දේශපාලන අරමුණු ඇති බව

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දේශපාලන අරමුණු ඇති බව

    අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති 3 ක් ගතවූ පසු මේ වනවිට ශ්‍රී ලංකාවේ නම යළිත් විදෙස් මාධ්‍ය තුළද අයහපත් ලෙස කථාබහට ලක්වන තැනට වැඩ සිදුවෙමින් පවතී. ඒ මුස්ලිම් විරෝධී ප්‍රතිප්‍රහාරදීම් සම්බන්ධයෙනි.
    මෙහි නොගැළපෙන ලක්ෂණය වන්නේ අයි එස් උවමනාවකට කතෝලික පල්ලි හා විදේශිකයින් ඉලක්කකර ඔවුනගේ නියෝජිත ජාතික තවුහිත් ජමාත් ඇතුළු කල්ලි ඔස්සේ 21 වනදා ප්‍රහාරය ජාත්‍යන්තර පලිගැනීමක් අරමුණු කරගෙන සිදුවුවත් මේ වනවිට ලංකාවේ ප්‍රතිප්‍රහාර සිදුවන්නේ
    සිංහල බෞද්ධයින් සාමාන්‍ය මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන විමයි.
    එහි සටන් පාඨ වී ඇත්තේ පෙර සිදුවීමට අදාළ නැති මුස්ලිම් කඩ වර්ජනය කිරීම, මුස්ලිම් අධ්‍යාපන ආයතන වසා දැමිම ආදියයි.

    ලංකාවේ වාසය කරන ලක්ෂ 20 ක් (මිලියන 2) වූ මුස්ලිම් ජනතාව අතුගා දැමිය යුතුය යන්න මෙම විරෝධතාකරුවන්ගේ දුෂ්කර අරමුණයි.


    විශේෂයෙන්ම මීට කලකට ඉහත නීතිය මගින්ද මුලිනුපුටා දැමීමට වෙර දැරූ සිංහල බෞද්ධ අන්තවාදය පෙර කී නොගැළපෙන අරමුණ ඉටුකරගැනීමට යළි කලඑළි බැස ඇති සෙයක්ද දක්නට ලැබේ.

    මෙම ගැටුම් කවරක් සඳහාද යන්න විමසීමේදී එහි දේශපාලන අරමුණු ඇති බව දැනටමත් බුද්ධි අංශ වාර්තාවලට ඒත්තු ගොස් ඇති බව ඊයේ (13) පළවූ ලිපියකින් ඒඑෆ්පී පුවත් සේවය අනාවරණය කර ඇති අතර සංවිධානාත්මක ලෙස දිවයිනේ ස්ථාන කිහිපයක ගැටුම් අවුළුවා රටේ අස්ථාවරත්වය ඉදිරි මැතිවරණයක් දක්වා කඩින් කඩ පවත්වා යාමත් මැතිවරණයේදී මෙම තත්වය වෙනස් කළ හැක්කේ අහවලාට පමණි යන විකල්පය ඒ අනුව ප්‍රබල ලෙස මතුකර ගැනීමත් අවශ්‍යවී ඇති බව පුවත් වාර්තාවේ වැඩිදුර සඳහන් වේ.

    මේ වනවිට දිවයිනේ විවිධ දෙසින් වාර්තාවන කලකෝලාහල සහ එනිසා සිදුව ඇති මරණ ගැන මේවනවිට තොරතුරු ලැබෙමින් පැවතුණත් පොලිස් මාධ්‍ය වාර්තා මගින් තහවුරු කරන තුරු සියලුම දේශීය මාධ්‍ය ඒ ගැන හෙළි නොකර සිටින්නේ තවදුරටත් මෙම ජාතිවාදය වැපිරීමට අවශ්‍ය නොවන නිසාය.
    විශේෂයෙන්ම වයඹ පළාතේ ස්ථාන ගණනාවක ඇතිවූ කලබල හා පොලිසි ඉදිරිපිට දැක්වූ විරෝධතා බොහොමයක් ආවේගාත්මක මානසිකත්වයෙන්


    හැසිරුණ තරුණ පිරිස් විසින් මෙහෙයවා තිබූ අතර පොලිසියට හෝ රජයකට විසඳුම් ලබාදීමට හැකියාවක් නැති 'ජාතියක් අතුගා දැමිය යුතුය ' වැනි ඉල්ලීම් ඔවුන් සිදු කර තිබෙන බව වාර්තාවේ.

    මෙම ආවේගාත්මක මානසිකත්වය පාස්කු ප්‍රහාරය නිසා හදිසියේ පැනනැගුණක් නොවන අතර දේශපාලන උවමනාවන්ට විවිධ කල්ලි අටවා මීට වසර කිහිපයක සිට පෝෂණය කරන ලද මුස්ලිම් විරෝධී මානසිකත්වය අවස්ථාවාදී ලෙස නැවත මතුකිරීමක් ලෙස හඳුනාගන්නට ලැබේ. මේ සඳහා පසුබිමින් කටයුතු කරන ලද සමාජ මාධ්‍ය බලවේග ගැනද බුද්ධි අංශ මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
    සිංහල බෞද්ධයන් ඉලක්ක නොවූ අයිඑස් ප්‍රහාරය සිංහල බෞද්ධයින් වෙත ඉක්මණින් ගෙන්වා ගැනීම මෙම ආවේගකාරී තරුණයින්ගේ උවමනාවයි.
    ප්‍රභාකරන් රටේ කොටසක් කඩාගැනීමේ අන්තවාදයකට පසුකාලීනව යොමු වුනේ 1983 කළු ජූලියේදී දෙමළ ජාතිකයින්ගේ කඩවල් ගිනි තබා නිවාස ගිනිතබා එළවා දැමීමට කටයුතු කළ සිංහල ජාතීවාදීන්ගේ අමනෝඥ වැඩවල ප්‍රතිඵල නිසා බව දැන් වයස 40 ට වැඩි වැඩිහිටියන් හොඳින් දන්නා කරුණකි.








     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඊයෙ ගහපුවගෙ වීවියෝ ෆොටෝ ෆේස්බුක් තියන ඒව ඔක්කොම රිපෝට් කරපල්ල . සින්හල නම් වලින් තම්බි ඒව දාන්නෙ දැන් . ඕකොම රිපෝට් කරමු මචන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ඊයෙ ගහපුවගෙ වීවියෝ ෆොටෝ ෆේස්බුක් තියන ඒව ඔක්කොම රිපෝට් කරපල්ල . සින්හල නම් වලින් තම්බි ඒව දාන්නෙ දැන් . ඕකොම රිපෝට් කරමු මචන්

    Pohottuwe un danawa anduwe wedak kiyala, Anduwe un danawa Pohottuwe wedak kiyala
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයෙ ගහපුවගෙ වීවියෝ ෆොටෝ ෆේස්බුක් තියන ඒව ඔක්කොම රිපෝට් කරපල්ල . සින්හල නම් වලින් තම්බි ඒව දාන්නෙ දැන් . ඕකොම රිපෝට් කරමු මචන්

    report karamu
    thambila komath social media gemak gahnawa dan unta gahuwa kiyala

    hama ekama palli walata gahapu photos WhatsApp /viber / imo insta fb dagne adanawa kari wesa thambi
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේ වගේ වෙලාවට බොදු බලේ මහසෝන් බලකාය ගෝට බැක් කරන ඒව නෙවෙයි.එයාල තනියම ක්‍රියාත්මක වෙලා :lol::lol:
    අනිත් වෙලාවට ගෝට තමයි සිංහලය බේරගන්න ඕව හදල තියෙන්නෙ.පට්ටයි බං :lol:
     

    Similar threads