ධනුෂ්ක නිදහස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_0e912869eb.jpg

    (විමුක්ති එස් රුද්‍රිගු)
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය ඔහුට එරෙහිව විභාග වූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.
    සමීප ඇසුරක් පවත්වන අවස්ථාවේ කාන්තාව නොදැනුවත්ව ආරක්‍ෂිත ක්‍රම ඉවත් කිරීමට ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් නොතිබුණ බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පෙනී ගිය බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය පවසා ඇත.එසේම පොලිසියට සාක්ෂි ලබා දීමේදී ධනුෂ්ක ගුණතිලක සත්‍ය පවසා ඇතැයි විනිසුරුතුමිය ප්‍රකාශ කර තිබේ.
    ඉදිරිපත් වූ සී.සී.ටීවී දර්ශනවල පැමිණිලිකාරිය සහ ධනුෂ්ක සැහැල්ලුවෙන් සහ සතුටෙන් සිටින ආකරයක් පෙනෙන්නට තිබෙන බව විනිසුරු සාරා හගට් මහත්මිය පවසා ඇත.පැමිණිලිකාරිය බුද්ධිමත් තැනැත්තියක් බවත් බොරු සාක්ෂි ලබා දීමට සිතාමතා උත්සාහ කරන ලද තැනැත්තියක් බවට පෙනෙන්ට නොතිබූ නමුත් විත්ත්කරුට අවාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා සාක්ෂි ලබා දෙන බවට පෙනෙන්නට තිබූ අවස්ථා කිහිපයක් තිබූ බව විනිසුරු සාරා හගට් මහත්මිය ප්‍රකාශ කර තිබේ.
    නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුවෙන් සියල්ල කියවෙන බවයි.තමන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමටත් තමන්ගේ කීර්තිනාමය නැවත ගොඩ නගා ගැනීමටත් නොඉවසිල්ලෙන් පසුවන බව ධනුෂ්ක ගුණතිලක එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.පසුගිය මාස 11 ක කාලය ඉතාමත් දුෂ්කර වූ බවත් තමන්ගේ නීතිඥයින්ට, කළමනාකරුට, දෙමාපියන්ට සහ අනෙක් අයට ස්තුතිවන්ත වන බවත් ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.
    සැවොම තමාව විශ්වාස කළ බවත් එය තමන්ට ගොඩක් වටිනා බවත් ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කර තිබේ.එසේම තමාගේ කීර්ති නාමය නැවත ලබා ගත යුතු බවත් ඔහු පෙන්වා දී ඇත.තමාගේ ජීවිතය නැවත සාමාන්‍ය අතට පත්වුණ බවත් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පිවිසීමට තමන් නොඉවසිල්ලෙන් සිටින බවත් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.


     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,349
    113
    කෑගල්ල
    මෙයින්ද මාත්තාය ජනේලෙන් එල්ලිලා මම ආයෙත් එනවා කියද්දී බියෙන් ලොමු ගෙන් උන ෆීලින් එකක් ආවානම් උබ කුහකයෙක්. ඇගේ මයිල් කෙලින් උනානම් උබ පොරක්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,298
    113
    ප*යාගල
    sorry.com
    බලප්න් නේ මූ කියපුව කරපුව ඔක්කොම දෙමව්පියො දන්නවා. කොහොම මූන දෙයිද මන්දා
     

    Similar threads