ධනාත්මක පෞරුෂය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ධනාත්මක පෞරුෂය

    image7


    ඉංගිරිසි බසින් "Personality" යන වචනය "Persona" යන ග්‍රීක වචනයෙන් බිඳි ආවකි. Persona යනු නාට්‍යකරුවන් තමාගේ චරිතයට අනුව තමාව හැඩගස්වා ගැනීම සදහා පැළඳගන්නා "මුහුණු ආවරණයයි". මුහුණු ආවරණය පැළඳගැනීමෙන් නාට්‍යකරුවන් තැනට සුදුසු පරිදි ඔවුන්ගේ පෙනුම මාරුකරගෙන රඟපෑමේ නිරත වෙයි. අනේක විධ චරිත නිරූපණය කරන නාට්‍යකරුවන්ගේ සැබෑ රූපය ප්‍රේක්ෂකයන්ගෙන් කීදෙනෙක් දන්නවා ඇත්ද? නාට්‍යකරුවන්ගේ පෙනුම සහ චරිතය වෙනස් කරනු ලබන්නේ ඔවුන් පළඳින මුහුණු ආවරණය විසිනි.


    එම නාට්‍යකරුවන් වගේ තමයි අපිටත් විවිද අවස්ථාවලදී අනේක විධ මුහුණු ආවරණ පැළදීමට සිදුවේ. අපි පළදින මුහුණු ආවරණ අනුව මිනුසුන් අපිව වර්ග කරයි. අපි ධනාත්මක මුහුණු ආවරණයක් පැළඳගතහොත් අපි ධනාත්මකය. අපි ඍණාත්මක මුහුණු ආවරණයක් පැළඳගතහොත් අපි ඍණාත්මකය.


    Personality යනු පුද්ගලයෙකු හැසිරෙන ආකාරය අනුව ඔහු කුමන අන්දමේ පුද්ගලයෙක්ද යන්න වෙන්කර හදුනාගැනීම සදහා සිදුකරන ලබන පරීක්ෂණයයි. රැකියාවට යාමට ප්‍රථම නොයෙක් පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වෙයි. ඉන් ප්‍රධානතම පරීක්ෂණය වන්නේ Interview නැමති Personality Test එකයි. Interview එකෙන් කෙරෙන්නේ ඔබ කුමන අන්දමේ පුද්ගලයෙක්ද යන්න මැන බැලීමයි. සම්මුක සාකච්චාව ජයගැනීමට පමණක් නොව ජීවිතය ජයගැනීමටත් ධනාත්මක පෞරුෂයක් තිබිය යුතුය. දැන් අපි ධනාත්මක පෞරුෂයක් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණ මොනවාදැයි බලමු.


    • සැමවිටම සිනාමුසු මුහුණින් සිටියි.



    සිනහව මගින් ඔබේ පෞරුෂයට ප්‍රබල බලපෑමක් කළ හැකිය. අපි කව්රුත් සිනහ මුහුණින් සිටින පුද්ගලයන්ට කැමතිය. ඔවුන් ආකර්ෂනයි. සිනහවක් මගින් මේ ලෝකයේ බොහෝ දේවල් කල හැකිය. සිනහ මුහුණින් සිටින පුද්ගලයා සැමවිටම පිළිගැනුමට ලක් වෙයි. සැමවිටම සිනාසෙන්න එය විඩාවට පත්ව සිටින්නන් හට දිවා ආලෝකයකි. කරදර නැමති විෂ දුරු කිරීමට සමත් ස්වභාව ධර්මයා විසින් නොමිලේ ලබා දී ඇති හොදම විෂ නාශකයයි.


    ඔබගේ හමුවීම මට සතුටකි, ඔබ මා සතුටු කරයි, යන්න නිහඬව කිව හැකි ලොව ඇති එකම ක්‍රමය සිනහවයි. මිනිසෙකු එරවිම සදහා මුහුණේ මාංශ පේශීන් 43ක් ක්‍රියාත්මක කළ යුතුය. නමුත් සිනාසීම සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ මාංශ පේශීන් 2ක් පමණයි. මදහස පෑම ගැන පළමුවන විද්‍යාත්මක අධ්‍යයනය සිදුකර ඇත්තේ 19වන සියවසේ මුල් භාගයේදීය. ප්‍රංශ විද්‍යාඥ ග්ලෝම් ඩුචෙන් ඩි බුලෝන් (Guillaume Duchenne de Boulogne) විසින් සිදුකරන ලද එම පරීක්ෂණයට අනුව මුහුණේ ඇති Zygomatic major (සයිගොමටික්) යන මුඛයේ කෙළවරට සම්බන්ද වන මාංශ පේශීය හා Orbicularis oculi නම් ඇස් පසුපසට අදින මාංශ පේශීන් වර්ග දෙක සිනහව සදහා බලපායි. රැවීමට වඩා සිනාසීම කොතරම් පහසුද? මුහුණේ මාංශ පේශීන් දෙකක් පමණක් ක්‍රියාකරවා සිනාසීමෙන් ඔබට කොතරම් දේවල් කළ හැකිද? මොහොතක් සිතන්න.


    මදහස පෑම පිළිබඳ ඉතා සිත්ගන්නා දෙය නම් ඔබ එය යම් කෙනෙකුට දුන්විට එයට ආපසු සැළකීමට ඔවුන්ට සිදුවන්නේද මදහස පෑමෙන්මය. ඔබ දෙදෙනාම ව්‍යාජ ලෙස මදහස පෑවද සිදුවන්නේ එසේය. ලන්ඩන් යුනිවර්සිටි කොලේජ්හි මහාචාර්ය රූත් කැම්ප්බෙල් පවසන අන්දමට අපේ මොළය තුළ "කැඩපත් නියුරෝනයක්" (mirror neuron) ඇත. අපිට කව්රුන් හෝ සිනහවෙන් සංග්‍රහ කළවිට අපේ මොලයේ ඇති කැඩපත් නියුරෝනය මගින් එම සිනහව අනුකරණය කරනු ලබයි. අපි කැමති වුවත් නැති වුවත් අපි ඔහුට නැවත සංග්‍රහ කරන්නේ සිනහවක් මගින්ය. සිනහවට ප්‍රතිවිරුද්ධව කව්රුන් හෝ ඔබව ඔරවා බැලු විට ඔබත් ඔහුව බලන්නේ ඔරවාය. නමුත් ඔරවා බැලීම වෙනුවට මදහස පා බලන්න අනිවාර්යයෙන්ම ඔහු ඔබට නැවත සංග්‍රහ කරන්නේ සිනහවෙන්මය. සිනාසෙන්න අව්‍යාජව සිනාසෙන්න එවිට ඔබට ඔබේ පෞරුෂය දියුණු කරගත හැකිය.

    • සෑම කෙනෙක්වම නමින් අමතයි.
    භාෂාවක ඇති ම්හිරිතම හා වැදගත්ම වචනය තමන්ගේ නමයි. මිනිසුන්ට ඔවුන්ගේ නමින් ඇමතීමට හැමවිටම උත්සුක වන්න. ඩේල් කානගි පැවසූ ඉහත ප්‍රකාශය නැවත වරක් කියවා බලන්න. සෑම පුද්ගලයෙක්ම තමාගේ නමට ආදරය කරයි. මිනිසුන් තම නම පළිබඳව කොතරම් ආඩම්බරදැයි කිවහොත් එය චිරස්ථායි කරගැනීම සදහා තම ශක්ති ප්‍රමාණයෙන් ඕනෑම මිළක් ගෙවයි.


    ඔබ කොතරම් විශිෂ්ට පුද්ගලයෙකු වුවත් මිනිසුන් ඔබව මතක තබා ගන්නේ ඔබේ නමින්ය. මෙලොව ශ්‍රේෂ්ඨ යැයි හඳුන්වන පුද්ගලයන් කී දෙනෙක්ගේ රූපය ඔබට මතකද? නමුත් ඔබට ඔවුන්ගේ නම් හොඳට මතකය. බල්බය සොයාගත්තේ කව්රුන්දැයි ඔබෙන් ඇසුවහොත් ඔබට වහාම මතක් වෙන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ රූපයද, නමද? හෙන්රි ෆෝඩ් වේවා, මොසාර්ට් වේවා, ඇරිස්ටෝටල් වේවා ඔබ ශ්‍රේෂ්ඨ යැයි හදුන්වන කව්රුන් හෝ වේවා ඔවුන් කලේ ඔවුන්ගේ නම මෙලොව බැබලීමට සැලස්වීමයි. සැමවිටම මිනිසුන්ගේ නමින් ඇමතීමට උත්සාහ කරන්න. සෑම කෙනෙකුගේම නමින් ඇමතීම ධනාත්මක පෞරුෂ ගුණාංගයකි. අනුන් ලවා තම නම කියවා ගැනීමේ බලවත් ආශාව සෑම මිනිසෙකුගේම සිත තුළ පැලපදියම්ව ඇත. එම නිසා සෑම පුද්ගලයෙක්වම නමින් අමතන්න.

    • ලැබෙන වැටුපට වැඩියෙන් වැඩ කරයි.
    නියම පෞරුෂයක් හිමි සියල්ලෝම ලැබෙන වැටුපට වැඩියෙන් වැඩ කරයි. ඔබට දියුණුවේ හීනි පෙත්තට නගින්නට අවශ්‍ය නම් ලැබෙන වැටුපට වැඩියෙන් වැඩ කරන්න. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කිසිවිටෙකත් ලැබෙන ආදායම ගැන සිතන්නේ නැත. ඔවුන් කිසි විටකවත් මුදල් ලැබෙන නිසා වැඩ කරන්නේ නැත. ඔවුන්ගේ ජිවිතයේ මුදල් යනු එක් අංගයක් පමණයි. මුළු ජිවිතයම මුදල් නොවේ. පෝසතුන් තව තවත් මුදල් හම්බ කරන්නේ මුදල් නිසා නොවේ. වැඩ නොකර සිටිය නොහැකි නිසාය.





    වරෙක රොක්ෆෙලර් සාකච්චාවක් සදහා ගුවනින් ගමන් කරමින් සිටියේය. ඔහු අසළ වාඩි වී සිටියේ පාසල් ශිෂ්‍යයෙකි. ඔබට පරම්පරා 100කට කන්නට වත්කම් ඇත. එනමුදු තව තවත් මුදල් හම්බ කරන්නේ ඇයි යනුවෙන් එම ශිෂ්‍යයයා රොක්ෆෙලර්ගෙන් ඇසුවේය. එයට රොක්ෆෙලර් මෙම ගුවන් යානය පඳවන ගුවන් නියමුවා මෙම ගුවන ඉහළට ගැනීමට කොතරම් මහන්සි වුයේදැයි ඔබ දන්නවද? යනුවෙන් ඇසීය. එයට එම ශිෂ්‍යයයා ඔව් යැයි පිළිතුරු දුන්නේය. ප්‍රථමයෙන්ම සියලුම එන්ජින් ක්‍රියා කරවා දැඩි පරිශ්‍රමයක් යොදා ගුවන ඉහළට එසවුවේය. එසේ ගුවන එසවුවායින් පසුව දැන් ඉතා නිදහස්ව ගුවන අහසේ පියාසර කරයි. දැන් ගුවන් නියමුවා ගුවන අහසේ පහසුවෙන් පියාසර කරනවා යැයි කියා සියලුම එන්ජින් ටික ක්‍රියා විරහිත කළහොත් කුමක් සිදුවෙයිද? යනුවෙන් ඇසීය. ගුවන්යානය කඩාගෙන බිම වැටෙයි යනුවෙන් එම ශිෂ්‍යයයා පැවසිය. ඒ වගේ තමයි මමත් මගේ සියලුම පරිශ්‍රමය යොදා ඉහළට ආවා දැන් මං, මගේ එන්ජින් ටික ක්‍රියා විරහිත කළහොත් කඩාගෙන බිමට වැටෙයි, මම දැන් මුදල් හම්බකරන්නේ මුදල් අවශ්‍ය නිසා නොවේ. තවදුරටත් මෙම ස්ථානයේ රැඳී සිටීමටයි යනුවෙන් ඔහු පැවසිය.


    රොක්ෆෙලර් වගේ තමයි අනිත් පෝසතනුත් ඔවුන්ට අවශ්‍ය මුදල් නොවේ. ඔවුන්ට සැමවිටම කුමක් හෝ කළ යුතුයි. ඒ නිසා තමයි ඔවුන් එම ස්ථානයේම රැඳී සිටින්නේ. අද රැකියා ස්ථානවල හුඟාක් කට්ටිය වැඩ කරන්නේ වැඩ කරන්නට වුවමනා නිසාය. ඔවුන් වැඩ කරන්නේ ලැබෙන වැටුපටය (සමහරුන් එයත් නැත). ඔවුන් ලැබෙන වැටුපට වැඩියෙන් විනාඩියක්වත් වැඩ කරන්නේ නැත. ඒ නිසා තමයි ඔවුන්ට ජීවිතය ජය ගැනීමට අමාරු වී තිබෙන්නේ. එක දෙයක් මතක තබාගන්න සියලුම ශ්‍රමිකයන්ගේ ජිවිතයේ අදියර 3ක් ඇත. ඉන් පළමුවැන්න ශ්‍රමයට මඳක්වත් නොගැළපෙන ආදායමයි, දෙවැනි අදියරය වන්නේ ශ්‍රමයට සමාන ආදායම (ශ්‍රමය යොදන ප්‍රමාණය අනුව ආදායම තීරණය වේ). තුන්වැනි අදියරය වන්නේ ඉතා සුළු ශ්‍රමය අති දැවැන්ත ආදායමයි.




    අද සාර්ථකත්වයට පත් සියල්ලෝම මෙම අදියර තුන පසු කරපු පුද්ගලයන්ය. ඔවුන්ගේ ප්‍රථම අදියරය වුයේ ලැබෙන වැටුපට වැඩියෙන් ශ්‍රමය යොදා වැඩ කිරීමයි. කාලයත් සමඟ ඔවුන් ශ්‍රමයට සරිලන ආදායමක් ලබයි. ඉන් පසු මොවුන් සියල්ලෝම අඩු ශ්‍රමය යොදා වැඩි ආදායමක් ලබයි. මෙම අදියර තුන පසුකරන ඕනෙම පුද්ගලයෙක් ජිවිතයේ ජය ලබයි. එය නියතයි. බිල්ගේට්ස්ලා, අම්බානිලා සියල්ලෝම එක දෙක අදියර පසුකර දැන් තුන්වැනි අදියරයේ පසු වෙයි. ඔබත් ලැබෙන වැටුපට වැඩියෙන් වැඩ කළහොත් ඔබටත් බිල්ගේට්ස් කෙනෙක් හෝ අම්බානි කෙනෙක් විය හැකිය.

    සෑම ගලක් තුළම ලස්සන ප්‍රතිමාවක් ඇත. කැටයම්කරු කරන්නේ ගලේ අනවශ්‍ය කොටස් ඉවත්කර ගල ඇතුළත තිබෙන ප්‍රතිමාව මතුකර ගැනීමයි. ඒ වාගේමයි ධනාත්මක පෞරුෂය නැමති ප්‍රතිමාව ඔබ තුළ නිදන්ගතව පවතී. ඔබ කළ යුත්තේ ඍණාත්මක සිතුවිලි නැමති පෞරුෂය විනාශ කරන අනවශ්‍ය කොටස් ඉවත්කර ධනාත්මක පෞරුෂය නැමති ප්‍රතිමාව නෙළාගැනීමයි.

    උපුටාගැනීම යාත්‍රාව බ්ලොගයෙනි
    http://yathrava.blogspot.com/
    සියළු ගෞරවයන් මෙහි කර්තෘවරයාට හිමිවිය යුතුය.

    වැදගත් උනා නම් බම්ප් එකක්වත් දාලා යන්න. අනිත් අයට බලන්න. :yes:

     
    • Like
    Reactions: max33 and 33000W

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මචන්. :):):)
    රෙප් දෙන්න බෑ ලු
    :dull::dull:
    ස්තුතියි මචං.. ප්‍රතිචාරය වැදගත්..

    ගොඩක් වැදගත් විස්තර ටිකක්. මම ඔය ගැන ගොඩක් උනන්දුයි.:yes::yes: දිගටම මේ වගේ වැදගත් thread දාන්න:):)
    ස්තුතියි මචං.. ලැබුනොත් අනිවා එළකිරි තමා මතක් වෙන්නේ..