දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…😎👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොවිඩ් අභියෝගය හමුවේ සංචාරක ව්‍යාපාරය රැකගැනීම සදහා සංචාරක ක්ෂේත්‍රයට ලබාදුන් ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඊට අදාළ චක්‍ර ලේඛය පසුගිය 13 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබේ. සංචාරක ක්ෂේත්‍රය සදහා ලබා දී තිබු ණය සහන කාලය මේ මස 30 වෙනිදායින් අවසන් වීමට තිබිණි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් උපදෙස් පරිදි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ සදහා අවශ්‍ය පියවර ගත් බවයි. මේ වන විට ලෝකයේ බොහෝ රටවල සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ද සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ වී ඇති අතර එය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. පසුගිය කාලය තුල මෙරටට සංචාරකයන් 45,000 කට ආසන්න පිරිසක් පැමිණ තිබේ. ඉදිරි මාස 03 ක කාලය තුල මෙරට සංචාරක ක්ෂේත්‍ර යේ සුවිශේෂි වර්ධනයක් අපේක්ෂා කරන බවත්, ලබන වසර තුළ දෛනිකව සංචාරකයන් 5,000 ක් පමණ මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.

    කොවිඩ් හේතුවෙන් පීඩාවට පත් වූ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට පසුගිය කාලය තුළ විවිධ සහන ලබාදීමට රජය කටයුතු කර තිබිණි. සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වූවන්ට ණය සහන පැකේජය, විදුලි හා ජල බිල්පත් ගාස්තු ගෙවීමට සහන සැලසීම, ලීසිං ගෙවීම සදහා සහන සැලසීම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි රියදුරන් හා මාර්ගෝපදේශකයන් සදහා රුපියල් 15,000 බැගින් හා රුපියල් 20,000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ද කටයුතු කෙරිණි. රජය මේ සියල්ල සිදු කළේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැකගැනීමේ අරමුණිනි. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ බරපතළම අර්බුදයට ලක් වූයේ සංචාරක ව්‍යාපාරයයි. එය නැවත ගොඩ නැංවීමට නම් එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගත යුතු බව රජය දැඩි ලෙස පිළිගනු ලබන කාරණයකි. ඒ අනුව ණය සහන පැකේජය ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කෙරුණු බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

    මහ බැංකුව විසින් නිකුත් කළ ණය සහන දීර්ඝ කීරීමේ චක්‍ර ලේඛය මේ වන විට වාණිජ බැංකු වෙත නිකුත් කර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මීට අදාළ චක්‍ර ලේඛය නිකුත් කෙරිණි. සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා තිබුණේ අදාළ ණය සහන පැකේජය තවත් මාස 06 ක් දක්වා හෝ දීර්ඝ කරන ලෙසයි. නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය එව තවත් මාස 09 ක කාලයක් දක්වා දීර්ඝ කිරිමට කටයුතු කළ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටි. සංචාරක ණය සහන පැකේජය තවත් මාස 09 කට දීර්ඝ කිරීම එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන් රැක ගැනීම සදහා ගත් පියවරක් බවත්, පවතින ආර්ථික තත්ත්වය යටතේ වුව ද මේ සදහා පියවර ගැනීම සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා රජයේ ඇති කැපවීම පිළිඹිබු කරන්නක් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.
     
    • Haha
    • Love
    Reactions: IKL and Identity

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙහෙම තත්වයක් තියාගෙනද පොඩි උන්ව ලෙඩ කරන්න ඉස්කෝල අරින්න හදන්නෙ?යසයි බොටා යසයි.වේස බලු අාණ්ඩුව මේ පාර තමා ගූ යන්න කන්නේ..:lol:
     
    • Like
    Reactions: topkollek

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    1C24E89E-6340-4808-8A58-B612504BCEED.jpeg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ලොකු දෙයක් බන් හරි විදිහට ගේනවනම්...🙏

    කොහොමත් හැම රටක්ම වගේ tourism ඇරල තියෙන්නේ... තව වහන් හිටියොත් පුපෙන් යන්න වෙන්නේ කන්න, බොන්න, තෙල්, බෙහෙහ් වලටවත් ඩොලර් නැතුව..:dull: හැබැයි ඉතිම් අර uk කරනවා වගේ cases වැඩි වෙන රටවල් list එකක් හදලා ගානට maintain කරන් යන්න ඕනෙ.. එහෙම නැතුව ඔහේ ඇරලනම් අලුත් අලුත් variant වලින් ඉල්ලන් කනවා...
     
    • Like
    Reactions: BINGU_PUTHA and IKL

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුවට මොලයක් තියනවා නම් ජනතාව ගැන හිතනවා නම් රටවල් ඇරගෙන නටවද බං. දැනටත් දවසකට 500කට වඩා හමු වෙනවා. මගේ මතය රට තව මාස 3ක් වත් සම්පූර්ණයෙන්ම වසා තියන්න ඕන.
    නටාගෙන එන්න එපා අරවා මේවා කියාගෙන . සහන ඔක්කොම ආණ්ඩුව දෙන්න ඕන. ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නේ
     
    • Haha
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiyapu kisima deyak nokarapu nadasena oka karai kiyalada hithan inne????
    anika kiyapu serama gu wela revers kara misak wena deyak kare ne