දේශපාලකයන් හම්බකරන හැටි

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    දේශපාලකයන් හම්බකරන හැටි

    කප්පම් ලබා ගැනීමට ප‍්‍රසිද්ධ පිරිස කප්පම් කල්ලි නම් වේ. කප්පම් කල්ලි ජීවත් වන්නේ කප්පම් මුදල් වලිනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක්තරා නියෝජ්‍ය ඇමතිවරයකු කප්පම් ඉල්ලූ බවට චෝදනා නැගී ඇත. මෙම කප්පම් ඉල්ලීමේ සිද්ධිය මෙතෙක් පැහැදිලිවම අනාවරණය කරගෙන නැතත්, අදාළ දේශපාලනඥයාගේ නම සඳහන් කරමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
    ගම්පහ දිස්ත‍්‍රික්කයේ නියෝජ්‍ය ඇමතිවරයකු කප්පම් ඉල්ලා ඇති බව සඳහන් කළ විට මතකයට එක්වන නමක් ඇත. එහෙත් මේ සිද්ධියට අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු නොවේ.
    ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මිලදී ගෙන ඇති ඉඩමක් සඳහා තමන් ද මුදල් ආයෝජනය කර ඇති බව පවසමින් මෙම දේශපාලනඥයා ලක්ෂ 250 ක මුදලක් ඉල්ලා ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇත.

    දැන ගන්නට ඇති පරිදි බොහොමයක් දේශපාලනඥයන් ප‍්‍රසිද්ධියේ කප්පම් ලබා නොගත්තත් අනියමින් කප්පම් ලබන බවට තොරතුරු අනාවරණය වෙයි.
    මේ සඳහා ඇති හොඳම අවස්ථාව ටෙන්ඩර් ගනුදෙනුවල දී උදාවන බව ඉරිදා ලංකාදීපයට දැනගන්නට ඇත.

    ටෙන්ඩර් විවෘත කරන නිලධාරියාගේ සහාය ඇතිව යෝජනා ඇතුළත් කවර හොර රහසේ විවෘත කර බලා, ඉදිරිපත්වී ඇති යෝජනා පිළිබඳව කල් ඇතිවම ඔවුන් දැනුවත්වන බව දැනගන්නට ඇත. එම යෝජනාවලින් ඇතැම් දේශපාලනඥයන්ට හිතවත් පුද්ගලයාගේ යෝජනාව ද පසුව ඉදිරිපත් කර එය ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගන්නා බව වාර්තාවේ.
    ටෙන්ඩර් ලබන පුද්ගලයා ඇතැම් අවස්ථාවල දේශපාලනඥයාට සන්තෝෂයට කිසියම් පරිත්‍යාගයක් කරන බව සඳහන්වෙයි. ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයකුට සම්බන්ධතා ඇති පුද්ගලයකුගේ විවාහ මංගල උත්සවය පැවති ප‍්‍රධාන පෙළේ හෝටලයක ලක්ෂ 13 ක බිල කොන්ත‍්‍රාත්කරුවකු විසින් ගෙවනු ලැබ තිබේ.

    මේ කොන්ත‍්‍රාත්කරු සතු ටිපර් බුල්ඩෝසර්, බැකෝ ආදී යන්ත‍්‍ර හිතවතුන්ගෙන් කුලියට ලබාගෙන වැඩිමිලක් ගෙවන අවස්ථාද ඇත.

    මීට අමතරව පවුලේ ඥාතීන්ගේ නමින් වාහන කුලී පදනම මත අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල කටයුතු සඳහා යොදවා ඇති අවස්ථා පිළිබඳව ද වාර්තාවෙයි.

    තවත් විශේෂත්වයක් නම් පිටරටින් කිසියම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් උපකරණයක් ඇනවුම් කිරීමේ දී ඇතැම් දේශපාලනඥයන්ට කොමිස් මුදල් ලැබෙන බවද දැනගන්නට ඇත.
    මත්පැන් බලපත‍්‍ර හා ඉන්ධන පිරවුම්හල් සඳහා බලපත් ලබාදීමේදී ද ඇතැම් දේශපාලනඥයන්ට මුදල් ආධාර ලැබෙන බව සඳහන්වෙයි.

    මීට අමතරව මත්පැන් බලපත‍්‍ර ලබාගන්නා බොහොමයක් දෙනා වර්ෂයකට හෝ මාසයකට වරක්
    තමන්ගේ ලාභයෙන් විශාල කොටසක් ඇතැම් දේශපාලන බලධාරීන්ට ලබාදෙන බවට ද තොරතුරු දැනගන්නට ඇත.

    රජයේ ඉඩම් කැබලිකර විකිණීමේ දී ඉඩම් කැබලි කීපයක් තම ඥාතීන්ගේ නමට ලබාගෙන පසුව ඒවා විකුණා මුදල් ලබා ගන්නා බවට ද පැමිණිලි ඇත.

    රජයේ ඉඩම්වල පිහිටුවන කඩකාමර සම්බන්ධයෙන් පෞද්ගලික හිතවත්කම් මත බෙදාදීම් සිදුවී ඇති බව වාර්තාවෙයි.

    ඖෂධ, ඛනිජ තෙල්, ආදිය ආනයනය කිරීමේ දී නිලධාරීන් මෙන්ම ඇතැම් අවස්ථාවල දේශපාලනඥයන්ට ද (වර්තමානයේ නොවේ) කොමිස් මුදල් ලබාදී තිබිණි. දේශපාලනඥයන් කප්පම් ලබාගන්නා තවත් අවස්ථාවක් නම් තම බලය පෙන්වා මුදල් රැස් කිරීමයි. කිසියම් සංවර්ධන කටයුත්තකට හෝ උත්සවයකට දේශපාලනඥයා විසින් එක එල්ලේම ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා ගන්නා බවද කියවෙයි. දේවාලෙ පින්කමට ලක්ෂ දෙකක් එවන්න... ලක්ෂ තුනක් එවන්න... ආදී වශයෙන් දේශපාලනඥයන් මුදල් ඉල්ලා සිටින අතර ව්‍යාපාරිකයෝ තම පැවැත්ම ආරක්ෂාකර ගැනීම සඳහා අකමැත්තෙන් වුවත් ඉල්ලූ මුදල ලබාදීමට පෙලඹෙති.

    තවත් අවස්ථාවල දී මත්පැන් අලෙවිසල්, ආපනශාලා, ඉන්ධන පිරවුම්හල මාසිකව දේශපාලනඥයාට කප්පම් මුදල් ලබාදීමට අමතරව උත්සව සඳහා නොමිලේ මත්පැන් වැනි දෑ සැපයීම ද සිදුවේ. එසේ නොදුන්නොත් පොලීසිය යොදවා ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙනයාම් අවහිරවන ආකාරයට පියවර ගැනීමට මැදිහත් වන දේශපාලනඥයෝද වෙති.
    නීති විරෝධී ක‍්‍රියාවලින් මුදල් රැස් කරන බැව් කියන දේශපාලනඥයන් ගැනද අපි අසා ඇත්තෙමු. හොරට ලී කැපීම, මත්කුඩු ජාවාරම කප්පම් ගැනීම් සඳහා තම ගෝල බාලයන් යොදවන දේශපාලනඥයෝද සිටිති. එක එල්ලේම දේශපාලනඥයා මෙවැනි කටයුතුවලට නොයෙදෙයි. එහෙත් ඔහුගේ සමීපතම ගෝල බාලයෝ ඒ සඳහා යෙදී සිටිති.
    නීතිවිරෝධී ක‍්‍රියා පිළිබඳව දේශපාලනඥයා කිසිවක් නොදන්නා ලෙස හැසිරුනත්, ඔහුට නියමිත වේලාවට ”සම්තිං” ලැබෙන බව වාර්තාවේ.

    රජයට සම්බන්ධ සියලූ මැති ඇමතිවරු මේ ආකාරයට මුදල් හම්බ කරන බව ප‍්‍රකාශ නොකරමි. එහෙත් සුළු පිරිසක් මෙම ජාවාරම්වලට සම්බන්ධවී සිටින බවට පිළිගත හැකි සාක්ෂි පසුගිය කාලය පුරාම අසන්නට දකින්නට ලැබිණි.

    එයට හොඳම උදාහරණය කැලණිය ප‍්‍රදේශයයි. අද වන විට ඒ කප්පම් ගැනීම් සෑහෙන දුරට මගහැරී ඇති බව ප‍්‍රදේශවාසීහු සඳහන් කරති. එහෙත් ඔවුන් තවමත් බියෙන් සිටින බව වාර්තාවෙයි. තමන්ට හම්බ කරගන්නවා වෙනුවට රටට ජනතාවට යහපතක් සිදුවනවා දැකීමේ අරමුණින් කටයුතු කරන මැති ඇමතිවරුන්ට අපි ප‍්‍රසාදය පළ කරමු.
    ඒ අතරතුර යමක් හම්බ කර ගැනීම සඳහා කප්පම් මුදල් හෝ ඒ සමාන අර්ථයකින් මුදල් ලබා ගන්නා පිරිස් ද සිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත.

    මෙසේ හම්බ කරගන්නා මුදල් බොහොමයක් දේශපාලනඥයන් වැය කරනු ලබන්නේ නිවාස ඉදිකර ගැනීමටයි. නවීන පහසුකම් වලින් යුතුව විශාල නිවාස ඉදිකරවා ගැනීම බොහොමයක් දේශපාලනඥයන්ගේ බොළඳ ආශාවන්වී ඇත. මහල් තුන හතර උසට මෙම නිවාස ඉදිවෙයි. ප‍්‍රධාන පෙළේ ඇමතිවරුන් කීපදෙනකුට දැනටමත් කොළඹ අවට ප‍්‍රදේශවල මෙසේ නිවාස ඉදිකරමින් සිටින බව දැනගන්නට ඇත.

    House%20of%20SB%20Dissanayaka.jpg


    තවත් අය ඇමැති වැටුපට අමතරව තවත් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා මහාපරිමාණ හෝටල් ඉදි
    කරති. කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ ඇමැතිවරයකු ඉතා අලංකාර හෝටලයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇති බව වාර්තාවී ඇත.
    මධ්‍යම පළාතේ එක්තරා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු හෝටලයක් සඳහා සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටී. මීට අමතරව ඉඩම් මිලදී ගැනීමේ අවස්ථා කීපයක් පිළිබඳව ද වාර්තාවෙයි.

    තම නිවෙස ආසන්නයේ පර්චස් 80 ක ඉඩමක් ලක්ෂ 35 කට අලෙවි කිරීමට එහි අයිතිකරු පියවර ගත් අවස්ථාවේ ලක්ෂ 50 ක් ගෙවා එම ඉඩම මිලදී ගත් කොළඹ පදිංචි දේශපාලනඥයකු පිළිබඳව ද තොරතුරු ලැබී ඇත.

    toyota-land-cruiser-v8.jpg



    ලංකාදීප
     
    • Like
    Reactions: Mr.Truth

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දැන් පාර්ලිමේන්තුවේ ඉගන ගත්ත කිසියම් හරි අවබෝදයක් තියන පිරිස නැති තරම්. එයාල පාර්ලිමේන්තුවේ කෑ ගහ ගන්න විදිහ දැක්කම ප්‍රශ්න වලට උත්තර දෙන විදිහ දැක්කම කලකිරෙනවා. ඇයි අපේ රටට මෙහෙම උනේ කියල හිතෙනවා. යුද්දේ එවර උනාම අපි හිතුව අපේ පොඩි එඋන්ට හොද කලක් යි කියල. දැන් එකේ අනෙක් පැත්ත වේ ගෙන එන්නේ.
     

    Similar threads