දොස්තර පුතා ඇවිල්ලා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
දොස්තර පුතා ඇවිල්ලා

දොස්තර පුතා ඇවිල්ලා

මගේ පුංචි දොස්තර පුතු
ආ සඳ මැද සතුටු කඳුළු
බැලු කල මගෙ ලේ ‍බිඳු බිඳු
ඇසුවෙම් පැනයක් නුහුරු

දුවනවාද සිංහල ලේ
දුවන් නෑලු සිංහල ලේ
දුවන්නෙ දැන් දෙමළ ලේද
දුවන් නෑලු දෙමළ ලේත්

දුවනවාද ලංකන් ලේ
දුවන් නෑලු ලංකන් ලේ
දුවන්නෙ ඉන්දියන් ලේද
දුවන් නෑලු ඉන්දු ලේත්

වතුරද බං ඇඟේ ලේ
මැරෙන්න දුවනා ලෙයක්ලු
මොනවද බං දුවන ලේ
දුවන්නෙ පොසිටිව් ඒඩ්ස්ලු

- මාලන් විදානපතිරණ
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
??????????/


මට පේන්නේ මේක තේරෙන්නේ නැතිවෙයි වගේ ඔයාට වගේම අනික් අයටත්.මං කවියට බාධාවක් නොවෙන්න පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්.තමන්ගේ පුතාව දොස්තරවරයෙක් කරන්න හීන දැකපු තාත්තා කෙනෙක්ට අසනීප වෙනවා.අසනීපවෙන කාලේ වෙද්දී පුතා දොස්තර වෙලා.පුතා එනවා තාත්තට බෙහෙත් කරන්න.එතැනදි ලේ පරීක්ෂාවක් කරනවා.එතකොට තාත්තා ලේ පරීක්ෂණයේ වාර්තාව ගැන විස්තර අහනවා.ඒ අහන ප්‍රශ්න සහ පිළිතුරු තමයි කවියට අරන් තියෙන්නේ
 
Last edited:

ncbrando

Member
Jan 31, 2014
838
115
0


මට පේන්නේ මේක තේරෙන්නේ නෑ වගේ ඔයාටත්.මං කවියට බාධාවක් නොවෙන්න පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්.තමන්ගේ පුතාව දොස්තරවරයෙක් කරන්න හීන දැකපු තාත්තා කෙනෙක්ට අසනීප වෙනවා.අසනීපවෙන කාලේ වෙද්දී පුතා දොස්තර වෙලා.පුතා එනවා තාත්තට බෙහෙත් කරන්න.එතැනදි ලේ පරීක්ෂාවක් කරනවා.එතකොට තාත්තා ලේ පරීක්ෂණයේ වාර්තාව ගැන විස්තර අහනවා.ඒ අහන ප්‍රශ්න සහ පිළිතුරු තමයි කවියට අරන් තියෙන්නේ
 
Last edited: