ධම්මිකයා අහිංසකයෙක් බං...

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    මට කූඹියෝ හී ජෙහාන් ගේ දෙබසක් මතක් උනා.

    "බැරල් සුනිල් අහිංසකයෙක් බං"

    කරළියට ගෙනා නාට්‍යයක් යලිත් අවසන් වෙයි.

    රාගම බන්ධනාගාරයේ සිදු වීම මාධ්‍ය මගීන් යටපත් කිරීමටත් , එන්නතට ඇති අවදානය හා වටිනාකම අඩු කර දැමීමටත් ගැසූ නාඩගමක අවසානය එසේ නිමා විය. ගේම නුඹලාට තේරෙනකොට නුඹලාගේ ජාත්‍යාලය යලිත් පාවිච්චි කොට තිබේ. රැවටීම විනා නුඹලාට යමක් නොලැබී තිබේ.

    වරාය විකිණීම, සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගින්න යටපත් කිරීමට එහිම දෙවන කොටස යළි කරළියට ගෙනා පැණිය මෙවර දිග හැරුණේ ජාතියේම මුදුන් මල් කඩ වන ශ්‍රී මහා බෝධිය ද ඒ නාට්‍යයේම කොටසක් කර ගෙන ය.

    නුඹලාගේ වටිනාකම් බාල්දු කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටු කර ගන්නා මාධ්‍ය විසින් පාලනය කරන රටකට නුඹලාව ඔවුන් ගෙන යමින් තිබේ.

    හෙළ වෙදකම, ශ්‍රී මහා බෝධිය ආදී ජාතිය සතු වටිනාකම් පවා දී ඔවුන් සිය රවුම් මේසය මත සිට නුඹලාටම සිනා වෙනවා මට මැවී පෙනෙයි.

    එබැවින් දැන් ධම්මිකට පිස්සුය, මිනිහට මොලේ හොඳ නැතිය , කාලි අම්මට අහවල් එකය යැයි කියමින් නුඹලාගේ කේන්තිය පහත් තැනින් ගලා යාමට ඉඩ දී ධම්මිකගේ මුව හමට නොතලා යලිත් පෙර කී රවුම් මේසේ කට්ටිය අලුතින් හදන නාට්ටියකට හැඟීම් බරවෙලා අප්පුඩි ගහන්න බලන් ඉන්නේ නැතුව , මේ ටික දවසට ඉගෙන ගත් දෙයින් ඒක තේරුම් අරගෙන හැදියල්ලා.

    උඹලා පව්.

    පැතුම් කර්නර්

    131891355_1684927121714903_3539912794319997867_n.jpg