ධර්ම මාර්ගය තුළ බාධා බිද වැටීම් අපමණ යි... ඒවා ට නොසැලී මුහුණ දිය හැකි ශක්ති ප්‍රභවයක් ඇත් නම් ඒ සතර බ්‍රහ්ම විහරණ ශක්තිය යි... සතර බ්‍රහ්ම විහරණ යන්හි ඇති වටිනාකම හදවතට පෙනුනොත් පමණි එය වඩන්නට යමෙකු ගේ සිත නැඹුරු වන්නේ ... බෞද්ධයන් බොහෝ දෙනෙක් කුසල් කිරීමට පින් දහම් කිරීමට කැමති ය.. පින සැපයට කාරණාවක් ලෙසින් හදවත තුළ කාවැදී ඇති නිසා නිරායාසයෙන් කුඩා කල සිට බෞද්ධ පරිසරය තුළ හැදී වැඩුණු අයෙක් බෝධි පූජා දාන මාන ආදී කුසලයන්ට නැඹුරු වෙති..
එහෙත් ඒ සියලු කුසල් ශක්තීන් අභිභවන ශක්තිය ක් මෛත්‍රිය තුළ ඇත. රන් අමුණු පුරවා දන් පින් කලත් ඒ සියල්ල අභිභවන ශක්තියක් හදවතින් උපදින මෛත්‍රී බලය තුළ ගැබ්වී ඇත...
ඔබ ජීවත් වන පරිසරය කෙසේ වේවා ... හදවතින් මෛත්‍රිය පතුරවන්න පුහුණු වෙන්න ... නිරන්තර කලහයට බර අයෙක් වුව පිරිසිදු මෛත්‍රී ශක්තිය අසල දමනය වී යන්නෝය...
කිසිවිටෙක බාහිර ට චෝදනා යොමු නොකරන්න අසවලා මෙසේයි මගේ හිතේ සැනසීම නැත්තේ අසවල් අය නිසා යැයි තැවි තැවී සිටීමෙන් ඔබ වඩාත් ඍණාත්මක වේ එයින් අයහපතක් මිස යහපතක් නම් සිදු නොවේ . !
මූලිකව තමා ගේ ආකල්ප වෙනස් කර ගන්න ධනාත්මක වන්න බාහිර අය කෙසේ වුවත් කෙසේ හැසිරුනත් මා ඒ සියල්ල කෙරෙහි මැදහත් වෙමි ...... උපේශිත වෙමි යි කියා හෝ සිතන්න යම් තරමකට හෝ සිත තුළ උපේක්ෂාව උපදී... එය මෛත්‍රිය වඩවා ගැනීමට රුකුලක් ය...
ශාන්ත වූ සිතින් සුවපත් භාවය පතන්න...
ඔබේ සිත ලිහිල් වේවි මෘදු වේවි .....
චෝදනාත්මක සිතුවිලි ඍණාත්මක සිතුවිලි බැහැර කරන්න සමාව දෙන්න... පිරිසිදු මෛත්‍රී සිතුවිලි වලින් ඔබේ සිත සෝදා පිරිසිදු කරගන්න ....
නිවසේ කුමන කාර්‍ය්ක් කරනා අතර වුව සෞම්‍ය වූ මෙත් සිතින් එය කල හැක අවශ්‍ය වන්නේ ඒ සදහා කැමැත්ත ත් උත්සාහ යත් පමණි ... ඔබ කරනා ඕනෑම කාර්යක් පෙරට වඩා කාර්‍ය්ක්ශම වේවි ... පහසු වේවි !!!
සිත විසින් ඇදගෙන යන ලෝකයෙන් ඔබ නිදහස් වේවි .....!!!