na na innawa. original post eke pahalinma dala thiyenne marshal mathakadi hitiya interview ekakMarshal missing da
na na innawa. original post eke pahalinma dala thiyenne marshal mathakadi hitiya interview ekakMarshal missing da
80, 90 දශකෙ ගීත වලට ආස ගොඩක් අය දන්න හා ඒ දවස් වල හැමතිස්සෙම ඇහුන ගීතයක්නෙ ෂර්ලි වෛජයන්ත මහත්මයත්, මාලිනී බුලත්සිංහල මහත්මියත් ගායනය කල දොර කව්ලුවෙන් ගීතය.
(අපි අහල තියෙන වර්ශන් එක)
හැබැයි ඊටත් කලින් (පලවෙනිම වර්ශන්) මේ ගීතය ගායනය කරල තියෙන්නෙ මාශල් ජනතා මහත්මයත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය.
(පලවෙනි / ඔරිජිනල් රෙකෝඩින් එක)
මාශල් ජනතා මහත්මයගේත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේත් හඬ පටිගත වුන පලමු ගීතය මේක කියල තමා කියන්නෙ.
ගීතය ලියල, සංගීතවත් කරල තියෙන්නෙ ෂර්ලි වෛජයන්ත මහත්මය.
ඒ කාලෙ තරුණ සේවා සභාවෙ කලාකරුවන් වුන ෂර්ලි වෛජයන්ත, මාශල් ජනතා, චන්ද්‍රලේඛා පෙරේරා කලාකරුවන්ගෙ වටිනා නිරමාණායක්.
පහල තියෙන්නෙ මාශල් ජනතා මහත්මය ලගදි කරපු ඉන්ටර්වීව් එකක්
නෑ බං ඔය 80 ගණන් ඇන්ඩ් 90 මුල. ඔය ඔක්කොම මැතිනිගෙ කාලෙ පොඩි ළමයි. පොඩි කාලෙ උන පෝෂණ අඩුපාඩු තමා පෙන්නන්නේ.හරිම ලස්සන සින්දුවක්![]()
ඒ කාලේ මිනිස්සුන්ට හරියට කන්න බොන්න නැත්ද කොහෙද. ඇදිලා කෙට්ටුවෙලා ගිහින්. මේ මැතිනිගේ ආණ්ඩුව කාලේද ......![]()
ඒ කාලෙ හිටපු කලා කාරයො සල්ලි විතරක් බලාගෙන නිර්මාණ කරේ නෑ.... සංවේදී, නිහතමානී, ත්‍යාගශීලී මිනිස්සු...
මේකත් ෂ'ලි මහත්මය කරපු සිංදුවක්
සීත කඳු යායේ
ගයන ගී රාවේ
කවුරුදෝ...කාගෙදෝ..
මියුරු ගී රාවේ.....
සීත රෑ යාමේ
ගැයෙන ගී මාගේ
සිත මගේ...තනියටයි..
මෙලෙස ගී ගැයුවේ....
සඳට රැය එක්වී
සතුටු සුව විඳිතී
කාලයේ...වැලිතලාවේ...
මෙමට ඔබ හමුවී.....
සඳට රැය එක්වී
සතුටු සුව විඳිතී
පවසනා දේ...නොතේරේ...
මෙමට අරුමයකී.....
සීත කඳු යායේ
ගයන ගී රාවේ
කවුරුදෝ....කාගෙදෝ....
මියුරු ගී රාවේ....
කියන්නට සිත්වී
වදන් වැල සැරසී
සිත් පහන්....විය මගේ....
ළඳුනි ඔබ දැකුමින්....
කියන්නට සිත් වී
වදන් වැල සැරසී
මම මෙසේ....සිටී නම්....
එයද සැනසුමකී....
සීත කඳු යායේ
ගයන ගී රාවේ
කවුරුදෝ....කාගෙදෝ....
මියුරු ගී රාවේ....
සීත රෑ යාමේ
ගැයෙන ගී මාගේ
සිත මගේ....තනියටයි....
මෙලෙස ගී ගැයුවේ....