මචං
මම කතාව නොකියා උදාහරණයක් විතරක් කියන්නම්
උඹේ ලඟම කෙනෙක් අසනීප උනා කියලා හිතාන්කෝ
ගෙදර අම්මා කියලම ගමුකෝ උඹේ
අපි හිතමු ජීවිතේ ගොඩ ගන්න බැ. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව අන්තිම මොහොත. අපි සීරියස් හිතමු අහ්
පරණ මිනිස්සු මේ මත විශ්වාස කරනවා. අනිවා උඹේ අම්මත් එහෙම ඇති
අම්මා සමකාලීන අය කියන දේ ඔයාගේ අම්මාගේ හිතට කා වැදිලා අම්මා බාර හාර පැත්තට යොමු වෙනවා
අන්තිම මොහොතේ ලෙඩ ඇඳේ පණ අදින ඔයාගේ අම්මාට ඔයා ඔය වගේ දාර්ශණික දේවල් කියනවද එහෙම නැත්නම් හඳෙන් හරි පිළිමයක් ගෙනල්ලා හිත සනස්සනවද. අන්තිම මොහොතේ උඹේ අම්මාගේ චුති සිත වනසල පෙරේතයෙක් කරලා ප්‍රතිසන්ධියේ උපද්දවන්න උඹේ ප^ ටෝක් උඹ ඒ වෙලොවෙත් දෙනවද. උඹේ අම්මා මලපහ කන පෙරේතියෙක් වෙලා බියකරු සසරේ දුක් විඳවනවා දකින්න උඹ ආසද?
බොක්කෙන්ම උත්තරයක් දියන්. මේක ඔය උඩ ලොරි කමෙන්ට් කරපු හැමෝටමත් අදාලයි.
ප්‍රශ්ණය තමාගේ නොවෙනකල් පිළිතුරු මාර දාර්ශණිකයි බ්‍රෝ
මගේ ප්‍රශ්ණය ඕක නෙමේ. ඔ්ක මන් ගත්තේ උඹේ හිතටයි පපුවටයි දෙකටම දැනෙන උදාහරණයක් නිසා. එත් මගේ අවශ්‍යතාවත් අවශ්‍යතායක් බ්‍රා. මිත්‍යාදෘෂ්ඨික ඇදහිල්ලක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි බලන කණ්නාඩිය (කෝණය) අනුව
බම්ප් එකට ස්තුතියි. හැම වෙලේම අනාගතය අද නෙමේ.
මචන් උඹේ උදාහරණය අනුව මම මගේ විදිය කියන්නම්.
මගේ අම්මා ජීවත් සිටි කාලයේදී මොන ඇදහිල්ල ඇදැව්වත් බුදු පිලිමයක් ඉස්සරාට ගෙනල්ලා තිබ්බත් ඔය දේව පිලිම තියන්නේ නැහැ.
අම්මා ද්වේෂයෙන් මැරිලා ගියත් මිත්‍යාදෘෂ්ඨිකව මැරෙන්න දෙන්නේ නැහැ.
දේවේෂයට අදාල අකුසල් රැස් කරගෙන කවදකම හරි ගොඩ එයි.නමුත් මිත්යාදෘෂ්ඨියෙන්ම් ගලවන්න බැහැ යාළු.
පුළුවන් තරම් අම්මා ජීවත්ව සිටි කාලයේදී තිසරණයේ පිහිටනවා.
අම්මවයි තාත්තවයි අවුරුදු 100ක් කරේ තියාගෙන හිටියත් ණය ගෙවන්න බැහැ බන්.තිසරණයේ පිහිටවපු දවසෙම මගේ ණය ගෙවනවා.
උඹට ඕක අදාල නොවෙන්න පුළුවන්.
හේතු ඵල දහම කර්ම ඵලය විශ්වාස කරපන්.
කරපු දේ විපාක දෙනවා එච්චරයි.
මගේ බෙල්ල අමු අමුවේ ගැලෙව්වත් බුද්ධ,ධම්ම,සංඝ සරණ පමණමයි.
ඒය ශ්‍රද්ධාවේ තරම අනුව වෙනස් වෙනවා.
සියළු සත්වයෝ සම්මා දිට්ඨික වේවා!