ධනංජනී ගෙන් පළි ගැනීම...!!
සංගීතයක් බලන්න ගිහිං මම එදා ගෙදර එනකොට පාන්දර 3 විතර ඇති ..සොරි වෙන්න අරගෙනත් හිටි නිසා මට ඇඳට වැටුණ ගමන් නින්ද ගියා පහුවදා.. උදේම මම ඇහැරුණේ උඩ වීසි වෙලා !!
" අයියා අයියා අන්න ඔයාට ප්‍රපෝසල් එකක් !!
මට හීනෙන් වගේ නංගිගේ කට හඬ ඇහුණා !”
" නැගිටපංකෝ !! අන්න උඹට කෙල්ලෙක්ව කතා කරනවා.. හපෝ උඹ ළඟ ගඳ !!” නඟා දෙවනි පාරටත් කෑගැහුවා
" මොකක් ? මට ප්‍රපෝසල් එකක් කවුද ?”
“ හිකි හිකි ..ඔයාගේ සක්කර වට්ටම ධනංජනී..!!” නඟා මට කින්ඩි කෝටියක් පාස් කරලා යන්න ගියා
නඟා කියපු දේ ඇහුන හැටියේ මගේ නින්දයි යන්තම් වෙරි මතයි ශීඝ්‍රයෙන් පහළ බැස්සා .මම ඇඳේ මුනිං අතට පෙරළිලා ධනංජනී ගැන හිතන්න ගත්තා .. ! උඩ අතට බුදියගෙන ඔවුවා හිතන්න බෑ නේ.. දන්නෝ දනිති !
අපි හිටපු ගෙදරට ගෙවල් දෙකකට එහාහින් තමයි ධනංජනී ලෑ ගෙවල් තිවුණේ. අපි මේ ගමේ මුල් පදිංචි කාරයෝ වුණාට ධංනංජනීලා නම් මේ ගමට පිටින් ආපු උදවිය ..
මට ඒ දවස් යාන්තමට වගේ මතකයි . අපේ ගෙවල් ගාව පදිංචියට ආපු අලුත කෙහෙල් ඇවරියකුත් අරං ධංනංජනීගේ පවුලේ උදවිය අපේ ගෙදර ආපු හැටි !
ධනංජනී එතකොට පොඩි කෙල්ල .සාය කොටයක් ඇඳගෙන "චූස් චූස්" ගාන සපත්තු දෙකකුත් දාගෙන අමාගේ ගවුමේ එල්ලිලා අපේ ගෙදර ආව හැටි ඇවිත් මගෙ දිහා හොරෙං බලං හිටපු හැටි. හප්පා !! මට නම් ඒවා මලත් අමතක වෙන්නෑ .
එදා පළමු වතාවට අපේ ගෙදර ආව ධනංජනී ඊට පස්සේ නිතරම වගේ මට හම්බ වුණා ..එයාව බරදුන්නෙත් මම ගිය මොන්ටිසෝරියටමයි ..ඊට පස්සේ ඉස්කෝලේ ගියෙත් මම ගිය ඉස්කෝලෙටමයි , මගේ පන්තියටමයි .. ඉතින් ඒ පුංචි කාලේදී අසල්වැසි අපි දෙන්න පුදුම විදිහට යාළුවෝ වුණා .. විටක වැලි ගහගත්තට , බැනගෙන රණ්ඩු වුණාට ,අපි දෙන්නට දෙන්නා නැතිව බැරි තරමට ළංවෙලා හිටියා .හ්ම් අපි දෙන්නා කොයිතරම් ළඟින් හිටියද ?
මොන්ටිසෝරි කාලේ ගැන මට වැඩි මතකයක් නැතත් ඉස්කෝලේ 1වසරේදී සිද්ධ වෙච්චි සිදුවීමක් මගේ හිතේ කොනක නොමැකෙන්නම ඇඳිලා තියනවා අදටත්..
එතකොට අපිව 1 වසරට බාරදුන්නු අලුත . මට මතකයි පන්තියේ හිටපු කොල්ලෙක් ධනංජනීට කලු ලෑල්ල මකන කොට්ටෙන් දමලා ගැහුවා ! ..ඒකිගේ ඇස් දෙකට රටහුණු ගිහිල්ලා දැවිල්ල අරං අඬන්න පටන්ගත්තා . ! මට ඒ වෙලාවේ දැනුණේ පුදුම තරහවක් හරියට මේ මගේ ඇස් දනවා වගේ. අතේ තිබුණු වතුර බෝතලේ ලොකු රවුම් මූඩිය ගලවලා අරං මම අර කොල්ලට ගහගෙන ගහගෙන ගියා ..
"ගහපිය අනේ ඕකට.. ගහපිය ! අනේ ගහපිය .. . !”
ධංනංජනී මට චියර් කරන්න පටන්ගත්තා !!
කෙල්ලත් චියර් කරනවා නම් ආයේ මොනාද ? මමත් ඇරසෝලා ! අරූට ගැහුවා ..තොල පැලිලා ලේ එනකම්ම ගැහුවා..! පන්තිභාර ටීචර් දුවගෙන ඇවිල්ලා මාව ඇදලා ගන්නකම් ගැහුවා .!!
.එදා මගේ අතට පුංචිම පුංචි වේවැල් පාර දෙකක් වැදුණා .. මට යන්තම්වත් රිදුන්නෑ ..ඒත් මට පුදුම විදිහට දුක හිතුණා .ඒ මම පන්තිය ඉස්සහරා ගුටි කාපු පළමු වතාව ..ධනංජනී බය වෙලා අඬන්න ගත්තා .. ඒක දැකලා මමත් ඇඬුවා . ඔන්න මම අඬාපු අවස්ථා වලින් මට මතක එක අවස්ථාවක් ..
ඔන්න ඔය වගේ පොඩි පොඩි සිදුවීම් වලින් අපි දෙන්න අතර තිබුණු බැඳීම තව තව වැඩි වුණා ..අපේ බැඳීම කොයිතරම්ද කීවොත් ගුරුවරුත් අපිට විහිළු කළා .." නෝනයි මහත්තයයි" කියලා .ඒත් අපි නෙවෙයි සැලුණේ ..!
අපි දෙන්නා එක එක පිඟානෙන් කෑම කාලා තියනවා .එක බේසමේ බැහැලා නාලත් තියනවා...ආයේ මොනාද මම ධනංජනීව වඩාගෙනත් ඉඳලා තියනවා .
ඒ පුංචි කාලේ හැමදාම තියෙන්නේ නෑ නේ !.. ඔන්න ටිකෙන් ටික අපි ලොකු මහත් වෙන්න පටන්ගත්තා. ධනජනීත් අනිත් කෙල්ලෝ වගේම ගෙට වුණා ! ඊට පස්සේ ඒකි අපේ ගෙදර එන එක ටිකක් අඩු කළා ..ඉඳලා හිටලා මිසක් වෙනදා වගේ නිතරම අපේ ගෙදර ආවේ නෑ ..මමත් වැඩේ තේරුම් අරං හිටි නිසා මට එයාගේ වෙන්වීම දරාගන්න පුළුවන් වුණා .
ඒත් දවසක්දා ධනංජනී මගේ යන්තම් තරුණ හදවතට තට්ටු කළේ අමුතුම විදිහටක මම හිතන්නේ මේ සිදුවීම වෙනකොට මම අට වසරේ !
මම දවසක් පුස් බයිසිකලෙන් කොහේදෝ ගිහින් එනකොට ධනංජනී තනියම ඇළ පාර දිගේ එනවා ..බින්දු බින්දු වැටිච්ච නිල් පාට ගවුමක් ඇඳලා හිටපු ධනංජනී ගෙන් දැන් අමුතුම ලස්සනක් පේනවා . පොඩි කාලේ මාත් එක්ක හිටි හොටු පෙරාගත්ත කෙල්ල වෙනුවට දැං ඉන්නේ පින්නේ පිපුණු මලක් වගේ ලස්සනම ලස්සන පුංචි කෙල්ලක් ..
" නගින්න ධනී මගෙත් එක්ක යමු ..!”
" අනේ අම්මෝ මට බෑ ! සඳරු තමුසේ යනවා ..මං පයිං එනවා !”
මට පුදුමයි මෙච්චරකල් මගේ බයිසිකලේ ගියපු හිටිගමන් මාවත් දාගෙන පැදපු මේ කෙල්ල මගෙත් එක්ක යන්න බෑ කියනවා ..දැන් ඉතින් මේකි ලොකු කෙල්ලක් නේ . මටත් අහපු එක ගැන මාරම ලැජ්ජාවක් හිතුණා ..
" හෙහ් ! අපෝ උඹට එන්න බැරි නම් හිටපං උඹව මේකේ පටෝගන්න වැඩේමයි .”.මම ආපහු යන්න හැරුණා
" නෑ නෑ ඉතින් ඉන්නවා මාත් එනකං එහෙනම්..”
