ධර්මපාල තුමාට ගරු කරන හැමෝම බලන්න

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ධර්මපාල තුමාට ගරු කරන හැමෝම බලන්න

    ධර්මපාලතුමා හුදු බෞද්ධ දර්ශනය ලොව පැතිරවීමට වීර්ය කෙරුවෙකු පමණද ?


    අප පරම්පරාවේ බොහෝ දෙනෙකු සිතා සිටිනුයේ ධර්මපාලතුමා යනු හුදු බෞද්ධ දර්ශනය ලොව පැතිරවීමට ප්‍රයත්න දැරුවෙකු "පමණක් " බවයි. එය අප අතර දහම්පාසලේ සිටම කටපාඩම් වූ කරුණකි. ඒත් සමගම තවත් අමනයින් පිරිසක් එතුමා හුදු ජාතිවාදියෙකු ලෙස පමණක් අමු අමු වේ හංවඩු ගසනු ඇත. ඊට කලුසුද්ධන්ගේ පන්තියද, මෙරට හිගන මාක්ස් වාදීන් කොටසද අයත් වේ. (නමුත් මෙම ගොබ්බ මාක්ස් වාදීන්ට වඩා එතමා තනි පුද්ගලයෙකු ලෙස දස දහස් ගුණයෙකින් මෙරට සිංහල ජනතාවගේ ආද්යාත්මික හා සාමාන්‍ය ජීවිතය තුල වෙනස්කම් ඇතිකළ බව අපි දනිමු). මොව්හු එතුමා කල නියම බෞද්ධ දේශපාලනික, අදිරාජ්‍ය විරෝදී, සිංහල ජාති මාමක සිංහ නාදය තුට්ටුවකටවත් මාඉම් නොකරයි. ඊට වගකිවයුතු ටවත් පිරිසක් සිටි. ඊට සේනානායකවරු ප්‍රමුඛ වලව් පන්තියද එම බෝට්ටුවටම අයත් වන්නා වූ එංගලන්තයට ගොස් හීනමානයෙන් පෙළුණු ඉන් පසු එහි තිබු මාක්ස් වාදය කා නැවත සියරටට පැමිණ එහෙම්පිටිම්ම වමාරවූ උපතින් ධනවත් නව මාක්ස් වාදී පන්තියයි .ඔව්හු දර්මපාල තුමා ගෙනගිය ලැබුවාවූ බෞද්ධ දේශපාලන ,අදිරාජ්‍ය විරෝධී සටන යටගසා එතුමා හුදු බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක් බේරාගැනීමට වෙරදැරූ ජාති ආලයෙන් මත්වුවෙකු ලෙස අප අතර ච්ත්රණය කළේය .ඔව්හු එම කුමන්ත්‍රණය කොතරම් සුක්ෂමව කලද යත් පසුකලකදී අප පරපුර අතර එතුමා නිකන්ම නිකම් ජාතිවාදියෙකු හා දහම් පාසල් පොත් පිටු කිහිපයක් අතර හිරවූ හා උත්සව කිහිපයකට පමණක් සීමාවූ පුද්ගලයෙකු විය .48 දී නිදහස ලබා ගෙන ආවා යයි කියවුන් සිදු කලේ කුමක්ද ? සුදු පාලනය එලෙසින්ම ගෙනයාම පමණයි .ඊට පැහැදිලි නිදසුනක් ලෙස 1972 දී ඇතිවූ තරුණ කැරැල්ල උන් විසින් උතුම් රැජිනගේ ආණ්ඩුවට විරුද්දව ගෙනගිය වුවක් බව අර්ථකථනය කිරීම දැක්විය හැකිය .


    එතුමා ගෙන ගිය සටන නිවහල්ව තේරුම් ගැනීමට නම් එකල එතුමා ලියු ලිපි ලේඛන පරිශීලනය කිරීම වැදගත්ය ." දැන ගත යුතු කරුණු" ඉන් එක ග්‍රන්ථයකි .තමා විශ්වාස කරන දර්ශනය පිළිබද ධර්මපාලතුමන් සතුව පැහැදිලි විශ්වාසයක් හා ඊට අනුකුඋල නිර්භීත පෞරුෂයක් සතුවිය .එතුමා කල ප්‍රකාශ වලින්ම ඒ බව වැටහ ගත හැකිය .


    "තමන්ගේ අයිතිවාසිකම් සදහා නැගී සිටිනු !ඔබ විසින් අමතක කරනු ලැබූ ඔබගේ දිළිඳු සොහොයුරා හට කරුණාව දක්වමු .!සිංහල ජාතියේ කොඳු ඇටය සැදී ඇත්තේ ගොවියන් හා වැඩකරන ජනතාවගෙන් සැදුම් ලද පන්තිය බව සලකනු .සිංහල ජාතිය නිමවනුයේ බැරිස්ටර්වරු කිහිපදෙනෙකු හා රට ගොස් උපදී ලබාගත් දොස්තර වරු කිහිප දෙනකු මගින් නොවේ ."


    පහත ප්‍රකාශය එතුමාගේ a messge to young men of ceylon නම් නිබන්දනයෙන් උපුටා ගන්න ලද්දකි .

    " වර්ෂ 2538 වනතුරු අප නිදහස් ජාතියක් ලෙස ජීවත් වුනෙමු .ඒ අවදිය තුල අපගේ ඉඩකඩම් අප සතුව තිබු බැවින් අපට අවශ්‍ය සියලු දේ අප රට තුලින් ලබා ගත්තෙමු .ඒ යුගයේ මෙරට වාසීහු තෘප්තිමත් ජීවිතයක් ගත කළහ .රාජමාලිගාව ආශ්‍රිතව පවතී දේශපාලන කැළඹීම් ගැන ඔව්හු තැකුවේ නැත .මේ තෘප්තිමත් ජීවිතයට හේතුව ඔවුන් විසින් කරන ලද ආගම මගින් කරන ලද මග පෙන්වීමයි .කුල දේවතාවුන් වන භික්ෂුහු සංඝ සමාජයට හිමි සාමුහික ජීවිතයක ගත කළහ .ගම්වැසි කුඹුරු හිමි ගොවියෝ සාමුහික ජීවිතය හා පරාර්ථය ආත්ම කොටගත් ආගම අනුව යමින් ගොවිතැන් බත් කිරීමේදී අන්යෝන්ය වශයෙන් උපකාර කරමින් ජීවත් වුහ .අන්යෝන්ය උපකාරය භාජනය වූ බැවින් කුලී- මලී දී වැඩ ගැනීමක් ඔව්හු නොදත්හ .දැන් දානපතිය කීප දෙනෙකු හැර මුළු ජාතියම විනාශ මුඛයට ලංවී ඇත ."


    අවාසනාවට අද අප අතරින් අපේම සිංහල අමනයන් කොටසක් එතුමා ජාතිවාදී පිස්සෙකු ලෙස හංවඩු ගසන බව දනිමි .එය මුහුණටම හා වෙනත් ප්‍රචාරක මාද්‍ය මගින් බෙදාහරිනු ලැබේ .එනමුත් මේ බනින්නේ උන් වෙනුවෙන්ම කෑ මොර දුන් වීර පුත්රයෙකුටම බව ඔව්හු නොදනිති .මෙම කනේ පහර උන් වෙතටයි .එසේම එළකිරියේ තමා සිංහල ජාතිය ගැන කතා කරන මගේ සිංහල සහෝදරයන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසන විජාතික කොටළුවන් හට මෙම ලිපිය මෙගෙන් පිළිතුරක්ද වනු ඇත .සිංහල ජාතිය හා සිංහල රට රක ගත යුත්තේ අප මිසක මෙම කොටළුවන් රැල විසින් පුදනා පිටරැටියන් නොවේ .සිංහල ජාතික මතවාදය ඉදිරියටම ගෙනයමු .
    අනගාරික දර්මපාල ශ්‍රී නාමයට මෙම ලිපිය උපහාර වේවා ! සැමට බුදු සරණයි !
     
    Last edited: