දොස්තර_නෝනා_හා_ඇඟලුම්_සේවිකාව
පහතින් දැක්වෙන්නේ එකම පුවත් පතක ( දිවයින ) වෙනස් අපරාධයන් දෙකක් කළ කාන්තාවන් දෙදෙනෙක් ගැන පල වූ මාධ්‍ය වාර්තා දෙකකි. එයින් එකක් වෛද්‍යවරියක් විසින් පහර දී බරපතල තුවාල සිදු කිරීමකි. අනික නූගත් දමිල තරුණියක් විසින් කල මෝඩ වැඩකි.
තරුණියගේ නම හෙලිකරන පුවත්පත අදාල වෛද්‍යවරියගේ නම මහේෂි විජේරත්න බව කියන්නට මැලි වෙයි. ඇය නිකම්ම දොස්තර නෝනාය.වාර්තා දෙකම ලියා ඇත්තේද එකම වාර්තා කරුවෙකි.
දොස්‌තර නෝනාගේ වීදුරු කටු ප්‍රහාරයෙන් කාන්තාවගේ අතට බරපතළ තුවාල
(චමින්ද සිල්වා)
කොළඹ තරු පහේ හෝටලයකදී වෛද්‍යවරියක විසින් කාන්තාවකට බෝතලයකින් පහර දී පසුව වීදුරුවක්‌ද කඩා එයින් තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
කාන්තාවට පහරදුන් වෛද්‍යවරිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරිය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ (02 වැනිදා) පැවැසීය.
හෝටලය තුළදී පහර කෑමට ලක් වූ කාන්තාව සමඟ වෛද්‍යවරිය බහින්බස්‌වී පසුව වෛද්‍යවරිය විසින් වීදුරුවක් කඩා කාන්තාවගේ අතට පහර දී ඇත.
එම පහරදීමේදී කාන්තාවගේ අතට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු අතට මැහුම් 16 ක් දමා ඇත. පසුගිය 28 වැනිදා රාත්‍රි 10 ට පමණ සිදුවූ මෙම සිද්ධියට අදාළ වෛද්‍යවරිය කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත ඊයේ (02 වැනිදා) මුදා හැර ඇත
සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු ලියූ තරුණිය දෙවසරක් හිරේ
(චමින්ද සිල්වා)
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල ඉංග්‍රීසි අක්‍ෂර ලියූ තරුණියකට දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් පෙරේදා (02 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.
මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි නමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි. මඩකලපුව ප්‍රදේශයේ සිට පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට පැමිණි සැකකාර තරුණිය සීගිරි කුරුටු ගී මත ඉංග්‍රීසි අක්‍ෂර ලියමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කරනු ලැබීය.
ekema menna me kawiyath thibuna comment ekaka...mekath kiyawapallako...
සින්න තම්බි මි උදේනි - මට්ටක් කලපුවෙන් ආමි
බැලු බැලු අතේ කුරුටු ගා තිබුණෙන් - නොපැකිල ම ‘ඔහු‘ නම ලීමි
රෙදි වියන කම්හලේ ඈත මඩකලපුවේ
සන්නාලි ගැහැණු ළමයා ය සිහ ගිරි ගියේ
අනුරපුර ට්‍රිප් එකේ යනවාට එහෙ ගියේ
සිංහලේ පෙර විකුම් බලන්නට නම් නොවේ
ඉතිහාස පාඩමක් කිසි දාක උගෙන නැති
හුඟක් විට ඉස්කෝලෙ ගිහිල්ලත් නැතිව ඇති
ඇඳිරි නීතිය තිබුණු යුද ගැටුම් අවදියේ
කඳවුරක ජීවිතය ගැටගසා ගන්න ඇති
වර්තමානයෙ දුක ම පිරිපත ම විඳිනු ඇති
දිනපතා ගෙදර දොර අඩුපාඩු හදනු ඇති
අනාගත සිහින මන්දිර හිතේ කෙටිල ඇති
මංගල්ල නැකත තෙක් අත ඇඟිලි ගනින්නැ‘ති
පාන්දර නැගිටලා බත බැඳන් ඉටි කොලේ
අලුත් ඇඳුමක් ඇඳන් නගින්නැ‘ති බස් එකේ
සිහ ගිරිය නගින විට ඉර නැඟුණු දාවලේ
කකුලෙ දැමු සංගිලිය අඬන්නත් ඇති ඔහේ
කවුරු කවුරුත් ලියපු නොයෙක් පෙම් සූත්තර
අතර පතරින් තිබුණු කුරුටු ගෑ බිත්තියක
හද බිතේ කෙටුණ නම අකුරු අමුණා යසට
කොණ්ඩ කටුවක් රැගෙන කොටන්නැති හරි තදට
පැරණි සිහ ගිරි කවිය එහි තිබෙන වටින කම
හැමදේම උසාවියෙ තර්ක කර කියන විට
හිස නමා පිළිගත්ත නොදැන කළ වැරැද්දට
ඉතින් අවුරුදු දෙකක් යන්ට ඇත හිර ගෙයට
ප්‍රේමයේ නාමයෙන් නැතොත් මෝහයෙන් වත්
අවිචාර ගැහැණු ළමයෙක් විසින් කළේ වත්
වරදක් ය වැරදි සිතකින් කළේ නැති වුණත්
තිබේ කුකුසක් හිතේ නීති නිවැරදි නමුත්
කුරුටු ගෑ ගැහැණු ළමයා හිරේ දෙවසකට
කටුගෙයට පැන්න කණ්ගැට්ටාට කවර කළ
දේශපාලන බලෙන් නිදන් හෑරූ අයට
තනතුරක්වත් නොමැත අහිමි වී කළ දෙයට
ඒ උතුම් සිහ ගිරිය ලෝක උරුමයක් වත්
දේශපාලන බලය නොවෙද ඊටත් මහත්
කොරියකට බදු දෙන්ඩ හැදුව හැකි පිඹුරුපත්
නීතියට හැකි වේද එවිට කළ හැකි යටත්
ගැහැණු ළමයා ඔහේ හිර ගෙදර හිඳිනු ඇති
ගෙදර දොර අඩුපාඩු ඉහ වහා යනු නියති
මංගල්ලෙ තව තවත් පමා වෙන්නට ඇහැකි
කෙටුව නම අයිති ‘අය‘ වුවත් පිටුපානු හැකි
-Surekha Samarasena-
gatthe : http://bitternight.blogspot.com kiyala blog ekakin