දොස්තර vs බස් driver

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
සයිටම් වගේ ප්‍රමිතියක් නැති තැන් වලින් එන ප්‍රමිතියක් නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලොත් ලෙඩෙක් මැරෙන්න පුළුවන්. එක නිසා ඔය කැම්පස් වල හිගන්නෝ ටික පාරට බැහැලා අපේ වෙලාව නාස්ති කරනවා.

එහෙනම් හිතලා බලපන්කො ප්‍රමිතියක් නැති බස් driver කෙනෙක්ට පුළුවන් මිනිස්සු 60 ක් විතර එක පාර මරන්න. නොපුහුණු පයිලට් කෙනෙක් ට පුළුවන් මිනිස්සු 400 ක් විතර මරන්න. එහෙමයි කියලා ඔය කැම්පස් අනාතයෝ ඒවාගේ ප්‍රමිති හොයන්න යනවද ?

නෑ මොකද දන්නවද ?
බස් driver ලා සමාජෙට ආවාට ඔය කැම්පස් අනාතයන්ද ජොබ් නැති වෙන්නේ නෑ.

ඔය NSBM, NIBM වගේ ඒවා වහන්න කියන්නේ . ඔය ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න IT හිගන්නෝ එලියට එද්දී උන්ට ජොබ් නැ. මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා ජොබ් නැතුව. උන්ට මාත් එක්ක මල මොකද මම ප්‍රයිවට් ගිහින් ජොබ් එකක් කරද්දී අරුන් ගෙදර.

ඇරත් ඔය අපි වෙනුවෙන් සයිටම් එකට බනින දොස්තරලා තවත් වෙලාවක උන්ගේ කාර් පෙර්මිට් එකට ගන්න ලෙඩ්ඩු මැරුණත් වැඩ වර්ජනය කරනවා.

එක නිසා ඔය බොරු සෝබන වැඩ ඕනේ නැ. දොස්තර කියන්නේ ලෝකේ තියෙන අමාරුම සහ වගකීම් වැඩිම රස්සාව නෙමේ.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එන්ජිනේරු , තොරතුරු තාක්ෂණ හැමදේම පුද්ගලිකක අංශයට තියනව. දැනට ඒවා දාන කොට ඔය කියන විදියේ අට පාස් උන් ඉංජිනේරුවෝ වෙලා ප්‍රමිතියට නැතිව වැඩ කරලා විනාසයක් වෙන්න තිබ්බනේ නැද්ද ? දොස්තරලාට විතරද ඕක බලපාන්නේ.

    එහෙනම් ඔක්කොම පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕනි. නැත්තම් මේකටත් ඉඩ දෙන්න ඕනි. මොනා කලත් ඒවගේ පරිපාලනය රජයේ වගකීමක් ඇතුව වෙන්න ඕනි. ප්‍රමිතියකට තියෙන්න ඕනි. එතකොට කිසි ප්‍රශනයක් නැහැ

    හැබැයි එකත් එක්කම නිදහස් අද්‍යාපනය ඒ කියන්නේ රජයේ ඒවත් දියුණු වෙන්න ඕනි. රජයේ ඒවා දියුණු නොකර පුද්ගලික අනශ්‍යටම අද්‍යාපනය බාර දුන්නොත් රටේ දුප්පත් ළමයෙක්ට ඉගන ගන්න බැරි වෙනවා.
    දෙකම බැලන්ස් එකේ යන්න ඕනි

    එක තමයි මචං හොදම විසදුම කාටවත් හිගන්නෝ බල්ලෝ බුරුවො කියල බැනල වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Black Rider

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan mechcharai mama danne,dan ubala oya kiyana pramithiyak thiyena doctorsl;ata beth varadila ki denekge ath kapala thiyenavada,kakul kapala thiyenavada,angili kapala thiyenavada?ki deneknam marila thiyenavada??
    ane nikan palayan bn yanna.

    dan oya inna pramithiyak thiyenavai kiyana doctorslata leda hoyaganna baruva leddu amaruve vatila nadda??
     
    • Like
    Reactions: RandomGuy

    ඔව් බන්. උන් ඒ වැරැද්ද ගැන පරීක්ෂණයක් තියනවටත් විරුද්දයි. මතකද ලෙවර්ගය වැරදිලා කෙනක් මලා මේ ලදී කෝ සද්ද?

    dan oya inna pramithiyak thiyenavai kiyana doctorslata leda hoyaganna baruva leddu amaruve vatila nadda??

    දොස්තරල හැමදේකටම වැරදි නැහැ එත් එයාලගෙත් වැරැද්දක් නට්‍ර්තේ නැහැ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු​
     
    • Like
    Reactions: RandomGuy

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    දොස්තරල හැමදේකටම වැරදි නැහැ එත් එයාලගෙත් වැරැද්දක් නට්‍ර්තේ නැහැ.
    mn hamadetama varadi kiyala nemei bn kivve,eth eyala methana kiyanne varadi venne private campus vala yagen kiyalane bn
    ehema unama eyalage athinuth onatharam varadi vela eva yata gahalath thiyenavane bn
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙතන තියන්නෙ ලෙඩ්ඩු ගැන අනුකම්පාවක් නෙවෙයි. උන්ගෙ එකාධිකාරය බිඳ වැටීම ගැන ප්‍රශ්නයක්. GMOA එකට අමතරව තවත් සංගමයක් බිහි වුනොත් උන්ට තියන Monopoly එක නැති වෙනවා. එතකොට උන්ට ඕනෙ ඕනෙ විදියට වර්ජනය කරලා ලෙඩ්ඩු ඇපේට තියාගෙන උන්ගෙ හෙන ගහන ඉල්ලීම දිනා ගන්න බැරි තත්වයක් ඇති වෙනවා.

    අපි දන්නවනෙ මෙඩ්ඩො කැම්පස් එකෙදි හිටපු හැටි

    lectures-, බෝඩිම-lectures
    ආයෙ වෙන බාහිර වැඩකට යනව බොරු
    ehema nokara docek venna ba bn :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machan mechcharai mama danne,dan ubala oya kiyana pramithiyak thiyena doctorsl;ata beth varadila ki denekge ath kapala thiyenavada,kakul kapala thiyenavada,angili kapala thiyenavada?ki deneknam marila thiyenavada??
    ane nikan palayan bn yanna.

    dan oya inna pramithiyak thiyenavai kiyana doctorslata leda hoyaganna baruva leddu amaruve vatila nadda??

    හිතන්නට යමක්
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    machan mechcharai mama danne,dan ubala oya kiyana pramithiyak thiyena doctorsl;ata beth varadila ki denekge ath kapala thiyenavada,kakul kapala thiyenavada,angili kapala thiyenavada?ki deneknam marila thiyenavada??
    ane nikan palayan bn yanna.

    dan oya inna pramithiyak thiyenavai kiyana doctorslata leda hoyaganna baruva leddu amaruve vatila nadda??

    pramithiyak thiyena doctorslata ehema waradinawanan, sobaneta docala wena mun tika wedata dessama kohomata hitida hitan....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෞද්ගලික විශ්වවිද්‍යාල සහ අපි !

    රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණයට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට අපි විරෝධය පාන්නේ ඒතුල ඇති අයහපත් කාරණා සැලකිල්ලට ගෙනය. ඒතුල යහපත් කාරනා නැතුවාද නොවේ.
    යහපත් කාරනාවලින් පලමුවැන්න වන්නේ මේ මොහොතේ රාජ්‍ය අධ්‍යාපනය සීමිත නිසා එයින් පිටමංවන අවස්ථාවක් නොලැබෙන උසස්පෙල සමතුන්ට විශ්වවිද්‍යාලය වරම් නොලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුදල් ගෙවා හෝ ඉගෙනගැනීමේ අවස්ථාව ලැබීමයි.
    දෙවැන්න වන්නේ ලංකාවේ නොවන විදේශගතව රැකියා කරන දෙමවුපියන්ගේ ලමයින්ට නැවත ලංකාවට එන්නට වූ විට ඉගෙන ගන්න සමත් අධ්‍යාපන ඉඩකඩ පෞද්ගලික අධ්‍යාපනය හරහා විවෘත වීමයි. මේ මොහොතේ එසේ ඉඩක් විවෘත නොවන්නේද පවතින ක්‍රමයේ අඩුපාඩු නිසාය. එය එසේ නොවන්නෙ එවන් දරුවන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට අන්තර්ග්‍රහණය කරගන්නට වැඩපිළිවෙළක් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් තුල නොමැති වීමයි. ( එසේ ඇත්දැයි මම නොදනිමි )

    නමුත් ඉහත කාරනා එක සහ දෙක වෙනුවෙන් යැයි කියමින් සටකපට ලෙස අත්තනෝමතික ලෙස ප්‍රමිතියකින් තොරවූ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට පාර නොකැපීමේ වගකීම අපි සතුය. කලයුතු වන්නේ සැමටම සාධාරණයක් ඉටුවෙන මොඩලයක් දක්වා මිනිස්සු දැනුවත් කරමින් සටන් කිරීමය.

    ඒ හැර, මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය
    රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුලුල් කරනා ජාතික මට්ටමේ අරගලයක එක් පියවරක් වශයෙන් නොගෙන කරන සටනක් වන්නේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි අරගලය හුදු වෘතීය සටනක් මට්ටමට පමණක් සීමාවේ. තමන්ගේ වෘත්තියට බලපාපු තීරණාත්මකව ඉල්ලීම දිනාගත් පසු ඔවුන් නින්දට යනු ඇත.

    සයිටම් අරගලය විශ්වවිද්‍යාලීය සිසුන් උස්සනා ප්‍රමාණය සහ වෛද්‍යවරුන්ගේ වෘතිය සංගම් එය උස්සනා ප්‍රමාණයන් අතර ඇති දුරස්ථබාවය සහ ආකල්පමය වෙනස අපිට ලිහාගන්නට පුලුවන් වෙන්නේ , මේ අරගලයන් සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පුලුල් කිරිමේ පොදු අරගලයක් කරගන්නට සමත්කමක් දක්වන්නේ නම් පමණි. එසේ නැතහොත්, තමන්ගේ වෘතිය ගැටලුව ලිහාගන්නා තෙක් වෛද්‍යවරුන්ගේ සහය පමණක් බලාපොරොත්තුවෙන්, මේ අරගලයේ ඉදිරිය හුදෙකලා වීමට මුහුණ දෙන්න වන බව වටහාගන්න.
    රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුලුල් කිරීම යනු මේ යල්පැනපු මොඩල් එක මෙහෙමම ප්‍රවර්ධනයට සහයවීමක් නොවේ, නිදහස් වෙනත් අලුත් අවකාශ අලුත් ලෝක ප්‍රවනතා වලට ඉඩදෙන මට්ටමේ එකක් විය යුතුය.

    අපි පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එරෙහිවන්නේ එවන් පුලුල් අර්ථයකින් විනා, හුදු වෘතිය අරගල ස්වරූපයෙන් හෝ ඊර්ෂ්‍යාවකින් හෝ නොවේ. රටේ බහුතර ජනතාව මෙන්ම ජන රාශීන්වල අයිතිවාසිකම් සලකන්නේ නම් රටේ100%ක් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් පවත්වාගෙන යෑමට අපිට අනිවාර්යයෙන්ම අපහසුවනු ඇත.

    සමස්ථ ක්‍රමයම වෙනස්කරනා ක්‍රම විරෝධී අරගලයකට මෙය බද්‍ධකරමින්, නොකල හැකිදේ වෙනුවෙන් පොරොන්දු නොදෙමින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කරන්නට ඔබ සැමගේ සහයෝගය අවශ්‍යය.

    උපුටා ගැනීමකි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකත් උපුටා ගැනීමක් පමණයි. මේකේ සදහන් දේවල් වෙනුවෙන් මම පෙනී හිටින්නේ නැහැ. හරි හෝ වැරදි කියන්න. නිකම් මේගැන කතිකවක්ජ් ඇතිවෙනවට්‍ රුකුලක් නිසා පල කලේ

    ඔබ ඇත්තෙන්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන දැනුවත්ද?
    ANUSHKA MADURANGA·THURSDAY, JUNE 23, 2016

    ඔබ එක් පිලකට කඩේ යන අයෙක්නම් මෙය කියවා පලක් නැත! නමුත් කරුණු සහ තර්ක මත දෙයක් තේරුම්ගත හැකිනම් පමණක් මෙය කියවන්න.ඔබ අද වෙනතුරු පැනනැගි සියළු ගැටළු වලට පිළිතුරු සැපයීමට උත්සාහ කරන හෙයින් මෙය තරමක් දිගු වේවි,නමුත් ඔබට ඇත්තටම දැනුවත් වීමට අවශ්‍යනම් ලිපිය දිගු වීම ගැටළුවක් නොවේවි. මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය බෞස්තිස්ම වන්නට යන මොහොතක කරුණු හරිහැටි නොදත් අයගේ නොදැනුවත් බව නැති කරනු වස් මෙම සටහන තබමි.
    1.මාලබේ ඇති ප්‍රශ්නය කුමක්ද?

    2.ඕනෑම අයෙකුට වෛද්‍ය වරයෙකු විය හැකිද?

    3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?

    4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා London Al කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද?

    5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද?

    6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?

    7.සාරාංශය

    මමද අද වන තුරු මාලබේ ගුණාත්මක කිරීම වසා දැමීමට වඩා සාදාරන වෙතැයි විශ්වාස කල අයෙක් බව මා ගැන දන්නා අය සහතික කරාවි. නමුත් ලංකාව වැනි දුෂිත පාලකයින් සිටිනා රටක,මුදලට සියල්ල විකිනෙන රටක,දේශපාලකයින්ගේ දරුවන් ලේලියන් ඉගන ගන්නා තැනක ගුණාත්මක බව අපේක්ෂා කල නොහැකි බව අද මම දනිමි.මාලබේ ක්‍රියා කලාපය නම් මුදල් හා දේශපාලන බලය යොදවා ප්‍රමිතිකරණ ක්‍රමවේද bypass කිරීම මිස වැරදි අඩුපාඩු සාදා ගැනීම නොවේ .කෙනෙක් තව කෙනෙක්ව කැපුවොත් එය අපරාදයක්,නමුත් වෛද්‍ය වරයෙකු එය කල විට සේවයක්.තව කෙනෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගැනීමේ බලය මුදලට විකිණීමද වඩා සාදාරන නැතිනම් සුදුස්සාට එය ලබා දීමද? මෙය කියවා අවසන් වන විට මාලබේ කිසිදිනක ගුණාත්මක වෛද්‍ය වරු බිහි කරන ආයතනයක් නොවනු ඇති බව ඔබටම වැටහේවි.කෙලින්ම කතාවට බහිමු !

    1.මාලබේ ඇති ප්‍රශ්නය කුමක්ද?

    එය කඩයක් වීමයි. ඔව් ඔබ එය ඕනා තරම් අසා ඇති, එත් එය ඔබට තේරී නැතිව ඇති. මාලබේ ඇති ගැටලුව නම් ඔබ මුදල් දුන් විට ඔබ වෛද්‍යවරයකු වීමයි.ඔබට ලක්ෂ 120ක් ඇත්නම් ඔබ වසර 5කින් වෛද්‍ය වරයෙක් !ඔබට වාහන මුදල් දී ගත හැකියි,දැනුම මුදල් දී ලබා ගත හැකියි,නමුත් ඔබට රැකියාවක් මිලට ගත නොහැකියි.මාලබේ විසින් අද එයද විකුණයි.හොදම උදාහරණය ඔවුන්ගෙන් පිටවූ පළමු සිසු කණ්ඩායමයි. උසස් පෙලින් ලංකාවේ ඉහලම ලකුණු ලබන 200ක් වූ සිසුන් කොලඹ වෛද්‍ය පීඨයට ඇතුළු වේ.නමුත් ඉනුත් සිසුන් කිහිප දෙනෙකු අවසන් වසර විභාගය re-repeat වේ. එසේ වන්නේ එහි ගුණාත්මක බව එතරම් ඉහල මට්ටමක පවත්වා ගන්නා බැවිනි.උසස් පෙලින් ජීව විද්‍යාව අසමතුන් ඉන්නා SAITM සිසුන් ඉතා ඉහල ප්‍රථිපල ලබන්නේ කෙසේද? ලංකාවේ ඉහලම දැනුම තිබුණු සිසුන් පසුකර යන මහා බුද්දියක් ඔවුන්ට පහල වුයේ මුදල් දුන් විට මොලය වැඩෙන නිසා වෙන්ටැති.
    you have to earn it! you can't buy it !

    2.ඕනෑම අයෙකුට වෛද්‍ය වරයෙකු විය හැකිද?

    ලෝකයේ ප්‍රමුකතම විශ්ව විද්‍යාලවල පවා වෛද්‍ය සිසුන් ඇතුලත් කර ගන්නේ අතිශය තරගකාරී විභාග ක්‍රම වලිනි. ඔවුන් high school වල ඉතා ඉහල GPA ලබා pre med පාඨමාලා අවසන් කර මුදලුත් ගෙවා college යයි. ලංකාවේ GPA ක්‍රමය වෙනුවට උසස් පෙළ ඇති අතර ඉනුත් ඉහලම ප්‍රතිපල ලබන අය පමණක් වෛද්‍ය විද්‍යාව නොමිලේ හැදෑරීම සදහා සුදුසුකම් ලබයි.එලෙස අති දක්ෂයන් පමණක් වෛද්‍ය විද්‍යාව සදහා තෝරා ගන්නේ එය එතරම් ගැබුරු විෂයක් හෙයිනි.එය හැදෑරීම සදහා ඉහල මතක ශක්තියක් මෙන්ම තර් ක හැකියාවක්ද අවශ්‍යයි.උසස් පෙළ වසර දෙකහමාරක් තුල ඉගන ගන්නා කරුණු වලට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලයේ එක වාරයක් තුල උගන්වයි.උසස් පෙලින් තුන් වරකදී අවශ්‍ය සුදුසුකම් සැපිරිය නොහැකි අයෙකු ඊටත් වඩා අපහසු විෂයක් ඉගෙනගෙන තවත් මිනිසෙකුගේ ජීවිතය පිළිබද තීරණ ගන්නේ කෙසේද? මෙය කිසිවෙකුගේ දැනුම මට්ටම පහත්කිරීමක් නොව ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමකි.උසස් පෙලින් එම දැනුම සර් ව සාදාරනව මනින්නට බැරිව ඇති,නමුත් ඊට වඩා සාදාරන,ප්‍රයෝගික ක්‍රමයක් නැති හෙයින් අපට විභාග පිළිගන්නට සිදුවේ.වෛද්‍ය විද්‍යාව සදහා පිවිසිය යුත්තේ දක්ෂයින් මිස සල්ලිකාරයින් නොවේ.ඔබට මුදල් තිබු පමණින් තවත් මනුෂ්‍යයෙකුගේ ජිවිතය පිළිබද තීරණ ගත හැකි රැකියාවක් මිලට ගත නොහැක.එය මිනීමැරීමට මුදල් ගෙවා අවසර ගැනීමක් වැනිය!

    3.අනෙක් සියළු පාඨමාලා වලට අදාළ නැති වෛද්‍ය විද්‍යාවට පමණක් අදාළ අමුතු නීතියක් ඇයි?

    මේ උදාහරණය කිසිදු රැකියාවක් හෝ පාඨමාලාවක් පහත් කිරීමට නොවේ. යමෙක් IT ක්ෂේත්‍රයේ උපාදියක් ලබා රැකියාවක් කරනවා යයි සිතමු.ඔබට software code එකක් අමතක වුවහොත් එය google කර ඔබේ කටයුත්ත කල හැකියි.accountant කෙනෙකුට ඉගන ගත් theory කොතරම් අමතක වුවත් සතියක් එක සමාන ගිණුම් කටයුතු වල යෙදෙන විට,ඊලග වාරයේ ඔහුට එය කල හැකියි,එනම් ඔහුට field එකෙන් ඉගන ගත හැකියි.නමුත් ඔබ වෛද්‍ය වරයෙකු වී හදිසි ලෙඩෙකු පැමිණි විට ඔහුට ප්‍රතිකාර කරණ සැටි google කල නොහැකිය, තනිව වාට්ටුවක් බාරව සිටින විට අසා ගන්නට කෙනෙකු නැත.ඔබට field එකෙන් ඉගන ගන්නා තුරු හමුවන රෝගීන් මිය යනු ඇත.එකිනෙකට වෙනස් රෝග දහස් ගණනක් හා ප්‍රතිකාර මතක තබා ගැනීමට ඉහල මතක ශක්තියක් අවශ්‍ය බව අමුතුවෙන් කිවයුතු නොවේ. සමහරුන් සිතා සිටින්නේ වෛද්‍ය විද්‍යාලයක් යනු ලෙඩය සහ බෙහෙත කියා දෙන ආයතනයක් බවයි.වෛද්‍යවරු දන්නේ පෙනඩෝල් විටමින් පෙරිටන් වැනි බෙහෙත් කීපයක් පමණක් බවයි.ඔබ හැමදාම සෙම්ප්‍රතිෂාව හා උණට බෙහෙත් ගන්නට ගොස් විවිද බෙහෙත් අපේක්ෂා කිරීම විහිළුවක් නොවේද?

    4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා london al කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද?

    ඕනෑම දෙයකට තෝරාගත හැකි සීමාවක් පවතී.හරි අපි එක ලකුණක් මදි වන ලමයවත් ගමු විශ්වවිද්‍යාලයට.එතකොට ඒ ළමයටත් වඩා ලකුණක් අඩු ළමයට මොකද වෙන්නේ,අපි එයාවත් ගමුද? අපි කොතනින්ද සීමාව අදින්නේ?ඔබට වාර තුනක් එනම් වසර 5ක් උසස් පෙළ හදාරා විශ්ව විද්‍යාලයකට තේරිය නොහැකි නම් ඔබට වෙනත් මගක් තෝරාගන්නට සිදුවේ.ඔබට එම මග මුදලට මිලට ගත නොහැක.එතකොට London Al ? ඔබට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය නම් ඔබ football පුහුණු වී පලක් නැහැ නේද?ඔබ විදෙස් විෂය නිර් දේශයක් හදාරා දේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට බැරි යයි කීම විහිළුවක් නොවේද ? එසේ වෛද්‍ය වරයෙකු උවද සිංහල කතා කරණ සාමාන්‍ය ජනතාවගේ දුක ඉංග්‍රීසියෙන් කෙසේ තේරුම් ගන්නද?විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා සිසුන් ගණන වැඩි විය යුතුය නමුත් එය පිටින් දමා උපාදි කඩ සාදරනිකරණය කල නොහැක!

    5.මාලබේ ගුණාත්මක වෛද්‍ය විද්‍යාලයක් කල නොහැකිද?මාලබෙන් ගුණාත්මක වෛද්‍යවරු බිහිවෙයි නම් ගැටළුවක් නැහැ නේද?

    එය සාදාරන ප්‍රකාශයකි.මම කලක් එය විශ්වාස කල අයෙක්මි.නමුත් එය ප්‍රයෝගික ප්‍රකාශයක් නොවන බව ඔප්පු වී හමාරය.එය ඇරබි දින පටන් වෛද්‍ය සබාව හා විද්වත් කමිටු විසින් එහි ගුණාත්මක බවේ අඩුපාඩු පෙන්වා දෙන ලදී,ඒවා නිවැරදි කරගැනීම වෙනුවට ඔවුන් කලේ දේශපාලන බලය හා නිතිය යොදවා ගනිමින් එම නිර් ණායක bypass කිරීමය.ඔවුන්ට බදවා ගැනීමේ පටිපාටියක් නොමැත,විභාග වල හා සායනික පුහුණුවේ ගුණාත්මක බව ඉතා පහලය.දේශපාලකයින්ගේ දරුවන් සිටින ලාබ ලබන ආයතනකින් ගුණාත්මක බව අපේක්ෂා කිරීම විහිළුවකි.එනම් පුද්ගලික ව්‍යපාරයකින් ඉහල ගුණාත්මක වෛද්‍ය වරු බිහි කිරිම සිහිනයක් පමණි. මේ ගැන ටිකක් කතා කරමු.

    ඔවුනුත් රජයේ විශ්ව විද්‍යාල සිසුන් මුහුණ දෙන අවසන් විභාගය ලියුවම හරිනේ ?

    වෛද්‍ය විද්‍යාව යනු එක් විභාගයකින් මැනිය හැක්කක් නොවේ.එය උසස් පෙළ මෙන් නොවේ.වසර පහ මාරක් පුරා වාචික විභාග(viva),රසායනාගාර පරික්ෂා,හදුනාගැනීමේ පරීක්ෂණ(spot test) ගණනාවකට වෛද්‍ය සිසුවෙකු මුහුණ දේ.සායනික පුහුණුවේදී සමහර විශේෂඥ වෛද්‍යවරු වාර 2,3ක් appointment repeat කරමින් සිසුන් අවශ්‍ය පුහුණුව ඇති බව සහතික කරයි.එනම් අවසන් විභාගය ලියන විට සිසුවා අවශ්‍ය ගුණාත්මක බවින් යුක්ත බවට ඔවුන් සහතික වේ.පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් එන සිසුවෙකු එම ගුණාත්මක බවින් යුක්ත බව කිසිවෙකුට සනාථ විය නොහැක.එනිසා එක විභාගයකින් වෛද්‍ය වරයෙකුගේ දැනුම මැනිය නොහැක.මෙය විදෙස් සිසුන්ටද අදාල නමුත් එය වෙනස් කිරීමට දැන් පමා වැඩිය.

    එතකොට එක විභාගයක් නොව සියළු විභාග හා පුහුණු රජයේ විශ්වවිද්‍යාල වල ඒවා කළා නම් හරිනේ?

    අන්න එතකොට නම් වැඩේ හරි තමා,එත් පොඩ්ඩක් ඉන්න! ඒක හරියට රජයේ උපාදිය මුදලට විකිණීමක් වගෙයි නේ!ඇයි අපි ඒ අවස්ථාව මුදලට දෙන්නේ?එය උසස් පෙලින් සමත් අයට දීම වඩා සාදාරන නැත්ද?ඇයි එය මුදල් ඇති අයෙගේ ආභරණයක් කරන්නේ ? අපි මේ ඇවිත් තියෙන්නේ මේක ජනසතු කරන්න ඕනි කියන තැනට නෙමෙයිද?
    එතකොට අලුත් අධ්‍යාපන අවස්ථාවක් බිහි කිරිමෙන් කොහොමද නිදහස් අද්‍යාපනය නැති වෙන්නේ?

    මෙන්න මේක තමා ගොඩක් අයට තියන ප්‍රශ්නය.එක වෙන්නේ මෙහෙමයි.saitm ස්ථාපිත වුන දාට තව ආයතන ඇරෙයි.එම ආයතන වල උගන්වන්න ගුරුවරු ඔවුන් පිටරටින් ගෙන්නේ නැහැනේ.පාසලක ගුරුවරයෙකු හදන්න නම් වසර දෙක තුනක් යාවි,එත් වෛද්‍ය වරුන්ටත් ඉගැන්විය හැකි අයෙක් බිහි කිරීම එතරම් සරල නැහැ. සියල්ල මුදලට විකිනෙන සමාජයක ආචාර්යය වරයෙකු වැඩි ප්‍රතිලාබ බලන් රජයේ වෛද්‍ය විද්‍යාල අතහැර ගියොත් අපිට ඔහුට චෝදනා කරන්න බැහැ,නමුත් එදාට අමාරුවෙන් උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයට එන දරුවට මොකද වෙන්නේ? එදාට නිදහස් අද්‍යාපනය කඩා වැටෙයි නේද?අද saitm එකට එරෙහිව ළමයි කරන කියන දේවල් කුහක කම් වගේ ඔබට පෙනෙයි,නමුත් ඔවුන්ගේ අවසන් ඉල්ලීම එය ජනසතු කර වඩා සාදාරන ක්‍රමයකට ළමුන් ඇතුලත් කරගෙන නොමිලේ උගන්වන්න කියන එක නම්, එය කුහක කමක් වන්නේ කොහොමද?

    6.එතකොට වෛද්‍ය වරු පුද්ගලික සේවා කිරීම,දුෂණ කිරීම,අත්වැරදීම නිසා මිනිස් ජිවිත නැතිවීම සාදාරණද?

    රජයේ සේවා මගහැර පුද්ගලික සේවා කරන නාමික වෛද්‍යවරු රකින්න මම බැදිලා නැහැ.එත් ලක්ෂ 120ක් ගෙවල සේවයට එන වෛද්‍ය වරු දුෂ්කර පළාතකට ඇවිත් නොමිලේ ම සියල්ල කරලා දෙනකම් බලා ඉන්නත් එපා!පුද්ගලික සේවා පිට දාල පුද්ගලික වෛද්‍ය විද්‍යාල සදරනිකරණය විහිළුවක්. හැබැයි මේ ගැනත් හිතන්න .ළමයෙක් ලෙඩ උනාම කිලෝමීටර ගණන් රජයේ රෝහල් හොයන් දුවන් නැතිව ගමේ දිස්පෙන්සරියට යන එක ඔබට වෙන පහසුවක් නෙමේද? ඒ වෛද්‍යවරු තමන්ගේ රජයේ සේවා මුරය වෙලාවේ නෙමේ ඒ බෙහෙත් දෙන්නේ. ඔවුන් තමන්ගේ සේවය ඉටු කරලා ඉතිරි වෙලාවේ පුද්ගලික සේවා කිරීමේ වරදක් මට නම් පෙන්නේ නැහැ.අනික එය ඔබටත් පහසුවක්. එත් saitm එකින් බාල දොස්තරලා බිහි වීමෙන් කාටවත් හොදක් පහසුවක් වෙන එකක් නැහැ! ආ මල් ශාලා හිමියන්ට හැර ! අනික මම දැකල තියන විශේෂඥ වෛද්‍ය වරු සියල්ලම වගේ කෙනෙක් channel කරල ආවම කියන්නේ මගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇතුල් වෙන්න කියල මිසක් එම පුද්ගලික රෝහලේ ඇතුල්වෙන්න කියල නෙමේ.එහෙම කියන අය ඇති නමුත් මම නම් දැකල නැහැ!

    එතකොට බේත්?රෙපොට් පිටින් ගන්න එක? මම නම් දැකල නැහැ වෛද්‍ය වරු වෙළද නාමය ලියල බේත් දෙනවා! එහෙම කලොත් ඔබට උනත් පැමිණිලි කරන්න පුළුවන්.රජයෙන් බේත් සපයල නැති උනාම බේතක් පිටින් ගෙන්න කියන එක වෛද්‍ය වරුන්ගේ වරදක් වෙන හැටි මට තේරෙන් නැහැ. අපි රජයේ පරීක්ෂණාගාර දැකල තියන නිසා දන්නවා ඔවුන් දවසකට රිපෝට් කීයක් නිකුත් කරනවද කියල.ඒවා ගොඩක් පමා වෙද්දී හරි,අවශ්‍ය උපකරණ නැත්නම් හරි පරීක්ෂණයක් පිටින් කරන්න කියනව විනා බලෙන් පරීක්ෂණ පිටින් කරන්න දෙනවා රෝහලේ ගත කරපු කාලෙටම මම දැකල නැහැ.එත් වකුගඩු සායනේදී රෙපොට් පිටින් අරන් එන්නද ඇහුවම සල්ලි වැඩි වෙලාද පිටින් කරන්න දගලන්නේ අහන දොස්තරලා නම් මම දැක්ක! වැරදි කරණ කීප දෙනෙක් නිසා වෛද්‍ය වරුන්ට ගරහන්න එපා!දුෂණත් එහෙමයි.වෛද්‍ය වරයෙක් උනත් ඔහු මනුෂයෙක්. ඕනෑම ක්ෂේත්‍රයක නරක මිනිසුන් ඉන්නවා,වාසනාවට වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුයි.එයාලගේ මිම්මෙන් හැමෝම මනින්න එපා! එතකොට අත්වැරදී ? වෛද්‍යවරු කියනෙත් මිනිස්සු,ඕනෑම කෙනෙක් අතින් අත්වැරදී වෙන්න පුළුවන්, නමුත් කිසිවෙක් සිතා මතා රෝගියෙකුට හානියක් කරන්නේ නැහැ,එකයි අද වනතුරු වෛද්‍ය වරයෙකු අත්වරදකට හිරේ ගිහින් නැත්තේ! නමුත් වෛද්‍යවරු ඒ අත් වැරදීම් නොවෙන තැනට හැම වෙලාවේම වග බලා ගන්නවා! එවා පෙන්වා පෙන්වා saitm සදරනිකරණය විහිළුවක්.මෙතරම් උගත් බුද්ධිමත් අයටත් වැරදි වෙනවා නම් මුදලට වෛද්‍ය වරු වන අයට ඒවා නොවෙවිද?

