දොස්තරට ‘මචං’ කියා ඇමතීමෙන් මංගල්‍යය ගුටි &#34

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දොස්තරට ‘මචං’ කියා ඇමතීමෙන් මංගල්‍යය ගුටි &#34

    පුද්ගලයන් දෙදෙනකුට පහරදී තුවාල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට කන්ත‍ලේ මූලික රෝහ‍ලේ හිටපු වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ. අස්හර් මහතා පෙරේදා (09) නියෝග කළේය. ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඉකුත් 06 දින පැවැති මංගල උත්සවයකදී අදාළ වෛද්‍යවරයාට මංගල උත්සවයට සහභාගිව සිටි තරුණයන් පිරිසක් ‘මචං’ කියා ඇමතීම මෙම ආරවුලට හේතුවී ඇත.
    සංචාරක හෝටලයේ පැවැති මෙම මංගල උත්සවයේ මනමාලිය හැඩකිරීමේ හා ඇන්දවීමේ කාර්ය පැවරී ඇත්තේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයාගේ බිරිඳට වන අතර, ඔවුන්ගේ නවීන පන්නයේ මෝටර් රථයද මංගල ගමනට සපයා ඇත. මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේද මෙම වෙද්‍යවරයාය.
    මනාල යුවළ සුබ මොහොතින් අතිනත ගෙන පිටත්වීමට ආසන්න මොහොතේ, මනාලයාගේ මිතුරන් පිරිසක් මනාල යුවළට විනෝදය පිණිස ‘රැග්’ කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෝටර් රථයේ රියැදුරා ලෙස කටයුතු කළ වෛද්‍යවරයාට තරුණයන් පිරිස “මචං කාර් එක ටිකක් එහාට ගනින්...” යැයි කියා ඇත. එම වචනයෙන් කුපිත වූ වෛද්‍යවරයා එසේ ඇමතූ තරුණයෙකුට පහරදීමත් සමග මංගල උත්සවය ගුටිකෙළියක් බවට පත්ව තිබේ.
    මෙම ගැටුම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා විසින් උප්පුවේලි ‍පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණයන්ද සැප්තැම්බර් මස 11 වන දින දක්වා රිමාන්ඩ් ගතකර ඇති අතර ඉන් දෙදෙනකු වෛද්‍යවරයාගේ පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටින බව කියවේ.


    copyright
    lakbima
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    මරුසිරා;15584528 said:
    හුටා ... මචන් කියලත් හමාරයි :lol::lol:

    දොස්තරය සිංහල එකක් නෙවේ වෙන්නැති :lol::lol:

    දෙමල
    මචන් -මස්සිනා


    අනේ මන්දා ඉතින් වෘත්තීය ගරුත්වය කියල දෙයක් තියනවනේ..
    මේ ඩොකා එහෙම එකක් අහලවත් නැද්ද කොහෙද:baffled::baffled::baffled::baffled::baffled:

    නැත්නම් ගෑනි මහත්තයව ඩයිවර් කරනවද දන්නේ නෑ.:rofl::rofl: අපෝ බැදපු උන් :(
     
    Last edited:

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    2414448568_f51570d672.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙමල
    මචන් -මස්සිනා


    අනේ මන්දා ඉතින් වෘත්තීය ගරුත්වය කියල දෙයක් තියනවනේ..
    මේ ඩොකා එහෙම එකක් අහලවත් නැද්ද කොහෙද:baffled::baffled::baffled::baffled::baffled:

    නැත්නම් ගෑනි මහත්තයව ඩයිවර් කරනවද දන්නේ නෑ.:rofl::rofl: අපෝ බැදපු උන් :(

    :lol::lol::lol:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔච්චරටම ගරු නාම ඕනනම් ඌ දොස්තර කියල බෝඩ් එකක් බෙල්ලේ එල්ලන් හිටියනම් ඉවරයිනේ. මොකද නැත්නම් මිනිස්සු ඔක්කොම එක වගේනේ.:lol: