ධර්මපාල තුමාගෙන් ඔබ සැමට පණිවිඩයක්

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ධර්මපාල තුමාගෙන් ඔබ සැමට පණිවිඩයක්

    මේ thread එක හැදුවේ ධර්මපාල තුමා ජාතිවාදී කියා ඇතැමුන් මඩ ප්‍රචාරයක මේ දිනවල මෙහි පතුරු ගසන බැවිනි. සිංහල කොල්ලන් බොහෝ දෙනෙක් එතුමා ගැන දන්නා නමුත් සමහරුන් තවමත් එතුමාගේ දර්ශනය විවේචනය කරන්නේ හරිහැටි එතුමාගේ ලේඛනයක්වත් පරිශීලනය නොකරය. මින් මතුවට අවශ්‍ය පරිදි එතුමාගේ ලඛන වලින් එතුමාගේ දර්ශනය ඉදිරිපත් කර දක්වන්නෙමි. එතුමාට ආදරය කරන ය මෙම පණිවිඩය ඉදිරියට ගෙන යත්වා !

    ලංකාවේ තරුණයන්ට පණිවිඩයක් - අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්



    අනගාරික ධර්මපාල තුමා ,
    බුද්ධගයාවේ බෝධිය අභියස, ක්‍රිස්තු වර්ෂ 1891 දී ලංකාවේ තරුණයනි , අපගේ නැතිවී ගිය පෞරුෂත්වය කලින් පැවති ශ්‍රේෂ්ට ස්ථානයට යලි නගා ලිමේත් පුනර්ජීවනයට පත් කිරීමේත් ශ්‍රේෂ්ට කාර්යය ඉටු කිරීම ඔබට භාරය.

    රාජසිංහ ගැන කතා කරන බෙල් සිය "පුරාවිද්‍යා වාර්තාවෙහි" මෙසේ පවසයි. ඉක්බිතිව ලංකාවේ කවර කලකවත් නොවූ විරූ මහ සටන ආරම්භ විය. සිංහලයන් කෙතරම් ඉක්මන් වුවද යුරෝපයේ පුහුණුව ලද භට පිරිස ආපසු පලවා හැරීම නොකළ හැක්කක් විය. තම සොල්දාදුවන් පසු බසින බව රාජසිංහයන්ට පෙනින. රජතුමා තම සේනාවන්ට පසු බැසීමට ඉඩ දුන්නේ නැතැයි රාජාවලිය කියයි. ඒ වෙනුවට ඔවුන් ධෙර්ය ගැන්වූ ඔහු ප්‍රතුගිසීන්ගේ මධ්‍යයටම කඩා වැදුනේය. තව දුරටත් තම තුවක්කු මෙහෙයවීමට අපොහසත් වූ පෘතුගීසීහු මුගුරු වලින් පහර දෙමින් සතුරා සමග අතින්ම සටන්කිරීමට වන්හ. පෘතුගීසින්ට පැත්තකින්ද පසුපසින්ද පහර වදින්නට පටන් ගත්තෙන් එක අඩියක් වත් පසු බැසිය නොහැකිව යුද බිමෙහිදී 1600 ක් දෙනාට මැරුම් කන්නට සිදු වුයේය.
    යුරෝපයේ පුහුණුව ලද සේනාව පැරදුනෝය. රාජසිංහ විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේය. එහෙත් අද සිංහලයෝ තම උතුම් මී මුත්තන්ගේ වීර ක්‍රියාවන් ගැන නොදන්නෝය. සංවර්ධනයේ සියලු බලාපොරොත්තු නැතිකරගෙන සිටින්නෝය. පැරණි ග්‍රීකයන් මෙන් අපගේ මුතුන් මිත්තෝද මානයෙන් , ඊර්ශයාවෙන්ද , අපරාධ කිරීමෙන් හා සුඛෝපභෝගයෙන් වැලකි සිටියෝය. ධන වාදීහු හෝ ඉඩම් හිමියෝ නොවුහ. සෑම කෙනෙකුටම ගෙවත්තක්ද හේනක් ද තිබිණි. ගමට කැලෑවක් තිබිණි. ගමේ තණ බිම්වල තම දෙනුන්ට තණ කැවීමේ අයිතිය ගම් වැසියන්ට තිබිණි. බුද්ධාගම ඔවුන්ට මධ්‍යම ප්‍රතිපදාවේ ආගමක් ලබා දුන්නේය. සිංහලයෝ ධනයට ආශා නොකළෝය. ඔවුන් ආශා කලේ ගුණ ධර්ම වලට හා ධෙයිර්යයටය. මේ ස්වභාවය නිසාය සිංහලයන් නිර්භීත වුයේ.

