ධනුශ්කට ඇප නොදේ.. දිගටම ඇතුලේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ හෝටලයක රැඳී සිටියදී ඕස්ට්‍රේලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලකට ඇප ලබාදීම පැරමාටා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

    තරුණියකට අතවර කිරීම ඇතුළු ලිංගික අතවර චෝදනා හතරක් එල්ල වීම මත මෙම ක්‍රීඩකයා අත්අඩංගුට ගෙන තිබේ.

    20-20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මේ හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක නොමැතිව ආපසු ශ්‍රී ලංකාව බලා පිටත් වී ඇත.