ඔන්න ධනංජනී ඇවිත් මගේ බයිසිකලේ මැද පොල්ලේ ඉඳගත්තා .. ඉතින් වළවල් වලින් පිරුණු ඒ පාර දිගේ ධනීවත් තියාගත්තු මම හෙමිහිට බයිසිකලේ පැදගෙන ගියා ..
ඇල ඉස්මත්තෙන් හමාගෙන ආපු හීතල හුළඟ විසින් ධනංජනීගේ කෙස් වැටිය මගේ මූණ පුරාවටම විසුරුවා හැරියා .. තෙත කොණ්ඩේ මගේ මූණේ වදින අතරේ , ධනංජනී මගේ ඇඟේ ගෑවෙන අතරේ මට අමුතුම අමුතු හැඟීමක් දැනෙන්න ගත්තා , පළමුවෙනි වතාවට ..ඔව් අන්න එදා මම පළමු වරට ඔකඳ වුණා ..
එදා ගෙදර ගිය මොහොතේ ඉඳන් දවස් ගාණක් මම බලාගත්තු අත බලාගෙන හිටියා .. මම තනියම කල්පනා කළා .. කප්පරක් හිතුවිලි මගේ හිත ඇතුළේ පැටලැවිලා ..බලන බලන අත මට පේන්නේ ධනංජනී විතරයි ! ඇහෙන්නේ ඒකිගේ කතාව විතරයි මට ඒ දවස් වල හිතුණෙම මම ජීවත් වෙන්නේ ඒකි හින්දමයි කියලා …
මම ආයේමත් ඇඳේ අනික් පැත්තට හැරුණේ මුනිං අතට ඉඳලාම ශරීරාංග කීපයක් රිදුම් දෙන්න පටන් ගත් නිසාමයි ..
සති දෙකකට පස්සේ මට තේරුම් ගියා මම ධනංජනීට ආදරේ කරනවා කියලා ..! මම එහෙම හිතලා සතුටු වුණා ඇත්තටම එදා මගේ හිත ඇතුළේ ඇඳුණු ඒ හැඟීම පොඩි කොල්ලෙක්ට කෙල්ලෙක්ව නිතර දැක්කාම දැනෙන ආකර්ෂණය බව තේරුම් ගන්න තරම් මගේ මනස මෝරලා තිබුණේ නෑ !
එදා ඉඳන් මාස ගණනාවක් මම ධනංජනීට හිතින් පෙම් කරන්න පටන්ගත්තා ..
" ධනී ඔයා මට කැමතියිද ?"
"ධනී ඔයා මට ආදරෙයිද ?"
මම කණ්ණාඩිය ඉස්සරහට ගිහිං කී ගමනක් නම් තනියම එහෙම අහන්න ඇතිද ? . ඒත් ධනංජනී ඉස්සරහා හිටගත්තහම මම ගොළු වෙනවා ධනංජනීට " ඔයා" කියන්න තරම් වත් හයියක් මට තිබුණේ නෑ ! ඒකයි මම එයාට හැමදාමත් "උඹ" කීවේ ..ඉතින් හැමදාමත් මම හිතින් විතරක් පෙම් කරමින් ඈතට වෙලා බලං හිටියා ..
මගේ අම්මයි ධනංජනීගේ අම්මයි ගෙදර සාලේ මැද ඉඳන් කතාකරනවා මට යාන්තමට ඇහෙනවා ..ඒ හඬින් මම ආයෙමත් පියවි සිහියට ආවා ..
" මගේ නම් කිසිම විරුද්ධත්වයක් නෑ නංගී ..ඒ දෙන්නා ඉස්සර ඉඳන් හරි එකතුයි නේ ..එයාලා තමන්ගේ දියුණුව හදාගනීවි .අපිත් උදවු කරමු ..” ඒ හඬ ධනීගේ අම්මා වන සීලවතී නැන්දගේ.
මම හෙමීට නැගිටලා සාලේ පැත්තට යන්නයි හැදුවේ ..ඒත් මේ අරක්කු ගඳ සීලවතී නැන්දට ආවොත් ඒකිට සිහි මුර්ජා වේවිද .. ? ඒකනම් බැරියෑ අම්මා මගේ ටීෂර්ට් සේරම වැලේ වනලා ..අතේ තියන පච්චෙත් පෙන්නගෙන සාලෙට ගියොත් " මූ වගේ පෙරේතයකුටද මම දූව දෙන්න ආවේ" කියලා සොක් එක ඇවිදිල්ලා ..සීලවතී නැන්දා පපුව පැලිලා මැරුණොත් ?
මම ආයෙමත් ගිහිං ඇඳ උඩ වාඩි වුණා .කොට්ටෙට ඔළුව තියාගෙනම .ආයෙමත් හිතින් අතීතයට ඇදුණා ..
මම එතකොට නවය වසරේ A පන්තියේ. ධනංජනී හිටියේ මගේ පන්තියේ නෙවේ .එයා හිටියේ B පන්තියේ .. ඉතින් මම ධනංජනීව දකින්න තියන ආසාව නිසාම නිතරම B පන්තියට රිංගනවා ඒකේ ඉන්න කොල්ලෙත් එක්ක නිකං බොරුවට වල් පල් කතා කරනවා .. ධනීට පේන්න විහිළු කරනවා ..මගේ විහිළුවකට ධනංජනී හිනහා වුණ දවසට මට කෑම ඕන්නෑ මගේ බඩ පිරෙනවා ..! ඇත්තට මම ඒකිගේ හිනාවට පුදුම විදිහට ආස කළා ..
ඔය අතරේ දවසක් ධනංජනීලෑ පන්තිභාර ටීචර් කවුරුත් නොහිතපු විදිහට ප්‍රසූත්‍ර නිවාඩු ගත්තා ..! අපේ ඉස්කෝලේ ඒ කාලේ වෙනකොට ටීටර්ලා හරිම අඩුයි ..ඉතින් B පන්තියේ ළමයි සහ Aපන්තියේ ළමයින්ව එකම හෝල් එකකට වැටුණා. ටික දවසකට ..
ධනංජනීයි මායි එක පන්තියට වැටුණ එකට මට නම් හරිම සතුටුයි !! ඒත් ඒ සතුට වැඩි කල් තිබුණේ නෑ..! ඒ සතුට යන්න ගියේ මගේ හිතේ තිබ්බ ආදර ගින්නත් නිවාගෙන..
..මේ සිදුවීම වුණේ පන්ති දෙක එක්කාසු කරලා දෙවනි දවසේ. මට තාම මතකයි ..ඒ ගෙවුණේ සමාජ අධ්‍යනය පීරියඩ් එක . ස්කෝලේ හිටපු සැරම සැර යක්ෂණියක් කියලා නම් දරාගෙන හිටපු "බුරියානි මිස්" තමයි ඒ මොහොතේ පන්තියේ හිටියේ .ටීචර් එදා උගන්වපු පාඩම භූ විෂමතාවය ..මට ඔවුවා අදටත් මතකයි ..
ටීචර් පොඩ්ඩක් පන්තියෙන් එළියට යනකම් හිටපු මම නිකමට ධනංජනීගේ අතින් අල්ලලා මගේ පැත්තට ඇදලා ගත්තා ..මට එහම කරන්න හිතුණේ ඇයිද කියලා මම අද වෙනතුරු දන්නේ නෑ ..! මම දන්නේ මම එහෙම කළේ වනචර කමට නොවන බව විතරමයි ..
" අනේ එපා සඳරු”කියලා හුරතල් වෙච්ච කෙල්ල මගේ අත ගසා දාලා ආයෙමත් ගිහිං එයාගේ පුටුවේ ඉඳගත්තා . කොල්ලෝ සෙට් එක නම් මට නියම විසිල් පාරක් දුන්නා ..ධනංජනීටත් හිනහයි මම හොඳටම දැක්කා ඒකි හිනා වෙනවා ..ඒත් ..
ඔන්න ඔය අතරේ බුරියානි මිස් පන්තියට ආවා .. ටීචර් ගුරු පුටුවෙන් ඉඳගන්නත් කලින් ධනී ටීචර් ගාවට ගියා ..මම හිතුවේ පොත පෙන්වන්න යනවා ඇති කියලා ..ඒත් මම හිතුවා වැරදියි ..
" සඳරු මෙහෙ වර !! තෝ .තෝ.!” මට ඒ එදා ටීචර් කතාකරපු ගිනියම් වචන ටික තවම මතකයි ..
මම ඉස්සරහට ගිය ගමන්ම බුරියානි ටීචර් පැන්න ගමං මගේ පිට හරහා පාරවල් හතරක් ගැහුවා .. මට රිදුනා ..මට වාර්තා පොතෙනුත් ගැහුවා. ඒකත් මට රිදුනා .. මගේ කනෙං ඇදලා ආයෙම පිටට ගැහුවා .ඒකනම් හොඳටම රිදුනා ..!
" වර යන්න තෝ ලොකු සර් ගාවට ..”