    ධනවත් පවුල් වල තරුණයන් ආත්ම පරිත්‍යාගයේත් විරත්වයේත් උතුම් ගුණාංගයන් ප්‍රගුණ කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් එක්රැස් විය යුතුය. සිංහල මවුපියන්ට ලැබෙනා සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අප වග බලා ගත යුත්තෙමු. අපි අවුරුදු සීයකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍ය පාලනය යටතේ ජිවත් වී ඇත්තෙමු. එසේ වුවද කර්මාන්ත උගන්වන උසස් පංතියේ තාක්ෂණ විද්‍යාල එකක් වත් දිවයිනේ නැති කම කණගාටුවට කාරණයකි. ධන නිෂ්පාදනයත් බෙදා හැරීමත් හුවමාරු කිරීමත් හසුරුවන පළමුවන සිද්ධාන්ත වත් අපි නොදනිමු. අපි පරිභෝග කරමු. එහෙත් අලුතින් ධනය නිෂ්පාදනය නොකරමු. අපගේ මුතුන්මිත්තන්ගේ ධනය අපි සුඛෝපභෝගය සඳහා නාස්ති කරමු. කර්මාන්ත මගින් අපගේ ධනය වැඩිකරගන්න අලුත් ක්ෂේත්‍ර අපි සොයා නොබලමු. අපගේ කුඹුරු වලට ජලය සපයා ගැනීම සඳහා ජලය රැස් කිරීමට වැව් තැනීමේ විද්‍යාවේ සිංහලයෝ පරම්පරා හැත්තෑවකට ආසන්න කාලයක් තුල විශේෂඥවරු වුහ. එහෙත් අපි අපේ වැඩ කිරීමට පිටස්තරයන් ගෙන්වා ගනිමු. අපගේ දුම්රිය මාර්ග දෙස බලන්න. දුම්රිය මාර්ග සාදනු ලබන්නේ අපේ මුදල් වලිනි. එහෙත් අපි සෑම දෙයක්ම එංගලන්තයෙන් ගෙන්වා ගනිමු.

    අර්ධ ශත වර්ෂයක කාලයක් තුලදී ලංකාවේ පාලකයන් අපට සිදුකර ඇත්තේ කුමක්ද? අපට කෘෂිකර්ම විද්‍යාලයක් පවා නැත. ආණ්ඩුවට ඉන්දියාවේ ඇති විවිධ කෘෂිකර්ම විද්‍යාලවලට යදිමින් යන්නට සිදුවී ඇත්තේය. උසස් වැටුප් ලබන අපගේ නිලධාරීහු අත්දැකීම් නොමැතිව ආණ්ඩුවේ ඒජන්ත වරුන්ගේ කාර්යාල වල කැඩෙට් නිලධාරීන් මෙන් ජීවිතය අරඹා ක්‍රමයේ පළපුරුද්ද ඇරෙන්නට අන් උසස් දැනීමක් නොලබා පියවරෙන් පියවරට උසස් වෙති. එංගලන්තයේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා විශේෂඥවරු සිටිති. එහෙත් මෙහි නම් ඕනෑම දෙයකට ඕනෑම නිලධාරියෙක් සුදුසුය. කොළඹ නාගරික සභාවත් එහි ප්‍රධානයාත් ගෙන නාගරික කටයුතු පරිපාලනය පිළිබඳව ඔහුට ඇති දක්ෂතාවය විමසා බලන්න. නාගරිකයේ සභාපතිවරයා හැටියට රාජකාරිය බාරගැනීමට පෙර , නාගරික කටයුතු පිළිබඳව ඔහුට තිබු පළපුරුද්ද කුමක්ද ? (අවුරුදු සියකට පස්සේ කොළඹ නගරාධිපති වෙන්නේ ත්‍රිවිල් කාරයෙක් කියල දන්නවනම් ධර්මපාල තුමා මේක ලියන එක නවත්තල එතනම එල්ලිලා මැරෙනවා ෂුවර් ).

    අපගේ ජාතිය වෙනුවෙන්ද , අපගේ ආගම වෙනුවෙන්ද අපගේ ජාතික සාහිත්‍යය වෙනුවෙන්ද අප විසින් ඉටුකළ යුතු යුතුකමක් ඇතිබව මතක තබා ගන්න. බ්‍රිතාන්‍යයෝ තම දරුවන්ට මහත්සේ ඇලුම් කරන්නෝය. ඔවුහු තම දරුවන්ගේ අනාගත අහුද්‍යය තකා මහා පරිත්‍යාගයන් කරන්නෝය. බ්‍රිතාන්‍යය ශ්‍රේෂ්ට භාවයට පත්වී සිටින්නේ ඔවුන්ගේ පරිත්‍යාගශීලි භාවය නිසාය. ඔහු තමාගේ ජාතියටද තමාගේ දරුවන්ටද ආදරය කරයි. මේ අන්දමින් බලන කල සිංහලයාගේ නම් වටිනා කමක් නැත්තේමය. ඔහු තම දරුවා පුහුණු කිරීමට විදේශිකයෙකුට භාර කරයි. (දැන් නං ඉතින් තියෙන්නේ ඉන්ටර් නැෂනල් ඉස්කුල් කියල විජාතිකයන් බෝ කරන මධ්‍යස්ථාන) එබැවින් පාසලෙන් එලියට එන දරුවා තුල සිය ජාතියට හෝ රටට හෝ ඇල්මක් නැතිවම පුදුමයට කරුණක් නොවේ. සෑම ජාතියකටම එයටම ආවේනික වූ ස්වභාවයක් ඇත. ජාතික ප්‍රාර්ථනාවන්ට විරුද්ධව යන තැනැත්තා නිවැරදිව සිතන සෑම මිනිසෙකුගේම පිළිකුලට භාජනය වෙයි. එම නිසා අපගේ ධන මාර්ග සංවිධානය කර ගැනීමටත් අපගේ ජනතාව නුගත් කමින් මුදවා ගැනීම සඳහා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආධාර දීමටත් හැකි සෑම ප්‍රයත්නයක්ම අප විසින් දැරිය යුතුය. අපගේ ජනතාව ගලවාලන එකම ප්‍රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්වයට අප පත්කළ අධ්‍යාපනය නොවිය යුතුය. අප ඉංජිනේරුවන් , ගෘහ නිර්මාණ ශිල්පින් , නිෂ්පාදකවරුන් , විද්‍යාත්මක කෘෂිකාර්මිකයින් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතුයි.

    මුළු ආසියාවත් , මුළු යුරෝපයත් ප්‍රගතිය කර ගමන් කරයි. උසස් වර්ගයකට අයත් වූද , සමාජයේ හැකි උසස්ම තැනට නැග්ගා වූ මුතුන් මිත්තන් ඇත්තා වූද අපගේ ජනතාව සමාජීය වුද කාර්මික වුද සාධු ධර්මීයවුද පරිහානියෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක වීමට අපට හැකි ඉහලම ප්‍රයත්නය නොදැරිය යුත්තේ මන්ද ? බියක් නොමැතිව පරම සත්‍යයේ උත්තරීතර ප්‍රඥාවේ , ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය ඇතිව ලොවෙහි සුභ සිද්ධිය සඳහා ක්‍රියා කල මැනව.

    ලංකාවේ තරුණයනි. මේ ඔබට මගේ පණිවිඩයයි.
    අනගාරික ධර්මපාල උතුමන් , 1922 දී කල්කටාවේදීය