☠️ Maan Pharmaceutical සියළු එන්නත් වහාම භාවිතයෙන් ඉවතට

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය


    ඉන්දියාවේ Maan Pharmaceutical Pvt Ltd සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම එන්නත් වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන ඇත.

    අදාළ ඖෂධ භාවිතය හේතුවෙන් රෝගීන්ට අහිතකර ප්‍රතික්‍රියා මෙන්ම මරණීය ප්‍රතික්‍රියා (Fatal reactions) වාර්තා වීම මෙම තීරණයට හේතු වී තිබේ.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් අනුකමිටුව විසින් 2025 දෙසැම්බර් 16 වන දින පවත්වන ලද රැස්වීමකදී ලබා දුන් තීරණයකට අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත. එමෙන්ම මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විමර්ශන වාර්තාවල නිර්දේශ ද මෙම තීරණය සඳහා පදනම් වී ඇත.

    මෙම යටතේ ඖෂධ ඇතුළු එන්නත් වර්ග 10ක සියලුම කාණ්ඩ භාවිතය වහාම අත්හිටුවා ඇත.

    වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ දේදුනු ඩයස් විසින් නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, වෛද්‍ය සැපයුම් අංශය මගින් සැපයූ, පරිත්‍යාග ලෙස ලැබුණු හෝ දේශීයව මිලදී ගත් ඉහත නිෂ්පාදකයාගේ කිසිදු එන්නත් වර්ගයක් රෝගීන් සඳහා භාවිත නොකිරීමට වගබලා ගත යුතුය.

    තවද, දැනට පවතින සියලුම ඖෂධ තොග පිළිබඳ තොරතුරු NMQAL වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස ද සියලුම රෝහල් ප්‍රධානීන්ට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇත.




    ඉන්දියාවේ මාන් ෆාමසියුටිකල්ස් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩන්සෙට්‍රෝන් එන්නත් කාණ්ඩ කිහිපයක් භාවිතයෙන් ඉවත් කර තැබීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය වෙත ලිපියක් යොමු කරමින් එම සමාගම මෙම ඉල්ලීම සිදු කර ඇත.

    අදාළ එන්නත් සාම්පල ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයක් වෙත යොමු කර ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ සඳහා යන පිරිවැය තම සමාගම විසින් දැරීමට සූදානම් බවත් නිෂ්පාදකයින් දන්වා ඇත.

    පරීක්ෂණ සඳහා සාම්පල මුදා හැරීමේදී ඒවා නිසි ගබඩා උෂ්ණත්වයන් සහ ප්‍රමිතීන් යටතේ පැවති ඒවා බවට සහතික වන ලෙසද එම සමාගම වැඩිදුරටත් ඉල්ලා සිටියි.
     
    Last edited: