දේශපාලනික කතිකාවත (MEGA TREAD)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    දේශපාලනික කතිකාවත (MEGA TREAD)

    දේශපාලනය ගැන විවිද අදහස් අන්තර්ජාලයේ websites, blogspot,forum තුලත් නොයෙකුත් ලිපි පලවනවා. හොදයි කියල හිතෙන ලිපි එළකිරියේ දාන එක කාටත් ප්‍රයෝජනවත්. එත් එහෙම එක එකට වෙන වෙනම නුල් දමනවාට වැඩිය මම හිතුව එක නුලකින් දාන්න පුළුවන් නම් හොදයි කියල. මේක දිගටම update කරන්න බලාපොරොත්තු වෙනවා. ඕනේ කෙනෙක්, කැමති දේශපාලන ලිපි මේකේ දාන්න.

    Latest
    (5)ඌවේ හූව කාටද...? - Uva Election Results
    copyright : mathalan blogspot

    (4) ඌවේදී ඌව වීම!
    copyright :rajege nawathana

    (3) සාමූහික කැබිනට් වගකීම හා චම්පික රණවකගේ දෙබිඩි දේශපාලනය
    copyright : mathalan blogspot

    (2) ඌවේදී ඌවවුන ෆොන්සේකා!
    copyright :rajege nawathana

    (1) දැන් (ඔක්කෝම) හරි(ද..?) - Ready to go cotton eyed joe
    copyright : mathalan blogspot









     
    Last edited:
    • Like
    Reactions: Jolly_Roger

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    දැන් (ඔක්කෝම) හරි(ද..?) - Ready to go cotton eyed joe

    copyright mathalan blogspot
    http://maathalan.blogspot.ca/2014/09/ready-to-go-cotton-eyed-joe.html




    ranil-with-mahinda-600x320.jpg


    අම්මට සිරි ලංකාවෙ තියෙන්නේ අමුතු දේශපාළනයක්ය. උන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, රට හදන එක උනත්. දැන් ඉන්න හැම එකාම කරන්නේ, උන් හැදෙන එකය. ඒත් ඉතින්, ඒක උන්ගේ බිස්නස් එකක් උනත්, අපේ ජීවිත වලට බලපාන ඔක්කෝම දේවල් පාළණය කරන්නේ උන් නිසා, අපිට දේශපාළණේ ගැනත් කතා කරන්න වෙනවාය. අනික උන්ටත් අපිව නැතිව බැරිය. ඒ උන් ජීවත් වෙන්නේත්, අපි හම්බ කරන එකෙන් නිසාය. අනික උන්ගේ බිස්නස් කර ගන්න, අපේ මනාපේ ඕන නිසාය. ඉස්සර නම් ආවේ අවුරුදු පහ හයකට සැරයක් උනාට, දැන් උන් හැමදාම මනාපේ ඉල්ලගෙන එනවාය. ඡනදේ විතරක් නොව, ඡන්ද කොමසාරිසුත්, පට්ට් ජෝක් එකක් වෙලා තියෙන්නේ ඒ නිසාය.

    ඒ කෙසේ වෙතත්, රට කරවන මහ රජානෝ තෝරා ගන්නා මනාප සෙල්ලමත්, සජ්ජුරුවෝ රටේ නැතත්, යුව රජානෝ විසින්, ඊයේ සුභ නැකතින් පටන් ගත්තේය. සජ්ජුරුවෝත්, ඇමරිකාවේ නිව් යෝක් වලදි චන්ඩි ටෝක් එකක් දී, පළමු වෙඩි මුරේ ඉන්ටර්නැසොනල් ලැවල් එකෙන්ම පටන් ගත්තේය. දැන් ඉතින් ලංකාවට ආවට පස්සේ කියන්නේ, මම උන්දලට එහේ ගිහිල්ලාම කනේ ඇඟිලි ගහගන්නම කියලා ආවා කියාය. උන් කනේ ඇඟිලි ගහ ගත්තේ නැති උනත්, පොරි හැලෙන කතාවක් නම් දුන්නේය. මානව හිමිකම් ගැන ප්‍රශ්ණ තිබුනත්, ඇමරිකාවට කියන්න ඕන ටික කියපු එක නම් බොහෝම හොඳය. කොහොමත් ලබන මාර්තු මාසේ වෙනකොට අපේ මානව හිමිකම් හෙවීම කෙසේ වෙතත්, "අයිසිස්" කාරයෝ බෙලි කපන සීන් අම්බානක වැඩි වෙලා, කට්ටියගේම පටි රෝල් වෙන එකනම්, ඉර හඳ වගේ විශ්වාශය.

    දැන් (ඔක්කෝම) හරි(ද..?)


    අපේ රටේ සජ්ජුරුවන් වහන්සේ රට වැසියාට පට්ට ආතල් දෙනවාය. උන්නාන්සේ ගාව බූරුවා කුට්ටමක් තියෙනවාය. එකේ ඔක්කෝම ඉන්නේ බූරුවෝය. උන්නාන්සේ ඉඳලා හිටලා ඕක අනලා නැවත අපට බෙදනවාය. එහෙම බෙදන එක ටැලිවිසොමේ ලයිව් පෙන්නනවාය. ඕන්... සවුක්ක බලපු එකා, මහවැලියට තල්ලු කරනවාය. මහවැලි හාරගෙන කාපු එකා, සවුක්කෙ බලන්න දානවාය. එහෙම කරලා මාරු කරනවාය. ඒත් ඉන්නේ එකම බූරුවෝ සෙට් එකය. මුන් 1994 ඉඳන් කරපු මෙළෝ දෙයක් ඇත්තේ නැතිය. ඒත් ඉතින් එහෙම දෙන එක, උන් වහන්සේගේ තත්නෝසයය. අර බූරුවන්ගෙත් තන්තෝසයය. පාක්සිකයන්ගේත් තන්තෝසයය. අපිටත් ඉතින් මාර ආඩම්බරය. මොකෝ අපෙන් කන හිඟන්නෝ, තව වැඩිපුර සෙට් එකක් එක්කම කන නිසාය.

    දැන් බලේ නැතත් විපස්සේ උනුත් කරන්නේ, ඒ වගේ පට්ට ආතල් වැඩය. රජ්ජුරුවන්ගේ පාටියේ වගේම අලි පාටියෙත් කචල් යනවාය. හැබයි එතන එහෙම කචල් යනකොට වැඩේ අවුල්ය. මොකෝ මහරජානෝ ගාවට නඩුව ගෙනිච්ච ගමන්, පැමිණිල්ලා ගෙනිච්ච එකාගේ වෘශණ කෝෂ හෙම ඉවත් කොරලා, අර බූරුවා කුට්ටම අස්සට ඔබනවාය. ගියපු ඔක්කෝම ටිකට උනේ ඒ සැන්තෑසියමය. එක අතකින් එහෙම යන එකත් හොඳය. එපා වෙලා ඉන්න එකා බලෙන් තියාගෙන ඉන්න ඕනා නැතිය. ලොක්කාගේ මාලිගාවේ තියෙන්නේ සැළුන් දොරක් උනත්, යනවා කියන එකෙක්වත් යන්නේ නැත්තේ ඒ නිසාය. ඒ කියන්නේ එපා වෙලයි කිව්වට එහෙම වෙලාත් නැතිය. අනික ඉතින් එපා උනත්, යන්න තැනක් නැතිය. මොකෝ අනිත් ඒවා ඉන්න තැනටත් වඩා අනාථය.

    අනේ ඉතින් අපේ අලි පාටියේ නායක තුමාත් කරන්නේ, සජ්ජුරුවෝ වගේ එක එකාට එක එක පෝස්ට් දෙන එකය. එයා පක්ෂ නායක ඉඳලා ජාතික නායක වෙනවාය. තව එකෙක් සිරසයි ලක්බිමයි එක්ක එක්කහු වෙලා ගේම ඉල්ලන කොට, ඌව නියෝජ්ජ කරනවාය. ඌ නියෝජ්ජ කරන කොට ගේම ඉල්ලපු එකා, උප නායක් කොරනවාය.. ඊට පස්සේ ඔක්කෝම, හරීන්ට කියලා කේක් කපනවාය. තලතලත් බෙදනවාය. තව එකෙක් අයින් වෙන්න යනවාය. දෙන්නෙක් තරහ වෙලා යනවාය. තව එකෙක් මිරිස් කාපු එකාට අපහාස නඩු දාන්න යනවාය. එහෙට මෙහෙට වැනෙන කරු ආගිය අතක් නැතිය.

    ඒ කෙසේ වෙතත් හරීන් මල්ලි ඌවෙන් 26 - 27% තිබ්බ පොතිශතේ 40% ට ඉතර උස්සලා දෙනවාය. ඒත් ඉතින් එයාලා පරාදයි කියලා එයාලාට තේරෙන්නේ නැතිය.. නගින් එක හොඳය.. හැබයි ඉතින් නැග්ගා කියා වන වන ඉඳලා හරියන්නේ නැතිය. ඕක ඔබා ගන්නත් පුල් ට්‍රයි එක දෙන්න ඕනාය. මොකෝ බැස්සොත් හෙම ඔබා ගන්න එක ලේසි නැති නිසාය. ඒ නිසා නැග්ග එක ඔබා ගන්නකන් කරන්න, තව බොහෝ වැඩ තියෙනවාය. ඒකට අර සැටලයිට් නෝනා කිව්වා වගේ, බොරුවට හරි, ආන්ඩුවම ගෝල්ෆේස් ගෙනත් පට්ට ගහලා කොට්ට මහනවා හරි කියන්න වෙනවාය. දින්නයින් පස්සේ උන් එක්ක මඟුල් කෑවත්. ඒ වගේ ආතල් එකක් දෙන්නේ නැත්නම්, ඔබා ගන්න එක බොහෝම අමාරුය.

    සෝභිත නාඩගම

    සොභිත හාමුදුරුවන්ටත් නිවන් දකින්න ඕනා කමක් නැතිවා වාගෙය. එයාට ඕනෙත් මේ රටේ සජ්ජුරුවන් වහන්සේ වෙන්නටය. එතකොටත් ඉඳින්, පට්ට ආතල් එකක් තියෙන්න පුළුවන්ය. දැන් අපි සෝභිත ජනාධිපති වෙලා කියලා, නිකමටම නිකන් ජෝක් එකක් වගේ හිතනවාය. ඕන් එතකොට නිර්මාල් රංජිත් දේවසිරි, ජනාධිපති වහන්සේ තුමාට දනගහලාම වඳිනවාය. එතකොට දැන් ඉන්න ලොක්කාට පවිත්‍රා පුක උඩ දාගෙන වඳින කොට, අපි හිනා වෙනවා වගේ, හිනාවෙන්න බැරි වෙනවාය. සමහර විට එහෙම පේන්න හිනා උනෝත් හිස ගසා දාන්නත් ඉඩ තියෙනවාය. ඕන් ජනාධිපති සෝභිත වහන්සේ තුමා, අය වැය කියවන්න පාර්ලිමේන්තුවට වඩිනවාය. එතකොට ජයම්පති වික්‍රමරත්න මුතු කුඩේ අල්ලනවාය. ඕන් අපිට හිනා යන්න එනවාය. ඒත් හිනා වෙන්න බැරිය. මොකෝ ගලක් බැඳලා, දියවන්නාවේ ඔබන්න ඉඩ තියෙනවාය. ඕන් ඔය වගේ සීන් බලා ගන්න ඕනා නම්, ඔහේලා සෝභිත හාන්දුරුවොන්ට මනාපේ පූජා කොලාට, මගේ අමනාපයක් ඇත්තේම නැතිය.


    ජෙප්පනේ.. දැන්වත් ඉතින් මොනවා හරි කරන්න බලන්න.

    JVP1114.jpg


    "දැන්වත් ඉතින් මොනවා හරි කරන්න බලන්න" කියන්නේ, මාතලන් නෙමේය. සන්නාගේ "අම්මා" එලිදක්වන දවසේ, එයාගේ නෝනා එහෙම කිව්වාය කියා කිව්වේ, අපේ ලාල් කාන්ත සහෝදරයාය. මොකෝ ලාල් කාන්තගේ දෝනියන්දෑගේ ටියුෂන් වලට ඉතරක්, සුපියල් 30,000 ක් යන නිසා, චීචර් කෙනෙක් වෙච්චි එයාගේ නෝනාට, ලාල් කාන්තටත් කන්න දෙන්න විදියක් නෑ කියලා කියා තිබෙනවාය. දැන් ඉතින් ලාල් කාන්තලත් බලන්න ඕනෑ කොහෙන් හරි කන්න පුළුවන් විදියක්ය. නැත්නම් ඉතින් නෝනා දාලත් ගියොත් හෙම විප්ලව කරා වගේ නෙමේය.

    ඒ නිසා පොර ටෝක් දෙන්නේ නැතිව, කරන්න තියෙන්නේ, ආයෙත් සැරයක් මොකෙක් එක්ක හරි කසාදයක් බැඳ ගන්න එකය. අලියාගේ පිටේ නැඟීමේ ඇලජික් ගතියක් තියෙන නිසා, දේශප්‍රේමී මහරජානෝ එක්ක සැට් වෙන එක වඩා හොඳය. අනිවාර්යයෙන් ජෙප්පෝ 30 ක් 40 දියවන්නාවට දාගන්න එක කජු කනවා වගේ ලේසිය. එතකොට ලාල් කාන්තගේ නෝනාටත්, "ශෂී" නෝනා වගේ, මහ සජ්ජුරුවොත් එක්ක "සී ෂෙල්ස්" පැත්තේ රවුමක් ගහලා, එහේ බෑන්ක් ඔෆ් සිලෝන් එකේ, කීයක් හරි තැනපත් කොරලා එන්න පුළුවන්ය. එහෙම නොකලොත් නවතින්න වෙන්නේ මල්වතු ගිහිල්ලා දන ගහලා නොව, සීනීගම දේවාලේ පලතුරු වට්ටි පෝලිමටය.

    සොභිතලා, රනිල්ලා, අනුරලා, හොර ගල් අහුල අහුල ඉන්න වේලේ ලොක්කා ගෙමටත් බැහැලා ඉවරය. ලොක්කා නිවියෝක් වල පොර ටෝක් එකකුත් දිලා එන්නේ වීරයා වෙලාය. ආපු ගමන් ඔය විදුලි බල මන්ඩලේ සභාපතියි, ජයසුන්දර ගොයියයි එහෙට මෙහෙට ඇද ඇද ඉන්න ලයිට් බිලේ 25% අඩු කිරිල්ල ජහමනයාට දීලා ආයෙත් වීරයා වෙනවාය. ලොක්කාගේ දේසපාලන ගැට එහෙමය. තව තව ඒව අඩු කරන්නත පුළුවන්ය. හැබයි ඉතින් අපි ඔක්කෝම බලන්න ඕන, ලොක්කාගේ පවර් එකක් ටිකක් අඩු කරනා විදියක්ය.

    එහෙම නැත්නම් ඉතින් ලොක්කා තුන් වෙනි පාරටත් පත් උනොත්, අපිට වෙන්නේ, වේල් දෙක, එක වේලකට සීමා කොරලා, ඇට දෙක කස කසා, රාවණා නින්දෙන් නැගිටලා එනකන්, පාර අයිනට වෙලා ඇන ගහගෙන, තටම තටමා ඉන්නටටය. මොකෝ..., අර මල්වතු හාන්දුරුවෝ, පිස්සු පීකුදු සවුක්ක ඇමතියාට කිව්වා වගේ, කන්න නැතිව රෙන්න විදියක් නැති හින්දාය..
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ඌවේදී ඌවවුන ෆොන්සේකා!

    copytight
    http://raj1st.blogspot.ca/2014/09/blog-post_23.html



    උෟව මැතිවරණයෙන් වඩාත්ම ඌවවුනේ ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටය. බස්නාහිරදී දකුණේදී මෙන්ම වයඹදී ඔවුන් සිටියේ තෙවැනි ස්ථානයේය. නමුත් උෟවේදී ප්‍රපයේ ඡන්ද සංඛ්‍යාව විටෙක ජානිපෙ ඡන්ද සංඛ්‍යාවටත් වඩා පහලට බැස තිබුනි. අප කලින්ද සඳහන් කල පරිදි ෆොන්සේකා මහතාට තිබූ අභියෝගය තමාගේ ජනප්‍රියත්වය අඩුවීමට පෙර පක්ෂය ශක්තිමත් කරගැනීමත් විශ්වාසදායක පුද්ගලයින් ජනතා නියෝජිතයන් බවට පත්කිරීමත්ය. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ පක්ෂ නායකයාගේ ජනප්‍රියතාවය හීන වීමත් සමඟ පක්ෂයද ජනතාවගෙන් විසි වීමය.

    කෙසේ වුවත් තම පිරිහීම වටහාගැනීමට අපොහොසත් ෆොන්සේකා මහතා මේ වනවිට සිදුකරන්නේ අවලාද නැඟීමයි. ඡන්ද රාජකාරි කල රාජ්‍ය සේවකයන් තේරීම රජයෙන් සිදුකරන බව ප්‍රකාශ කල ඔහු වක්‍රව කියා සිටියේ තම පක්ෂයේ පසුබෑමට එය හේතුවක් වූ බවයි. ජනාධිපතිවරණයේදී 'කොම්පියුටර් ජිල්මාට්' මත පරාජය වසාගතහැකි වූයේ එවකට තිබූ තත්වයත්, ෆොන්සේකාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඡන්දය පැවති දිනයේම මතුවීමත්, මැතිවරණ කොමසාරිස් වරයාගේ ආතති කතා ආදී කරුණු ගණනාවක් තිබීම හේතුවෙනි. නමුත් මෙවර ෆොන්සේකා මහත‍ා තෝරාගෙන ඇත්තේ කවුරුත් දන්නා පරණ තුරුම්පුවකි. මෙය ඔහුගේ දේශපාලන පරිනතභාවය පෙන්වන ස්ථානයකි.

    සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දය ආරම්භ වන්නේ හැමදාමත් ආණ්ඩුවට වාසිදායක පසුබිමකය. ජනාධිපතිවරණයක් බොහෝ විට ජනාධිපතිවරයා/අගමැතිවරයා සමඟ තරගයකි. පළාත් සභා/පළාත් පාලන මැතිවරණ පවතින්නේ ආණ්ඩුවක් යටතේය. මහ මැතිවරණ පවතින්නේ කුමන හෝ පක්ෂයක ජනාධිපතිවරයා යටතේය. කෙසේ වුවත් ඡන්දය පැවැත්වීම සහ ගණන් කිරීමේ අවස්ථාවන් සැලකූ විට එය අපක්ෂපාතීව සිදුවන බැව්, වසර කිහිපයක් මැතිවරණ රාජකාරි කල අයෙකු ලෙස මේ බ්ලොග් කරුවාට කිව හැකිය. ඊට හේතුව රාජ්‍ය සේවකයන් අපක්ෂපාතී හොඳ මිනිසුන් වීම නිසා නොව වංචා දූෂණ අවම වන ආකාරයේ ක්‍රම වේදයක් සකස් කර තිබූම හේතුවෙනි. ඕනෑ‍ම දේශපාලන සංවිධානයක් පිටියට පැමිණිය යුත්තේ මේ තත්වය දැන, ඊට සූදානමින්ය. පරාජය වූවාට පසු කොහේවත් ඇති හේතුවකට බඅන අඬගැසීම අපට සිහිවන්නේ නටන්න බැරි මිනිහා පොලවේ ඇද සෙවීමේ කතාවයි.

    වැඩිදුරටත් සඳහන් කලහොත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ඇත්තේ අනතුරුදායක අඩියකය. ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහලට වැටෙමින් පවතින ඔහුගේ සහ පක්ෂයේ සදාකාලික නින්ද නැවැත්වීම අතිශයින් අපහසුය. මෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් සභා කිහිපයක සිටින ජනතා නියෝජිතයන් ප්‍රධාන පක්ෂ වැලඳගැනීම හෝ විමල් වීරවංශගේ ජානිපෙ පන්නයට ෆොන්සේකා, පක්ෂයත් නියෝජිතයන් සමඟ එජාපය වැලඳගැනීම නුදුරේදී සිදුවිය හැක්කකි. එතෙක් කට පරෙස්සම් කරගැනීම වැදගත් බැව් ෆොන්සේකා මහතා වටහාගත යුතුය.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ;)



    ලංකාවේ දේශපලානය කියන්නේ මචන් උබෙත් මගෙත් කාලය නාස්ති වෙන කතිකාවතක්...



    අපි මොන දේ කිවත් ආණ්ඩුවේ මීහරක්..නො ඔෆෙන්ස් මචන් - ඉරෝසාන් ඇතුළු ගොටුකපාලලා ටික ඇවිල්ල මක්කා හරි දොඩලා යනවනේ යුද්දේ සහ අනිකුත් පලක් රහිත පුක්වල ගැන,,..



    එක නිසා කාලය නාස්ති නොකර අපේ වැඩක් කරගමු බන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ;)



    ලංකාවේ දේශපලානය කියන්නේ මචන් උබෙත් මගෙත් කාලය නාස්ති වෙන කතිකාවතක්...



    අපි මොන දේ කිවත් ආණ්ඩුවේ මීහරක්..නො ඔෆෙන්ස් මචන් - ඉරෝසාන් ඇතුළු ගොටුකපාලලා ටික ඇවිල්ල මක්කා හරි දොඩලා යනවනේ යුද්දේ සහ අනිකුත් පලක් රහිත පුක්වල ගැන,,..



    එක නිසා කාලය නාස්ති නොකර අපේ වැඩක් කරගමු බන්

    දේශපාලනේ කවදත් ඔහොම තමයි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    දේශපාලනික කතිකාවත (MEGA... 09-26-2014 10:24 PM කාලෙ කන වැඩ... වෙන මොනවත් නැත්ද

    :rofl::rofl::P
    රිදිලා. නුල සාර්ථකයි
     
    • Like
    Reactions: LKS007

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවේ දේශපාලන සංකල්ප
    කවුරු ආවත් ඔහොම තමයි
    උඹටයි මටයි පුළුවන්ද ඕව වෙනස් කරන්න
    හොරකන් කරනව තමයි, ඉතින් මොකෝ ?
    ඒ උනත් රට පාවල දෙන්නෙ නෑ නෙ
    අපිට තාම ටයර් සෑයවල් මතකයි
    පාරවල්, ගුවන් තොටුපොළවල් ඕනනෙ ඉතින්
    ණය වෙන්න වෙනව තමයි
    ඒ කාලෙත් ඔහොම තමයි, අපිට මතක නැද්ද
    ඒ ළමයි ඉතින් ඇමරිකාවෙ හැදිච්ච අයනෙ (බැසිල්ගෙ දුවව සුද්දෙක් බඳින පුවතක්)
    හොරකන් කරනව ඔයා දැක්කද ?
    දැන් අපිට නිදහසෙ පාරෙ බැහැල යන්න පුළුවන්
    ලයිට් බිල ටිකක් වැඩී තමයි
    සංවර්ධනයෙ ප්‍රතිලාභ දැන්ම නෙවෙයි දැනෙන්නෙ
    මීට වඩා මොන සංවර්ධනයක්ද
    බලන්නකො පාරවල් ටික හැදිල තියෙන හැටි
    ඇමතිවරුත් ඉතින් කන්න බොන්න ඕනනෙ
    ඔය කියන දේවල් කිසි රටක කරන්න බෑ
    අර චීනටත් හැළප කවල තිබ්බලු නේ
    මොනව උනත් රෙද්දයි බැනියමයි ඇඳල පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු
    ඉතින් මොකෝ යුද්දෙ දින්නනෙ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔන්න ලගදි ඉදල EPF එකටත් ආදායම් බදු ගහනවලු.ආණ්ඩුවම පඩියෙන් කපාගෙන ගෙවද්දී ආයේ බද්දකුත් ගහල තමයි දෙන්නේ. ඈස්චර්ය

    fspo4pp.jpg
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ලංකාවේ දේශපාලන සංකල්ප
    කවුරු ආවත් ඔහොම තමයි
    උඹටයි මටයි පුළුවන්ද ඕව වෙනස් කරන්න
    හොරකන් කරනව තමයි, ඉතින් මොකෝ ?
    ඒ උනත් රට පාවල දෙන්නෙ නෑ නෙ
    අපිට තාම ටයර් සෑයවල් මතකයි
    පාරවල්, ගුවන් තොටුපොළවල් ඕනනෙ ඉතින්
    ණය වෙන්න වෙනව තමයි
    ඒ කාලෙත් ඔහොම තමයි, අපිට මතක නැද්ද
    ඒ ළමයි ඉතින් ඇමරිකාවෙ හැදිච්ච අයනෙ (බැසිල්ගෙ දුවව සුද්දෙක් බඳින පුවතක්)
    හොරකන් කරනව ඔයා දැක්කද ?
    දැන් අපිට නිදහසෙ පාරෙ බැහැල යන්න පුළුවන්
    ලයිට් බිල ටිකක් වැඩී තමයි
    සංවර්ධනයෙ ප්‍රතිලාභ දැන්ම නෙවෙයි දැනෙන්නෙ
    මීට වඩා මොන සංවර්ධනයක්ද
    බලන්නකො පාරවල් ටික හැදිල තියෙන හැටි
    ඇමතිවරුත් ඉතින් කන්න බොන්න ඕනනෙ
    ඔය කියන දේවල් කිසි රටක කරන්න බෑ
    අර චීනටත් හැළප කවල තිබ්බලු නේ
    මොනව උනත් රෙද්දයි බැනියමයි ඇඳල පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු
    ඉතින් මොකෝ යුද්දෙ දින්නනෙ

    දාන්නකෝ අනේ අර කොලුවාගේ කතාවල් දෙක තුනක්. මම කිවේ ...... දීප්ති....බුවා. දැන් වැඩිය එය සද්ද නැහැ නේද?

    hqdefault.jpg


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද වැඩක් මුල් ලිපි2 කියෙව්වම තේරෙන්නේ හැමදාමත් මහින්දව තියාගමු වගේ කතාවක්, හඩ්සන් ge එකක් වගේ. එතින් ඒවාට උත්තර දෙන එක ත්රුමක් නැහැ. කොහොම හරි මේක කරගෙන යමු
    හොද වැඩක්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සාමූහික කැබිනට් වගකීම හා චම්පික රණවකගේ දෙබිඩි දේශපාලනය - Collective Cabinet Responsibility and Champika Ranawaka's politics
    copyright :mathalan blogspot


    champika_rajapakse.jpg



    - චානුක වත්තේගම -

    1970 දී එඩ්වඩ් හීත්ගේ කන්ස’වේටිව් කැබිනට්ටුවේ අධ්‍යාපනය හා විද්‍යාව පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරය හිමි වන්නේ එවකට හතළිස් පස් වැනි වියෙහි හුන් මාග්‍රට් තැචර්ටයි. ඇමැතිවරියක සේ තම ධුර කාලයේ පළමු මාස කිහිපය තුළම ඇය දැඩි අප්‍රසාදයට ලක් වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියදම් කැපීම් නිසාය. ඉන් එක් වියදම් කැපීමක ප්‍රතිඵලය වන්නේ වයස අවුරුදු හතේ සිට එකොළහ දක්වා වූ දරුවන්ට එතෙක් පාසලෙන් නොමිළයේ ලබා දුන් කිරි වීදුරුව අහිමි වීමයි. මේ ජනප්‍රිය නොවන තීරණය විරුද්ධ පක්ෂය ඉක්මණින් හා සාර්ථකව ප්‍රයෝජනයට ගනියි. "මාග්‍රට් තැචර් - මිල්ක් ස්නැචර්" කුප්‍රකට සටන් පාඨය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ජන ජීවිතයට ඍජුව බලපාන මේ තීරණයට එරෙහිව රට පුරා ඇතිවන උද්ඝෝෂණයන්හි තාපය කෙතෙක්ද යත් තමන් එක් අවස්ථාවක දේශපාලනයට සමු දෙන්ට පවා අදහස් කළ බව තැචර් පසුව සිය ස්වයංචරිතාපදානයෙහි සඳහන් කරන්නීය. එහෙත් ඇය නොකඩවා ඒ තීරණය වෙනුවෙන් පෙනී සිටියි. කිරි වීදුරුව නොමිළයේ ලබා නොදීම නිසා විරුද්ධ පක්ෂය අදහස් කරන පරිදි දැවැන්ත පෝෂණ ගැටළුවක් පැණ නොනඟින බව පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ප්‍රකාශ කරයි.

    සත්‍යය තැචර් මේ කිරි වීදුරුව කපා දමන්ට මුල පටන්ම විරුද්ධ වූ බවයි. ආධුනික ඇමැතිවරියක මෙවන් ජනප්‍රිය නොවන තීරණ ගන්නේ නම් ඇයට යම් පිස්සුවක් තිබිය යුතුය. ඇය මේ තීරණයට එරෙහිව දැඩි ලෙස කැබිනට්ටුව තුළදී පෙනී සිටියි. එය නොකළ හැක්කකැයි නිගමනය වන්නේ මුදල් ඇමැතිවරයාගේ බලපෑම මතය. එහෙත් කැබිනට්ටුවෙන් පිටතදී තම පෞද්ගලික මතය ගැන වචනයක් හෝ නොදොඩන තැචර් කැබිනට්ටුවේ පොදු මතය වෙනුවෙන් පෙනී සිටින්නීය. අකැමැත්තෙන් හෝ එය තමන්ගේද මතය කර ගන්නීය. ඇගේ විරෝධය හෙළි වන්නේ යම් නිශ්චිත කාල සීමාවකට පසුව පැරැණි කැබිනට් ලේඛන ජනගත වීම නිසාය. අඩු තරමින් විශ්‍රාම ගැනීමෙන් පසුව හෝ ඒ ගැන කතා නොකරන්ට ඇය පරෙස්සම් වෙයි.

    මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදයක් තුළ සාමූහික කැබිනට් වගකීම අකුරටම ඉටු වූ එක් අවස්ථාවක් ලෙස දැක්විය හැක්කේය.

    අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක නෛතිකව නුවුවද සදාචාරාත්මකව සියළු ඇමැතිවරුන් අනුගමනය කළ යුතුය සැලකෙන ක්‍රියා දාමයකි. එක්සත් රාජධානියේ එය අමාත්‍යවරුන් විසින් පිළිපැදිය යුතු සාර ධර්මයක් සේ අමාත්‍ය සංග්‍රහයෙහි (මිනිස්ට්‍රියල් කෝඩ්) දැක්වේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම අමාත්‍යවරයකුට තම ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරීමේ වගකීම පැවරේ. මේ අසීරු කටයුත්තකි. මේ අසීරු කටයුත්තේදී සිය සගයින් තමන් හා හිඳිනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙයි. එසේම තම සගයින් අසීරුවට පත් වන අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමේ සදාචාරාත්මක වගකීමක් තමන්ට ඇතැයි පරිණත අමාත්‍යවරයෙක් හැමවිටම විශ්වාස කරයි. 18 වන හා 19 වන සියවස් තරම් අතීතයට දිව යන මේ සංකල්පයේ පදනම මේය.
    අද අපේ රටේ වෙමින් පවතින්නේ කුමක්ද? කැබිනට් අමාත්‍යවරු රාශියක් තම ධුරයන්හි රැඳෙමින්ම තම කැබිනට් සගයන්ගේ ක්‍රියා කලාපයන් හා අමාත්‍යාංශ විවේචනය කරන තැනට පත්ව සිටිති. අලුත්ගම ජනවාර්ගික ගැටුම් වලදී සිදු වූ විනාශය, මරණ හතරක් හා විනාශ වූ තුන්සිය ගණනක් වෙළඳ ස්ථාන හා නිවාස, ගැන තමන් ලජ්ජාවට පත්වන බව කියන්නේ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම්ය. ඇත්ත. එවන් පදවියක් දරමින් සිටියදී මේ අවාසනාවන්ත සිද්ධීන් ඇති වීම ගැන ඔහු ලජ්ජා විය යුතුය. එහෙත් ඒ ලජ්ජාව පදවිය අතැර දැමීමට තරම් ප්‍රබල නොවේ. තවත් කට සැර අමාත්‍යවරයකු වන විමල් වීරවංශගේ කෝපයට ලක්ව සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරය. මාස කිහිපයකට වරක් ඔහු තම අමාත්‍යාංශයේ සිට මිසයිලයක් දෙකක් මුදල් අමාත්‍යාංශයට යොමු කරයි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ කේන්තියට හේතුව මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයලු. ඊට පදනම් වන්නේ ප්‍රතිපත්තිමය හේතුවක්ද පෞද්ගලික හේතුවක්ද දන්නේ ඔහුම පමණෙකි. මෙ ලැයිස්තුවට අළුතින්ම එක්ව ඇත්තේ කාලයක් යම් සංයමයකින් හා වගකීමකින් යුතුව හැසිරුණු චම්පික රණවක අමාත්‍යවරයාය. මේ ලියන මොහොත වන විට ඔහු අන් සියළු අමාත්‍යවරුන් පරදවමින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කරන්නේද ප්‍රශ්නය යමකුට මතුවන තැනට පත්ව සිටියි.

    පසුගිය මාස කිහිපය තුළ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය චම්පික රණවක තමන්ගේ විෂය පථයෙන් පරිබාහිර වෙනත් අමාත්‍යාංශයන්හි ප්‍රතිපත්තීන් ඍජුව හා ප්‍රසිද්ධියේ විවේචනයට බඳුන් කළ තැන් කිහිපයක්ම වේ. ඉන් එකක් නම් වර්තමාන රජයේ සේවා ආර්ථිකයට මුල් තැනක් ලබා දීමේ ප්‍රතිපත්තිය පොදුවේත් සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමේ ප්‍රතිපත්තිය විශේෂයෙනුත් විවේචනය කළ අවස්ථාවයි. විවේක හා විනෝද ආර්ථිකයකැයි ඔහු විසින් හඳුන්වා දෙනු ලබන, වර්තමානයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කරගෙන යනු ලබන ක්‍රියාදාමයන් ගැන අමාත්‍ය රණවක මෙසේ කියයි (පරිවර්තනය අපෙනි.):

    "විවේක හා විනෝද ආර්ථිකයේ දීපව්‍යාප්ත විස්තාරණය නව සමාජ අර්බූදයකට මඟ පාදා තියේ. එසේම (එනිසා) සමාජයේ දූෂණය හා යහපාලනය පිළිබඳ විවේචනාත්මක කතිකාවක්ද ආරම්භ වී ඇත. පැහැදිළිවම සමාජයේ විශ්වාසය නායයෑම දැනටමත් සමාජ ප්‍රාග්ධනය නිර්මාණය වීමට බාධාවකි. අනෙක් අතට අවිධිමත් කාර්මීකරණ පිළිවෙත නිසා ඇතිවී තිබෙන වාච්‍යාර්ථයෙන්ම 'විෂකුරු' පරිසරය ආහාර නිෂ්පාදනයට හා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපායි. තත්ත්වය කෙතෙක් පිරිහී තිබේද කියතොත් රටේ ශිෂ්ඨාචාරයට පවා එයින් දරුණු අභියෝගයක් එල්ල වී තියේ. එහි ප්‍රතිඵල කොටසක් ආර්ථිකයටද දැනෙනු ඇත්තේය."


    read the rest of the story
    http://maathalan.blogspot.ca/2014/09/collective-cabinet-responsibility-and.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ඌවේදී ඌව වීම!
    copyright :raj1st blogspot


    ඌව ඡන්දය අවසන්ය. මාධ්‍ය වාර්තා කරන විදියට හැමෝම ජයග්‍රහනය කර ඇත. යමක් ගැන විග්‍රහ කිරීමට ඕනෑම අයෙකුට ඇති අයිතිය අනුව මේ මගේ කෙටි විග්‍රහයයි.

    1. දැක්විය හැකි පැහැදිලිම විග්‍රහය නම් අප කලින්ද සඳහන් කල පරිදි, පොදුවේ, ජනතාව යනු අමු මැට්ටන් පිරිසක් බවයි (විශේෂයෙන්ම මොනරාගලට මෙය අදාලය). ඔවුන්ගේ රැවටීමේ නිමාවක් නැත. මැට්ටන් යයි කියන්නේ සන්ධානය ජයග්‍රහනය කරවීම‍ටත් වඩා කයිවාරුකාරයෙකු පමණක් වූ හිටපු මහඇමතිවරයා පළමු තැනට පත්කිරීම හේතුවෙනි.

    2. එජාපය යම් ජයග්‍රහනයක් ලබ‍ා ඇත. විශේෂයෙන්ම බදුල්ලෙන් හරීන් වැන්නකු ඉදිරිපත් කිරීම තුලින් මෙතෙක් ලබා තිබූ තිස් ගනන්වල ප්‍රතිශතය හතලිහක් දක්වා වර්ධනය වීම ඔවුන්ගේ පැත්තෙන් ජයග්‍රහනයකි. ආණ්ඩුවේ සිටින නොම්මර එකේ තක්කඩියන් දෙදෙනෙකු වන ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාලගේ ආසන ජයගැනීම තවත් ජයකි.

    3. ජවිපෙ, යම් ඡන්ද ප්‍රමාණයක්ද එක් ආසනයක්ද වැඩිකරගැනීම ඔවුන්ගේ ජයග්‍රහනයකි. [ජවිපෙ, "හිතුව හැටියට මදි" කියන්නන්‍ට කිව යුත්තේ, ජවිපෙ යනු ඡන්ද පරිමාව ඉක්මවා සංවිධාන හැකියාව පෙන්වන පක්ෂයක් බවත් මෙය සෑම ඡන්දයකදීම අත්විඳි තත්වයක් මිස අලුත් තත්වයක් නොවන බවත්ය]

    4. අප කලින් බලාපොරොත්තු වූ පරිදිම ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පැදුරට වැටී ඇත. එජාප ඡන්ද වැඩිවන වි‍ට ප්‍රප ඡන්ද අඩුවීම කියාපාන්නේ දකුණේදී-බස්නාහිරදී (හා ඊට පෙර) ප්‍රපට ලැබුන ඡන්ද වැඩි ප්‍රමාණය එජා පාක්ෂික ඡන්ද බවයි.

    5. සන්ධානය පැත්තෙන් බැලූ විට පළාතෙන් ආසන හයක් අඩුවී ඇත. පැහැදිලි ජයග්‍රහනයක් ලබා ඇත්තේ මොනරාගලදී පමණි. කෙසේ වුවද ඔවුන් පරාජය වූවා යයි කීමට නොහැකිය. ඊට හේතුවක් ඇත.

    6. අප යම් මට්ටමකට පරාජය වී ඇත. අප යයි සඳහන් කලේ ආණ්ඩුවේ ගමන පිළිබඳ විරෝධයක් ඇති, ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ගෙදර යැවිය යුතු යයි කල්පනා කරන පිරිස්ය. අපේ බලාපොරොත්තුව වූයේ W3 අජිත් පැරකුම් ජයසිංහ දැක්වුවාක් වැනි ප්‍රතිපලයක් ඌවේ ජනතාව ලබාදෙනු ඇතැයි කියාය. එහෙත් එය සිදුවී නැත. ආසන හයක් අඩුවී වුවත් පහසුවෙන් පළාත් සභාව පිහිටුවීමට සන්ධානය සමත් වී ඇති අතර වැඩිමනක් වශයෙන් ඔවුන්ගේ මහ ඇමති අපේක්ෂකයා මනාප වලින් ඉහලට පැමිණීමටද සමත්වී ඇත. ආසන ප්‍රමාණයක් අඩුවීම කිසිසේත්ම ආණ්ඩුව පැත්තෙන් බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. ආණ්ඩුවේ යම් පිරිහීමක් තිබූ බව මැතිවරණයට පෙර පැහැදිලිව පෙනෙන්නට තිබුනි. ජනාධිපතිවරයා ඇතුළු සන්ධාන ආණ්ඩුවම ඌවේ පදිංචි වන්නේ එබැවිනි.

    එහෙත් දකුණු-බස්නාහිර පළාත් සභා ඡන්ද ප්‍රතිපලයට සාපේක්ෂව මෙය අපට සතුටු වියහැකි ප්‍රතිපලයක් නොවේ. යම් වෙනසක්, නැඟිටීමක් සිදුවීමට නම් පළාත් සභාව පිහිටුවීම අවුල් වන මට්ටමේ ප්‍රතිපලයක් ලැබිය යුතුව තිබුනි. වෙනත් විදියකින් කිවහොත් දකුණේ-බස්නාහිර ඡන්ද අඩුවීමත් සමඟ 'රැල්ල' ඇතිවීමට නම් W3හි සඳහන් කල ප්‍රතිපලය වැන්නක් අත්‍යාවශ්‍යව තිබුනි. සන්ධානය ජයලැබූ බව කියන්නේත් අප පරාජය වූ බව කියන්නේත් එය එලෙස සිදු නොවූ බැවිනි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ඌවේ හූව කාටද...? - Uva Election Results
    copyright mathalan blogspot


    Election-com-Pic-Indika-Handuwala.jpg


    ඌවේ රිසල්ට්ස් ඇවිල්ලාය. නයි ටී ඇන් එකේ හා රූපවාහිනියේ හතර වරම් බයිලා ගැහුවාට, ආන්ඩුව නූලෙන් ජාම බේරගෙන ඇත්තේය. හරි විදියට බැලුවොත් නම් ආන්ඩුව පරාදය. එජාපේ උඩින්ම දිණුම්ය. ජෙප්පෝ එතනමය. ජනරාල් ඉවරය. ආන්ඩුව කෑවේ, අද උදේ නෙමේය. මිනිස්සු ඡන්දේ දාන වෙලාවෙත් ආන්ඩුව කෑවේය. ඒ චන්ඩි පාට් දාන්න ගිහිල්ලාය. පොලිසිය ඇතුලේ නගරාධිපතිට ගහලා එලියට ආපු ආන්ඩුවේ චන්ඩින්ට, ගමේ උන් එකතුවෙලා ඇති නොකියන්න බෙදුවේය. එහෙම පොලිසිය ඇතුලේ ආන්ඩුවේ චන්ඩින්ට පාට් දාන්න තරම්, ප්‍රජාතන්ත්‍රවාදි නිදහසක් තියෙන රටක් නේ යකෝ මේක කියා, වෙලාවකට ආඩම්බරත් හිතෙනවාය.

    ආරංචියේ හැටියට නම්, පොලිසියේ පාට් දාපු චන්ඩි තුන් දෙනාට, උණ බහින්නකන් ගමේ උන් සබුක්කුව දීලා තියෙනවාය. පිටින් ආපු උන් කෙලලා යනකන් බලා ඉන්නේ නැතිව, ආගන්තුක සත්කාර පවත්වා, උණ රෝගය සුවපත් කර පිටත් කර හැරි ඒ ගම ජනතාවට, රටේ ජනතාවගේ ආචාරය හිමිවෙනවාය. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය තුල කිසිම භීෂණයක් ඇති නොවන ආකාරයෙන් ක්‍රියා කල, ඇමති ඩිලාන්ටත්, නිමල් ගොයියාටත්, අපේ සීනී ඇමතිතුමාටත්, අපි හිස නමා ආචාර කරනවාය. පාට් දාන්න ආවේ ආන්ඩුවේ කක්කුස්සි හෝදන හාල් පාරුවෝය. මුන් ලකුණු දාගන්නේ මේ වගේ නස්කූනී වැඩක් කරලාය. නැතුව උන් රටට වැඩක් කරන්නේ නැතිය.

    ආන්ඩුව මේ ඡන්දයට දාන්න පුළුවන් ඔක්කෝම සෙල්ලම් දැම්මේය. බඩු බෙදුවේය, ආන්ඩුවේ සේවකයෝ කැන්වසින් යැව්වේය, ඩිෆෙන්ඩර් පෝලිම් යවා ජනතාව බය කළේය. වතුර බෙදුවේය. ඒ විතරක් නොව සිල් රෙදිත් බෙදුවේය. සිල් රෙද්දේ ගහලා තිබුන පණිවිඩේ කියෙව්වාම පස්ස පැත්තෙන් හිනා ගියෝය. ඒකේ නොකියා කියා තිබුනේ, නිවන් දකින්න ඕනා නම් මහින්ද චින්තනේට ඡන්දේ දෙන්න කියලාය. ඇත්තටම නම් හම්බ උන ඡන්ද ටිකත් හම්බ උනේ මහින්ද මහත්තයාට මිසක්, දේවාලේ කපු මහත්තයාට නම් නෙමේය. මොකෝ අන්තීමට ගේම තිබුනේ හරීන් හා ජනාධිපති තුමා අතරේය.

    මේ මූසල හැත්තට විදුලි බිලයි, ලාම්පු තෙල් බිලයි, පැස්ටෝල් ඩීසල් බිලයි අඩු කරලත්, මට සැලකුවේ මෙහෙමද යකෝ කියා ජනාධිපති තුමාට මල පැනලාත් ඇතිය. ජනාධිපති තුමාට කියන්න තියෙන්නේ, මිනිස්සු ඉල්ලන්නේ ඒවා නොවෙයි කියාය. අපි එදා ඉඳන්ම කියන්නේ, අත්‍යාවශ්‍ය ආහාර ටිකට ගහන බදු අයින් කරලා, මිනිස්සුන්ට කන්න පුළුවන් විදියක් හදන්න කියලාය. ඒ දේ කලා නම්, ආන්ඩුව කල්පෙකටවත් හොල්ලන්න බැරි බවත් සිහියේ තබා ගත්තොත් බොහෝ හොඳය. කවුරු කවුරුත් තේරුම් ගත යුත්තේ, මේ කතා කරලා තියෙන්නේ බඩ ගෙඩිය කියනා එකය. එහෙම නැතිව මොකා ආවත් කරන්නේ මේ සැන්තෑසියම තමා කියා ඕන ගොනෙකුට තේරෙනවාය.

    පෝට් සිටි, නෙළුම් කුළුණු, එක්ස්ප්‍රස් වේ, හාබර්, එයාර්පෝට් හැදුවාට මිනිස්සුන්ගේ බඩ ගෙඩිය පිරෙන්නේ නැතිය. අනික මේ මිනිස්සු අඩුවට ඉල්ලන්නේ, හැම් බේකන් චීස් බීස් නෙමේය. එදා වේල කන්න පුළුවන්, හාල් ටික සාධාරන ගානකට දෙන්න කියලාය, බත් ටික කන්න ළොකු ළුණූ ගෙඩිය, පරිප්පු ටික, හාල්මැස්සෝ ටික, අල ගෙඩිය, සැමන් ටින් එක ලාබෙට දෙන්න කියලාය. සැමන් ඉල්ලන්නේ මාළු කන්න ආස නැති නිසා නෙමේය. මාළුවල ගාන ඇහුවාම මාළු කාරයන්ගේ මාළු කන්න හිතෙන නිසාය. පොඩි උන් කිරි පිටි වලට හුරු වෙලා නිසා, කිරි පිටි පැකට් එකත්, අඩු ගානේ පොඩි උන්ටවත් සාධාරන මිළකට දිය යුතුමය. ඔය බඩු කීපයේ ගාන අඩු කරලා දෙනවා නම් මේ ආන්ඩුව පෙරලිල්ල බොරුය.

    අපි එදා ඉඳන්ම කියන්නේ එජාපයට එකෙක්වත් ඕන නෑ කියලාය. එජාපයට අවශ්‍ය හරීන් වගේ බුලට් බඩුය. හරින් උඩින්ම දිණුම්ය. දැන් අලි පාටියට තියෙන්නේ හරින්ලා වගේ බුලට් බඩු ආරක්ෂා කරගෙන සජිත්ලා වගේ හාල්පාරුවෝ එලවලා දාලා, පක්ෂේ ඉදිරියට ගෙනියන එකය. මේ ජයග්‍රහණය තනිකරම හරීන්ගේ ජයග්‍රහණයක්මය. එජාපයට් ඒ වගේ බුලට් බඩු තව ඕනාය. ඒ නිසා ඉන්න උන් ටික ආරක්ෂා කර ගත යුතුමය. මේ සැරේ ජනාධිපතිවරණයට උනත් ෆයිට් එකක් දෙන්න පුළුවන් සයිස් එකක් තියෙනවා කියා මේ රිසල්ට් එකෙන් පේනවාය.

    ඒ උනාට. මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය නිසා, මක්කා හෝ වෙනසක් සමග එන්නේ නැත්නම්, දන්න යකා එක්ක ජීවත් වෙන්න මිනිස්සු තීරණය කරනවාමය. අඩු ගානේ කරන්නේ මොනවාද කියා ප්‍රචාරක ව්‍යාපාරයක්, දැන් ඉඳලාම පටන් ගත යුත්තේය. අන්තීම මොහොත වෙනකන් හොර ගල් අහුල අහුල ඉන්න ගියොත් වෙන්නේ, පමාවී පසුතැවිලි වන්නටය. තව දුරටත් පොද්දෝ හොය හොයා යා යුතු වන්නේ නැතිය. එජාපයට ඡන්දේ දුන්න උන් ආයෙත් එලියට ඇවිල්ලාය. ඉතුරු ටිකත් ඡන්ද පොලට ගේන ගේම ජය ගත්තොත්, රනිල්ලාටත් හොඳ කලක් යා හැකිය.

    ජෙප්පන්ගේ ඡන්ද ප්‍රමාණේ වැඩි උනාට, බස්නාහිරෙන්, දකුණෙන් දීපු සප් එක ඉදිරියට ගෙනියන්න හම්බ වෙලා නැතිය. නගරේ මාධ්‍යම පාන්තිකයන් ආකර්ෂනය කර ගත්තද, ගමේ දුප්පත් මිනිහා තවමත් ජෙප්පන්ට අම්බානක බයය. ජෙප්පන්ට ආදරේ කරන නගරේ මධ්‍යම පාන්තික සෙට් එකත් ජෙප්පෝ කෙරේ කලකිරවන ෆේස් බුක් හරක් රැල කොන්ට්‍රෝල් කර ගත්තේ නැත්නම්, මධ්‍යම පාන්තික සෙට් එකත් එයාලගෙන් යන එක නවත්තනවා නම් බොරුය. ජෙප්පන්ට වෙලා තියෙන්නේ පොදු හතුරා මොකාද කියා හොයා ගන්න බැරි එකය.

    ජෙප්පන්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ වෙනසක් මිස, මේ සම්ප්‍රදායික පක්ෂ නටන නාඩගම් නෙමේය. ඒ උනාට දැන් එයාලත් කොරන්නේ ඒ මළ සමයංමය. පිරිකර උස්සාගෙන මල්වතු අස්ගිරි පන්සල් අස්සේ යන කොට කාල් මාක්ස්ලාට පුකෙන් හිනා යනවා ඇතිය. දැන් කරන්න තියෙන්නේ ඊළඟ ඡන්දෙවත්, ප්‍රාදේශීය සභාවක්වත් ලබා දෙන්න කියා, පළතුරු වට්ටියකුත් අරගෙන දේශපාළන බල මණ්ඩලේ සෙට් එකම, කතරගම දේවාලේ පෝලිමට එක් වෙන එකය. කතරගම දේවාලේ බස්නායක නිලමේට කිව්වා නම් පෝලිමේ ඉන්නේ නැතිව ඉස්සරහ ගේට් එකෙන් යන්නත් පුළුවන්ය. එතනදී මොකක් හරි අප්ෂට් එකක් ගියොත්, සීනීගම දේවාලේ මිරිස් අඹරා, දේවාල භූමියේ ජනතාව දැණුම්වත් කිරිමේ රැස්වීමක් පවත්වා, වොයිස් කට් එකක් ටී වී එකේ දාගත්තාම වැඩේ අහවරය.