ධර්ම කරුණක් පැහැදිලි කරගන්න උදව්වක්.

UNIC0DE

Banned
Oct 7, 2016
62
8
0
ධර්ම කරුණක් පැහැදිලි කරගන්න උදව්වක්.

සුභ උදෑසනක්,

එලකිරියේ මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා මට ප්‍රශ්නයක් ඇති උනා.

http://www.elakiri.com/forum/showthread.php?p=20768405&posted=1#post20768405

මචං මට අහන්න තියෙන්නේ අපි නිර්වාණය නම් අරමුණු කරන්නේ. මේ කියන ලෝකික දේවල් වලට ආසාවක් ඇති වෙලා තව තවත් බැඳීමක් නේද ඇති වෙන්නේ සාංසාරිකව? උදාහරණයක් විදියට කිව්වොත්

ගිලන්පස පිදිමේ අනුසස් දසය -
ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,

මේ රතු පාටෙන් තියෙන දේවල් සියල්ලම ලෝකික දේවල් නේ. එතකොට ගිලන්පස පුදන කෙනා මේවා අරමුණු කරගෙන පූජා පවත්වන එකෙන් තව තවත් සාංසාරිකව බැඳෙනවා නේද?

මෙන්න මේ දේ කලොත් මෙන්න මේ දේ ලැබෙනවා කියලා හිතාගෙන ඒ ඒ පූජාවන් දාන මාන දෙනවා.. මේකෙන් වෙන්නේ තව තවත් කෙලෙස් දියුණු වෙන එක නෙමෙයිද? හරියට කිව්වොත් මේක නිකම් ඩීල් එකක් කරනවා වගේ නේද? පිං රැස් කරගන්න එකයි කෙලෙස් රැස් කරගන්න එකයි පටලවගෙන නේද මේ?

අනිත් එක මෙන්න මේකෙත් කොස්සක් තියෙනවා නේද?

බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.

මම නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාරළා තියෙන්නේ ලෝකික දේවල් රැස් කිරීම ගැන නෙමෙයි කියලා. කාලයත් එක්ක පසුකාලීනව මිනිස්සුන්ව පිනට යොමු කරන්න කවුරුන් හෝ කියාපු දේවල් තමා මේ පහත තියෙන්නේ

උදාහරණ

මල් පූජාවේ අනුසස් -
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
සිත එකග කරගැනීමට හැකිවිම
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
ලෙඩ රෝගවලින් වැලකිම
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

මේ කියලා තියෙන විදියට මේ බොහෝමයක් දේම මතු ආත්මයක ලැබෙන දේවල් නේද? එතකොට නිවන් දකින්නේ ලබන් ආත්මෙද? මේ ආත්මේ කම්මැලිකමට ඉඳන් ඊලඟ ආත්මේ නිවන් පතනවා කියන්නේ තෘෂ්ණාව නේද?

මගේ තේරුමේ හැටියටයි මම ඇහුවේ .දන්න පිංවතෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ගොඩාක් පිං.

තෙරුවන් සරණයි.

මේ වගේ ප්‍රශ්න අහන්න ගිහින් සමහර හාමුදුරුවන්ට මල පැනලා තියෙනවා. මොකද ඒ ගොඩක් අය මහනකම ගත්තේ ඇයි කියලා අමතක වෙලා.. කියන්න ලැජ්ජයි අපේ ජිම් එකට ආවා හාමුදුරුනමක් බොඩිබිල්ඩින් කරන්න. සිවුර ගලෝලා කලිසම ගහන් සෙට් එක දානවා. එහෙව් අයගෙන් ධර්ම කරුණු අහන්න ගිහින් කුණුහරප තමා අහගන්න වෙන්නේ..අනේ මන්දා සාසනේට වෙලා තියෙන දේ..අබුද්ධස්ස කාලේ විපරීත බුද්ධී:sorry:
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ගිලන්පස පිදිමේ අනුසස් දසය -
    ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,

    මේ රතු පාටෙන් තියෙන දේවල් සියල්ලම ලෝකික දේවල් නේ. එතකොට ගිලන්පස පුදන කෙනා මේවා අරමුණු කරගෙන පූජා පවත්වන එකෙන් තව තවත් සාංසාරිකව බැඳෙනවා නේද?

    මෙන්න මේ දේ කලොත් මෙන්න මේ දේ ලැබෙනවා කියලා හිතාගෙන ඒ ඒ පූජාවන් දාන මාන දෙනවා.. මේකෙන් වෙන්නේ තව තවත් කෙලෙස් දියුණු වෙන එක නෙමෙයිද? හරියට කිව්වොත් මේක නිකම් ඩීල් එකක් කරනවා වගේ නේද? පිං රැස් කරගන්න එකයි කෙලෙස් රැස් කරගන්න එකයි පටලවගෙන නේද මේ?

