ධම්මික පැණිය ජාත්‍යන්තරයට

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1608379723812.png


    විශාල පිරිසක් කියවන බ්‍රිතාන්‍යයේ වැඩිම අලෙවිය ඇති ‘ ද සන්’ පුවත්පත පසුගිය සතියේ ‘ධම්මික බණ්ඩාරගේ පැණිය’ ගැන වාර්තාවක් පළ කර තිබෙන අතර එමගින් ශ්‍රී ලංකාවට අමුතු ප්‍රසිද්ධියක් ලබාදී තිබේ.එහි මෙසේ සඳහන්වේ.

    "ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු කියා සිටින්නේ දෙවියෙකු විසින් කළ වට්ටෝරු හෙළිදරව් කිරීමකින් පසුව කොවිඩ් -19 සඳහා “ප්‍රාතිහාර්යමය ප්‍රතිකාරයක්” තමා සොයා ගත් බවයි.මෙම විකාර ප්‍රකාශය දේශීය වඩු කාර්මිකයෙකු වන ධම්මික බන්ඩාර විසින් ප්‍රකාශ කර තිබෙන අතර, ඔහුගේ සිරප් වර්ගය වෛරසයට ප්‍රතිකාර කරනවාට අමතරව ජීවිත කාලය පුරාම ප්‍රතිශක්තිය ලබා දිය හැකි බවද පවසා ඇත.ඔහුගේ පිළියම් ලබා ගැනීම සඳහා ඇදහිලිවන්තයන් පිරිසක් ශ්‍රී ලංකාවේ උඩුමාගම ගම්මානයකට පැමිණි බවද වාර්තා විය.

    මෙම ඊනියා ඖෂධයේ සාම්පල නොමිලේ බෙදා හරින බව නිවේදනය කිරීමෙන් පසු කෑගල්ල දිස්ත්‍රික්කයේ ඔහුගේ නිවසින් පිටත 12,000 කට අධික පිරිසක් පෝලිම් ගැසී සිටි බව වාර්තා විය.සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි එම ඖෂධය සජීවීව පරිභෝජනය කිරීමෙන් පසුව “ධම්මික පැණිය” නමැති මෙකී ‘ප්‍රාතිහාර්ය’ සිරප් වඩාත් ජනප්‍රිය විය.ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ඇදහිලිවන්තයන්ගේ රංචු දෙසැම්බර් 8 වනදා කොළඹ අගනුවරට සැතපුම් 52 ක් ඊසාන දෙසින් පිහිටි මෙම කුඩා ගම්මානයට ගමන් කළහ.සමූහ රැස්වීම හේතුවෙන් අධික තදබදයක් ඇති වූ අතර එය පාලනය කිරීමට සහ සමාජ දුරස්ථ නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය කැඳවීමටද සිදුවිය.සංචරණ නීති කඩ කිරීම දුරස්ථබාවය පවත්වා නොගැනීම වැනි දේට දඩ මුදල් අය කිරීමට අධිකරණයට බලය තිබුණද, අත්අඩංගුවට ගැනීම් හෝ දඩ මුදල් ලබා දීමක් මෙදින වාර්තාවී නොමැත.

    මෙම පුද්ගලයා පසුගිය සතියේ රූපවාහිනියෙන් කියා සිටියේ මෙම ප්‍රතිකාරය දෙවියෙකු විසින් තමාට හෙළි කර ඇති බවයි.ඔහුගේ පිළියම මී පැණි සහ වෙනත් කුළුබඩු වලින් සාදා ඇති බව ඔහු දන්වන අතර ආසාදනය වීම වැළැක්වීම සඳහා දිනකට දෙවරක් හැදි දෙකක් හෝ දැනටමත් ආසාදනය වී ඇත්නම් මේස හැඳි තුනක් නිර්දේශ කළේය.

    මැනිලා ස්ටෑන්ඩර්ඩ් පුවත් වාර්තාවකට අනුව, ඔහු මෙසේ පවසා තිබේ: “මෙම ඖෂධයෙන් කොවිඩ් -19 සුව කරනවා පමණක් නොව, ඔබ මෙය වරක් ගත් පසු, ඔබ කිසි විටෙකත් වෛරස වැළඳෙන්නේ නැත. එය මම අවංකව කියමි.“කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් සැපයීමට ඔහුට නොහැකි වී තිබේ."



