දොස්තරලා ඉඳී ද ඉතිං

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දෑන් ඈත්තටම මොකක්ද දෙන්න පුලුවන් උත්තරේ? ඈත්තටම ඈත පෑති වල මිනිස්සුන්ට බෙහෙත් කරන්නේ කවුද? ඒ පෑති වල අඩු ලකුණු වලින් කෑම්පස් එන අයත් අන්තිමට තදාසන්න පෑති වලටම එන්න නම් හදන්නේ මොකක්ද කරන්න වෙන්නේ? රජයේ සේවකයෙක් කිව්වාම ඕනම තෑනක වෑඩ කරන්න වෙනවා නේද? එහෙම නෑත්නම් ඔය පෑතිවල වෑඩ කරන අනිත් රජයේ සේවකයොත් ඉන්න බෑ කියලා එන්න හදයිනේ.. ඈත්තටම මොකක්ද එතකොට වෙන්නේ?

    මේ කිසිම ප්‍රශ්නේකට උත්තර නැත්තේ නෑ.
    ලංකාවේ තියන ප්‍රශ්න විසඳන්න අමාරුයි.

    මොකද හැම එකාම, බහුතරයට යහපතක් උනත් ඒකෙන් තමාට පොඩි හරි පාඩුවක් වෙනවා නම් උන් රෙද්ද කරට අරන් එනවා,
    දන්න දන්න ලොකු උන්ට කියලා ඒ විසඳුම් ගේන එක නවත්තනවා...

    හැම රේද්දටම දේශපාලන හරි සල්ලි හරි ගා ගන්නවා

    ඔය ප්‍රශ්න විඳන්න බැරි ඒකයි

    මම උදාහරනයක් කියන්නම්. මගේ කසින් යු කේ ඉදන් ඈවිත් දෑන් අවුරුදු හයක් හතක්. ආපු ගමන්ම පත්වීම ලෑබුනේ දඹුල්ලෙන් එහාට. තාමත් එහේ. හෑබෑයි සදූදා පාන්දර ගියා බදාදා රෑ ආවා. එච්චරයි. ඉතුරු දවස් ඔක්කොම ගෙදර. ඒ හින්දා ලොකු අවුලක් නෑ. හෑබෑයි ඉතින් ඌට කොළඹට එන්න විදිහක් නෑත්තේ වේකන්සි නෑති හින්දා. කොළබ ඉන්න එවුන් හෙල්ලෙන්නේ නෑනේ
    ඔහොම කරන්න පුළුවන්, බ්‍රහස්පතින්දා හරි සිකුරාද හරි flying squad ආවම ඌට ගෙදර තමා දිගටම ඉන්න වෙන්නේ
    ------ Post added on Aug 18, 2023 at 5:53 PM
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් උන්ගේ එවුන්මනේ ඒකට හෙන ප්‍රසිද්දියක් දීල පඩි වැඩි කලේ නැත්නම් අපිත් මෙහෙම පැනල යනවා කිව්වේ
    අනිත් එවුන් ගියා කියලා නිව්ස් වල යන්නේ නෑ. ගුරුවරු සෑහෙන ප්‍රමාණයක් මිසින්. ලෙක්චර්ස්ලාත් එහෙමයි, බෑන්කු කාරයෝ හොයන්නත් නෑ. ගුරා ලා එහෙම පිටරට පඩි වලට වහ වෑටිලා ඉන්නේ. මෙහේ ආපු එකියක් කිව්වා ඒ ගෑණිගේ මාසේ පඩිය මෙහේ දවසින් හොයනවා කියලා childcare විතරක් කරලා. ඉතින් එහෙම එවුන් උන්ගේ යාලුවන්ට විස්තරේ කිව්වාම උනුත් ගෙදර මිනිහාගේ බෙල්ල කාලා හරි රට පනිනවා.

    ඔහොම කරන්න පුළුවන්, බ්‍රහස්පතින්දා හරි සිකුරාද හරි flying squad ආවම ඌට ගෙදර තමා දිගටම ඉන්න වෙන්නේ
    ------ Post added on Aug 18, 2023 at 5:53 PM
    දෑන් අවුරුදු 6-7 ක් ම ඕක කරනවා නේ. කිසිම අවුලක් නෑ 😂 😂 😂 😂
    ------ Post added on Aug 18, 2023 at 5:55 PM
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    දෑන් ඈත්තටම මොකක්ද දෙන්න පුලුවන් උත්තරේ? ඈත්තටම ඈත පෑති වල මිනිස්සුන්ට බෙහෙත් කරන්නේ කවුද? ඒ පෑති වල අඩු ලකුණු වලින් කෑම්පස් එන අයත් අන්තිමට තදාසන්න පෑති වලටම එන්න නම් හදන්නේ මොකක්ද කරන්න වෙන්නේ? රජයේ සේවකයෙක් කිව්වාම ඕනම තෑනක වෑඩ කරන්න වෙනවා නේද? එහෙම නෑත්නම් ඔය පෑතිවල වෑඩ කරන අනිත් රජයේ සේවකයොත් ඉන්න බෑ කියලා එන්න හදයිනේ.. ඈත්තටම මොකක්ද එතකොට වෙන්නේ?

    මෙහෙමනෙ බ්‍රෝ. ඉමෝෂනලි ඔය කතාව හරි. ඒ උනාට ප්‍රැක්ටිකලි එහෙම කරන්න කැමති වෙන කට්ටිය අඩුයිනෙ. ඒ පැත්තට බෙහෙත් දෙන්න කියල ගියාට ඒ යන එකාගෙ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නෙ නෑනෙ. ඒ නිසා ඉමෝෂනලි එක පැත්තක් විතරක් කතා කරලා තේරුමක් නෑ. ගොඩක් අයට යන්න උවමනාව තියෙනවා, ඔප්ෂන් තියෙන අයට විතරක් යන්න ලැබෙනවා. දැන් ගුරුවරු, වෙනත් සමහර රාජ්‍ය සේවකයො එහෙමත් අමු කට්ටක් කනවනේ. ඒගොල්ලන්ට ඔප්ෂන් එකක් නැති නිසා ඉන්නවා. නැත්තං ඒගොල්ලත් යනවා.

    ඒ නිසා ප්‍රශ්නෙට ලංකාවෙ ක්‍රමේට විසඳුමක් විදියට ඔප්ෂන් නැති කරන්න පුලුවන්. ඒක තමා දැන් කරන්න හදන්නෙ. ඒ කිව්වෙ දැනට ලංකාවෙ දොස්තර කෙනෙක්ගෙ ඉගෙනීමට, පුහුණුවට වෙන රටවල් වල පිළිගැනීම තියෙන නිසා ඒ රටවල් වල වැඩ කරන්න පුලුවන්. ප්‍රමිතියක් නැති කඩ දාලා ඒවයින් එන ප්‍රමිතියක් නැති උනුයි, දැනටත් ප්‍රමිතියක් එක්ක හදන උනුයි ඔක්කොම එකට දැම්මම පිටරටවල් වලින් කාටත් තියෙන පිළිගැනීම නැති වෙලා යයි. අන්න එතකොට දොස්තරලට යන්න වෙන්නෙ නෑ. ඔප්ෂන් එකක් නෑ. වැඩේ හරි 👍👍

    එහෙම නැත්තං මම සජෙස්ට් කරන ප්‍රායෝගික විදි තමා දුෂ්කර, ටිකක් දුෂ්කර, දුෂ්කර නැති වගේ හොස්පිට්ල් කැටටගරයිස් කරන වැඩපිළිවෙලක් හදලා දුෂ්කර බව වැඩිවෙන තරමට වැඩිපුර allowances දෙන එක. ඒක ප්‍රායෝගික ක්‍රමයක් වෙන්න ඕන. නමට තියෙන මොකක් හරි අටෝලා වැඩක් වෙන්නෙ නෑ. දවසට රුපියල් 200ක් වැඩිපුර දෙන්න වගේ වැඩ තමයි ලංකාවෙ කරත් කරන්නෙ. 😂😂