    7.සාරාංශය
    දෙයක් කියවා තේරුම් ගත හැකි කෙනෙක්ට මේ ටික ඇති ලංකාවට පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අනවශ්‍ය ඇයි කියා තේරෙන්න. වෛද්‍ය විද්‍යාව කියන්නේ මුදල් ඇති අයට පමණක් හිමිකම් කිව හැකි සුපෝඛබෝගී ආභරණයක් වීමද සාදාරන නැතිනම්,නියම සුදුසුකම් ඇති අයට තම හැකියාවෙන් උපාය ගත යුතු සේවාවක් වීමද වඩා සාදාරන?දෙමාපියන්ගේ දරුවා වෛද්‍යවරයෙකු කිරිමේ සිහිනය විකුණා කන මාලබේ වසා දමමු!

    saitm ජනසතු කරමු ! සිතීම ඔබට බාරයි!
    "doctor " you can't inherit it ! you can't buy it! you have to earn it!
    අනුෂ්ක මධුරංග
    කොලඹ වෛද්‍ය පීඨය
    තෙවන වසර
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    වෛද්‍ය විද්‍යාලවල හිඟන්නු නෑ ඔයි. පොඩ්ඩක් ජපුරේ මෙඩිකල් ෆැකල්ටිය ඉස්සරහ නවත්තල තියෙන වාහන ටික බලල එනවකො දවල් 1 ට 2 ට ගිහිල්ල. දොස්තරලගේ වාහන දාන්නේ ෆැකල්ටිය ඇතුලේ. එළියේ තියෙන්නේ ඔය පිනට කාල බිල ජිවත් වෙනවා කියන හින්ගන්නු ටිකගේ වාහන ටික.

    දන්න රෙද්දක් කතා කරනවා...
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    වෛද්‍ය ශිෂ්‍යයෝ කෑගහන්නේ මාලඹේ නීති විරෝධි විද්‍යා උපාදි ආයතනය වහන්න කියල විතරයි. NSBM, SLIIT වහන්න කියල මොකෙක්වත් කා ගහන්නේ නෑ බුරුවො.

    ඔය ඔක්කොම උපාධි කඩ වහන්න කියන ඒවා අන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ටෝක්ස්. නැතුව MEDICAL STUDENTS ල කියන ඒවා නෙමෙයි. නොදන්නා රෙද්දවල් කතා කරන්න එපා..

    අනෙක, සෞඛ්‍ය සේවයට අදාළ දේවල් අපි කතා කරන්නේ.. හොර MEDICAL FACULTY එකක් කියන එක සෞඛ්‍ය සේවයට අදාලයි. BUS DRIVER ලගේ ඒවට බස් වල යන උබල කෑගහපල්ලා.. PILOT ලගේ ඒවාට අදාල මිනිස්සු කාගහයි.

    අදාල නැති රෙද්දවල් උබල කට තියෙන පලියට කියුවට, අපිට ඒවාට වෙලාවක් නෑ ඔයි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සයිටම් වගේ ප්‍රමිතියක් නැති තැන් වලින් එන ප්‍රමිතියක් නැති දොස්තර කෙනෙක් බෙහෙත් කලොත් ලෙඩෙක් මැරෙන්න පුළුවන්. එක නිසා ඔය කැම්පස් වල හිගන්නෝ ටික පාරට බැහැලා අපේ වෙලාව නාස්ති කරනවා.

    එහෙනම් හිතලා බලපන්කො ප්‍රමිතියක් නැති බස් driver කෙනෙක්ට පුළුවන් මිනිස්සු 60 ක් විතර එක පාර මරන්න. නොපුහුණු පයිලට් කෙනෙක් ට පුළුවන් මිනිස්සු 400 ක් විතර මරන්න. එහෙමයි කියලා ඔය කැම්පස් අනාතයෝ ඒවාගේ ප්‍රමිති හොයන්න යනවද ?

    නෑ මොකද දන්නවද ?
    බස් driver ලා සමාජෙට ආවාට ඔය කැම්පස් අනාතයන්ද ජොබ් නැති වෙන්නේ නෑ.

    ඔය NSBM, NIBM වගේ ඒවා වහන්න කියන්නේ . ඔය ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න IT හිගන්නෝ එලියට එද්දී උන්ට ජොබ් නැ. මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා ජොබ් නැතුව. උන්ට මාත් එක්ක මල මොකද මම ප්‍රයිවට් ගිහින් ජොබ් එකක් කරද්දී අරුන් ගෙදර.

    ඇරත් ඔය අපි වෙනුවෙන් සයිටම් එකට බනින දොස්තරලා තවත් වෙලාවක උන්ගේ කාර් පෙර්මිට් එකට ගන්න ලෙඩ්ඩු මැරුණත් වැඩ වර්ජනය කරනවා.

    එක නිසා ඔය බොරු සෝබන වැඩ ඕනේ නැ. දොස්තර කියන්නේ ලෝකේ තියෙන අමාරුම සහ වගකීම් වැඩිම රස්සාව නෙමේ.

    I'm against SAITM. But what you said here is 100% correct! :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෛද්‍ය ශිෂ්‍යයෝ කෑගහන්නේ මාලඹේ නීති විරෝධි විද්‍යා උපාදි ආයතනය වහන්න කියල විතරයි. NSBM, SLIIT වහන්න කියල මොකෙක්වත් කා ගහන්නේ නෑ බුරුවො.

    ඔය ඔක්කොම උපාධි කඩ වහන්න කියන ඒවා අන්තර විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ටෝක්ස්. නැතුව MEDICAL STUDENTS ල කියන ඒවා නෙමෙයි. නොදන්නා රෙද්දවල් කතා කරන්න එපා..

    අනෙක, සෞඛ්‍ය සේවයට අදාළ දේවල් අපි කතා කරන්නේ.. හොර MEDICAL FACULTY එකක් කියන එක සෞඛ්‍ය සේවයට අදාලයි. BUS DRIVER ලගේ ඒවට බස් වල යන උබල කෑගහපල්ලා.. PILOT ලගේ ඒවාට අදාල මිනිස්සු කාගහයි.

    අදාල නැති රෙද්දවල් උබල කට තියෙන පලියට කියුවට, අපිට ඒවාට වෙලාවක් නෑ ඔයි..

    අනිත් ඒවා වහන්නේ නැතුව සයිටම් එක විතරක් වහන්න කියන්නේ ඇයි බන් එක අසාදාරනයක් නොවේද ??
    වහනවන්ම් ඔක්කොම වහන්න ඕනි. අරිනවනම් ඔක්කොම අරින්න ඕනි.
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    machan mechcharai mama danne,dan ubala oya kiyana pramithiyak thiyena doctorsl;ata beth varadila ki denekge ath kapala thiyenavada,kakul kapala thiyenavada,angili kapala thiyenavada?ki deneknam marila thiyenavada??
    ane nikan palayan bn yanna.

    dan oya inna pramithiyak thiyenavai kiyana doctorslata leda hoyaganna baruva leddu amaruve vatila nadda??

    කියක් නම් හොඳ වෙලා තියෙනවද? කියක් නම් ජිවිත බේරාගෙන තියෙනවද? ඒවා පෙන්නේ නැද්ද? මිනිහෙක් අතින් වැරදි වෙන්න පුළුවන්.. නෑ කියන්න බෑ.. එත් ඒවා ඕන කමින් කෙරෙන දේවල් නෙමෙයි. එකවත් ඔයාට තේරෙන්නේ නැත්නම් කවර කතාද?

    මේ ලඟදි මහරගම කැන්සර් හොස්පිටල් එකට ලෙඩෙක් ආව.. අම්බිලිපිටිය පැත්තේ.. PET SCAN කරන්න ඕනේ. කැන්සර් එකේ spread එක බලන්න. පිටින් කරන්න ලක්ෂ 2යි ගානක් ඕනේ.. මිනිහට සල්ලි නෑ කිවුව එච්චර.

    අපේ සර් මොකද කරේ? ඒ වෙලේම, අඳුරන පොරකගෙන් call කරලා ඇහුව පිනක කරගන්න කැමතිද කියල.. කියල විස්තරේ කියුව.. අර මනුස්සය කැමති උන මේ දුප්පතාට ලක්ෂ 2ක් දීල scan එක කරවන්න. අපි ඔක්කොටම පුදුමයි.. ඒ දොස්තර මහත්මය රටේ බොහොම නමගිය කෙනෙක්..

    ඔන්න ඔහොම දොස්තරලා තමයි බහුතරයක් ඉන්නේ.. උබ කියල තියෙන ජාතියේ දොස්තරලා අවුරුදු දෙකක් පුරාවට කවදාවත් රජයේ රෝහලක මට හම්බෙලා නෑ. එත් ඉන්න පුළුවන්. ඒ කෝනෙන් හැමෝවම මනින්න එපා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ජිනේරු , තොරතුරු තාක්ෂණ හැමදේම පුද්ගලිකක අංශයට තියනව. දැනට ඒවා දාන කොට ඔය කියන විදියේ අට පාස් උන් ඉංජිනේරුවෝ වෙලා ප්‍රමිතියට නැතිව වැඩ කරලා විනාසයක් වෙන්න තිබ්බනේ නැද්ද ? දොස්තරලාට විතරද ඕක බලපාන්නේ.

    එහෙනම් ඔක්කොම පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕනි. නැත්තම් මේකටත් ඉඩ දෙන්න ඕනි. මොනා කලත් ඒවගේ පරිපාලනය රජයේ වගකීමක් ඇතුව වෙන්න ඕනි. ප්‍රමිතියකට තියෙන්න ඕනි. එතකොට කිසි ප්‍රශනයක් නැහැ

    හැබැයි එකත් එක්කම නිදහස් අද්‍යාපනය ඒ කියන්නේ රජයේ ඒවත් දියුණු වෙන්න ඕනි. රජයේ ඒවා දියුණු නොකර පුද්ගලික අනශ්‍යටම අද්‍යාපනය බාර දුන්නොත් රටේ දුප්පත් ළමයෙක්ට ඉගන ගන්න බැරි වෙනවා.
    දෙකම බැලන්ස් එකේ යන්න ඕනි

    එක තමයි මචං හොදම විසදුම කාටවත් හිගන්නෝ බල්ලෝ බුරුවො කියල බැනල වැඩක් නැහැ.
    :yes::yes::yes::yes::yes: AGREE 100 %

    DESAPALANA KANAHILLU HARIYATA POLICY EKAKATA WADA KARANAWA NAM ME PRASNE WISANDILA. ETAKOTA PARATA BAHINNE DESAPALANA AGENDA KAARAYO WITARAI..