දේශයේ ප්‍රථම හා එකම පිළිකා නාශක එන්නත් නි&#352

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දේශයේ ප්‍රථම හා එකම පිළිකා නාශක එන්නත් නි&#352

    17103369_423700317974853_3977337491410338256_n.jpg

    දේශයේ ප්‍රථම හා එකම පිළිකා නාශක
    එන්නත් නිෂ්පාදන කම්හල ඈවරයි

    නිලන්ත මදුරාවල

    ජානක ප්‍රනාන්දු සැබෑ ශ්‍රී ලාංකිකයෙකි. කිසිවකු ඉදිරියේ දණින් නොවැටී අල්ලස්‌ සන්තෝසම් මතින් අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ පටු ච්තනාවෙන් බැහැරව සිය ඉලක්‌කය හඹා යමින් සිටි දේශ හිතෛෂියෙකි. ජානක සැබෑ ශ්‍රී ලාංකිකයකු හෝ දේශ හිතෛෂියකු නොවන්නේ නම් තම ඉලක්‌කය වෙනුවෙන් මෙතරම් වෙහෙසෙන්නේ නැත. සිය ඉලක්‌කය මස්‌තකප්‍රාප්ත කර ගැනීම තමන් උපන් මේ පින්බිමේ අසරණ ජනතාවගේ සුවිශාල ජයග්‍රහණයක්‌ය යන්න ජානකගේ සිත්හි කි¹ බැස තිබූ සත්‍යයකි.

    ශ්‍රී ලාංකිකයකුට කිසිදා තනිව කළ නොහැකි ව්‍යායාමයක ජානක නිරතව සිටියේ මූල්‍යමය ශක්‌තිය පමණක්‌ නොව ඖෂධ නිෂ්පාදන තාක්‍ෂණයද බෙහෙවින් ඔහු ප්‍රගුණ කර තිබූ හෙයිනි.

    පිළිකා නාශක ඖෂධ යනු ලෝකයේ අතිශයින් ඉහළ මිල ගණන් නියම කෙරෙන ඖෂධයන්ය. ශ්‍රී ලංකාවද දිනෙන් දින පිළිකා රෝගීන්ගේ වර්ධනය හමුවේ අසරණව සිටින රටක්‌ බව පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. පිළිකා රෝගීන් වෙනුවෙන් ආණ්‌ඩුවද වසරකට රුපියල් බිලියන ගණන් වැය කරන්නේය. ඉන් වැඩිම ප්‍රමාණයක්‌ පිළිකා නාශක ඖෂධ සඳහා වැය කෙරෙන බව නොරහසකි. ආදි ආනන්දියකු වන ජානක ප්‍රනාන්දු පිළිකා රෝගීන්ගේ අසරණකමත්, ඔවුන් වෙනුවෙන් ආණ්‌ඩුව දරන වියදමත් කෙරෙහි බරපතළ අවධානය යොමු කරමින් දේශයට යමක්‌ කළ යුතුය යන උත්තරීතර පරමාර්ථය පෙරදැරිව අධිෂ්ඨානශීලී පියවරක්‌ තැබීය. ඒ මීට සිව් වසරකට පෙර එනම් 2013 වසරේදීය.

    රුපියල් කෝටි 40 ක ආයෝජනයකින් පිළිකා නාශක ඖෂධ හා එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්‌ ජානක ආරම්භ කිරීමට පියවර ගන්නේ ඒ අධිෂ්ඨානය අනුවය. "අයිසොලෙස්‌ බයෝටෙක්‌ පාර්මා ඒ.පී" නම් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාප භූමියේ පිහිටුවන ලද එම කම්හල ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පිළිකා නාශක එන්නත් නිෂ්පාදන ආයතනය විය. කප්පරක්‌ පිස්‌සු කෙළින දේශපාලකයන්ට වුවද හිස කරකවා බැලුවද අවබෝධ කරගත නොහැකි මට්‌ටමේ අති නවීන ජර්මන් තාක්‍ෂණයෙන් ඉදිකරන ලද බයෝටෙක්‌ පාමා සැබවින්ම ශ්‍රී ලංකාවේ සාඩම්බර උරුමයක්‌ කොට ගැනීම වෙනුවට පිළිකා නාශක ඖෂධ හා එන්නත් ආනයනය සඳහා වැය කරන රුපියල් බිලියන ගණන් ඉතිරි කර ගනිමින් එය රටේ සංවර්ධනයට යොදනු වෙනුවට සැබෑ ශ්‍රී ලාංකිකයකුගේ උත්තුංග පරමාර්ථය මල්ඵල ගැන්වීම සඳහා අතදෙනු වෙනුවට සිදු වී ඇත්තේ ජානකගේ ප්‍රයත්නය මජර දේශපාලනය හමුවේ විනාශ කරලීමය. ඉහළම තාක්‍ෂණයෙන් යුත් සියලු වර්ගයේ ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර මෙන්ම නිෂ්පාදනය කෙරෙන ඖෂධ තත්ත්ව පරීක්‍ෂණ උපකරණ පමණක්‌ නොව ඖෂධ නිෂ්පාදනයේ පුහුණුව ලත් ස්‌විස්‌ටර්ලන්ත හා ජර්මන් ජාතික මෙන්ම මෙරට කාර්ය මණ්‌ඩලයක්‌ ද "බයෝටෙක්‌ පාමා" සතු විය.

    කෙතරම් උසස්‌ තාක්‍ෂණයකින් අනූන වුවද පුහුණු කාර්ය මණ්‌ඩලයකින් සමන්විත වන්නේ වුවද ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වන්නේය. පසුගිය කාලය පුරාවටම ආයතනයේ හිමිකරුගේ ප්‍රයත්නය වූයේ ඒ අනුමැතිය ලබමින් පිළිකා නාශක ඖෂධ නිෂ්පාදන පෙරළිය මෙරට සනිටුහන් කිරීමට ය.

    එහෙත් සියල්ල සිදුවී අවසන්ය. පුරා වසර හතරක කාලයක්‌ ඖෂධ නිෂ්පාදන අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් යත්න දැරූ ජානක ප්‍රනාන්දු සිය කම්හල වසා දැමීමට තීරණය කර හමාරය.

    පසුගිය ආණ්‌ඩුවේ අවසන් කාලයේ නිෂ්පාදන අනුමැතිය හිමිවූ මෙම කර්මාන්ත ශාලාව විසින් ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්‌ථාවත් සමග 15 අවුරුද්දක්‌ ගිවිසුමක්‌ අත්සන් කර තිබිණි . මෙම ගිවිසුම අනුව දැනට ටෙන්ඩර් ක්‍රමයට සෞඛ්‍ය අමාත්‍යාංශය මිලයට ගන්නා රුපියල් ලක්‌ෂ 2 ට අධික පිළිකා නාශක එන්නත් රුපියල් 20,000 වැනි අඩු මුදලකට ලබාදීමට නියමිත විය. මෙම කර්මාන්තශාලාව මගින් මෙරට ස්‍යඛ්‍ය අමාත්‍යාංශයට හෝ විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යාංශවලට සැපයූ පිළිකා නාශක එන්නත් නොවන ජීව තාක්‌ෂණික නිෂ්පාදනයන්හි ප්‍රමිතිය ගැටලු සහගත නොවීය. මෙම ගිවිසුම අනුව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව කිසිදු සතයක්‌ වියදම් කිරීම අනවශ්‍ය වූ අතර ආයතනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාව වෙනුවෙන් නිෂ්පාදනය කරන පිළිකා නාශක එන්නත් ඇතුළු නිෂ්පාදිත ඖෂධ විකුණා ලැබෙන ආදායමෙන් සියයට 51 ක්‌ රජයටද, සියයට 49 ක්‌ ආයතනයටද හිමි වේ. එය ක්‍රියාත්මක වුණි නම් ලංකාවේ රජයෙන් 2015 හා 2016 යන වසරවල ඖෂධ ආනයනය සඳහා රජය වැයකළ රුපියල් බිලියන 80 න් වැඩි ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමේ හැකියාව තිබිණි.

