ධනවාදය vs සමාජවාදය

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කුහක සමාජවාදය ඔළුවට දා ගත්තම ඔහොම විකාර අදහස් ඔළුවට එනව. සමාජවාදය ෆේල් වෙලා ගොඩක් කල් සහෝ

    සමාජවාදය කියන එක හරියට නොදැන එක එක දේශපාලන ගොබ්බයන්ගේ කතා විස්වාස කරලා එක තමයි ඇත්ත කියල හිතන් ඉන්න එක තමයි ගොඩක් උන් කරන්නේ.

    දනවාදය ඇතුලේ ඉඳං මේ වෙන ජරා කම් හොර කම් වලට කැ ගගහ වඩා හොඳ රටක් ඉල්ලන එකත් සමාජවාදය ම තමයි මචන්. සරලව කියනවා නම් හැම එකාම හොදින් ඉන්න ඕන කියන එක තමයි සමාජවාදය කියන්නේ.

    අපි විතරක් හිටියම ඇති කියල හිතන අර ඩම්මික ඩිලිත් ල වගේ පන්කු තමයි ධනවාදී කැම්රියෝ


    ලොක් ඩවුන් කරාම දමන්ට තියෙන විදියට අනිත් මිනිස්සුන්ට බඩු බලා දීපු අය, පාරේ ඉන්න හිගන මිනිස්සු බඩගින්නේ නේද කියල කෑම ටිකක් දුන්නු මිනිස්සු, බත් ටිකක් උයන් ගිහින් වීදි බල්ලන්ට කන්න දීපු මිනිස්සු ඔක්කොම තමන් වගේම අනිත් මිනිස්සුත ජිවත් වෙන්න ඕන කියල හිතන මිනිස්සු. උන් නොදන්නවා උනාට උන් සමාජවාදය ප්‍රැක්ටිස් කරන උන්.(ෂෝ ඕෆ් එකට කරපු එක නොසලකා හැරියොත්)

    නොදන්නවා උනත් කව්රු හරි මිනිහෙක්ට අසාදාරනයක් වෙනකොට කෑ ගහපු මිනිස්සු. හිරිහැරයක් වෙනකොට ඒ වෙනුවෙන් පෙනී හිටපු කව්රුත් තමන් වගේම අනිත් මිනිස්සුත් හොඳින් ඉන්න ඕන කියල හිතන මිනිස්සු.

    බල්ලොන්ට වගේ පොසීලියට බනින හැම එකම ලඟදි වෙච්ච හයි වේ අමාත්‍යංශ ලෙකම් සීන් එකේදී ගත්තේ බැරි එකාගේ පැත්ත. උබලය වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු දනවාදීද, සමාජවාදීද?

    අනික සමහරු හිතනවා සමාජවාදය වෙනුවෙන් පෙනී හිටින්නේ දුප්පත් මිනිස්සු විතරයි කියල... එහෙම නැ,. හරි හමන් අද්යාපනයක් ලබපු, ලෝකේ දැකපු මිනිස්සු, අනිත් මිනිස්සු වෙනුවෙන් සහකම්පනයක් තියෙන සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා, තරුණ කොල්ලෝ ඉන්නවා තමන්ට වගේම අනිත් මිනිස්සුන්ටත් රටේ ලෝකයේ අවස්තාවක් ලැබෙන්න ඕන කියල හිතන.

    සුර ලෝකේ පෙන්නන් කියල උන්ම හදපු විඥානය නැති මිනිස්සු රවට්ටලා ඇවිත් හොරකන් කරනකොට, ඒ වෙනුවෙන් කැ ගහන මිනිස්සු ඉල්ලන්නේ සදරණේ. හොරකමට, උරන් කනවාට උන් විරුද්දයි. දුෂණයට වංචාවට උන් විරුද්දයි. හැබැයි ඒ අය ගොඩක් හිතන් ඉන්නේ උන් දනවදී කියල.

    සමහර අනිත් මිනිස්සු ගැන සහකම්පනයක් තියෙන මිනිස්සුන්ට, මිනිස්සුන්ට ආදරේ කරන්න දේශ සීමා නැ. උන් රැ දවල් බලන් නැතුව, ජිවිත් තර්ජන බලන් නැතුව උන්ගේ වැඩේ කරනවා. ලෝක හොරු එලියට දානවා(ICIJ). පැනමා පේපර්ස් එලියට දාපු එකා ඒක කලේ ක්‍රෙඩිට් ගන්න නෙවෙයි.(දැම්මේ කව්ද කියක තව දන්නේ නැ). තමන්ගේ ජිවිත අවදානමේ දාගෙන ජුලියන් අසාන්ච්ල, එඩ්වර්ඩ් ස්නොව්ඩන්ල, චෙල්සියා මැනින්ග්(බ්‍රැඩ්ලි මැනින්ග්)දේවල් කරේ අසදරණයට අවනීතියට එරෙහිව උන්ගේ ලේ වලම තිබිච්ච ප්‍රතිරෝදී ගුණය නිසා.

    මන් දන්නා තරමින් ලෝකේ කිසිම රටක් නැ පුර්ණ දනවාදී. තියෙන්නේ ඔය දෙකේ මිශ්‍රණයක්. මැද තමයි කොයි දේටත් හොඳ. බවුද්දයෝ විදියට අපි එක කාටත් වඩා හොඳට දන්නවා.

    tired of typing...

    Just for conversation only. Not for a dog fight.
     
    Last edited:
    • Haha
    Reactions: Domainnasa

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මන් දන්නා තරමින් ලෝකේ කිසිම රටක් නැ පුර්ණ දනවාදී. තියෙන්නේ ඔය දෙකේ මිශ්‍රණයක්. මද තමයි කොයි දේටත් හොඳ. බවුද්දයෝ විදියට අපි එක කාටත් වඩා හොඳට දන්නවා.

    නෝර්ඩික් මොඩලය?
     
    • Like
    Reactions: senal neveyi