ටීචර් මාව ඇදගෙන ලොකු සර් ගාවට යන හැටි පොඩි පන්තිවල ළමයි පන්ති කාමර වල පුංචි දැල් අතරින් බලං හිටියා ..ඒත් මගේ වෙලාවට ලොකු සර් ඔෆිස් එකේ හිටියේ නෑ. මම බේරුණා.. ඒත් ..මට දැනුණේ ලොරියකට යට වුණා වගේ හැඟීමක්..මගේ තොල් දෙක වෙවුලුවා .උගුර කට වේලිලා .. මට මේ කිසිම දෙයක් අදහාගන්න බැරුව මම මොකෙද්ද එකෙක් වගේ කල්පනා කළා ..!
එදා කලු ලෑල්ලේ ලියැවුණු කිසිම දෙයක් මම දැක්කේ නෑ . කලු ලෑල්ලේ කළුපාට පසුබිමේ ධනංජනීයි මායි සෙල්ලම් කරපු අපේ අතීතය මට මැවිලා පේන්න ගත්තා ..එදා ධනංජනීව බේරගන්න ගිහිං මම ගුටි කාපු හැටිත් ..අද ධනංජනී නිසාම ගුටි කාපු හැටිත් ..
එදා මට වැදුණු ගුටිවල වයිර පාර මගේ පිටේ නොහිටියාට ඔය සිදුවීම මගේ හිතට වයිර පාරක්ම වුණා.. එදා ඇතිවෙච්ච කැළල මගේ හිතේ තවම තියනවා .. ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ කෙස් ගහක දුරලු . ඒ කතාව ඇත්ත ගුටි කාපු දවසේ ඉඳන් මම ධනංජනීට වෛරකලා .ඒකිව මතක් වෙන වාරයක් පාසා මම දත් මිටි කෑවා ..ඒකිගෙන් පලි ගන්න ඕන..!
හිතා ගන්න බෑ අච්චර ආදරේ කරපු කෙල්ලෙකුට කොහොමද මම එච්චර වෛර කළේ ? අදටත් මම ඒක දන්නෑ..
පස්සේ කාලෙක මම ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා ධනංජනී එක්ක හොඳින් කතා බහ කළා .ඒත් මම ඒ කතා කළේ කපන්න බැරි අත ඉඹින්න මිසක් වෙන මගුලකට නෙවේ .... කෙල්ලක් නිසා මට ඒකිට ගහන්නත් බෑ ..ඒත් ඒකි එදා කරපු වැඩේ මතක් වෙද්දී මට එන තරහව තවම මට යටපත් කරගන්නත් බෑ ..
සීලවතී නැන්දා පිටවෙලා ගියාම මම ඇල්බම් එක අරගෙන මගෙයි ධනංජනීගෙයි ෆොටෝ බැලුවා ..එතන තිබුණු එකම එක ෆොටෝ එකක් දිහා මම මොහොතක් ආදරෙන් බලං හිටියා ..මොන්ටිසෝරියේදී ධනංජනී මගේ අතින් අල්ලං දුවන හැටි ඒ පින්තුරේ සටහන් වෙලා තිවුණා ....
හ්ම්..මම නම් එයාගේ අතින් ඇල්ලුවේ වනචර කමට නෙවෙයි පොඩි කාලේ ඉඳන් තිබුණු ලෙංගතු කමට ..ඉතින් ආයේ වතාවක් ඒ අතින් අල්ලන්න මගේ කිසීම කැමැත්තක් නෑ ..මම දැන් ධනංජනීට කැමති නෑ ..! මට දැන් ඉන්න කෙල්ල රටක් වටිනවා .මම ඒකිව දවසක මගේ මේ ගෙදරට ගේනවා ධනංජනීට පේන්න ..අන්න එහෙමයි මම ධනීගෙන් පලි ගන්නේ ..!
පින්තුරේ අතට අරං මම ඇල්බම් එක වහලා දැම්මා ..!
ප.ලි = ඔය උඩ ඉන්න කොල්ලා මම.. ඔය මගේ අතින් අල්ලං දුවන්නේ ධනංජනී.....( මගේ නම හැර අනෙක් නම් අසත්‍යයි)
**යළුවනේ මේක මගෙ අත්දැකීමක් නෙමෙයි...Blog 1ක තිබුනු 1ක්...මම මේක එලකිරි එකෙ දාන්න හිතුවෙ අපි හැමෝටම වගෙ මේ වගේ දෙවල් වෙලා තියෙන නිසා...
Repost නම් සොරි වෙන්න ඔනේ...!!!!
Source :http://hisahasa.blogspot.com/2011/0...&utm_campaign=Feed:+blogspot/kRHzW+(හිස්+අහස)

Last edited: