බ්‍රිටිෂ් යුනිවසිටි එකක ඉන්න ලංකාවෙන් ගියපු ප්‍රොෆෙසර් කෙනෙක් කියල තිබුන ඒ යුනිවසිටි එකට ලෝකේ හතර අතෙන්ම එන ළමයින්ගෙන් අවුරුද්දකට ලැබෙන ආදායම මුළු ලංකාවේම අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදල, අධ්‍යාපන අමාත්‍යංශයේ බජට් එකට වඩා වැඩි කියල. ලංකාවේ අපිටත් අධ්‍යාපනය අතින් හොඳ තත්වයක හිටියත් රජයෙන් දරන වියදමෙන් ලැබෙන රිටර්න් එක ගොඩක් අඩුයි. මොකද සුපිරිම එවුන් ටික ඩිග්රි එක කරපු ගමන් මේ රටෙන් යනවා. උන් ජීවිතකාලේම කොහේ හරි ධනවත් රටක් තවත් ධනවත් කරන්න මහන්සි වෙනවා. ඒ බුද්ධිමතා හදන්න වියදම සම්පූර්ණයෙන්ම දැරුවේ මේ දුප්පත් රටේ මිනිස්සු. මම කියන්නේ නැහැ එහෙම උගත්තු විදේශගතවීම වැරදියි කියල. අපිත් විදේශීය ශිෂ්‍යයන්ට මේ රටේ ඉගෙනගන්න චාන්ස් එකක් හදාදෙන්න ඕන, දේශීය අවස්ථා අඩුකම නිසා රජයේ විශ්වවිද්‍යාල මගහැරෙන එහෙත් වියදම් කිරීමේ හැකියාව ඇති ශිෂ්‍යයන්ට මේ රටේ ඉගෙනගන්න අවස්තාවක් දෙන්න ඕන, ඒ කියන්නේ අධ්‍යාපනය විකුණන්න ඕන. අධ්‍යාපනය විතරක් නෙවේ සෞඛ්‍යය විකුණන්න ඕන, සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන විකුණන්න ඕන, මම විකුණනවා කියනේ මේ හැම දෙයක්ම උපරිමයෙන් පාවිච්චි කරන්න ඕන කියන එක. පොලිටික්ස් බහුබූත වලින් මේ රට විනාස කරන්නේ නැතිව ගොඩ එන විදිහක් බලන්න ඕන.
මේ රටේ සම්පත් බොහොම අඩුයි, ලොකු ව්‍යාපාරයක් කරන්න තරම් සම්පත් නැහැ, එත් මේ රටේ තරුණ ජනගහනය තවම වැඩියි. අපිට ඒ චාන්ස් එක වැඩි කාලයක් තියෙන්නේ නෑ, මේ රටේ තරුණ ජනගහනය ටිකෙන් ටික අඩු වෙනවා, 70 ගණන් වල උපරිමයේ තිබිල දැන් ටිකෙන් ටික මහලු ජනගහනය වැඩි වෙනවා, මේ නිසා මේ චාන්ස් එකෙන් වාසියක් ගන්න නම් මේ තරුණ ජනගහනය මේ රටේ තියාගන්න ඕන. දැන් මේ ජනගහනයෙන් වාසියක් ගන්නේ කොහොමද? අපිට ලොකු ෆැක්ටරි හදන්නත් බැරි නම් අපිට තියෙන්නේ සේවා අංශයෙන් අවස්ථා. සංචාරක සේවා, තොරතුරු තාක්ෂණ සේවා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය වගේ අංශ. ඒ සඳහා හොඳටම හොඳ ශක්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි මේ චාන්ස් එක මිස් කළොත් ඊළඟට ලංකාව සදාකල් දුප්පත් රටක් වෙනවා. වයසක මිනිස්සු වැඩියෙන් ඉන්න දුප්පත් රටක්.