දොස්තර ජයලත් කොටි වන්දනාවේ
දොස්තර ජයලත් කොටි වන්දනාවේ
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අනාරාධිතව ජීනීවා නුවරට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යෑමට තැත් කළ ‘මඩ’ ව්‍යාපාරය පිළිබඳව තවත් තොරතුරු රැසක් හෙළිදරවු වෙමින් පවතී.
සිළුමිණට අනාවරණය වන අන්දමට ශ්‍රී ලංකාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ජයලත් ජයවර්ධන මහතාගේ නම නිල වශයෙන් ඇතුළත් වී නැත.
නිමල් සිරිපාල සිල්වා, මහින්ද සමරසිංහ, ඇමැතිවරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිරූපමා රාජපක්ෂ මහත්මිය ද, අකිල විරාජ් කාරියවසම් හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රත් යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.
එහෙත් අනාරාධිතව ජීනීවා නුවරට ගිය ජයලත් ජයවර්ධන මහතා එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබලයකු වන චන්ද්‍රන් නොහොත් සෙල්වරාජා නමැති පුද්ගලයාගේ අනුග්‍රහය මත එහි ගත කරමින් එම පුද්ගලයාව ප්‍රධාන රැස්වීම් ශාලාවට රැගෙන යෑමට ගත් උත්සාහයක් රජයේ ඇමැතිවරුන් ගේ විරෝධය මත වැළකී ගොස් ඇත. ජයලත් ජයවර්ධන මහතා පසුගිය වසර 10 පුරාම මේ එල්ටීටීඊ ප්‍රබලයාව එම සමුළු ශාලා ඇතුළට රැගෙන ගොස් තිබු බවටත් තොරතුරු අනාවරණය වෙයි.
මෙවර ද ජයලත් ජයවර්ධන මහතා එම ප්‍රයත්නය දරා ඇති බවත්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යාලයට පැමිණ කරන ලද තදබල විරෝධතාවය මත චන්ද්‍රන්ටත් ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාටවත් ප්‍රධාන රැස්වීම් ශාලාවට ඇතුළුවීමට ඉඩ ලැබී නැති බව ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
මේ පිළිබඳව ජිනීවා නුවර සිටින වැඩ බලන ශ්‍රී ලංකා තානාපති ජවුෆර් මහතාට ජයලත් ජයවර්ධන මහතා ඉතා තදින් දෝෂාරෝපණය කර තිබේ. මේ අතර තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධන කළ නමුත් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා එය ප්‍රතික්ෂේප කරමින් ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා සමඟ චන්ද්‍රන් නොහොත් සුරේෂ් ගේ නිවසේදී එදින සාදයක් පැවැත්වූ බව ද, ජිනීවා නුවරින් ආරංචි වේ. එමෙන්ම ජනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදුන් අධිකරණ නඩු තීන්දුව, මානව හිමිකම් කඩවූවක් බව, මෙම සැසිවාරය තුළට යෝජනාවක් ගෙන ඒමට නොහැකි විය.
මෙයට හේතු වූයේ ඒ පිළිබඳව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් පැය 02 ක පමණ කාලයක් තර්ක විතර්ක කරමින් සරත් ෆොන්සේකාට ලබා දුන් මෙම නඩු තීන්දුව ලංකාවේ ප්‍රබල අධිකරණයකින් ලබා දුන් සාධාරණ නඩු තීන්දුවක් මිස ඉන් පරිබාහිරව සිදුවූ දෙයක් නොවන බව පොදුරාජ්‍ය මණ්ඩලීය මන්ත්‍රී සැසිවාරයට කරුණු ඉදිරිපත් කළ බැවින්ය. ඒ අනුව මෙම සැසිවාරය තුළ සරත් ෆොන්සේකා පිළිබඳව හෝ ශ්‍රී ලංකාව තුළ කිසිඳු මානව හිමිකම් කඩවීමක් සිදුවන බවට කිසිම චෝදනාවක් ගෙන ඒමට නොහැකි වූ අතර, මෙය ශ්‍රී ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහණයක් බව ජිනීවා නුවරින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.