ෆාමකොලොජි වලදි ප්‍රධාන දෙකක් තියනවා. ඒ තමයි ෆාමකෝඩයිනමික් (බෙහෙත ඇගට කරන දේ) හා ෆාමකෝකයිනටික්ස්(ඇගෙන් බෙහෙතට කරන දේ).
මේ දෙක තමයි ඉගැනිමෙදි බේස්මනට් එකට දාන්නේ. බෙහෙතක් හද්දදිත් මේ දෙක තමා වැදගත් වෙන්නේ.
දැන් අලුතෙන් හදනවා කියලා බෙහෙතක් නැ ඇත්තටම. බෙහෙතක් හදන්න මිලියන බිලියන ගානක් යනවා. කාලය අවුරුදු ගානක් වැයවෙනවා. ගොඩක් තියෙන්නේ අර කලින් හදපු බෙහෙත් වල පේටන්ට් එක ඉවර වෙලා වෙන කම්පැනි වලින් රිනේම් කරන ඒවයි, පරණ බෙහෙත් වලම අලුත් ජෙනරෙෂන්ස්.
වෛද්‍ය විද්‍යාලයකදි ඩොකෙක්ට අවශ්‍ය තියරිය දෙනවා. රවුන්ඩ් වලදි අවශ්‍ය පැට්‍රිකල් නොලේජ් එකත් ලැබෙනවා. බෙහෙත් නානාවිධ තිබ්බට මේවා මතක තියාගන්නේ ගෘප්ස් විදිහට අර මම උඩ කිව්ව ප්‍රධාන ඇකෂන්ස් වල වැඩ වෙන විදිහ අනුව. ඒ ඒ ඇක්ෂන් අනුව බෙහෙත් වලට අනන්‍ය නම් ලැබිලා තියනවා. ඒ නිසා දැක්කත් පුලුවන් මෙි මොන ජාතියේ බෙහෙතක්ද කියලා කියන්න.
සරලම උදාහරණයක්
අපි හිතමු, අධිරුධිර පිඩනය නැත්තම් හයිපොටෙන්සිව් කියලා.මේකට දෙන ප්‍රදාන බෙහෙත් මොනාද
ඇක්ෂන් එක අනුවයි බෙහෙත මතක තියාගන්නෙ ලියන්නේ
Ace ඉන්හිබිටර්ස් - මෙවා ඉවර වෙන්නේ ප්රිල් කියලා, උදා කැප්ටොප්රිල්
ඇන්ජියොටෙන්සින් රිසෙප්ටර් බ්ලොකර්ස් - ඉවර වෙන්නේ සාටන් කියලා උදා ලොසාන්.
ඇල්ෆා 1 බ්ලොකර්ස් (රුධිර නාල වල තියන ඇල්ෆා1 රිසෙප්ටර්ස් බ්ලොක් කරලා නාල ලෙකෙු කරනවා.
B1 බ්ලොකර්ස් - හදවතේ රිසෙප්ටර්ම් බ්ලොක් කරනවා. ඉවර වෙන්නෙ ලොල් කියාල - ඇටෙනොනොල් මෙටප්‍රලෝල් වගේ
කැල්සියම් චැනල් බ්ලොකර්ස් - වෙරපමිල්, නිෆෙඩිපින්, ඩල්ටියසිම්
ඩියුරටික්ස් - ලූප් නම් ෆුරසෙමයිඩ්, තියසයිඩ් නම් හයිඩ්‍රොතියසිඩ්
අලුත්මම බෙහෙත් එනවානම් ඒවා ගැන වෙනම සම්මන්ත්‍රණ මගින් දැනුවත් කරනවා.
සාමාන්‍ය මිනිස්සු දන්නේ ජෙනරික් නෙම්ස් නෙවෙයි, කම්පැනි නේම්ස්. ඒකයි මේ පැන පැන කියන්නෙ රෙෆ් ලා තමා බෙහෙත් කියන්නේ කියලා.
රෙපාලා වෙන වෙන නම් දාලා විකුන්නේ මේ එකම ජෙනරික්ස්.නැතුව රෙපා ඩොකාට උගන්වන්නේ නැ. නමුත් බිස්නස් එකක් නම් තියෙන්න පුලුවන් ඒක නැ කියන්නැ. ෆමෝ කම්පැනි ඩොකාලට හොදට සලකනවා. ටුවර් දෙනවා. ඒක ඇත්ත.
නමුත් මෙහෙම දෙයක් තියනවා. එකම බෙහෙත උනත් කම්පැනි දෙකක හදද්දි ඒවා වල අර මම කියපු ඇඟ මගින් බෙහෙටත්, බෙහෙත මගින් ඇගටත් කරන දේ වෙනස්. ඒ කියන්නේ උරාගැනිම හා ඒ්වායේ ප්‍රතිපලය වෙනස්. හොද කම්පැනියක හදන බෙහෙතුයි ලාබෙට එන පාකිස්ථාන කම්පැනියේ හදන බෙහෙතුයි වෙනස් වෙන්නේ එකයි. ප්‍රධාන බෙහෙත එක උනාට ඒකට බැදෙන්න දාන අනිකුත් ඉන්ග්‍රිඩියන්ස් පවා හොද උනොත් තමා හොදට උරාගන්නෙ වැඩ කරන්නේ..සමහර වෙලාවට විටමින් කනිජලවනත් දානවා හොදට හද්දි හොදට උරාගන්න. ලාබයම හිතන්න එපා.. යම් සැලකිය යුත්තකුත් තියනවා.
Baurs company එකෙන් Made in france ගොඩක් ගෙන්නනවා.
Sanofi-Aventis French pharmaceutical company එකේ drugs උන් ගාව තියෙනවා
පොඩ්ඩක් ගණන් බඩු හොදයි .