වන්දිභට්ටකම කළාවකි. නමුත් පමණ ඉක්මවා කරන වන්දි භට්ටකම සට්ටඹිකමට ආරෝපනය වන බව නොකිවමනාය. ඒසේ හෙයින් නායකයන් විනාශ කරන මේ වන්දිභට්ටකම මා සට්ටඹි නමින්ම හඳුන්වමි.
මේ වන්දිභට්ට කළාවේ යහපත ගැන නිශ්ශංකමල්ල රජුගේ ගල්පොත ශිලා ලිපියේ දක්වා ඇති පරිදි “රජෙකු පය ලූ මහත් මාත්‍රයක් හෝ රජ තන්හි තබා රාජ්‍ය රැකගත්තාට කම් නැත”. ඒහෙත් මෑත දශක කිහිපයක පාලක පැලැන්තියේ වන්දිභට්ටකම් කරනුයේ රාජ්‍ය රැකගන්නට නොව පෞද්ගලික සුඛ විහරණය පිණිසමයි.
සුද්දා රට අල්ලා ගත්තාට පසු, අපේ උදවිය උන්ගේ දෑත්ද, ගාත්ද, පස්සාද ඉඹින්නට ගත්හ. සත්වැනි එඩ්වඩ්ගේ ඇවෑමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙහි රජකමට පත්වූයේ පස්වැනි ජෝර්ජ්ය. එම අභිෂේක මංගල්ලයට යටත්විජිතවල නියෝජිතයන්ටද ඇරැයුම් ලැබුණි. ඊට සහභාගිවීමට සිරිලංකාවෙන් ගිය එක් ප්‍රභූවරයකු වූයේ, වැලිතර මහා කප්පින වලව්වේ, ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිඳුන්ය. එතුමා ආපසු සිය රට ආ පසු, ජෝර්ජ් රජ්ජුරැවන්ගේ මංගල්ලයට යාමට නොහැකි වූ ඇතැම් පිරිස්, ඒ හිලව්වට මෙන් වාසල මුදලිතුමාට උත්සවාකාරයෙන් පිළිගෙන හරසර දැක්වූහ. ඒ අවස්ථාවේ බැඳුණු තොරණක ලියැවුණු කවියක් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා විජය ශ්‍රී වර්ධනයන්ගේ ‘තොරණ් කවි’ ග්‍රන්ථයෙහි මෙසේ දැක්වෙයි.
විජය සිරිදැරු තෙදැති ජෝර්ජ් නම් මහා නිරිඳුටා
සුජය ඉංග්‍රීසි කිරුළ නිසි ලෙස පැළඳවීමේ මඟුලටා
තෙජය විකුමැති රාජපස මහ මුදලි සඳ ගොස් එනවටා
විජයමුනි අල්ලිස් ද සොයිසා බැන්ද ගෙඩිගෙය බලතුටා
වන්දිභට්ටයන් ගැන මේ සිරි ලංකාවට ඇත්තේ රාජකීය ඉතිහාසයකි. රජු ඉදිරියේ දණ ගසා, ඔවුනට ප්‍රශස්ති ගැයූවන් ගැනද අප අසා ඇත. මේ වන්දිභට්ට සිරිත, 1948 නිදහස ලැබුවායින් පසුවද වෙනස් වූයේ නැත. පාලකයන්ගේ දෙපා මුල වැඳ වැටුණු මැති ඇමැත්තෝ ඕනෑතරම් සිටියහ.
අප රටේ 1948න් පසු බලයට පැමිණි සියලු නායක නායිකාවන් වටා දේශපාලන සට්ටඹි රොක් විය. හැම දේටම ඒහෙයි කියමින් නායකයන් වැරදි උපදෙස් ලබා දෙමින් මෝඩ චූන් දීමත් ඔවුන්ගේ කාරිය විය.
පසුගිය දිනක තළතා අතුකෝරාල මරු පහරක් දුන්නේ මේ සටටඹි කලාවටයි. තලතාගේ කථාව දෝංකාරය නිම වෙන්නත් පෙර ඒදිනම පත්වූ තවත් මන්ත්‍රීවරයෙක් සට්ටඹි රාජකාරිය මනාවට පෙන්නුම් කලේය.
සිරිමාවෝ යම් තරමකට හෝ සට්ටඹි කළාවට හසුවූයේ ඇය අග්‍රාමාත්‍යවරියක වූ පළමු කාන්තාව නිසා විය හැකියි.
ජේ ආර් ජයවර්ධන සටටඹියන්ට හසුවූයේ ප්‍රේමදාසට විරුද්ධව ආතල් දුන් තරමයටය.
ප්‍රේමදාස සටටඹි කළාවට භාජනය වූයේ උපරිමයෙන්ය. යස් සර්, ඒහෙම හොදයි සර්, ඒ්කනේ සර්. එහෙත් ප්‍රේමදාස සමග සට්ටඹි කම් කිරීමට නිර්භීත වූයේ අතලොස්සක් පමණි. ප්‍රේමදාස ජනපතිගේ කාලයේදී එතුමාගේ සෙරෙප්පුවෙන් සුප් හදා බීමට ඉදිරිපත් වූ වන්දිභට්ට ඇමැතීන්ද සිටියේය.
ඩීබී සට්ටඹියන්ට හසුවූයේ නැති තරම්ය. යම් කිසි කේලමක් හෝ අනවශ්‍ය වර්ණනාවක් හෝ කළ යමෙක් ඉතා ඉක්මණින් මග හැරීමට කටයුතු කලේය.
චන්ද්‍රිකා තරම් සට්ටඹි ආතල් විදි අයෙක් නැති තරම්ය. මෝඩ වර්ණනා හිස් මුදුනින් පිළිගෙන දේශපාලන අනාතභාවය අත පල්ලට ගෙන්වා ගත්තේය. යස් මැඩම්, ඒ්කනේ මැඩම්, ඒහෙම කරමු මැඩම්. මැඩම්ගේ කථාව අද නම් නියමයි. චන්ද්‍රිකා අහ්ලාදය වින්දේ කොක්හඩලාය.
මහින්ද මුල් කාලයේ සට්ටඹි කළාවේ ප්‍රභල රසිකයෙක් විය. සට්ටඹියන්ට කෘත ගුණ දැක්වූයේ විවිධ වරප්‍රසාද තනතුරු තාන්න මාන්න ලබා දෙමින්ය. සට්ටඹියන්ගේ රසිකයෙක් වූ තරමට නමුත් උපදෙස් අනවශ්‍ය බව ප්‍රත්‍යක්ෂ කර සිටියේය.
රනිල් හුදෙකලා සට්ටඹි රසිකයෙක්ය. ඔහුට අවේණික සට්ටඹියන් රොත්තක් සිටි. ඒහෙත් ඔවුන්ගෙන් රටට වන හානිය අඩුය. මන්ද රනිල් කිසිවෙක් රාජකාරී මට්ටමින් ඔබ්බට සැලැකිලි නොකරන නිසාය. රනිල්ගේ සතුරන්ට පහර දීම රනිල්ගේ සතුටට හේතුව බව ඒම ආවේණික සට්ටඹියන්ගේ වටහා ගැනීමයි.
සජිත් සට්ටඹි කලාවේ උපරිමයෙන් පරිහානියට යන අයෙකි. තම පියාට කෘත ගුණ දක්වන ලක්ෂ 30ක ස්ථාවර ඡන්දයක් තිබියදී, දේශපාලන අනාගතයක් උරිමයෙන් තිබියදීත් සට කපට සට්ටඹියන්ගේ ගොදුරක් බවට පත්ව විනාශ වන්නෙකි. තලතා අතුකොරාල මේ බව සාක්ෂ්‍ය සහිතව පසුගිය දිනක පැහැදිලි කථාවකින් හෙළි කළේය. ඉදිරි ජනාධිපතිවරණයෙන් සිදුවන්නට යන හානිය වටහා ගැනීමට සජිත්ට තම ගෝල බාලයන් ඉඩක් නොදෙයි. වන්දිභට්ටයන්ගේ අතොරක් නැති ප්‍රශස්ත ගීත රස විදිමින් පලගැටියෙකු සේ විනාශයට ඇදගෙන යයි.
වන්දිභට්ටයා යන්නෙහි තේරුම, රජුන් ආදී ඉහළ පෙළේ උදවියගේ ගුණ අතිශයෝක්තියෙන් වර්ණනා කරන්නා යනුය. වර්තමානයේ රජවරු නැත. එහෙත් අගමැතිවරු, ජනපතිවරු, මැති ඇමැතිවරු සිටිති. වන්දි භට්ටයෝ ඕනෑවටත් වඩා සිටිති. ඕනෑම ආයතනයකින් දහදොළොස් දෙනෙක් පහසුවෙන් සොයාගත හැකිය. ඔවුහු තමන්ගේ ලොක්කන් වන්දන මානනය කරමින්, කරදරයකින් තොරව තම පැවැත්ම කරගෙන යති. ඕනෑම මෝඩයෙකුට ඇත්ත කීමට පුළුවන. එහෙත්, හොඳම බොරැ කිව හැක්කේ දක්ෂයකුට පමණි. මෙය, වන්දි ජනයා සම්බන්ධයෙන්ද සත්‍යයකි. හොඳම වන්දි ගායනා කරන්නාට, හොඳ හොඳ ‘වන්දි’ ද ලැබේ.