දේශපාලනික කතිකාවත (MEGA TREAD)

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වැඩක් මචන් දිගටම කරන් යමු. මමත් පුළුවන් විදියට අප්ඩේට් කරන්නම් :yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    වැඩිදුරටත් සඳහන් කලහොත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ වනවිට ඇත්තේ අනතුරුදායක අඩියකය. ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහලට වැටෙමින් පවතින ඔහුගේ සහ පක්ෂයේ සදාකාලික නින්ද නැවැත්වීම අතිශයින් අපහසුය. මෙහි ප්‍රතිපලයක් ලෙස පළාත් සභා කිහිපයක සිටින ජනතා නියෝජිතයන් ප්‍රධාන පක්ෂ වැලඳගැනීම හෝ විමල් වීරවංශගේ ජානිපෙ පන්නයට ෆොන්සේකා, පක්ෂයත් නියෝජිතයන් සමඟ එජාපය වැලඳගැනීම නුදුරේදී සිදුවිය හැක්කකි. එතෙක් කට පරෙස්සම් කරගැනීම වැදගත් බැව් ෆොන්සේකා මහතා වටහාගත යුතුය.

    true :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    විමල්ගෙ පක්ශෙටත් වැඩි ආයුෂ නැහැ. සන්ධානයෙන් පිට විමල්ට ඡන්ද පදනමක් නැහැ. ඒකයි සන්ධනෙම එල්ලිලා ඉන්නෙ. එළියට ආපු දවසට ඇප නැති වෙනවා. ඒක නිසා එළියට එන්නෙ නැහැ. බොරුවට පඩ ශෝ දදා ඉන්නවා
    :angry::angry: ඕකුන් නම් ලාංකීය දේශපාලනයෙන් අතුගෑවිලාම යන්න ඕන :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada

    විමල්ගෙ පක්ශෙටත් වැඩි ආයුෂ නැහැ. සන්ධානයෙන් පිට විමල්ට ඡන්ද පදනමක් නැහැ. ඒකයි සන්ධනෙම එල්ලිලා ඉන්නෙ. එළියට ආපු දවසට ඇප නැති වෙනවා. ඒක නිසා එළියට එන්නෙ නැහැ. බොරුවට පඩ ශෝ දදා ඉන්නවා
    :angry::angry: ඕකුන් නම් ලාංකීය දේශපාලනයෙන් අතුගෑවිලාම යන්න ඕන :yes:

    විමල් ට දැන් කතාකරන්න දෙයක් මහා ලොකුවට නැහැ. ltte එක තියෙන කලේ නම් මිනිහට ගොඩක් දේවල් තිබ්බ කතා කරන්න.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka

    විමල්ගෙ පක්ශෙටත් වැඩි ආයුෂ නැහැ. සන්ධානයෙන් පිට විමල්ට ඡන්ද පදනමක් නැහැ. ඒකයි සන්ධනෙම එල්ලිලා ඉන්නෙ. එළියට ආපු දවසට ඇප නැති වෙනවා. ඒක නිසා එළියට එන්නෙ නැහැ. බොරුවට පඩ ශෝ දදා ඉන්නවා
    :angry::angry: ඕකුන් නම් ලාංකීය දේශපාලනයෙන් අතුගෑවිලාම යන්න ඕන :yes:

    විමල් හැදුවේ බදුල්ලේ JVP චන්ද ටික උස්සගන්න. වැඩේ හරි ගියේ නැහැ. විමල් බදුල්ලෙන් සාර්ථක උනා නම් සමහරවිට ජනප්තිවරනේදී විපක්ෂේ චන්ද කඩන්න විමල්ල අපේක්ෂකයෙක් දාන්න තිබුනා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල් ගන කතා කරනවා නම් විමල්ට දේශපාලන අනාගතයක් නැහැ.
    JVP එකේ අතු කඩාගෙන ගොඩක් අය පැල කරන්න හැදුවා එත් බැරි උනා
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    විමල් ගන කතා කරනවා නම් විමල්ට දේශපාලන අනාගතයක් නැහැ.
    JVP එකේ අතු කඩාගෙන ගොඩක් අය පැල කරන්න හැදුවා එත් බැරි උනා

    අතු කඩලා පැල කරන්න බැරි ගහක් ජ.වි.පෙ. :yes::yes::yes:
    ජවිපෙට ජය :yes::yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ජයලලිතා, කුප්ප දේශපාළණය හා අධිකරණය - Jayalalitha, Dirty Politics & Justice
    copyright :mathalan blogspot


    ammabirthdaynew2.jpg

    ජෙයලලිතා අවුරුදු හතරකට කූරූ ගනින්නට, කූඩුවට ගියේය. අඬනවාද, හිනාවෙනවාද, බෝතලයක් ගසා ප්‍රීතී වනවාදයි සිතා ගැනීමට නොහැකිය. ඕනෑ නම් චෞර රැජිණ පන්නයේ පෝස්ට් කටුවක් දමා, ආතල් එකක් ගත හැකිය. අපේ දේශප්‍රේමී ආන්ඩුව නම්, මේක එකසිය ගානට සැලබ්‍රේට් කරනා බව, නයි ටී ඇන් එක බැලුවාම පේනවාය. ඉන්දියාව එක එකාගේ වොයිස් කට් දැම්මත්, තවම අපේ මහ සජ්ජුරුවන්ගේ රීලා පැටියාවත් කටක් හෙල්ලුවේ නැත්තේ, ආරක්ෂක අමාත්තන්සේ වෙබ් පේජ් එකේ සීන් එක මතක් වෙලා වෙන්නත් ඇතිය. (ඒ උනාට අක්කා ඇතුලේ නිසා, අපේ ජාතිමාමක පොලිටික්ක්කෝ සහ ගොබ්බ මාද්දියවේදියෝ, බෙලි කටු මල්ල හොල්ලනවා, අද රෑ නිව්ස් වලින් බලා ගන්නත් බැරි වන එකක් නැතිය.)

    ජෙයලලිතා නෝනා අපිට, ඒ කියන්නේ සිරි ලංකාවට, අදින්න පුළුවන් උපරිම ගේම ඇද්දාය. කොටියා එයාට පෙනුනේ අපේ ගෙදර "කිටියා" වාගෙය. ඒයා, කිටියා කොච්චර හුරතල් කරනවාද කියනවානම්, රජිව් ගාන්ධි නම් කපටි "මියා" මරා දැමු කිටියෝ සෙට් එක, මරණ දඬුවමෙනුත් නිදහස් කලාය. මේ ගොබ්බ වැඩෙන් ගාන්ධි පවුලේ මෙන්ම, උතුරු ඉන්දියානූ හින්දූන්ගේද හිත පෑරුනා මෙන්ම, ජෙයලලිතා කෙරේ වෛරයක් මතු නොවුනා නම් ඔවුන් මිනිසුන් වන්නට බැරිය.

    අපෙන් වන්දනාවේ යන බැතිමතුන්ට පමණක් නොව, හාන්දුරුවන්ටත් ගොබ්බ වයිකෝ දමා ගුටි පෝරියල් වලින් සංග්‍රහ කොලාය. ක්‍රිකට් ගහන්න ගියපු උන් හරවා එව්වාය. ලංකාවේ උන්ට චෙන්නායි ටීම් එකට ගහන්න නුදුන්නාය. ඒ තියා චෙන්නායි වල තියෙන මැච් වලදි, වෙන ටීම් එකකටවත් ගහන්න නුදුන්නාය. ලංකාවට මාළු බෝට්ටු බලෙන් එවනවා කියා කීවාය. කච්චතිව් අයිලන්ඩ් එක ආයෙත් එයාට ඔනාමයි කියා මෝදි අයියාටත් ගේම ඇද්දාය. ඒ ඉතින් තමිල්නාඩුව ගොඩා....ක් පොඩි නිසා වෙන්නත් ඇතිය. කෙසේ හෝ අපේ දේශප්‍රේමී පොලිටික්කෝ සෙට් එකත් එක්ක තකට තක පෑහෙන පොලිටික්කෝ හා නළාකාරයෝ සැට් එකක් ජෙයලලිතා නෝනා ගාවත් උන්නේය.

    ඉතින් අපේ සාමාන්න දේශප්‍රේමී ජනතාවත් මෙයාට වෙච්චි සන්තෑසියෙන් ආතල් එකක් ගන්නවා නම්, පුදුම වෙන්න ඕනා නැතිය. ඒත් ඉතින් අපි බලන්න ඔනෑ, ඇත්තටම උනේ මක්කාද කියනා කාරනාවය. එහෙම ගැඹුරින් බැලුවාම, මේක කුප්ප දේශපාළණයේ, කක්කා කේස් එකක් කියා පැහැදිලිවම පේනවාය. අපේ සමහර උන් පුක චූන් වෙලා දඟලනවා දැක්කාම මාතලන්ට හිනා යනවාය. සම හරක් කියන්නේ ඉන්දියාවේ තියෙන්නේ මාර අධිකරණ ක්‍රමයක් කියලාය.

    rest of the story
    http://maathalan.blogspot.ca/2014/09/jayalalitha-dirty-politics-justice.html

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ
    copyright w3lanka


    වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ.

    1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ.

    ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත.

    ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය.

    ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ය. එමගින් බලාපොරොත්තු වන්නේ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්නට නො දෙන බව තහවුරු කිරීමයි. පත් වන කවර හෝ අගවිනිසුරුවරයකු වුව තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. එහි මූලික අරමුණ තමන්ටත්, තම අන්තේවාසිකයන්ටත් ජයලලිතා මුහුණ දුන් ආකාරයේ තත්වයන්ට මුහුණ දෙන්නට සිදු නොවන පරිදි රැකවරණය සලස්වා ගැනීමයි.

    වැට් බදු වංචාව කළ ව්‍යාපාරිකයන්ට හා රජයේ නිලධාරීන්ට එරෙහිව ලංකාවේ අධිකරණය දැක්වූ දැඩි ප්‍රතිචාරය සුබවාදී කාරණයකි. එහෙත්, මහජන මුදල් සොරකම් කරන සොරුන්ට එරෙහිව ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් අවශ්‍ය ය.

    ලංකාවේ මහජන මුදල් සොරුන්ට නීතිමය මුක්තිය භුක්තියට සවි වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ. මහජන මුදල් සොරකම් කරන දේශපාලකයන්ට එරෙහිව ලංකාවේ ක්‍රියාමාර්ග ගැනෙන්නේ ම නැති තරම් ය. මේ තත්වය වෙනස් විය යුතු ය.

    මහජන මුදල් සොරුන්ගේ සිත් බියෙන් ඇළලිය යුතු ය. අනාගතයේ බලයට එන්නට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

    මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
    w3lanka website
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    දෙවරක් අගමැති ලෙස කටයුතු කළ බුද්ධිමත් පිරිසිදු නායකයෙක් අපට සිටිනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකතුමා -කරු ජයසූරිය

    copyright: unp.lk


    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ ආරංචි පැතිරෙමින් පවතිනවා. මේ යෝජිත ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ නොවන අතිශයින්ම දේශපාලනීකරණය වූත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී වූත් මැතිවරණයක් බවට පත් වන ලකුණු බැü බැල්මටම පෙනෙන්නට තිබෙනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය 25 වැනි දා කොළඹබානිස් ප්‍රදේශයේදී ප්‍රචාරක කාර්යාලයක් විවෘත කළා. එම අවස්ථාවට රටේ ඉහළම වගකීම් දරණ අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් සහාගිවී සිටියා. එයින් සමහරුන් පරිපාලන සේවයේ පත්වීම් ලාභීන් වන අතර, තවත් සමහර පිරිසක් දේශපාලන පත්වීම් ලැබූ අයයි. රාජ්‍ය සේවයේ පරිපාලන වගකීම් හොබවන එම නිලධාරීන් දේශපාලන වැඩ කටයුතු සඳහා සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. එමෙන්ම සධාචාර විරෝධීයි. දේශපාලන පක්‍ෂයක ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමට එලෙස රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් සම්බන්ධවීම පැහැදිලිවම නීතිය කඩ කිරීමක් බව ද කිව යුතුයි.

    ජාතික සීමා නිර්ණය කිරීමේ කොමිෂමේ සභාපති ජයලත් ර.වි. දිසානායක, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, වරාය හා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේ‍ර්මසිරි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සහ ස්වාධීන් රූපවාහිනි සේවයේ සභාපති අනුර සිරිවර්ධන, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විලීගමගේ සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් මෙන්ම ඔවුන්ට අමතරව තවත් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් 62 ක් පමණ එම අවස්ථාවට සහභාගීවී තිබුණා.

    සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු හිරිකිතයකින් තොරව ජනාධිපතිවරණයට යොදා ගැනීමට තමන් සූදානම්ය කියන පණිවුඩය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් කොට තිබිය දී අමාත්‍යංශයක පරිපාලන වගකීම් දරණ ප්‍රධාන නිලධාරීන් ඒ ආකාරයට ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවලට සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දරණ අදහස කුමක් දැයි අපි විමසනවා.

    එමෙන්ම ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන මේ ගැන දරනු ලබන අදහසක් දැනගැනීමට අප කැමැතියි. මේ අයුතු ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සමාජ වගකීමක් ජනමාධ්‍යයට පැවරී තිබෙනවා. මාධ්‍යවේදීන් එම වගකීම නිවැරැදි ලෙස ඉටු කරාවි යන විශ්වාසය අපට තිබෙනවා.

    ඉහළ වගකීම් දරණ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිසිදු බියකින් සැකයකින් තොරව දේශපාලනය කිරීමට අවශ්‍ය පූර්වාදර්ශය නිර්මාණය කොට දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයායි. ඔහු පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණය අවස්ථාවේ උදය ගම්මන්පිල අපේක්‍ෂකයාගේ කාර්යාලයක් විවෘත කිරීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේදී එය නීති විරෝධී හා සධාචාර විරෝධී ක්‍රියාවක් බව රටේ අති බහුතරයක් ජනතාව මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාත් පිළිගත්තා. ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවීමට වගබලා ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා එම අවස්ථාවේදී සඳහන් කළා. එවැනි පසුබිමක මේ සිද්ධිය ගැන මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ කුමක් ද යන්න අපි විමසනවා.

    ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් තමන්ගේ වෘත්තීමය ගරුත්වය පාවා දෙන සියලූම රාජ්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්නට සිදු වන බව මතක තියා ගන්න කියලා අප ඒ අයට මතක් කරනවා. මේ රජය යටතේ නීතිය හරියට කරන්න ගිහින් අසාධාරණයට ලක්වූ නිලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ සිටිමින් දේශපාලනය කරන සහ ඔවුන්ට බැල මෙහෙවරකම් කරන ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ලෑයිස්තුවක් අප සතුව තිබෙනවා.

    අපි ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්නේ පුළුවන්නම් නිදහස් සහ සාධාරණ වූ සම පසුබිමක ජනාධිපතිවරණය පවත් වන ලෙසයි. එක් ඉරක සිට ජනාධිපතිවරණ ධාවන තරගය දුවන්න එන්න කියලා අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එසේ නොමැතිව ඉරෙන් ඉස්සරහ සිට රේස් එක දුවන්න සූදානම් වෙන්න එපා කියලත් අපි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට මතක් කරනවා.

    ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලැබෙන්නේ දින 30 ක පමණ කෙටි කාලයක් පමණක් බවට ආරංචි පැතිරවෙමින් තිබෙනවා. ජනාධිපතිවරණය වැනි ඉහළ වැදගත් කමක් තිබෙන ජාතික මැතිවරණයකදී ප්‍රචාරක වැඩ කටයුතු සඳහා ජනතාව දැනුම්වත් කිරීමට ලැබෙන්නේ එවැනි කෙටි කාලයක් නම් එතැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවටත් රටටත් වැඩ කොට තිබේ නම් මැතිවරණවලට ආණ්ඩුව මෙතරම් බය ඇයි ද කියලා අපි විමසනවා.

    නීති විරෝධී වැඩ ආණ්ඩුව උඣීව පළාත් සභා මැතිවරණයේදීත් දිගින් දිගටම සිදු කළා. සිල් රෙද්දේ සිට බෙදන්න පුළුවන් සෑම භාණ්ඩයක්ම බෙදමින් ජනතාවගේ ඡන්දය කොල්ල කෑමට කටයුතු කළා. ඒ සියල්ල අසාර්ථක වන බව හැඟුණු නිසා අන්තිම ප්‍රහාරය ලෙස නියන් සහනාධාරය ලෙස ලබා දුන්නා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩත්වය මුදාහැරියා. නමුත් ඒ සියල්ල හමුවේ නොසැලෙමින් උඣීවේ ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරු ලබා දුන්නා. උඣීව මැතිවරණයේදී ආණ්ඩුව බරපතල විදිහට පසුබෑමකට ලක් වූයේ එම නිසයි.

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින්ටත් අපේ මන්ත්‍රීවරුන්ටත් එරෙහිව සූක්‍ෂම වූ වැඩ පිළිවෙළක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා. උඣීව පළාත් සභා මැතිවරණ දිනයේදී බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතාට බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය තුළදීම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් පහර දුන්නා. එම පැමිණිල්ල පිළිබඳවත් පරික්‍ෂණයක් සිදු නොකොළ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

    අද මේ රටේ තිබෙන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට එක් නීතියක් සහ විපක්‍ෂයේ ක්‍රියාකාරීන්ට තවත් නීතියක් බව බැü බැල්මටම පෙනෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පස්ස ගැහුවත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පොලිසිය ඉතාමත් කාර්යක්‍ෂම ලෙස කටයුතු කරනවා. සිදුවීමක් සිදු වුණ සැණින් ඔවුන් අත්අඩංගුවට ගන්නවා. පසුගිය දවසක පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ඔහුගේ හෝටලයට වෙඩි ප්‍රහාර රැසක් ද එල්ල කළා. ඒවා සිදු කරන්නේ කවුද කියන කාරණය ඉතා පැහැදිලියි. ඒ නිසා තරා තිරම නොබලා නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස අපි නැවත වතාවක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    ඉදිරි ජනාධිපතිවරණය මේ රටේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වනවා. මොනතරම් බලය අයුතු ලෙස උපයෝගී කර ගත්තත් ජනතා බලයට යටවීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුවනවා යැයි ද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද කරු ජයසූරිය මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

    ප්‍රශ්නය : මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි යැයි යන ස්ථාවරයේ එක්සත් ජාතික පක්‍ෂය සිටිනවා ද?

    පිළිතුරු : ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අපි එම කාරණය පිළිබඳ ගැwුරින් සාකච්ඡා කොට කරුණු සොයා බැලූවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට තුන්වන වරට ජනාධිපතිවරණයට තරග කිරීමට හැකියාවක් නොමැති බවට හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා දරණ අදහස සමග අපි එකතු වනවා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිමත් නීතිවේදීන්, අගවිනිසුරුවරුන් සහ විනිසිරුවරුන්ගෙන් අපි කරුණු විමසා සිටියා. ඔවුන්ගේ අදහසත් තුන්වන වරට මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවයි. ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයකු ඇතුළු කීර්තිමත් නීතිවේදීන්ගෙන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නීතිවේදීන්ගෙන් ද අපි කරුණු විමසූ අතර, ඔවුන් ප්‍රකාශ කළේ ද සරත් එන් සිල්වා මහතා දරණ අදහස නිවැරැදි බවයි. එම නිසා මහින්ද රාජපක්‍ෂ මහතා යළිත් ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් එය නීතිවිරෝධී මැතිවරණයක් බව අපේ අදහසයි.


    ප්‍රශ්නය : ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයකු ද එසේත් නැත්නම් පොදු අපේක්‍ෂකයකු ද?

    පිළිතුර : සාම්ප්‍රදායිකවම පක්‍ෂ ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්‍ෂයේ නායකතුමා එම මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී අපි පොදු අපේක්‍ෂකයකුට සහය ලබා දුන්නා. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න පිළිබඳ මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වනවා. දෙවරක් අගමැති ලෙස කටයුතු කළ බුද්ධිමත් පිරිසිදු නායකයෙක් අපට සිටිනවා.

    ප්‍රශ්නය : ආණ්ඩුව දැනටමත් ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කරනවා. එක්සත් ජාතික පක්‍ෂයේ සූදානම කෙබඳු ද?

    පිළිතුර : එක්සත් ජාතික පක්‍ෂය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එක්සත් නායකත්ව මණ්ඩලය පිහිටවූ පසුව අපි එම වැඩ කටයුතු ආරම්භ කළා. පක්‍ෂය තුළ සමගිය ඇති කොට විවිධ මත දරණ අය එකතු කිරීමටත් අපට හැකි වුණා. එමෙන්ම බිම්මට්ටමේ ශක්තිය වර්ධනය කිරීම සඳහාත් විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

    ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියාත්මක කළ ජනජය වැඩ සටහනේ ප්‍රගතිය කෙබඳුද?

    පිළිතුර : පසුගිය උඣීව පළාත් සභා මැතිවරණයේදී අපේ සාර්ථකත්වයට ජනජය වැඩ සටහනක් බොහෝ සෙයින් හේතු සාධකයක් වුණා. එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්වී සිටි අය මෙන්ම අනෙකුත් පක්‍ෂවලට සම්බන්ධවී සිටි අයත් ජනජය වැඩ සටහන්වලට සම්බන්ධවී සිටියා. ජනජය වැඩ සටහන තුළින් නිශ්ශබ්දව නමුත් පක්‍ෂය ශක්තිමත් කිරීමට අපට අවස්ථාවක් ලැබුණා.

    ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරු සම්පූර්ණ කළ පසු නායකත්ව මණ්ඩලය අහෝසි කිරීමට සූදානමක් තිබේ ද?

    පිළිතුර : කිසිදු ප්‍රශ්නයකින් තොරව නායකත්ව මණ්ඩලයේ වැඩ කටයුතු ඉතාම සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. මහා සංඝරත්නයේත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් අනුමැතියෙන් පක්‍ෂයේ මහා සම්මේලනයේදී ඇති කළ නායකත්ව මණ්ඩලයට එම බලතල තවදුරටත් තිබෙනවා.

    ප්‍රශ්නය : බොදු බලසේනා සංවිධානය ඉදිරිපත් කොට තිබෙන යෝජනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අදහසත් දැනගන්න කැමැතියි.

    පිළිතුර : එක්සත් ජාතික පක්‍ෂය බොදු බලසේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් කළ යෝජනා ගැන කතා කිරීමට මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් 1946 දී එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූම ජනකොටස් මෙන්ම ආගම් එකතු කරමින් ආරම්භ කළා. එම ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට අපේ පක්‍ෂය කැපවී සිටිනවා. බෞද්ධාගමට නිසිතැන ලබා දෙනවා මෙන්ම අනෙකුත් ආගම්වලටත් නිසි ගෞරවය ලබා දෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    මේ යන විදිය අනුව (master-plan) රනිල් හෙමිහිට මාස ගානක් තිස්සේ සැලසුම් කරලා, ජනපතිවරණයකට තමයි ඉදිරිපත්වෙන්න යන්නේ.

    ගමේ/නගරේ ජනතාවත් එක්ක බැහැල දේශපාලනේ කරා (පොලවල්වල හිටන්). මුලින් පක්ෂයේ විවිද මත දරන අය එකතු කල. හරින් ඉදිරිපත් කරපු එක රනිල්ගේ නිවැරදි තීරණයක්.

    දැන් තියෙන්නේ පාරට බැහැල මිනිස්සු එක්ක උද්ගෝෂණය කරන එක. දකුණේ ඉදන් කොලබට පෙළපාලියක් යන එක.

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නමුත් 1946 දී එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූම ජනකොටස් මෙන්ම ආගම් එකතු කරමින් ආරම්භ කළා. එම ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට අපේ පක්‍ෂය කැපවී සිටිනවා. බෞද්ධාගමට නිසිතැන ලබා දෙනවා මෙන්ම අනෙකුත් ආගම්වලටත් නිසි ගෞරවය ලබා දෙනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    නමුත් 1946 දී එක්සත් ජාතික පක්‍ෂය මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූම ජනකොටස් මෙන්ම ආගම් එකතු කරමින් ආරම්භ කළා. එම ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට ගෙන යෑමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරීමට අපේ පක්‍ෂය කැපවී සිටිනවා. බෞද්ධාගමට නිසිතැන ලබා දෙනවා මෙන්ම අනෙකුත් ආගම්වලටත් නිසි ගෞරවය ලබා දෙනවා.

    බලන්න ඔතන වචන සෙට් එක. "බෞද්ධාගමට නිසිතැන ලබා දෙනවා". ඇයි කෙලින් කියන්න බැරි බෞද්ධාගමට ප්‍රමුකස්ථානය දෙනවා කියල. මම දන්නා තරමින් වියවස්තවේ විච්ස්ශයෙන් බුද්දාගම අරක්ෂ කරන්න රජය බැදී සිටිනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය එක ලිපියකට එක ත්‍රෙඩ් එක ගනේ දන්න නැත්තම් ගොඩක් අයට කියවන එක මග ඇරෙනවා.
    මෙහෙම් දන්න එපා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ඔය එක ලිපියකට එක ත්‍රෙඩ් එක ගනේ දන්න නැත්තම් ගොඩක් අයට කියවන එක මග ඇරෙනවා.
    මෙහෙම් දන්න එපා

    මට හිතෙන්නේ අපි මේක මේ විදියට ටිකක් හෙමිහිට යමු. මොකද දැන් දේශපාලනේ කියන එකට වැඩිය උනන්දුවක් නැහැ.