    The Sun - UK
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කවුද පැනිය වැඩ නෑ කියන්නේ. තිතටම වැඩ දවස් 14න් වතුපිටිවල ලෙඩාට නිට්ටාවටම හොද වෙලා

    5c4e515b-d151-4586-9c03-4a5055587fa3-jpeg.106580
     
    • Like
    • Haha
    Reactions: fallend and Mohowk

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සුද්දට රිදිලා හොදටෝම.. ඔය කතා කියවලා තමයි යටත්විජිත කාලේ අන්ගම්පොරයි හෙළ වෙදකමයි ඔකුන් විනාශ කලේ.. මොනා නැතත් සුද්දගේ රහස් ඔත්තු සේවය වන ස්කොට්ලන්ඩ්යාඩ් එකනම් ඇත්ත දන්නවා ඇති ..

    18519785_1506365516075318_2382679204714799593_n.jpg




    බෑලූ බැල්මටම කොරෝනා සම්පූර්නෙන් සුව කරන කාලි පැණිය තියාගෙන කලු සුද්දන්ට යටත් අපි අපේ අම්මලා ,තාත්තලා , උපදින්න ඉන්න දියසෙන්ලා මැරෙද්දි ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ සුද්දගේ එන්නත එනකම් නියෝගෙන ඉමු පෙබරවාරි වෙනකම්.... :cool: :cool: :cool: 🙏



    අටමස්ථනාධිපතිලටත් ඉනාබේත් කවලා තියෙන්නේ.. ඒකනේ උඩමලුවට යන්න දුන්නේ නැත්තේ වෙදමහත්තයට.ආයුර්වේදේ අනුමැතියත් හම්බුනා නේද ? ආන්ඩුවට කොන්ද පණ නැතිනම් මේ බෙහෙත දෙන්න සල්ලි වලට හරි වෙදාගෙන් බෙහෙත් ගන්න ඉඩ දෙන්න ඔනේ.. එහෙම බැරිනම් කොරෝනා මරණවල වගකීම බාරගන්න ඔනේ .🙏



    වෙදමහත්තය බෙහෙත ජනතාවට දෙන කොට ඩොක්කු ටික ඒක වැළැක්කුවා.. කිව්වේ අධික ජන ගග හින්දා කොරෝනා හැදෙයි කියලා..අදටත් ඒ කිසි කෙනෙක්ට කොරෝනා හැදුනයි කියලවත් ධම්මික පොකුරක් ගැනවත් ආරoචියක් නෑ...🙏



    වතුපිටිවල ඉස්පිරිතාලේ කොරෝනා හැදුනෙත් පැණිය බීපු නැති අයට..තවත් මොන ටෙස්ට්ද ? පැණියෙන් මේස හැදි2 ගානේ දවස් 2ක් බිව්වම සාදික්කා අධිසාණ්ද්‍රණයක් ශරීරගත වෙන්නේ කොහොමද ? මේක සාදික්කා පැනියක් නෙමේ ..🙏



    අපි පස්පගුව බිව්වේ බටහිර ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ.. ඒවගේම අද පරිප්පු වලට විස ගහන්නෙත්,අරක්කු,සිකරට්, කොකාකෝලා,විස සුප්කැට,අජිනමොටෝ ,විස අදික හාල්,ආසනික් පිරිච්ච සැමන් දරුවොත් බොන කිරිපිටි,ටොෆි,ඩයි දාපු බීම කන්නෙත් ප්‍රොපාලා ටෙස්ට් කරලා නෙමේ .🙏



    තව ඩොකෙක් කියනවා සාදික්කා රජකාලේ තිබ්බේ නෑ කියලා.. රජකාලේ අද සෑර් කරනවා වගේ අපනයන විතරක් නෙමේ තිබුනේ..අනුරාධපුර යුගයේ ඉදන් ආනයනත් තිබුනා. මේ රටේ නැති බෙහෙත් ඒ කාලේ ඉදන් පිටරටින් ගෙන්නෙව්වා..



    දේශිය වෙළඳාමෙහි නිරව සිටි ප‍්‍රධාන වෙළෙන්ඳෙකු ලෙස දුටුගැමුණු රජු දවස සිටි කුණ්ඩල බමුණා පෙන්වාදිය හැකිය’ වංසකතාවට අනුව මොහු සතුව විදෙස් රටවලින් ගෙන්වන ලද කපුරු” සඳුන් යනාදි ද්‍රව්‍ය තිබුණ බව සඳහන්ය’ - සදුන් කියන්නේ බේතක් කියලා කවුරු කවුරුත් දන්නවා ඇතිනේ..ඒකියන්නේ බෙහෙතුත් ගෙන්නෙව්වා..ඒ කියන්නේ ඒ ඩොකාගේ කතාවත් අතේ පත්තු වන ටොම් පචයක්..🙏



    ඇටිකෙහෙල් කාලා ඉන්නවද නැද්ද? තීරණය ඔබ සතුයි .... :yes: