මම අද අලුත් වැඩක් පටන් ගන්න හදන්නේ.ඒ තමයි ධම්ම පදය ඔන්ලයින් කරණය කිරීමට.එයට හොදම තැන එළකිරි කියල හිතුන
ඉතින් තම ජීවිතය වගේ අන්‍යන්ගේ සුබ සිද්දිය උදෙසා ධම්ම පදයෙන් ගත හැකි ආදර්ශයන් ඔබගේ ජීවිතයට ඇතුල් කර ගනිමින් ශිෂ්ට සම්පන්න ජාතියක් බිහිකිරීමට සැමටම ශක්තිය ධර්යය ලැබේවා.
මුලින්ම මා මාලිම්බඩ පඤ්ඤාසාර හිමියන්ට මාගේ නමස්කාර පුර්වක ගෞරවය පුද කරමි. ඒ උසස් පෙළ වෙනුවෙන් උන් වහන්සේ විසින් අපට ලබා දුන් ධම්ම පදය පොතෙන් මෙම ගාථා උපුටා ගන්න බැව්නි.
මුලින්ම ධම්ම පදය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්ම ස්කන්ධය ත්‍රිපිටක වශයෙන් හදුන්වන අතර එය විනය ,සුත්‍ර,අභිධර්ම වශයෙන් කොටස් 3 බෙදේ විනය පිටකය පාරාජිකා පාලි,චුල්ල වග්ග පාලි ,මහා වග්ග පාලි,පරිවාර පාලි වශයෙන් කොටස් 5 බෙදෙන අතර ,අභිධර්ම පිටකය ධර්ම සංගනී,විබංග,ධාතු කථා,පුද්ගල පඤ්ඤප්තී,කථා වත්ථු යමක හා පට්ඨාන යනුවෙන් කොටස් හතකටත් සුත්‍ර පිටකය දීඝ නිකාය ,මජ්ඣිම නිකාය,සංයුක්ත නිකාය,අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් 5 ට බෙදේ.මින් ඛුද්දක නිකාය නැවතත් ඛුද්දක පාඨ,ධම්ම පද උදාන ,ඉතිවුත්තක,සුත්ත නිපාත,පේත වත්ථු,විමාන වත්ථු,ථේර ගාථා,ථේරි ගාථා,ජාතක,නිද්දේස,පටිසම්හිදා,අපදාන,බුද්ධවංශ ,චරියා පිටක වශයෙන් කොටස් 15 බෙදේ.මින් ධම්ම පදය අයත් වන්නේ සුත්‍ර පිටකයේ ඛුද්දක නිකායටය.
බෞද්ධයාගේ අත් පොත වශයෙන් සැලකෙන ධම්ම පදය සමාජයේ සාර ධර්ම පෝෂණය සදහා ලබා දෙන්නේ බලවත් පිටුවහලකි.වර්ග 26 කින් සමන්විත වන ගාථා 423 කින් සමන්විත වේ.
මට පුළුවන් විදිහට මම මේක update කරන්නම්.ඔයාලත් පුළුවන් විදිහට මේ වැඩේට උදව් වෙන්න.
වරදක් තියනවනම් පෙන්වල දෙන්න.
බුදුසරණයි

Last edited: