ධනුෂ්ක හා මිතුරා කොල්ලුපිටියේ හෝටලයකදී ම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ධනුෂ්ක හා මිතුරා කොල්ලුපිටියේ හෝටලයකදී ම

    ඊයේ තරග තහනමට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විනය කඩකිරීමේ චෝදනාවට ලක්ව තිබෙන අතර තරුණියක අපයෝජනය කිරීමක් ලෙස හඳුනාගන්නට ලැබෙන එම සිදුවීමට අදාළ විස්තර අද වනවිට වැඩිදුරටත් වාර්තාවේ.
    මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි 23 හැවිරිදි නෝර්වේජියානු තරුණියකි. ඇය
    ඊයේ 22 නැවත සිය රට බලායාමට පෙර කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ පොලිස් මුරපොළ වෙත පැමිණ තමන්ට සිදුවූ ඇබැද්දිය පිළිබඳ පැමිණිල්ලක් කර තිබුණි. ඇය පවසා ඇත්තේ තමා කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ හෝටලයක නවාතැන්ගෙන සිටි බවත් ලංකාවේදී හමුවූ තරුණයන් දෙදෙනෙකු

    හෝටලයේදී තමාව අපයෝජනය කළ බවත්ය. සිදුවීම සිදුවූයේ 21 සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ බවත් ඇය දන්වා තිබුණි. අපයෝජකයින් හඳුනාගන්නට හැකිදැයි ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා ඇත්තේ එක් අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ධනුෂ්ක ගුණතිලක බව තමාට හඳුනාගත හැකි බවත් අනෙක් පුද්ගලයා බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා තිබෙන ශ්‍රී ලාංකිකයෙකු බවත්ය.

    ඇගෙන් ලද විස්තර අනුව නාවල පදිංචි කරුවෙකු වූ 26 හැවිරිදි එකී තරුණයා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි. ධනුෂ්ක ගුණතිලකව තවම අත්අඩංගුවට ගෙන නැත.

    සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දැනුවත්වීමෙන් පසු ධනුෂ්ක සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවක් කළ අතර සෙනසුරාදා දිනයේ ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් රාත්‍රී බැහැර ගොස් සිටි බව ඔප්පුවී ඇත. ආයතන නීති අනුව තරග පැවැත්වෙන කාලසීමාවේදී මේ ආකාරයට රාත්‍රී 10 පසුවී අවසරයකින් තොරව ගමන් බිමන් යාම තහනම්ය. සිද්ධිය පිළිබඳ ඔහුව විනය පරීක්ෂණයකට යොමු කරන බවද ක්‍රිකට් ආයතනය දන්වා ඇත.
    ඔහුට මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසු ඊළඟ තරගය අහිමි වන අතර තරග ගාස්තු තහනමක් පැනවීම ගැනද සලකා බලා ඇත.
    සිද්ධිය තහවුරු වන්නේ නම් ධනුෂ්කට වසරක් දක්වා ක්‍රිකට් තරග තහනමක් පනවන්නට ආයතනයට හැකියාව ඇති බවද පැවසේ.සිද්ධියට අදාළ සාක්ෂි ගවේෂණය කර විදෙස් කාන්තාවට සිදුවූ අතවරය සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය දන්වා ඇත.
     
    • Like
    Reactions: LazyLizard

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක නිල නොලත් ආරංචියක් ද ?


    ගොසිප් ලංකා එකේ තිබිල දැම්මේ බන්,

    මමත් දන්නේ නැ , කිරියේ ගියෙත් නැ , වැඩේ ඇත්ත වගේ බන් , අප්ඩේට් එකකුත් තියේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අහක ඉන්න කෙල්ලන්ට අතවර කරන්න යන්නෙ මුන්ට සල්ලි නැතුවද කෙල්ලෙක් රුම් එකටම ගෙන්නාගෙන වැඩේ කරගන්න පුළුවන් නෙ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,617
    8,867
    113
    අපරාදේ, මේවා ඉතින් මුගේ චරිතේ විතරක් නෙවෙයි, රටටත් කෙල වෙනවා.... හතුරුසින්හට ක්‍රිකට් වලට කලින් මුන්ගේ විනය හදන්න වෙයි වගේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    ගම කාගෙන නේ

    මුට බලෙන් ගහන්න ඕනද බන් ගොන් හරකෙක්

    මුන් දෙල් වෙන්න ගහල හිටියද දන්නේ නැ

    ඕකා ගමේ ඉන්න කොටත් ඔහොමයි පොඩි කෙල්ලෙක්ව දුෂණය කරා
     

    Similar threads