    ඉහළ දේශපාලන බලපෑම් මත කර්මාන්ත ශාලාව වෙනුවෙන් එහි නිෂ්පාදනයන්ට අදාළව තවත් ජී. එම්. පී. (ගුඩ් මැනුපැක්‌චරින් ප්‍රැක්‌ටිස්‌) පරීක්‍ෂාවක්‌ කරන තෙක්‌ කිසිදු නිෂ්පාදන කටයුත්තක්‌ නොඅරඹන ලෙස හිමිකරුට දැනුම් දී තිබූ අතර නිෂ්පාදන අනුමත කිරීමේ µdaමියුලේෂන් අනුමත කිරීමේ කටයුත්ත තාවකාලිකව නවතා දමා ඇති බව සඳහන් කරමින් යහපාලන රජය විසින් 2015 මැයි මස 17 දිනැති ලිපියක්‌ කර්මාන්ත ශාලාවට අදාළව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති ලිපි ගොනුවට දමා ඇති බව පැවසේ. එතැන් පටන් අද දක්‌වාම ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රධානින් 3 දෙනෙකු පත්ව ආවත් ඒ කිසිදු අයෙකු නැවත ජී. එම්. පී. පරීක්‌ෂාවක්‌ සිදු කර මගහැරුණු අඩුපාඩු ඇත්දැයි සෙවීමට අද දක්‌වාම කටයුතු කර නැත. තවත් ජී. එම්. පී. පරීක්‌ෂාවක්‌ සිදුකර වෙනත් අඩුපාඩු ඇත්නම් ඒවා සකස්‌ කරන ලෙස තමන්ට දන්වන්නැයි අයිතිකරු නම්‍යශීලී වී අධිකාරියට දැන්වුවත් ඊටද ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

    මෙම තත්ත්වය මත නිෂ්පාදන කටයුතු අහිමි කිරීම හා මිනිස්‌ එන්නත් 14 ක්‌ නිෂ්පාදනයට අවශ්‍ය µdaමියුලේෂන් අනුමත කිරීමේ ලිපි ප්‍රමාද වීම සම්බන්ධයෙන්ද නැවත වතාවක්‌ ජී. එම්. පී. සිදුකිරීම ප්‍රමාද කිරීම පිළිබඳවද සෞඛ්‍ය වැටලීම් අංශයට හිමිකරු විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව පරීක්‍ෂණයක්‌ පැවත්වූ නමුත් එයද අතරමග නවතා දැමිණි. අයිතිකරුට සිදුවූ මේ අසාධාරණය පිළිබඳව ජනාධිපති පරීක්‌ෂණ කොමිසමටද පැමිණිලි කර ඇතත් ඒ ඔස්‌සේද කිසිදු සාධාරණයක්‌ ඉටු නොවීම බරපතළ තත්ත්වයකි.

    මෙහි ඇති ඇතැම් මිනිස්‌ එන්නත් නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර පසුගිය වසර හතර පුරාවටම අවම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා ක්‍රියා විරහිත කළහොත් නැවත පිළිකා නාශක ඖෂධ, මිනිස්‌ වැක්‌සීන හා ප්‍රතිජීවක වැනි මිනිස්‌ එන්නත් නිෂ්පාදනයට යොදා ගත නොහැකි වන නිසාය ඒ.

    ලංකාවේ මුල් ළමාවියේ ලබා දෙන සියලු වැක්‌සීන මෙරටට ආනයනය කෙරෙන්නේ යුරෝපයේ හෝ අනුබද්ධිත වෙනත් රටවලින්ය. මුල් ළමා වියේ ලබා දෙන සියලු වැක්‌සීනද අයිසොලෙස්‌ කර්මාන්ත ශාලාවේ නිපදවිය හැකි බව දන්නා යුරෝපීයයන් මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නට ඉඩ නොදෙන්නේය යන්න හිමිකරු දරන තවත් මතයකි.

    කර්මාන්ත ශාලාවට නිෂ්පාදන අවසරය ලබාදිය හැකි වූයේ 2014 දෙසැම්බර් ජනවාරි කාලය තුළය එහෙත් ඇතැම් බලවේග යළිs ක්‍රියාත්මක වෙමින් වත්මන් රජය පැමිණීමත් සමග එම නිෂ්පාදන බලපත්‍රය කිසිදු හේතුවක්‌ නොදන්වා නැවත දැනුම්දෙන තුරු යෑයි කියමින් මේ දක්‌වා අත්හිටවනු ලැබ ඇත.

    බටහිර එන්නත් ආනයනය වෙනුවෙන් වසරක්‌ පාසා රුපියල් බිලියන ගණනින් වැය කරමින් සිටින අප වැනි දිළිඳු රටකට අන්තර්ජාතික ප්‍රමිතියේ මිනිස්‌ එන්නත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිහිනය යථාර්ථයක්‌ කළේ අයිසොලෙස්‌ බයෝටෙක්‌ පාර්මා ඒපී ආයතනයේ හිමිකරු වන ජානක ප්‍රනාන්දු මහතා බව යළිත් මතක්‌ කළ යුතුය. වත්මන් රජයෙන්ද තම අරමුණ ඉටුකර ගැනීම සඳහා සහයෝගයක්‌ නොලැබෙන බව තමන්ට සියයට සියයක්‌ම තහවුරු වී ඇති බව ද හිමිකරු පවසයි.

    ජානක ප්‍රනාන්දුගේ අරමුණ විනාශ කිරීමෙන් පැහැදිලි වන්නේ එවැන්නක්‌ රටට වැදගත් නොවන බවය. එවැනි නිෂ්පාදන රටට අනවශ්‍ය බවය. "බයෝටෙක්‌ පාර්මා" ට අත්වූ ඉරණම අර්ථ දැක්‌විය හැක්‌කේ රුපියල් බිලියන ගණන් සංසරණය වන ඖෂධ ජාවාරමට දුන් තල්ලුවක්‌ ලෙසය. ඒ තල්ලුව ලැබෙන්නේ අප සැවොම කරඬුවක්‌ සේ හිස තබාගෙන යන දේශපාලකයන් බව ලියා තබමු. ඒ මජර දේශපාලනය රජයන රාජ්‍යයක ජානකලා වැන්නන්ගේ අධිෂ්ඨානයන් සුනු විසුණු කෙරෙන්නේය. එවැනි අධිෂ්ඨානශීලී ජව සම්පන්න චරිත දේශපාලකයන්ට තර්ජනයක්‌ වන ලෙසින් ජනතාවට සමීප වන හෙයිනි.

    https://www.facebook.com/photo.php?...995.1073741827.100010046657592&type=3&theater
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779

    :(:(:(:(
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මයිත්‍රී inne tv eka bana kiyanna witharai rate kisisma prashnayk gana wu dann nha
    rate karumeta apu nayakaya
    :angry::angry::angry::angry:
     
    rusiyanuwa

    Active member
  • දැනට විවිධ රටවල ජනතාව පීඩා විඳින ලෙඩ රෝග ගණනාවක් දායාද වුනේ පිටරටවලින් ගෙන්වූ හෝ ආධාර ලෙස ලැබුණු එන්නත් මගින් බව තේරුම් නොගන්නා තාක්කල් අනාගත ජනජීවිතය ජෛව රසායනිකව පාලනය කිරීම යැංකියාටත් යුරෝපියානුවාටත් අපහසු දෙයක් නොවනු ඇත.
    තමන්ට අවැසි ලෙස වෙළඳපොල හා ජන ජීවිතය පාලනය කිරීමට නම් ඔවුන් සදාකාලික රෝගීන් විය යුතු බව දියුණු යැයි කියාගන්නා රටවලින් නිර්මාණය කරන ලද ඔෟෂධ මාෆියාව තේරුම් ගත්තේ අද ඊයේ නොවන්නේය. එසේ නැතිනම් අඩු පහසුකම් යටතේ මිනිසුන් වෙනුවෙන් සාර්ථකව ක්‍රියාත්මකවන ඔෟෂධ නිපදවුනු අතීතයට වඩා වර්ථමානයේ දී රෝගය පාලනය කරන්නටත් රෝගියාට රෝගය සමඟ ජීවත් වන්නටත් ඖෂධ නිපදවීම සිදු නොවනු ඇත.