ධර්මයේ මහනුභාවය තමා තුලින්ම අත්දකින්න
ධර්මයේ මහනුභාවය අනුන් තුලින් නොව තමා තුලින්ම අත්දකින්න
පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න.
පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්‌මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්‌ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින මිච්ඡා ධර්මයන් ලෝකයාට උගන්වමින් ‘බ්‍රාහ්මණ වංශයමයි ශ්‍රේෂ්ඨ, බ්‍රාහ්මණ වංශයමයි පිරිසිදුවන්නේ, බ්‍රාහ්මණ වංශයමයි මහා බ්‍රහ්මයාගේ මුවින් බිහිවුණු දරුවෝ වන්නේ, මුඩු මහණුන් වූ කලී බ්‍රහ්මයාගේ දෙපයින් උපන් හීනයෝ’ යෑයි උතුම් සංඝ රත්නයට පරිභව කළ අධර්මයේ අකුසලය නුවණින් දකින්න. මනුෂ්‍යයාගේ පරමායුෂ හීනභාවයට පත්වී, අකුසල් මූලයන් තීව්‍රර වී, මනුෂ්‍ය ප්‍රජාව තුළ මෘග සංඥාව සකස් වී මහපොළොව රුධිරයෙන්, මළ කඳන්වලින් අපවිත්‍ර වූ, මළ මිනී කන මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ ප්‍රනීත භෝජනාගාරයක් බවට පත්වන අනාගත ලෝකය අධර්මයේ ඵලයක්‌ම බව දකිමින් ඔබ මේ මොහොතේ ලබන උතුම් සතුට, නිදහස උතුම් සද්ධර්මයේ අර්ථයක් වශයෙන්ම දකින්න. නිර්වස්‌ත්‍ර නිගන්ඨයන් පිරිවරාගෙන ගමන් කරන නිර්ලඡ්ජිත නිගන්ඨනාථ පුත්තගේ දර්ශනයන් තුන් සිවුරත් පාත්‍රයත් දරාගත් නික්‌ලේශී අරහත් උතුමන් පිරිවරාගෙන ගමන් කරන බුදුරජාණන් වහනසේගේ දර්ශනයත් නුවණින් දකිමින් ධර්මයේත් අධර්මයේත් වෙනස පිංවත් ඔබ හඳුනා ගන්න.
මෝහය දහම කොටගෙත්, පංචනීවරණ ධර්ම මාර්ගය කරගත්, සතර අපාය ධර්මයක ඵලයක් කරගත්, මිච්ඡා ශාස්‌තෘවරුන්ගේ පාප මිත්‍ර ඇසුර නිසාම මනුෂ්‍යයන්, දෙවියන් මොන තරම් අකුසල් කර ගන්නවා ඇතිද? ‘සත්ත්වයාගේ කිළිටි වීමටත්, සත්ත්වයාගේ පිරිසිදු වීමටත් හේතුවක් නැහැ. හේතුව රහිතවම සත්ත්වයා කිළිටි වෙනවා, පිරිසිදු වෙනවා’ යෑයි දේශනා කළ පූර්ණ කස්‌සප, රූපාවචර – අරූපාවචර ධ්‍යාන තුළින් ලබන සමාධියේ සංසිඳීම නිවන් අවබෝධය ලෙසින් සැලකූ අලාර කාලාම, උද්දකරාම පුත්ත මේ මොහොතේ භවයේ නවාතැන්පළවල නැවතී සිටින අයුරු නුවණින් දකිමින්, උතුම් ධර්මරත්නය මාර්ගය කොටගත් භික්‍ෂු භික්‍ෂුණී උපාසක, උපාසිකා සිව්වනක් පිරිස උතුම් අධිගමයන් සාක්‍ෂාත්කොටගෙන පිරිනිවී ගිය අයුරු නුවණින් දකින්න.
පිංවත් ඔබ ඔබේ ඇස දෙස, කන, නාසය, දිව, ශරීරය දෙස නුවණින් බලන්න. මේ ආයතන නිරතුරුවම ඔබට සද්ධර්මයක් කියලා දෙනවා. ඇස නිරතුරුවම බාහිර රූපයක් සමඟ ඵස්‌සය වෙලා පංචඋපාදානස්‌කන්ධ ධර්මය ඔබට කියලා දෙනවා. ඇසේ ඵස්‌සය අනිත්‍ය වශයෙන් දකින මොහොතේම, ඇස විසින්ම පංචඋපාදානස්‌කන්ධය අනිත්‍යයි කියන ධර්මය ඔබට කියලා දෙනවා. ඇසේ ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන වේදනාව, පිංවත් ඔබ නිත්‍යභාවයෙන් ගන්නා මොහොතේම, පටිච්ඡසමුප්පාද ධර්මයන්ට අදාළව අවිද්‍යාව කියන ධර්මතාවය ඔබ ඒ සිතිවිල්ල නිසාම දකිනවා. චක්‌ඛුවිඤ්ඤාණය නිසා සකස්‌වෙන අවිද්‍යාව ජාති, ජරා, ව්‍යාධි, මරණ දක්‌වා පැතිරෙන හැටි ඔබේම ඇස දෙස බලාසිටීමෙන් ඔබට අත්දකින්න පුළුවන්. එයත් උතුම් ධර්ම රත්නයේ ගුණයක්‌මයි. භික්‍ෂුව තම ඇස් දෙක නුවනින් දකිද්දී, භික්‍ෂුවට අරමුණුවෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවයි. සතර මහා ධාතුවේ අනිත්‍යවන වේගයයි. ඒ වේගය දකින සිතත් අනිත්‍යයි කියන අවබෝධයයි. ඒ අවබෝධයයි දක්‌වන සිතත් අනිත්‍යයි කියන දැක්‌මයි.
ඔබ මේ දෑස් පියාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කරන්න. ආශ්වාසය, ප්‍රාශ්වාසය ඇතිවෙනවා නැතිවෙනවා… මේ ඔබ අත්දකින්නේ කාය සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය කියන ධර්මයයි. සංඥා, චේතනාවන් ඇතිවෙනවා නැතිවෙනවා නම්, විතක්‌ක විචාරයන් ඇතිවෙනවා නැතිවෙනවා. දෑස් පියාගත් සංසිඳෙන මනසට උතුම් ධර්ම රත්නය නොසැඟවී බබලනවා.
මේ උතුම් ධර්මය තමා විසින්ම, තමා තුළින්ම දැකගතයුතු ධර්මයක්. භික්‍ෂුව දෑස් පියාගෙන තමා තුළින් තමා දෙස බලනවා. එවිට දෙතිස් කුණපයත්, සතර මහා ධාතුවත්, ආයතන හයත් නිරතුරුවම ඉරියව් පවත්වන කයත්, නිරතුරුවම අනිත්‍යභායට පත්වෙන පංචඋපාදානස්‌කන්ධයත් තමා තුළින්ම තමා දකිනවා. අනුන් තුළින් නොවේ. තමා තුළින් දකිමින්, අනුන්ටත් එය ආරෝපණය කර බලමින්, තමා තුළින්ම තම අවබෝධය ලබනවා. භික්‍ෂුව මේ උතුම් පැවිදිභාවයට පත්වෙන තීරණය ගත්තේ තමා තුළින්මයි. භික්‍ෂුව උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය තුළ ශක්‌තිමත් වූයේ තමා තුළින්මයි. මේ උතුම් ධර්ම මාර්ගයේ අරමුණු කෙරෙහි ඡන්දය, චිත්තය, වීර්යය, විමංසා කියන ධර්මතාවයන් ඇතිකොට ගත්තේ තමා තුළින්මයි. මේ උතුම් ධර්ම රත්නයන්ගේ ගමන්කොට එහි අවබෝධාත්මක ප්‍රතිඵලයක් අත්දැක්‌කේද තමා තුළින්මයි.
මතු සම්බන්ධයි!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
උපුටා ගැන්ම : Maha Rahathun Wadi Maga Osse - මහ රහතුන් වැඩි මග ඔස්සේ