න පුලුවන් අපේ නියෝජිතයා කපුවා.
    එයා තමා එයලගේ දෙයියොන්ට කනෙක්ෂන් එක තිබෙන කෙනා. ඒ නිසා ඒ වෙනුවෙන් දාන පඬුරු රජයට ගන්න එපා කියලා. ඒක අපි දෙන්නේ දෙයියොන්ගේ නියෝජිතයට කියල :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය බෞද්ධ නිසානේ එහෙම කියන්නේ.
    හින්දු ආගමේ කෙනෙක් කියන්න පුලුවන් අපේ නියෝජිතයා කපුවා.
    එයා තමා එයලගේ දෙයියොන්ට කනෙක්ෂන් එක තිබෙන කෙනා. ඒ නිසා ඒ වෙනුවෙන් දාන පඬුරු රජයට ගන්න එපා කියලා. ඒක අපි දෙන්නේ දෙයියොන්ගේ නියෝජිතයට කියල :)

    ඔව් එහෙම කියන්නත් පුලුවන්.ඒත් ඕකට වැඩියෙන්ම යන්නේ උප්පැන්නෙට බෞද්ධ වෙච්චි අයනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කතරගම දෙයියෝ නම් ඉන්ශුවරන්ස් කේස් නිසා සෑහෙන බිසී.වාහනම කීයක් කියලා බලන්නද.අනික කී දෙනෙක්ගේ බිස්නස් බලන්නද.

    Eka thama. Lula nathi walata kanaya pandithaya kiyanawane. E wage thama deiyo busy nisa kapuwo porawal wela ethana. Ape walathara deyyanwa wath path kalanam hari weda balanna :P