    අනිත් එක මෙන්න මේකෙත් කොස්සක් තියෙනවා නේද?

    බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
    සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.

    මම නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන වදාරළා තියෙන්නේ ලෝකික දේවල් රැස් කිරීම ගැන නෙමෙයි කියලා. කාලයත් එක්ක පසුකාලීනව මිනිස්සුන්ව පිනට යොමු කරන්න කවුරුන් හෝ කියාපු දේවල් තමා මේ පහත තියෙන්නේ

    යමක් පුජා කරන බෞද්ධයෙකුගේ චේතනාව විය යුත්තේ මෙහි ආනිසංශ නිවන කර සුවසේ යාමට හේතු වේවා යන්නයි. ග්‍රෝව් අප් චයිල්ඩ්
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    නිවන කියන පොට් එක ඇත්ත නම්, ඔකේ ඉන්න තරමක් ඉන්නවා ඇත්තේ ලන්කාවේ එවුන්, මේකේ තරම් දාර්මික ටොක්ස් දන්න එවුන් බුදුහාමුදුරුවො ලගවත් නැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මාර්ගය නොවඩපු කෙනෙක්ට ආත්මයකින් දෙකකින් නිවන්දකින්න බෑ මචන්. ඕනෑම දේක ආරම්භයක් තියෙනවා. ඒ ගමනෙදි පිනත් අවශ්‍යයි.

    අරමුණ නිවන කරගෙන සිහි ණුවණින් ඕවා කරාට වරදක් නෑ මචන්. බුදු හාමුදුරුවොත් ඔය හැම එකක්ම කරා. සමහර රහතන්වහන්සේලාට නිවන්දකින්න පාරමී සම්පූර්ණ වෙලා තිබුනත් දාන වේල හරියට ලැබුනේ නෑ, මිටියි, සිවුරු පිරිකර ලැබෙන්නේ නෑ.

    ගොඩක් ගෑනු අය බෝ මළුව අමදින්නේ ලස්සන වෙන්න බලාගෙන. මොකටද මේ ලස්සන? දකින දකින පිරිමියව පිස්සු වට්ටන්නනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුදු දහමේ පින සහ කුසල් කියල දෙකක් තියෙනව.

    ඔකට උත්තරේ මේකයි, මතු යම් 'සැපයක්' බලාගෙන ,
    කරන 'දාන සිල බාවනා ' වැටෙන්නෙ පින් වලට.

    කිසිම බාහිර අරමුනක් නැතුව නිවන පමනක් ඉලක්ක කරල කරන 'දාන සිල බාවනා' ආධිය වැටෙන්නෙ කුසල් ගොන්නට.

    පින කියන්නෙ එක අකාරයක තෘශ්නාවක් තමයි, හැබැයි කුසලය තුල තෘශ්නාවක් නැ. කාවවත් බලෙන් නිවන් දක්කඩ බැනෙ, ඒක තම
    තම නැන පමනින් වටහා ගන්ඩ ඔනෙ. එහෙම වටහා ගෙන කැමතිනම් සසාර කරපු හොද පින් වලට ලැබෙන හොද කර්ම විපාක භුක්ති විදිමින් ගමන් කරන්ඩ පුලුවන් . ඒ වගේම සසාරයේ දුක අවබොධ කරගත්ත අය සදහා කුසල් රැස් කල නිවන් දකින්ඩ පුලුවන්.

    බුදු දහම බොහොම ප්‍රායොගික දහමක්. :cool:

    අන්තිමට හාමුදුරුවන්ට ගහපු මඩ නම් මම පිලිගන්නෙ නැ, පින සහ කුසලයේ වෙනස පැහැදිලි කරල දෙන්ඩ බැරි හාමුදුරුවරු නැ , උබට නොතේරුනාට මේක අතිශය සරල දෙයක්.
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ලොකු සැඩ පහරක් තියෙන ගගකින් එතෙර වෙන්න ශක්තිමත් පහුරක් හදාගන්න ඕනේ
    කෙලෙස් කියන්නේ ගගක් නම් ඒකෙන් එතෙර වෙලා නිවන් දකින්න ශක්තිමත් කුසල් අවශයි

    ගගෙන් එතෙර වුනාම පහුර කරේ තියාගෙන යන්නේ නැහැ නේද