    අනික දුෂ්කර පැති වලට පත්වීම් ගන්න අයට වෙන පහසුකම් දෙන එක. ඒ කිව්වෙ වාහන පර්මිට් එක කලින් දෙන එක, හොඳ ක්වාටර්ස් දෙන එක, ළමයි නගරෙක හොඳ ඉස්කෝලෙකට දාගන්න අවස්ථා දෙන එක වගේ ඒවා. ගමේ පාසල හොඳම පාසල වගේ රට ගොන් බයිලා තියාගන්න පුලුවන් හිතන්න ඔලුවක් නැති පොනිල් ලට, මයිනලට චන්දෙ දාන මෝඩ බයියන්ට, ටොබයියන්ට. 😂 මේ කට්ටියට ඒ ගොන් පාට් හරියන්නෙ නෑනෙ. හොඳ ඉස්කෝලෙකට ළමයි දාගන්න ඒ ඉස්කෝලෙ ළඟම ඉන්න වෙනව නං ඒ වගේ තැනකට කෙනෙක් මාරු වෙන එක නිකන් ගොන් ටෝක් දීල නවත්තන්න බෑනෙ බ්‍රෝ.
     
    මට හිතෙන්නේ කරන්න තියෙන්නේ වෙන රස්සා වල වගේම එක එක තෑන් වලට මාරු කරන එක. එකම තෑන අවුරුදු පහකට වඩා ඉන්න දෙන්නේ නෑනේ අනිත් රස්සා වලත්.
    ඉස්කෝල දෙන්න ඕනේ කියන්නේ දොස්තරලගේ ළමයි විතරක් නෙමේ නේ බ්‍රෝ ළමයි. අනිත් මිනිස්සුන්ගේ ළමයිනුත් ළමයිනේ. එහෙම එක කොටසකගේ ළමයින්ට විතරක් විශේෂ පහසුකම් දෙන එකට මම විරුද්ධයි. එහෙම දෙනවා නම් හෑම රජයේ සේවකයාටම දෙන්න ඕනේ දුෂ්කර සේවයේ යෙදෙනවා නම්. ලන්කාවට කෙල වුනේ ඔය විදිහට එක එක රස්සාවලට එක එක විදිහේ පහසුකම් දෙන්න ගිහින් තමා. හෑබෑයි දුෂ්කර සේවයේ යෙදෙන මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම්, දුස්කර දීමනා දෙන එක හරි. ඒක තමන්ගේ පඩියේ හෑටියට ප්‍රතිශතයක් හෑටියට හෑම රජයේ සේවකයාටම දෙන්න ඕනේ.

    කොහොමත් ඉතින් කට්ටිය යනකොට පාඩුයි කියන්නේ ඉන්න ප්‍රමාණේ අඩු හින්දා නේ. ඒකට කරන්න තියෙන ප්‍රමාණේ වෑඩි කරන එක තමා. ඒකට ඉතින් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වලට අපිට බනින්න බෑ. ඒ විදිහට එන ඩොකාලා හොද නෑත්නම් උන්ට ඉස්පිරිතාල වල වෑඩ කරන්න වෙන්නේ නෑනේ. හෑමෝටම වගවීමක් තියෙනවා නේ. උන් වෑරෑද්දක් කලොත් රස්සාව හබක් වෙයිනේ.
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    😆 උබල තාම මේක හදන්න පුළුවන් කියල හිතන් ඉන්නවද

    මට මේකේ එකෙක් ලගදී ග්‍රාමීය රෝහලකට ගිහින් තියෙනවද කියපන්.....
    බෙහෙත් දෙන්නේ පොඩි සිලි කවරේ දාලා
    පැකට් වත් නෑ ලුස් තියෙන්නේ 🤨 2023
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    😆 උබල තාම මේක හදන්න පුළුවන් කියල හිතන් ඉන්නවද

    මට මේකේ එකෙක් ලගදී ග්‍රාමීය රෝහලකට ගිහින් තියෙනවද කියපන්.....
    බෙහෙත් දෙන්නේ පොඩි සිලි කවරේ දාලා
    පැකට් වත් නෑ ලුස් තියෙන්නේ 🤨 2023
    samahara begeth warga kohomath ehemane thiyenne
     
    • Like
    Reactions: NRTG

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මේ කිසිම ප්‍රශ්නේකට උත්තර නැත්තේ නෑ.
    ලංකාවේ තියන ප්‍රශ්න විසඳන්න අමාරුයි.

    මොකද හැම එකාම, බහුතරයට යහපතක් උනත් ඒකෙන් තමාට පොඩි හරි පාඩුවක් වෙනවා නම් උන් රෙද්ද කරට අරන් එනවා,
    දන්න දන්න ලොකු උන්ට කියලා ඒ විසඳුම් ගේන එක නවත්තනවා...

    හැම රේද්දටම දේශපාලන හරි සල්ලි හරි ගා ගන්නවා

    ඔය ප්‍රශ්න විඳන්න බැරි ඒකයි
    මේ ඔක්කොම සෙල්ලම් සෞඛ්‍ය ඇමැතිය බේර ගත්ත කරන මීඩියා සංදර්ශන බං ඒකෙ අතුරු ප්‍රතිඵල තමයි ඔය ලැබෙන්නෙ. + රට ගොඩ ගන්න බැරි එකේ ලමයි වත් ගොඩ දාන්න කියල යන එකෙක් යන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Campus ගද්දි bond එකක් sign කරලා ගත්ත නම් හරිනේ ඉතින්
    ඒ බොන්ඩ් වෑඩක් වෙන්නේ නෑ. රටේ හෑටියට තමා ඒ රටේ මිනිස්සුත්.. ඔක්කොම එක වගේමයි. ඒ හින්දා ඉතින් වෙන ඔප්ෂන් බලන්න වෙනවා. ඒවා ඉතින් ආණ්ඩුවේ වගකීමක් නේ. උන් විසදුමක් දෙන්න ඕනේ. මිනිස්සුන්ට තියෙන්නේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන එක
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,276
    113
    ඒ බොන්ඩ් වෑඩක් වෙන්නේ නෑ. රටේ හෑටියට තමා ඒ රටේ මිනිස්සුත්.. ඔක්කොම එක වගේමයි. ඒ හින්දා ඉතින් වෙන ඔප්ෂන් බලන්න වෙනවා. ඒවා ඉතින් ආණ්ඩුවේ වගකීමක් නේ. උන් විසදුමක් දෙන්න ඕනේ. මිනිස්සුන්ට තියෙන්නේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන එක
    එතකොට ඉතින් නීතිමය පදනමක් හරි තියනවනේ. දැන් එහෙම මොකුත් නෑනේ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මම උදාහරනයක් කියන්නම්. මගේ කසින් යු කේ ඉදන් ඈවිත් දෑන් අවුරුදු හයක් හතක්. ආපු ගමන්ම පත්වීම ලෑබුනේ දඹුල්ලෙන් එහාට. තාමත් එහේ. හෑබෑයි සදූදා පාන්දර ගියා බදාදා රෑ ආවා. එච්චරයි. ඉතුරු දවස් ඔක්කොම ගෙදර. ඒ හින්දා ලොකු අවුලක් නෑ. හෑබෑයි ඉතින් ඌට කොළඹට එන්න විදිහක් නෑත්තේ වේකන්සි නෑති හින්දා. කොළබ ඉන්න එවුන් හෙල්ලෙන්නේ නෑනේ

    ඔන්න ඕක තමයි මචන් scene එක. specialist ලට ලංකාවේ බලන්නේ experience එක. කෝල්
    1. හොද පැති වල ඉන්න උන් පෙන්සන් යනකල් අයින් වෙන්නේ නැහැ. ඉතින් ඇත ඉන්න උන්ට එන්න බැහැ.
    2. දැනුම අනුව නෙවෙයි ලංකාවේ specialist වර්ග කරන්නේ. වයස අනුව. එයාලගේ දැනුම update කරන්න ක්‍රමයක් හදලත් නැහැ. තමන්ම ගොඩ දන්නා ඕනේ. ඉතින් කොළඹ ඉන්න හද්ද පරණ නාකි අලුතෙන් මුකුත් ඉගෙන ගන්නෙත් නැහැ. PP කරලා බඩුවක් ගහලා මෙහෙම ඉන්නවා. අලුතෙන් දෙයක් ඉගෙන ගෙන ආපු එකා හද්ද ඩොටේ කුණු වෙනවා.

    ඔය ප්‍රශ්නේ ප්‍රසිද්දියේ කතා කරන්නේ නැහැ කවුරුවත්. KPI එකක් හදලා හරියට සාදාරන විදිහට හැමෝම මාරු කලානම් මේ ප්‍රශ්න ගොඩක් විසදෙනවා.

    දන්න specialist කෙනෙක් තමයි මේ විස්තරේ කිව්වේ.
     
    අපේ එකාට නම් අවුලක් නෑ. ඉතුරු දවස් හතරෙම ප්‍රයිවට් වෑඩ තියෙනවා. සල්ලි ඕනේ තරම්. ඒ හින්දා ලොකු අවුලක් නෑ. මිනිහා දෑන් කොළඹට එන එක ගෑන ඒ තරම්ම උනන්දුවක් නෑ වගේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒ බොන්ඩ් වෑඩක් වෙන්නේ නෑ. රටේ හෑටියට තමා ඒ රටේ මිනිස්සුත්.. ඔක්කොම එක වගේමයි. ඒ හින්දා ඉතින් වෙන ඔප්ෂන් බලන්න වෙනවා. ඒවා ඉතින් ආණ්ඩුවේ වගකීමක් නේ. උන් විසදුමක් දෙන්න ඕනේ. මිනිස්සුන්ට තියෙන්නේ ආණ්ඩුව බිත්තියට හේත්තු කරන එක

    Loan system එකක් ආවා නම් ඉවරයි.
    එතකොට එක එකාගේ කතා අහන්න ඕනේ නැහැ නේ.

    අත පය හතර හොදට තියෙනවා නම් දුප්පත් කම කියන්නේ excuse එකක් මං කියන්නේ
    ලංකාවේ උන්ගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මට හිතෙන්නේ කරන්න තියෙන්නේ වෙන රස්සා වල වගේම එක එක තෑන් වලට මාරු කරන එක. එකම තෑන අවුරුදු පහකට වඩා ඉන්න දෙන්නේ නෑනේ අනිත් රස්සා වලත්.

    එහෙම කරා කියලා ප්‍රශ්න විසඳෙන්නෙ නෑනෙ බ්‍රෝ. දැන් හිතන්න ඔයා just passed out කෙනෙක් කියලා. ඔයාව දුෂ්කර දානව අවුරුදු පහකට. එතකොට ලොකු අවුලක් නෑ කියල ඉන්න පුලුවන්. එතකොට මම ඒ අවුරුදු 5 කොළඹ ඉන්නෙ කියල හිතමු. මටත් අවුලක් නෑ. අවුරුදු 5න් අපි දෙන්නව මාරු කරනව කියල හිතමු ඔයා කොළඹට මම ඔයා හිටපු තැනට. එතකොට දෙන්නම දුෂ්කර දැම්ම කියල ප්‍රශ්නෙ විසඳෙනවද? මම නං හිතන්නෙ නෑ. මට එතකොට තමයි ප්‍රශ්න එන්නෙ. මොකද එතකොට තමයි ළමයි ඉස්කෝලෙ යන වයස. ගමේ ඉස්කෝලෙ හරියට ගුරුවරු නැත්තං, පහසුකම් මදි නං ඔය ගමේ ළමයිට බෙහෙත් කරන්නෙ නැද්ද අනං මනං රට බයිල වලින් ඒ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. ලංකාව ප්‍රසිද්ධ කියන ඉස්කෝලෙකට යන එකත් සුදුසුකමක් වෙච්ච රටක් වෙච්ච එකේ එතනට නෙන වැල් බයිලා වලින් විසඳුම් එන්නෙ නෑ.

    ඔය සීන් එකේදි ඔයා ෂේප් එකේ ඉඳියි, මම තමයි කලබල වෙන්නෙ. ඕකෙ අනිත් පැත්තට උනා නං ඔයා කලබල වෙයි. මම ෂේප් එකේ ඉඳියි. ඔන්න ඕකයි ඇත්තම තත්වෙ.

    PP කරන්න හොඳ පරිසරේකුත් නැත්තං මට එහේ ඉඳලා ළමයින්ගෙ අනාගතේටත් රිස්ක් එකක් කියල හිතෙනව නං මම මොකද කරන්න ඕන?

    ඉස්කෝල දෙන්න ඕනේ කියන්නේ දොස්තරලගේ ළමයි විතරක් නෙමේ නේ බ්‍රෝ ළමයි. අනිත් මිනිස්සුන්ගේ ළමයිනුත් ළමයිනේ. එහෙම එක කොටසකගේ ළමයින්ට විතරක් විශේෂ පහසුකම් දෙන එකට මම විරුද්ධයි. එහෙම දෙනවා නම් හෑම රජයේ සේවකයාටම දෙන්න ඕනේ දුෂ්කර සේවයේ යෙදෙනවා නම්.

    ඔව් එහෙම දෙන්න එපා කියල මම කිව්වෙ නෑ. හැමෝටම දෙන්න ඕන. :yes:

    ලන්කාවට කෙල වුනේ ඔය විදිහට එක එක රස්සාවලට එක එක විදිහේ පහසුකම් දෙන්න ගිහින් තමා. හෑබෑයි දුෂ්කර සේවයේ යෙදෙන මිනිස්සුන්ට ප්‍රවාහන පහසුකම්, දුස්කර දීමනා දෙන එක හරි. ඒක තමන්ගේ පඩියේ හෑටියට ප්‍රතිශතයක් හෑටියට හෑම රජයේ සේවකයාටම දෙන්න ඕනේ.

    එක එක රස්සා වලට එක එක පහසුකම් දෙන්න ඕනම නෑ. හැබැයි පඩියනං වෙනස් කරන්න වෙනවා ප්‍රායෝගිකව. මොන රටක වත් හැම ජොබ් එකකම පඩිය එක නෙවෙයිනේ. එතකොට ඒ පඩිය, පහසුකම් මදි නං වෙන ජොබ් එකකට යනවා. ඒකත් කරන්න බැරි නං වෙන රටකට හරි යනවා. එහෙමයි වෙන්නෙ. එතකොට අඬන්නෙ දොඩන්නෙ නැතුව ඉන්න තියෙන්නෙ.

    කොහොමත් ඉතින් කට්ටිය යනකොට පාඩුයි කියන්නේ ඉන්න ප්‍රමාණේ අඩු හින්දා නේ. ඒකට කරන්න තියෙන ප්‍රමාණේ වෑඩි කරන එක තමා. ඒකට ඉතින් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වලට අපිට බනින්න බෑ. ඒ විදිහට එන ඩොකාලා හොද නෑත්නම් උන්ට ඉස්පිරිතාල වල වෑඩ කරන්න වෙන්නේ නෑනේ. හෑමෝටම වගවීමක් තියෙනවා නේ. උන් වෑරෑද්දක් කලොත් රස්සාව හබක් වෙයිනේ.

    ඉන්න ප්‍රමාණෙ වැඩි කරාට ඔය කියන දුෂ්කර ප්‍රශ්නෙ විසඳෙයි කියලා මම හිතන්නෙ නෑ. ටිකක් දුරට විසඳෙයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අපේ එකාට නම් අවුලක් නෑ. ඉතුරු දවස් හතරෙම ප්‍රයිවට් වෑඩ තියෙනවා. සල්ලි ඕනේ තරම්. ඒ හින්දා ලොකු අවුලක් නෑ. මිනිහා දෑන් කොළඹට එන එක ගෑන ඒ තරම්ම උනන්දුවක් නෑ වගේ

    🫠 ඒක සැකයි
     
    • Wow
    Reactions: malakadss

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබ කියන විදියට පිනට ඉගෙන ගෙන රටත් ගිහින් එහෙනුත් ඉගෙන ගෙන මෙහෙට ඇවිල්ලා ගෙදර එහාපැත්තේ හොස්පිට්ල් එකක් දාන්න කියපන්. ඔය අදෝනා නෑ එතකොට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,961
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන @Sri_Sampath මතයක් ගොඩනගනවා නෝටි ආණ්ඩුවයි සාමාන්‍ය මහජනතාවයි එකතුවෙලා විදේශ පුහුණුව ඉවර කරලා ආපු දොස්තරලව ඈත දුෂ්කර පලාත්වල වැඩට යවනවා කියල. :-D

    මේවා මුන් ඉස්සර ස්ට්‍රයික් කරලා ඕන කියල හදාගත්ත සිස්ටම් එක. මේවට වග කියන්න ඕන ගොමා එක.