දේශප්‍රේමී_කිරි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දේශප්‍රේමී_කිරි

    රට කිරි වස වුයේ අපට ඇති ආදරයකට නොවේ !

    sri_lanka_new_zealand_milk_del119_37359605.jpg

    පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ මාධ්‍යය තුල කිරිපිටි භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යය හරඹයක් විය. විවිධ දේශකයන්, චීවරධාරීන්, නළල රැලි කොට , ගිරිය පුප්පා කෑ ගැසුවේ විදෙස් කිරිපිටි විස බවකි. ඔවුන් කියන කතාව ඇත්තය.

    නමුත් අප සොයා බැලිය යුත්තේ ඔවුන්ට හදිසියේ ඉහමොළ රත්වී මෙසේ විරෝධයක් පලකලේ ඇයි දැයි යනුවෙනි. මෙරට පෝෂණ ඌනතා බියෙන් පෙලෙන් ජනතාව දිගු කලක් තිස්සේ පම්පෝරි ගසන තරම් ගුණයක් නැති කිරි පිටි බොද්දි එවායිහි ඇති ආදීනව , වස විෂ සම්බන්ධව මාධ්‍යය හෙළිකරද්දී මෙම ඊනියා දේශප්‍රේමින් සිටියේ කොහිදැයි අප නොදන්නෙමු.

    කිරිපිටි ගැටලුව මතුවීමට මාස ගණනකට පෙර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය මෙරටට ගෙන්වන කිරිපිටි වල විකිරණ ඇතිබව හෙලිකලත් කිසිවෙකු ඒ සඳහා පෙනී සිටියේ නැත. එය ආසන්නතම උදාහරණය පමණි.

    ඔවුන් මෙතෙක් කල් ඒ සඳහා ඉදිරිපත් නොවුනේ විශේෂඥ වෛද්‍යවරුන් හා ආහාර විශේෂඥයන් බොහොමයක් සිටින්නේ බහුජාතික සමාගම් වල ඔඩොක්කුවේ නිසාය. උදාහරණයක් ලෙස රටටම විස කවන ප්‍රීමා සමාගම මෙරට දේශපාලඥයන් සමීපයෙන් තබාගෙන සිටින්නේ මෙරට ඉහල පෙලේ දේශපාලඥයන් හට ඔවුන්ගේ "ක්ලබ් හවුස්" නමැති අවන්හලේදී ප්‍රනීත ආහාරපාන හා වෙනත් දෑ වලින් සප්පායම් කරමිනි.

    මෙරට ආනයනික කිරිපිටිවරග ගණනාවක් වස ඇති බැවින් තාවකාලික තහනමට ලක්වුවද ප්‍රධාන වශයෙන් ඉලක්ක වුයේ ෆොන්ටෙරා සමාගම වේ. ෆොන්ටෙරා සමාගමට ඇත්තේද හොඳ අතීතයක් නොවේ. මෙයට පෙරද ඔවුන්ගේ නිෂ්පාදන වල දෝෂයන් වාර්තා වී තිබුන අතර ඒ සෑමවිටම කිසියම් වාර්තාවක් ගෙනහැර පාමින් එය එසේ නොවෙතැයි කීමට ඔවුන් දක්ෂ විය.

    එම අවස්ථාව ප්‍රයෝජනයට ගත දේශීය කිරි නිෂ්පාදකයන් තමන්ගේ නිෂ්පාදන දිරිගැන් වුයේ එහි වස විස කිසිවක් නැති බව පවසමිනි. නමුත් තිත්ත ඇත්ත වනුයේ ෆොන්ටෙරා තරම් නොවුනද එහිද යම් ප්‍රාමාණයකින් ශරීරයට අහිතකර දෑ ඇති බවය.

    උදාහරණයක් ලෙස අපේ රටේ කිරි කල් තබා ගැනීමට හයිඩ‍්‍රජන් පෙරොක්සයිඞ් භාවිතකරනු ලබයි එයට අමතරව මී කිරි කල් තබා ගැනීමට ෆෝමලින් ස්පේ‍්‍ර කරනු ලබයි. ලාභ මුලිකකොටගත් සමාජයක කිසිවක් 100% වසවිස රහිතව පිරිසිදුව බලාපොරොත්තු විය නොහැක.

