දේශපාලනික කතිකාවත (MEGA TREAD)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට හිතෙන්නේ අපි මේක මේ විදියට ටිකක් හෙමිහිට යමු. මොකද දැන් දේශපාලනේ කියන එකට වැඩිය උනන්දුවක් නැහැ.

    අපි දෙන්න විතරයි එතුරුවෙන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,089
    5,881
    113
    canada
    දොස්තර ක්‍රිස් නෝනිස්ට හැදුණ ලෙඩේ මොකක් ද?
    copyright w3lanka



    Chris%2BNonis.jpg


    ක්‍රිස් නෝනිස් යනු වෛද්‍යවරයෙකි. ඔහු විදේශ සේවයේ සුදුසුකම් හෝ පළපුරුද්දක් හෝ ඇත්තකු නො වේ. එහෙත් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ය. වඩා නිවැරදිව කියනවා නම් හිටපු මහ කොමසාරිස්වරයා ය. සජින් වාස් ගුණවර්ධන නම් විදේශ අමාත්‍යංශය අධීක්ෂණය කරන බව කියන ව්‍යාපාරික දේශපාලකයා විසින් ඔහුට ඉල්ලා අස් වන්නට තරමට ගුටි පූජාවක් දී තිබේ.

    ඕනෑම රාජ්‍යයක් සිය විදේශ සේවය සඳහා එම සේවයෙන් පිටස්තර සුවිශේෂ පුද්ගලයන් පිරිසක් බඳවා ගනියි. එංගලන්තයේ උගත් ක්‍රිස් නෝනිස්ට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි ය. ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයෙන් ලංකාව කොර වී තිබේ. එයින් එංගලන්තය ද කොර වී ඇති බව ලංකාවේ අය සිතති.

    ලංකාවේ විදේශ සේවය පිරී ඇත්තේ විදේශ සේවය සඳහා සුදුසුකම් ලත්, පළපුරුදු නිලධාරීන්ගෙන් නොව ආණ්ඩුවේ අන්තේවාසිකයන්ගෙනි. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෑතදී හෙළිදරව් කළ පරිදි ශී‍්‍ර ලංකාවේ තානාපති සේවයේ තානාපතිවරු 49දෙනෙකුගෙන් 35දෙනෙකුම දේශපාලන පත්වීම් ය. ඉතිරි 14දෙනාගෙන් ද තිදෙනෙක් විශා‍්‍රමික විදේශ සේවයේ නිලධාරිහු වෙති.

    ශී‍්‍ර ලංකාවේ විදේශ සේවයට ඇතුලත්වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් කිහිපයක් ඇත. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගත් උපාධියක් ඇති වයස අවුරුදු 32ට අඩු අයෙකුට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් පවත්වන විවෘත තරග විභාගයට ඉදිරිපත් විය හැකිය. ඉන් සමත්වන අය ලෝක ඉතිහාසය, ලංකා ඉතිහාසය, සංස්කෘතිය සහ විදෙස් කටයුතු පිලිබඳව පවත්වන සම්මුඛ පරීක්ෂණ දෙකකට මුහුණ දිය යුතු ය.එම අපේක්ෂකයින් විදේශ භාෂාවක් හෝ භාෂාවන් පිලිබඳව පරිණත දැනුමක් සහිත විය යුතු ය.

    මෙසේ වසරකට 10-11 ක පමණ පිරිසක් වාර්ෂිකව විදේශ සේවයේ 3වන ශ්‍රේණියට බඳවා ගැනේ. ඔවුන්ට විදේශ සේවය පිළිබඳ පුහුණුවක් ද ලබා දෙනු ලැබේ. විදේශ සේවයේ උසස්ම තනතුර වන්නේ තානාපති හෝ මහ කොමසාරිස් ය. ඉහත බඳවා ගැනීමේ ක‍්‍රමවේදය අනුව විදේශ සේවයට ඇතුල්වන ආධුනිකයෙකුට තානාපති ධූරය දක්වා ගමන් කිරීමට කඩඉම් ගණනාවක් පසු කර, පශ්චාත් උපාධියද සමත් වී වසර 15ක පමණ පළපුරුද්ද ලබා ගත යුතු ය.

    ක්‍රිස් නෝනිස්ලා, සුදර්ශන සෙනෙවිරත්නලා වෙන වෙන වැඩ කරමින් සිට විදේශ සේවයට අහසින් පාත් වන්නේ මේ කිසිවක් නොමැතිව ය.

    සජින් වාස් ගුනවර්ධන වැනි දේශපාලකයන් සමග කටයුතු කරන්නට පවා පුහුණුවක් අවශ්‍ය ය. වතුර වගේ ඉංග්‍රීසි කතා කළ පළියට විදේශ සේවයේ වැඩ කළ නො හැකි ය. අනෙක රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු ඇමරිකාවට හා යුරෝපයට ඉංග්‍රීසියෙන් බනින්නට පුළුවන් වීම පමණක් නො වේ.

    ලංකාවේ තානාපති සේවයට පත් කරන ලද දේශපාලන බත්බැලයන් අතර සිටි ජනාධිපතිගේ ළඟ නෑයකු වන ජාලිය වික්‍රමසූරිය වොෂින්ටනයේ තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිළ දී ගැනීමේදී කොමිස් ගසා අසු වී සේවයෙන් ඉවත් කරන ලදී.

    ලංකාවේ විදේශ සේවය සින්න වී ඇත්තේ මෙබඳු පුද්ගලයන්ට ය.

    ක්‍රිස් නෝනිස් ලංකාවට යම් සේවයක් කරන්නට තිබුණු උවමනාව නිසා ආණ්ඩුවට සම්බන්ධ වන්නට ඇත. එහෙත්, ආණ්ඩුව කියන්නේ රජ පවුල වෙනුවෙන් මහජන මුදල් ගිලින බිස්නස් කරන සජින් වාස්ලා මිස ක්‍රිස් නොනිස්ලා නොවේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,089
    5,881
    113
    canada
    කරත්ත එංජින් මොල මත දුවන කෝච්චි
    copyright :ansathudinapotha blogspot


    14%2B-%2B1


    උදේ පාන්දර කෝච්චිය එනකල් ඉස්ටේසමේ වාඩිවෙල ඉන්නකොට අලුත් පන්නයේ රී ලෝඩ් කාරයෙක් ආව. ඕනම නෙට්වර්ක් එකක රීලෝඩ් මිනිහ ගාව තියෙනවා. බස් ටිකට් මැසිම වගේ එකක් අරගෙන එවෙලම රී ලෝඩ් එක දාල දෙනවා. හරි ලේසි වැඩක්.
    හැමදාම කෝචිචිනේ ඇවිත් ස්ටේෂමෙන් පිටවෙන අවස්ථාවෙ පුදුම තදයක්. මිනිස්සු වෙලාවට කාර්යාලෙට යන්න ඕනි නිසා තෙරපෙනවා පොරකනවා. මොකද මේ තෙරපුම ? දුම්රිය සේවයේ තාමත් පැරණි ක්‍රමයට මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත් වන විට ටිකට් චෙක් කරනවා. එලියට එන්න ඉන්න සිය ගානක් දුම්රිය මගීන් ගාන ආම්බාන් කරන්න චෙක් කරන්න සේවකයින් දෙන්නෙකුට අමාරුයි. ඒ නිසා හැමදාම කාර්යබහුල වෙලාවල් වල පිටවීමේ කවුන්ටර වල ලොකු කලබලයක්.
    ටිකට් හා සම්බන්ධ දුම්රිය සේවයේ ලොකු සෙනගක් ඉන්නවා.
    මුලින්ම ටිකට් එක නිකුත් කරනවා.
    ඉන් පස්සෙ එක්නෙක් ටිකට් එක බලලා හිල් කරලා අපි දුම්රිය ස්ථානය තුලට දමනවා.
    එතනින් ගියාට පස්සෙ කෝචිචියෙදි ටිකට් චෙකර්ස්ලා ආවොත් එයාලත් ටිකට් එකේ සලකුනක් කරනවා.
    අවසානෙ අපි එළියට යනවිට ටිකට් ටික එකතුකරනවා.
    ඒ එකතු කරන ටිකට් ආයිත් වර්ග කරනවා. වර්ග කරලා සංඛ්‍යාලේඛන හදනවා.
    මහ විසාල අපායේ පව් පොත වගේ පොතක් ඇරගෙන ටිකට් ගනන් කරන සේවකයෙක් මම ඉදහිට ඉස්ටේසමේ දකිනවා.
    ටිකට් නිකුත් කරන වැඩෙත් ඔය වගේ මැනුවල් ක්‍රෙම්කට තමයි තාමත් වෙන්නෙ.
    සෑම දුම්රිය ස්ථානයකටම ටිකට් මැෂින් දීල මැෂින් ටික ඔක්කෝම එක ජාලයකට සම්බන්ධ කරලා බස් ටිකට් මැෂිම වගේ එකකින් ටිකට් නිකුත් කරන්න පුළුවන් නම් ඒ හරහා එක තෝරාගත් පැයකදි ලංකාවෙම ටිකට් කීයක් නිකුත් වුනාද සල්ලි කීයක් එකතු වුනාද කියාල ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙනවා.විශාල පුවරුවක එක එක පැතිවලට යන ටිකට් තියාගෙන දුම්රිය අයකැමියො අද විඳින දුක බටන් කිහිපයක් එබීමෙන් නැතිකරන්න කරගන්න අවස්ථාවක් අලුත් මැෂින් ආවොතින් දුම්රිය ටිකට් නිකුත් කරන අයට ලැබෙනවා. බාගෙදා මේ ටිකට් වල අනික් පැත්තෙ මොකක් හරි ඇඩ් එකක් දාල ඒකෙනුත් කීයක් හරි හොයාගත හැකි වෙයි.
    එහෙම වුනානම් දුම්රිය ස්ථානවල පිටවීමෙදි ටිකට් පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නැහැ. හරිම සරලව වැඩේ යනවා.අවශ්‍යනම් හොරට යන අය අල්ලන ටීම් ගාන වැඩිකරලා ටිකට් පරීක්ෂාව කරන්න පුළුවන්.
    ලංකාවෙ ඕනම මොබයිල් නෙට්වර්ක් එකකට පොඩි අතේ ගෙනියන මැසිමකින්, රීලෝඩ් දාන්න පුලුවන් මට්ටමට තාක්ෂනේ දියුනු වුනත් තාම දුම්රිය ටිකට් නිකුත් කිරිම යන්නෙ බරකරත්ත යුගේ. පිටවීමේදී පරීක්ෂාකරන ක්‍රමවේදය ඉවත් වෙලා බොහෝ කල් වුනත් තාමත් දුම්රිය එතනමයි. අනේ කවදා නම් ඇමතිවරුන්ට ලොකු කොමිස් ගහන්න පුළුවන්, මේ වගෙ ප්‍රයෝජනවත් වැඩ මතක් වේවිද? එදා දවස උදා වේවිදෝ.