දේශපාලන අනාථයන්ගේ සන්ධානයක් මැතිවරනයට
ඉදිරි මහ මැතිවරණය සඳහා කිසිදු ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන අනාථයන් එකතු කොට නව දේශපාලන සන්ධානයක් ගොඩනැගිමේ උත්සහයක විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමක් උත්සහ කරමින් සිටින බව වාර්තාවේ.
පරාජිත ජනාධිපති අපේක්ෂකයා වූ මනින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් මෙම සන්ධානය ගොඩනැගීමට ඔවුන් බලාපොරොත්තු වන අතර මේ සඳහා හෙළ උරුමයෙන් ඉවත්කරනු ලැබූ උදය ගම්මන්පිළ, එජාපයෙන් ඉවත් කරනු ලැබු තිස්ස අත්තනායක හා පසුගිය කාලයේ එජාපයෙන් සන්ධාන ආණ්ඩුවට එක් වූ මන්ත්‍රී පිරිසක්ද සූදානමින් සිටී.
එමෙන්ම පත්කළ මන්ත්‍රී ටිරාන අලස්ද මෙම සන්ධානයට එක්වීමේ අපෙක්ෂාවෙන් පසුවෙයි. පසුගිය කාලයේ සන්ධාන ආණ්ඩුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා ගැනීම සඳහා රාජපක්ෂවරු වෙනුවෙන් කෝටි සියගනනක් ඔහු වැය කළේය.
කෙසේ නමුත් ඉදිරි මහමැතිවරණයේදී නාමල් රාජපක්ෂට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. එහෙත් පසුගිය ජනවාරී 09 වන දින පාන්දර බලය කොල්ල කෑමේ කුමන්ත්‍රණයක් සිදු කළ බවට නැගෙන චෝදනා ඔප්පු වුවහොත් මහින්ද රාජපක්ෂ අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ඇති අතර ශ්‍රි ලනීපයේ අනුශාෂක ධුරයෙන්ද ඉවත් කෙරෙණු ඇත. ඒ අනුව නාමල් රජපක්ෂට වුව ශ්‍රී ලනීපයෙන් නමයෝජනා ලැබීම අවිනිශ්චිතය.