    නැවතත් අප මතක් කරනුයේ මෑතකදී පටන් ගත් කිරිපිටි සටන දුරිම්භුත වුයේ ප්‍රධාන කල්ලි දෙකක ගැටීමක ප්‍රතිඵලයක් ලෙස බවය. එක් පසකින් රටේ පිටි කිරි ආධිපත්‍යය සහිත ෆොන්ටෙරා සමාගම සිටින අතර අනෙක් පසින් සිටින්නේ රටේ ඉහලම ප්‍රභූ පවුලකි.

    ෆොන්ටෙරා සමාගමේ වෙළඳපොල ආධිපත්‍යය බිඳදමා ප්‍රභූ පවුල හා එයට එකතුව ඇති මෙරටට ඉදිරියේදී විදුලියෙන් දුවන මෝටර් රථ ගෙන්වීමට සැලසුම් සකස්කොට ඇති සමාගමක හිමිකරු සුදානම් වන්නේ එයින් හිස්වන වෙළඳපොල ආධිපත්‍යය ලබාගැනීමය.

    එය දැනටමත් ලංකාවේ අප ඉදිරියේ දිගහැරුණ නාටකයකි. වස කිරි වෙනුවට දේශප්‍රේමී රජ කිරි පැමිණෙන කාලය වැඩි ඈතක නොවේ.

    source: 33000
     
    • Like
    Reactions: agrmrs

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මං නම් ඕක කලින්ම හිතුවා අර විමල් ගොයියාගේ සයිට් එකෙන් ඔය බ්‍රෑන්ඩ් එකේ නමට පන්න පන්න ගහන කොට..නිව්ස් දහයක් update කරොත් අටක් ඇන්කර් ගැන..:rofl:..
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama dakka news wala champikaya kiyanawa me thoge awulak naha kalin thoge awul
    ekai thahanam kale wage gon katha tikak,prima eken kappan gannawa wage maharaja fontera ekenuth ganna gihin un deela naha.lankawata enna inna investersla nawththanawa
    kiyala sadde dala eka dawasin usavi thinduwa wenas dan kiyanawa anchor bipan kiyala.
    ubalath kiyanawanam bipan asid bonna baha kiyala wedi thibba mathakane anchor nobona
    ewun hoyanna dan kuli hewayo daala athi,parissamen hitahan me wage desadrohi thread noda.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මං නම් ඕක කලින්ම හිතුවා අර විමල් ගොයියාගේ සයිට් එකෙන් ඔය බ්‍රෑන්ඩ් එකේ නමට පන්න පන්න ගහන කොට..නිව්ස් දහයක් update කරොත් අටක් ඇන්කර් ගැන..:rofl:..

    මාත් හිතුවා හරි! :)
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේක මෙහෙමම වෙන්න ඕන. අපේ රටේ කොයිදේත් සිද්ද වෙන්නේ මේ විදියට. ධම්මිකගේ කොම්පැනියෙන් පරිසර හානි වෙන්නේ නෑ. ජනතාව කියන්නේ බොරු. එතන තුන්වන පාර්ශවයක් ඉන්නවා ඒ නිසා උන්ගේ සල්ලි වලින් ගත්ත බුලට් දාලා උන්ටම වෙඩි තියනවා. ඊට පස්සේ මැරිච්ච උන්ට වන්දි ගෙවනවා මැරිච්ච උන්ගේ සල්ලි වලින්ම. ඊටත් පස්සේ වෙඩි තියපු උන් සහ වෙඩි කාපු උන් සමූහ ඡායාරූපයක් ගන්නවා. (දෙගොල්ලන්ටම විලි ලැජ්ජාවක් නෑ කියලා බලා ඉන්න උන්ට පේනවා කරුමෙට උන්ටත් ඒක නෑ) නවසීලන්තේ කිරි අප්සට්. ඒකේ වයි පෝටීන් එක නෑ අයින් කරලා. එතකොට ඕස්ට්‍රේලියා ඩෙන්මාර්ක් කිරි හොදයිද අපි අහන්නේ නෑ. හයිලන්ඩ්/පැල්වත්ත කිරි හොයා ගන්නත් නෑ.අපි ගන්නවා මැලිබන්. අන්තිමට ගොන් කිරි බොන අපට කොයින්ද මනුස්ස මොලයක්..............
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :yes: