පුරවැසියන් යම් රටක සමාජයේ සාමය ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසා, අපරාධ අවම කර ගන්න අවශ්‍ය නිසා තමන් සතු පුරවැසි බලයෙන් කොටසක් පරිත්‍යාග කරලා ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා පාලනයක් හදා ගන්නවා. ඒ පාලනය අරගෙන යන්න ඡන්දය දීලා රජයක් පත් වෙනවා. ඒ රජයේ රට ඇතුලේ සාමය පවත්වා ගෙන යන වගකීම, නීතීය ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ පොලිසියට.
ඉතිං පොලිසිය මේ භුක්ති විඳින්නේ ජනතාවගේම ස්වෛරී බලයක්. ජනතාව තම නිදහසෙන් කොටසක් කැප කරලා, තම බලයෙන් කොටසක් මොවුන් මත පටවලා තියෙන්නේ සමාජය තුල සාමය හා සාධාරණත්වය පවත්වා ගෙන යන්න. ඒක කොන්ත්‍රාත්තුවක්. අපි ඒකට කියන්නේ social contract එකක් කියලා. ඒ social contract එකට අනුව ඔබ රටේ ව්‍යවස්ථාවට, පරිපාලනයට, ලබා දීපු බලය තමයි පොලිසිය පාවිච්චි කරන්නේ.
ඉතිං මේ බලය කෙනෙකුට දීපු ගමන් එම පුද්ගලයාට සිය රාජකාරිය සඳහා ඒක භාවිතා කරන්න පුළුවන්. බොහෝ විට වෙන්නේ ඒක නිවැරැදිව පාවිච්චි කරන එක. ඒත් මිනිසාට බලයක් ලැබුන විට ඔහු ඒක අවභාවිතා කරන්න ලේසියෙන් පෙළඹෙනවා. ඒක තමන්ට අයිති සීමාවෙන් ඔබ්බට ගිහින් පුරවැසියන්ට එරෙහිව පාවිච්චි කරන්න පොලිස් නිලධාරීන් කටයුතු කරන එක සුලභ දෙයක්. එසේ වීමෙන් පුරවැසියන්ව ආරක්ෂා කර ගන්න තමයි මානව හිමිකම් තියෙන්නේ. කිසිදු පුරවැසියෙකුගේ මානව හිමිකමක් උල්ලංඝනය කරන්න කිසිදු රාජ්‍යයකට හෝ ඒ රාජ්‍යයේ බලය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.
ඒබ්‍රහම් ලින්කන් කියනවා ඔබට යමෙකුගේ චරිතය ගැන හරියරම බලා ගන්න ඕනේ නම්, ඔහුට හෝ ඇයට බලය දීලා බලන්න කියලා. (If you want to test a man's character, give him power). ඉතිං මේ පොලිසියේ ඉන්න අය අපිම දීපූ බලය දරා ගෙන ඉන්නේ. ඔවුන්ට එයට පුහුණුවක් ලැබෙනවා. ඒත් අපි දකින ගොඩක් අය මේ බලය තමන්ට ලැබෙනවට වඩා වැඩි සීමාවකට පාවිච්චි කරනවා. එමගින් සාමාන්‍ය පුරවැසියන් හට ඇති කරන පීඩාව සුළු පටු නෑ. ජනතාවගේම බලය ලබා ගෙන, ජනතාවගේම බදු මුදලින් වැටුප් ලබන රැකියාවක් කරන මොවුන් මේ බලයම ජනතාවට එරෙහිව නිර්ධය ලෙස පාවිච්චි කරනවා. ඒ තමන්ගේ පුද්ගලික වුවමනාවට වෙන්න පුළුවන්, නැත්නම් තමන්ට වාසි ලබා දෙන දේශපාලන බල අධිකාරියේ වුවමනාවට වෙන්න පුළුවන්.
පොලිසියේ කෙනෙකුට මේ බලය නැතිව ජිවත් වීමත් අභියෝගයක්. ඒ බලයට හුරු උන කෙනෙක්, එතනින් ගලවා ගන්න ලේසිත් නෑ. පෙන්ෂන් ගියත් පොලිසියේ අයට ඒ බලය අතාරින්න අමාරුයි. අපේ ඇතැම් දේශපාලකයන් වගේමයි, බලයට පුරුදු වෙලා ඒක නැතුව ඉන්න දන්නේ නෑ.
යුක්තිය බැරි නම් මොන මෙහෙයුම කළත්, සියළු පුරවැසියන් ගේ මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි දැන් නම් ජීවිතත් නැති වෙන ගාණට ඇවිත්. මේ ඝාතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම තමයි හැබෑ යුක්තිය. ඒ යුක්තිය ඉටු වෙනකං අපි බලාගෙන ඉන්නවා.
කොහොම වුනත් ඉදිරි කාලය තුල මේ සමාජය යළි බය කර ගන්න දේශබන්දුලා උත්සහ කරාවි. තමන් වැඩ කරන, තමන් රකින, තමන් රැකෙන සිස්ටම් එක රැක ගන්න ඔවුන්ට ඕනේ. ඒක කරන්න නම් මේ සමාජය ආයෙත් බය කර ගන්නම ඕනේ. සිස්ටම් එක වැටෙන්නේ තමනුත් එක්කම කියලා ඔවුන් දන්නවා.
මේ මරණයට යුක්තිය ඉටු කරගැනීමට රට තුල හඬ නැගීම අප සැමගේ වගකීමයි.
මිය ගිය පුරවැසියා ගේ පවුලේ සැම වෙනුවෙන් සතීශය සංවේගය!!!
දේශබන්දුට පොලිස්පති කම දුන්නත් ඔය වගේ තමයි. යමෙකු ඔබට හරියටම හඳුන ගන්න ඕනේ නම්, ඔහුට බලය දීලාම බලන්න.
පැතුම් කර්නර් #හරිත