ද ෆිනෑන්ස් යළි රතුවේ !!!!!!!!!!!!!!
ගෝල්ඩන් කී අර්බුදය නිසා අපහසුතාවයට ලක්වූ මෙරට පැරණිතම මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ නවතම ගිණුම් වාර්තා හෙළිදරව් කර තිබේ.
මේ අනුව, පසුගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 17.5 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර 2010 මුදල් වසරේ අදාළ කාලයේදී සමාගම ලබා තිබෙන අලාභය රුපියල් මිලියන 440 කි.
ගෙවුණු දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ පොලී ආදායම් සියයට 13 කින් වර්ධනය වී රුපියල් මිලියන 509 ක්වී තිබෙන අතර පොලී වියදම සියයට 14 කින් අඩුවී රුපියල් මිලියන 638 ක්වී තිබේ.
මේ අනුව, ශුද්ධ පොලී වියදම් සියයට 19 කින් අඩුවී රුපියල් මිලියන 129 ක්වී ඇත.
මීට අමතරව, ගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගම කොටසකට අදාළව ශත 11 ක අලාභයක් වාර්තා කර තිබෙන අතර දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී ශත 10 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.
එයට හේතුව 2011 දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී සමාගම රුපියල් මිලියන 16 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වීමයි.
2010 වසරේ අදාළ කාලයේදී සමාගම ලබා තිබුණේ රුපියල් බිලියන 1.6 ක අලාභයකි.
මේ වනවිට, ද ෆිනෑන්ස් සමාගම නව කළමනාකාරීත්වයක් යටතට පත්කර තිබේ.
-vimasuma.com