දෛවයද?_විශාදය?

NoSad

Member
Mar 11, 2017
60
194
0
0.jpg


මනෝ වෛද්‍ය විශේෂඥ රුමි රුබන් මහතා විසින් පලකරන ලද ඉතා වටිනා ලිපියක්. විනාඩි කිපයක් අරගෙන කියවලා බලන්න :):)



අපේ ජීවිතේ බොහෝ දේවල් තීරණය කරන්නෙත් දෛවය විසින් කියලා අප හිතනවා. සමහරු හිතනවා ඒවා අපේ කර්මය විසින් තීරණය කරනවා කියලා.තවත් සමහරු හිතන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට සිද්ධ වෙනවා කියලා.මේවා ගැන වාද කරල කවදාවත් අවසාන නිගමනයකට එන්න බැහැ.


ඒත් අපේ ජීවිත දිහා හැරිලා බැලුවොත් පේනවා, සමහර නොදුටු, ඒත් ජීවිතයේ ඇතැම් සන්ධිස්තාන වල දී අපිට තීරණාත්මක බලපෑම් කරපු අපේම අභ්‍යන්තරික කාරණාත් තිබුණ කියලා


සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත් වෙලා උසස් පෙළටත් ඒ වගේම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න තරගයකට මුහුණ දීලා, තමන්ගේ දක්ෂතා නිරතුරුවම සංසන්දනය කරමින් තිබෙන දක්ෂතාත් මොට කරගෙන, අධ්‍යාපනය අතහැර දැමූ
කාලයක් ජීවිතයේත් තිබුණද? එදා ඒ පීඩනයට මුහුණ දෙන්න බැරිව අසුබවාදීව ජීවිතේ දිහා බලලා දක්ශතා හා ආත්ම විශ්වාසය බින්දුවටම බස්සගත්තෙ ඔබේ වරදින්ද නැත්නම් එදා ඔබ පෙළුනු විශාදය නිසාද?


දෙමාපිය ආදරය නැතුව, හොඳ යාළුවෙකුගෙ හිතවත් කම් නැතුව ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න වෙලාවක ආදරය පෙන්න ගෙන ගැන ආපු ආදරවන්තයා/තිය නැතුවම බැරි වෙලා නුසුදුසු වේලාවක අධ්‍යාපනයත් කඩාකප්පල් කරගෙන ඔහුත් /ඇයත් එක්ක පැනල යන්න හිතුණේ ඇත්තටම ආදරේ නිසාද? එදා ඒ පෙළුනු විශාදය නිසා ද?


ආදරයෙන් පැරදිලා තනිකමෙන් පාළුවෙන් වෙලිලා ඉන්නකොට, එහෙම නැත්නම් සහකරුවකු සහකාරියක ගෙන් ලැබෙන ආදරයක් නැතුව කලකිරීමෙන් ඉන්න වෙලාවක ගෙදරින් හොයලා දුන්න තමන්ට නොගැළපෙන කෙනෙකු එක්ක විවාහ වුණේ, ඒ වැරදි තීරණය ගත්තේ ඒ අවස්ථාවේ පෙළුනු විශාදය නිසා ද නැත්නම් අනවබෝධය නිසා ද ?



ගෙදර ගැටලු, රැකියාවේ ගැටලු නිසා දුකින් පීඩාවෙන් සිටි අවස්ථාවේදී මිත්‍ර ප්‍රතිරූපකයො හඳුන්වාදීපු මත්පැන් ,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනේ, එකෙන් ගැල වෙනු නොහැකිව ජීවිතයම අඩාල කර ගත්තෙ, තාවකාලිකව ලැබෙන උද්දීපනය වෙනුවෙන්ද එදා ඒ පෙළන විශාදය නිසා ද?

හොඳට තිබුණ විවාහ ජීවිතයෙ හොස්ස ලගින් මැස්ස යන්න බැරි කම නිසාම ප්‍රශ්න වැඩිදියුණු වෙලා ,වෙන් වෙන තැනට වැඩ සිද්ධ වුණේ දෙදෙනාගේ වරදින්ද ? එහෙම නැත්තං නිතර තරහ යාම ලක්ෂණයක් වෙන ඔබ පෙළෙන විශාදය නිසා ද ?



ආසාවෙන් වැඩ කරපු රැකියාව නීරස වෙලා වැඩට යාම වදයක් වී වැඩ කරන තැන අපායක් වුුනේ ඇත්තටම වැඩපළේ ප්‍රශ්නයක්ද නිසාද නැත්තං ඔබ පෙළන විශාදය ඔබේ කාර්යක්ෂමතාව විනාශ කළ නිසාද?



විවාහ ජීවිතයේ ගැටලු නිසා දුක් විඳිමින් හිටපු ඔබ, මිහිරි වචනයක් කතා කරපු අහම්බෙන් හම්බ වුන ආගන්තුකයෙකු එක්ක නැතිවම බැරි ආදරයක් පටන් අරන්, තියෙන ගැටලුත් වැඩි දියුණු කර ගත්තේ සංසාරගත ආදරයක් නිසාද ? විශාදය නිසා ඔබට නිරතුරුවම දැනුණ, පාළුව තනිකම නිසාද ?



අද ඔබේ ජීවිතයේ හැඩ රුව තීරණාත්මකව වෙනස් කරපු මේ වගේ සිදුවීම් ඔබේ ජීවිතයේත් තිබේදැයි ආපහු හැරී බලන්න.
ඒවා ඔබේම තීරණ ද එසේ නැත්නම් විශාදය ඔබට බලපෑම් කළා ද තීරණය කිරීම ඔබට බාරයි

අනාගතයේදී විශාදයට නොව ඔබට ඔබව පාලනය කර ගැනීමට විශාදයට ප්‍රතිකාර නොපමාව ලබා ගන්න.
 

NoSad

Member
Mar 11, 2017
60
194
0
විශාදයට මේ ඔක්කොම වුනෑකිද බං :sorry:

ඔක්කොම වෙන්න නම් බෑ මචං. එත් හිතා ගන්න බැරි විදියට ප්‍රශ්න වලින් අවුල් වෙලා තියෙන තැනකට මේ වගේ දෙයක් හේතු වෙන්න පුළුවන්
 

NoSad

Member
Mar 11, 2017
60
194
0
antidepressants bonna kiyala neda oya kiyanne :(

mmmmm. depression thiyanam ithin bonna wenawa ban :(:(

nobi inna ekata wada eka hoday. beth witarak nemey tawa dewal karann wenwa beth bona gaman Psychotherapy

antidepressant + Psychotherapy :yes:
 

NoSad

Member
Mar 11, 2017
60
194
0
paid advertisement

sorry free advertisement

kaalakanni ballo. meka damme manussayekta wadagath wey kiyala hithala. nathuwa me doctor wa channel karanna nemey..

me manussaya kawuda kiyanne me forum wala add danna ona na..:lol::lol:

doctor harishchandragen passe doramadalawa digatama psychiatry gana kale me doctor.

doctor ge nama damme meka mama copy karapu nisa..

nodakin awajathakaya :dull::dull::dull:
 

NoSad

Member
Mar 11, 2017
60
194
0
මල් පොන්නයෙක් ට රිදිලා.. දුවගෙන ඇවිත් :lol::lol::dull:

අනිවා කොහේ හරි හොරට counselling කරලා මිනිස්සු අමාරුවේ දාන එකෙක් වෙන්නැති :dull::dull::dull:
 

feyboy

Member
May 27, 2017
89
4
0
ඒවා ඔබේම තීරණ ද එසේ නැත්නම් විශාදය ඔබට බලපෑම් කළා ද තීරණය කිරීම ඔබට බාරයි

අනාගතයේදී විශාදයට නොව ඔබට ඔබව පාලනය කර ගැනීමට විශාදයට ප්‍රතිකාර නොපමාව ලබා ගන්න.[/B][/COLOR][/SIZE][/QUOTE]

ethkota buduhamuduruwooo kiuwe okaganada?:eek: