දේශප්‍රේමී අරක්කු.....

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    648
    757
    93
    දේශප්‍රේමී අරක්කු.....



    රෝහිත අබේගුණවර්ධනට අයත් හොර අරක්කු පැක්ටරියක් STF වටලයි.

    මහින්ද පිලේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට අයත්යැයි කියන පසුගිය පලාත් සභා මැතිවරණයේ අපේක්ෂක මෙන්ම පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන දමිත් දනංජය නැමැත්තාට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් මීට සුළු මොහොතකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකාය(STF ) හා සුරබදු දෙපාර්තමේනතුව ඒකාබද්ධව වටලා ඇත.
    මෙම නීති වීරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය කලකපටන් පවත්වාගෙන ගොස් ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනු අද(2) සවස පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව මෙම වැලීම සිදුකර තිබේ.
    සුරාබදු දෙපාර්තමේන්තුව සහෙ පොලිස් විශේෂ කාර්ය බලකාය( STF ) මේ වනවිටත් එම ස්ථානයේ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තාවේ.