දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්


    - ඒයි මචං මන් දැක්කා අද උඹේ පබ්ලිකේෂන් එකක් පත්තරේ තියෙනවා . මන් හිතන්නේ උඹේ පලවෙනි එක නේද . අපිට ඩ්‍රින්ක් එකක් ඕනේ මල්ලි. හරිද?

    - මොකක් කිව්වා? පබ්ලිකේෂන් එකක්? විහිලු කරන්න එපා බන් ,ඕකා අර හෙළ උරුමෙට කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් කරනවද? හෙහ් හෙහ් . අඩු ගානේ උගන්නනවා වත්ද?

    - අඩෝ එහෙම කියන්ට එපා හරිද? මන් ඇත්තටම මුගේ නම දැක්ක

    - ඇත්තට ?

    - ඔවු හැබැයි මොකක්ද කේස් එකක් ගැන , පබ්ලිකේෂන් එකක් නම් නෙවේ . මොකක්ද කේස් එක හෙනා ?

    - අර ද්වාරකා කේස් එකද බන්?

    - මොකද බන් කේස් එක , අපිටත් කියපල්ලකෝ

    - ආ, මාත් දැක්කා මචං , අර කාට ද කෙල්ලෙකුට එක්සෑම් කරන්න දුන්නේ නැහැ කියලා නේද ?

    - ඔව් බන් අර ද්වාරකා කියලා කොටි කෙල්ලෙක්. එකී දැන් බූස්සේ හිරේ ඉන්නේ .ඒකි ඉල්ලුවා එක්සෑම් කරන්න. මම දුන්නේ නැහැ ඇටෙන්ඩන්ස් නැහැ කියලා. ඔය කොටි පැටව් නැති කරලාම දන්නා ඕනේ .

    - හෙහ් හෙහ් ඒකි කොහොම ඇටෙන්ඩන්ස් පෙන්නන්නද හිරේ ඉඳ ගෙන ?

    - ඉතින් මන් කීවය බන් ඒකිට හිරේ යන්න ?හෙහ් හෙහ්

    - ඒකි ඇත්තටම කොටියෙක්ද බන් ?

    - කවුද දන්නේ ? මට ඒවායින් වැඩක් නැහැ? ඔව්වෝ දෙමල . හැම දෙමලාම හිතෙන් හරි කොටින්ට සපෝර්ට් කළා. ඔව්වන්ට කෙලවන්න ඕනේ. ඕකි නිදහස් වෙලා ආවත් මමනම් ඕකිට විභාග කරන්න දෙන්නේ නැහැ , මම හෙඩ් වෙලා ඉන්න කම් .

    - ඒකි විභාගේ කරයි උඹ ගියාට පස්සේ, උඹ හැම දාම හෙඩ් වෙලා ඉන්නවයි ?

    - හෙහ් හෙහ් , හෙඩ් වෙලා ඉන්න ඕනේ කාටද බන් හැමදාම හෙඩ් , ඊළඟට ඩීන්, ඊ ලඟට වීසී ,

    - ආ උඹේ හීන

    - හීන නෙවේ බන් ඕකා අර චම්පිකයා පස්සේ ගිහින් කරගනියි වැඩේ , ඔය ඒකට ලකුණු දාගන්න නේ දේශප්‍රේමී වැඩ කරන්නේ

    - හරි හරි, උඹ ඉතින් දේශප්‍රේමියානේ .අපිට ඕවයින් වැඩක් නැහැ . අපිට ගල් සීය ගානේ අරන් දීපන් , උඹේ නම පත්තරේ වැටුන එක සෙලිබ්‍රේට් කරන්න

    - හෙහ් හෙහ් , ගල් නියම දේශීය බඩු නේ . ජාතික චින්තනයටත් ගැලපෙනවා , හෙහ් හෙහ්

    - හරි හරි , දාගනිල්ල මගේ ගානේ , මම නම් ඉතින් ගල් ගහන්නේ නැහැ,බිව්වාම හෙටත් ගඳ ගහනවා , මටත් ඔය ජින් සීයක් දානවා අයිසේ , හෙහ් හෙහ්