ධර්ම කාරනා.::ඇයි බයෙන් ද ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම කාරනා.::ඇයි බයෙන් ද ?

    බෞද්ධයන් සඳහා පුංචි ඒත් බොහොම වැදගත් ධර්ම කාරනයක් කියන්නම්.

    ඔබ පංච ශීලය රකින්නේ, පින් කරන්නේ කුමක් නිසාද ?

    • ලොවුතුරා බුදු රජාණන්වහන්සේ ට ඇති බයෙන් ද ?
    • පන්සලේ ස්වාමීන් වහන්සේට ඇති බය නිසාද ?
    • අපාය ට ඇති බයෙන් ද ?
    • ඔබ පින් කරන බව පින් කරන ඥාතීන්ට මිතුරන්ට අසල්වැසියන්ට පෙනෙන්නට ද ?

    එසේ නම් මෙන්න මේ බවත් දැනගන්න.. පින් කල නිසා ඒ පිනට අනුගත ලෙස, ඔබේ පෙර කුසල් අකුසල් අනුව, ඔබට ඔබ පතන දේ ලැබේවි.. එනම් ඔබේ මතු භවය;

    • බුදුන් ට බියක් නැති
    • හාමුදුරුවන් ට බියක් නැති
    • අපායක් ගැන නොඅදහන, ඒ ගැන බියක් නැති
    • ඔබේ පින් ගැන නොසොයන, ඔවුනුත් පින් නොකරන සමාජයක ඔබ ඉපදේවි..

    ටිකක් හිතන්න මේවගේ උපතක් ලබන්න නම් ඔබ කුමන ආගමක, කුමන ජාතිකයෙකුව, කුමන රටක ඉපදේවිද කියල.

    අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න මගේ මිතුරනේ. තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ඔබ අවබොධයෙන්, අනුන් කෙරෙහි මෛත්‍රියෙන් යුතුව, සසර දුක් නිවන මඟ තේරුම් ගන්නට උත්සාහ කරන්න කියායි.

    මේ ජීවිතේ අවබෝධයෙන් ගතකරන්න යාළුවනේ.
    ඔබට තෙරුවන් සරණයි.
     
    Last edited: