දොර කව්ලුවෙන් - ඔරිජිනල් සි‍‍ංදුව අහල තියෙනවද?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,739
    3,065
    113
    m
    80, 90 දශකෙ ගීත වලට ආස ගොඩක් අය දන්න හා ඒ දවස් වල හැමතිස්සෙම ඇහුන ගීතයක්නෙ ෂර්ලි වෛජයන්ත මහත්මයත්, මාලිනී බුලත්සිංහල මහත්මියත් ගායනය කල දොර කව්ලුවෙන් ගීතය.

    (අපි අහල තියෙන වර්ශන් එක)



    හැබැයි ඊටත් කලින් (පලවෙනිම වර්ශන්) මේ ගීතය ගායනය කරල තියෙන්නෙ මාශල් ජනතා මහත්මයත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය.

    (පලවෙනි / ඔරිජිනල් රෙකෝඩින් එක)



    මාශල් ජනතා මහත්මයගේත්, චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේත් හඬ පටිගත වුන පලමු ගීතය මේක කියල තමා කියන්නෙ.

    ගීතය ලියල, ස‍ංගීතවත් කරල තියෙන්නෙ ෂර්ලි වෛජයන්ත මහත්මය.

    ඒ කාලෙ තරුණ සේවා සභාවෙ කලාකරුවන් වුන ෂර්ලි වෛජයන්ත, මාශල් ජනතා, චන්ද්‍රලේඛා පෙරේරා කලාකරුවන්ගෙ වටිනා නිරමාණායක්.



    පහල තියෙන්නෙ මාශල් ජනතා මහත්මය ලගදි කරපු ඉන්ටර්වීව් එකක්

    maru machan ayeth podi kaleta giya. eye kale adun unath mara premitive harima awiyajai. TFS
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ කාලෙ හිටපු කලා කාරයො සල්ලි විතරක් බලාගෙන නිර්මාණ කරේ නෑ.... සංවේදී, නිහතමානී, ත්යාගශීලී මිනිස්සු...
    මේකත් ෂ'ලි මහත්මය කරපු සිංදුවක් ❤️



    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ...කාගෙදෝ..
    මියුරු ගී රාවේ.....
    සීත රෑ යාමේ
    ගැයෙන ගී මාගේ
    සිත මගේ...තනියටයි..
    මෙලෙස ගී ගැයුවේ....

    සඳට රැය එක්වී
    සතුටු සුව විඳිතී
    කාලයේ...වැලිතලාවේ...
    මෙමට ඔබ හමුවී.....
    සඳට රැය එක්වී
    සතුටු සුව විඳිතී
    පවසනා දේ...නොතේරේ...
    මෙමට අරුමයකී.....
    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ....කාගෙදෝ....
    මියුරු ගී රාවේ....

    කියන්නට සිත්වී
    වදන් වැල සැරසී
    සිත් පහන්....විය මගේ....
    ළඳුනි ඔබ දැකුමින්....
    කියන්නට සිත් වී
    වදන් වැල සැරසී
    මම මෙසේ....සිටී නම්....
    එයද සැනසුමකී....

    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ....කාගෙදෝ....
    මියුරු ගී රාවේ....
    සීත රෑ යාමේ
    ගැයෙන ගී මාගේ
    සිත මගේ....තනියටයි....
    මෙලෙස ගී ගැයුවේ....






     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    හරිම ලස්සන සින්දුවක් :love2: (y)

    ඒ කාලේ මිනිස්සුන්ට හරියට කන්න බොන්න නැත්ද කොහෙද. ඇදිලා කෙට්ටුවෙලා ගිහින්. මේ මැතිනිගේ ආණ්ඩුව කාලේද ...... :unsure:
    නෑ බං ඔය 80 ගණන් ඇන්ඩ් 90 මුල. ඔය ඔක්කොම මැතිනිගෙ කාලෙ පොඩි ළමයි. පොඩි කාලෙ උන පෝෂණ අඩුපාඩු තමා පෙන්නන්නේ.
     
    • Like
    • Sad
    Reactions: SuperX and NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,392
    1,955
    113

    යොවුන් ගී කණ්ඩායම කුණ්ඩසාලේ ගම් උදාවේදී මේ සිංදුව 👆 live කියපු video එක නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒ කාලෙ හිටපු කලා කාරයො සල්ලි විතරක් බලාගෙන නිර්මාණ කරේ නෑ.... සංවේදී, නිහතමානී, ත්යාගශීලී මිනිස්සු...
    මේකත් ෂ'ලි මහත්මය කරපු සිංදුවක් ❤️



    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ...කාගෙදෝ..
    මියුරු ගී රාවේ.....
    සීත රෑ යාමේ
    ගැයෙන ගී මාගේ
    සිත මගේ...තනියටයි..
    මෙලෙස ගී ගැයුවේ....

    සඳට රැය එක්වී
    සතුටු සුව විඳිතී
    කාලයේ...වැලිතලාවේ...
    මෙමට ඔබ හමුවී.....
    සඳට රැය එක්වී
    සතුටු සුව විඳිතී
    පවසනා දේ...නොතේරේ...
    මෙමට අරුමයකී.....
    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ....කාගෙදෝ....
    මියුරු ගී රාවේ....

    කියන්නට සිත්වී
    වදන් වැල සැරසී
    සිත් පහන්....විය මගේ....
    ළඳුනි ඔබ දැකුමින්....
    කියන්නට සිත් වී
    වදන් වැල සැරසී
    මම මෙසේ....සිටී නම්....
    එයද සැනසුමකී....

    සීත කඳු යායේ
    ගයන ගී රාවේ
    කවුරුදෝ....කාගෙදෝ....
    මියුරු ගී රාවේ....
    සීත රෑ යාමේ
    ගැයෙන ගී මාගේ
    සිත මගේ....තනියටයි....
    මෙලෙස ගී ගැයුවේ....







    මේ සිංදුව මතක් වෙද්දි ගඩු පිපෙනවා බන්
    පරණ කතාවක් එක්ක ටිකක් බැදිච්ච සින්දුවක්
    බට් මේකට වඩා වෙන මේ ටයිප් සිංදු දෙකක් තියෙනවා, ඒ දෙක ඇහෙන්නේ මොන වෙලාවෙද තැනක් නොතැනක් නෑ මනෝ පාරකට යනවා මාත් දන් නැතිව
    ඒ දවස් වල කතා උනා බැරි වෙලාවත් මේක නැවතුනොත් මේ සිංදු ඇහේද්දි සෑහෙන්න අවුල් යයි කියලා
    ඒ කිවා වගේම තමා අදටත් මහ හිස් ගතියක් එන්නේ. හිතලා නම් ලොවෙත් අහන්නේ නෑ ඒවා. තනිකර පිල්ලි
    අද වෙදිද් ඒ අය ජිවත් වෙනවද නැද්ද කියලාවත් දන්නේ නැති උනාට මේ සිංදු නිකන් ෆිල්ම් වගේ සිද්දි මවනවා බන් හිතේ

    උඹලට නැද්ද බන් ඒම අතීත?