දේශපාලුවෝ ඇයි අරගලයේ නායකත්වය කවුද කියලා අරගලයටම කියන්නේ?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ වෙලාවේ අපි ගොඩක් අයගේ ලේ කෝප වෙලා ඇති අවස්ථාවක්, ඒ කෙසේ වෙතත් , අපි Mr බටලන්ද තරම් ප්‍රාථමික නැති නිසා ,ඌට වඩා අපි විද්වතුන් වෙන නිසා මොකද්ද මේ වෙන්න යන්නේ කියන එක ගැන සටහනක් තියන්න හිතුනා

    හෙන interesting දෙයක් තමයි , අරගලයේ නායකත්වය කවුද කියලා විදහා දක්වන්නේ අරගලයට එරෙහි පැත්ත. අරගලය ඇතුලෙන් අරයා මෙයා නායකයෝ කියලා කියලත් නෑ, එහෙම කියන්නත් බෑ. මොකද අරගලය කියන්නේ Decentralized power එකක්. ඒ කියන්නේ එක පුද්ගලයෙක් වටා විහිදිලා නැති බලයක්. ඒක තමයි අරගලයේ එකම දුර්වලකම සහ අරගලයේ එකම බලය. මේක සංවිධානයක් නෙමෙයි, Philosophy එකක්. එතකොට ඇයි දේශපාලකයන් ගේ පැත්තෙන් අරගලයේ නායකයෝ කවුද කියලා අරගලයටම කියන්නේ? මොකද්ද මේ කරන්න හදන්නේ?

    මේක තමයි Centralizing of Power කියලා කියන්නේ. ඒ කියන්නේ බලය මධ්‍යගත කිරීම.

    උදාහරණයක් විදිහට අපි රැට්ටා ගමු. රැට්ටා අරගලයට සෑහෙන්න දෙයක් කලා, ඒත් රැට්ටා වගේම, තව කොල්ලෝ කෙල්ලෝ කීයක් අරගලයේ පළවෙනි දවසේ ඉඳන් ඉන්න ඇත්ද? ඇයි රැට්ටා වගේ අය විතරක් "අරගලයේ නායකත්වය" කියන කුලකයට අයත් වෙන්නේ? සරලයි. දේශපාලකයෝ මේ කරන්න හදන්නේ, අරගලයට සහභාගී වෙච්ච රැට්ටා වගේ ජනප්‍රිය චරිත අල්ලලා, ඒ අයව අරගලයේ සංකේතයක් කිරීමයි. එතකොට යම් තරමක් අරගලයේ decentralized බලය, සංකේතාත්මකව රැට්ටා මත Centralize වෙනවා. එතකොට උන්ට පුලුවන් රැට්ටා ව මොකක් හරි බොරු හුට පටයක් කියලා arrest කරන්න. අරගලයේ "සංකේතය" arrest කරලා පුලුවන්, අරගලයේ moral එක කඩන්න.

    අපි උන්ට කලෙත් එක අතකින් මෙකමයි. රජයක් කියන්නේ කොහොමත් centralized බලයක්, ඉතින් ඒකේ සංකේතේ වෙන ජනාධිපති ව පැන්නුවට පස්සේ ඒකේ බලය හීන වෙනවා. ඒත් උන්ට ඒක අපිට කරන්න බැහැ, මොකද අපි centralized බලයක් නෙමෙයි. ඉතින් මේ කරන්න හදන්නේ අරගලය මුලින් centralized බලයක් කරලා, පස්සේ කඩලා දාන්න. (ඒකත් එක සීමාවකින් එහා කරන්න බෑ බඩගිනි මිනිස්සු අස්සේ, ඒත් ඒක ඔය බූරු දේශපාලකයන්ට තේරෙන්නේ නෑ.)

    මුන් මේ කරන හදන දේ සරලයි, ඒත් යම් තාක් දුරට වැඩ කරනවා. ඒ කෙසේ වෙතත්, ඔබ මේක කියවලා ඉවරවෙද්දී, ඒ Plan එකේ බලය හීන වෙන්න අරන් ඉවරයි. අපි මේ decentralized බලය තිතට භාවිතා කරන්න ඕනේ නම්, කරන්න ඕනේ අපේ ආකල්ප, philosophy එක තියුණු කරන එක. එකිනෙකා එක්ක කතාබහ කරන්න, ආකල්පගලපගන්න, එකිනෙකාට අරගලයෙන් අවශ්‍ය දේ අහලා දැනගන්න, ඔබට ඕනේ දේ පවා ඔවුන්ට කියන්න. Comment කරන්න, අපි අපේ අදහස් සංසන්දනය කරලා බලමු. අරගලයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (Joke දැම්මට කමක් නෑ, ගොන් joke දාන්න එපා ඒත්.)

    ප.ලි. - මෙච්චර ගේමක් දීලා, කබ්‍රාල්ගෙන් පටන් අරන්, කැබිනට් එක කුඩුපට්ටම් කරලා, බැසිල්, මහින්ද, ගෝඨා ගෙදර යවලා, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරපු අරගලය ෆේල් නෑ. ෆේල් උනේ අරගලයට කලින් තිබ්බ සිස්ටම් එක. ඒ සිස්ටම් එක තමා මේ රනිල් ඇතුලු නාකි ටිකම ආයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ වැරැද්ද උන්ට ඡන්දෙ දුන්න අපේ. ඊළඟ පාර ඒ වැරැද්ද ආයෙ නොවෙන්න හදා ගමු. දැනට, මොලෙන් ගේම ගහමු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,647
    100,907
    113
    Decentralized power එකක් උනත් මැනිපියුලේටස්ල ඉන්නව. කෝඩිනෙටස්ල ඉන්නව. Decentralized සිස්ටම් එකක් ෆේල් කරන්න පුලුවන් ලේසිම විදිය තමා මැසෙජස් වල තියෙන විශ්වාසනීය බව නැති කරන එක. මේක දැනටම වෙනව. අරගලයට එන්න කියල පෝස්ට් එකක් දාල ඒකට වැටෙන හා හා කමෙන්ට් චෙක් කරල මේක බලාගන්න පුලුවන්.

    ඕක දැන් ස්ටොප් කරල රීස්ටාර්ට් කරන්න ඕනි. හේතුව

    මුල ඉදලම අරගලය සන්විධානය උනේ ගෝඨට ගෙදර යන්න කියන්න. එතකොට ඇයි ගෝඨ ෆේල් කියන එක වටා තමා මිනිස්සු එකතු උනේ. දැන් ඒ ප්ලැට්ෆොර්ම් එක උඩ ඉදගෙන රනිල් ගෝ හෝම් කිව්වට ගෝඨ ගෝ හෝම් කියපු එක තරන් පවර් එකක් නෑ. ප්ලැට්ෆොර්ම් එකේ ගෝල් එක සක්සස් වෙලා ඉවර නිසා යට ලේයර් වල ඉදපු ගොඩ දෙනෙක් මේ වෙනකොට අයින් වෙලා ඉන්නෙ.

    මේ පාර යටම ඉදල බයියන්ගෙත් සපෝට් එක ඇතුවම ඕක පටන් ගන්න ඕනි නැත්තන් යට සපෝට් එක ඇති කියල ස්ටෙජ් එක උඩ නටන්න ගිහින් ස්ටෙජ් එක කඩාගෙන වැටුනොත් අලුත් ස්ටේජ් එකක් හැදුවම අලුත් නැට්ටුවො ටිකකට තමා නටන්න වෙන්නෙ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    දැන් ඒ ප්ලැට්ෆොර්ම් එක උඩ ඉදගෙන රනිල් ගෝ හෝම් කිව්වට ගෝඨ ගෝ හෝම් කියපු එක තරන් පවර් එකක් නෑ.
    අන්න ඒකයි.. ගෝටා ගියාට පස්සෙ රනිල් go home කියල පෙරට්ටෝ යි අන්තරේ වුනුයි කෑගැහුවට මිනිස්සු එකතු නොවෙන එක හොඳයි.. මොකද ඒකෙ තේරුම උන්ට එතන centralized power එකක් නෑ කියන එක.. දැන් කරන්න ඕන ඔය උඹ කිව්ව වගේ අළුත් tagline එක්ක අලුත් මිතුරෝ (සජබ / බයියො ) එක්ක වැඩේ මුල ඉඳන් පටන් ගන්න එක..